Tuesday, December 18, 2018

(අරලිය) ගහක් උඩ (පනස්) රැයක්

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව සෘජුව මුළු රටේම මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර 4 ½ යන තුරු විසුරුවිය නොහැක. අනෙක් අතින්, ශ්‍රේෂ්ඨාධිකරණයම මීට පෙර දුන් තීන්දුවක් අනුව මීට පෙර වසරක් ලෙස පැවති ඒ කාල සීමාව ජනමත විචාරණයකින් තොරව දීර්ඝ කළ නොහැක. 19 වන සංශෝධනය සම්මත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් පමණි. මින් පෙර දුන් තීන්දුව සහ ගිය සතියේ දුන් තීන්දුව එකට ගත් විට ඉන් කියැවෙන්නේ 19 වන සංශෝධනය ජනමත විමසුමකට යොමු විය යුතුව තිබුණක් බවයි.
වික්‍රමසිංහ මාධ්‍යයට තර්ජනය කරන අවස්ථාවක් (ජායාරූපය: www.colombotelegraph.com)
වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක්
එබැවින් ජනාධිපති විසින් වහ වහා කළ යුතුව ඇත්තේ 19 අවශ්‍ය ද නැද්ද යි මහජනයා විමසීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම මිස වෙනකක් නොවේ. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව අනුව තමන් ඉදිරිපිට ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ජනාධිපති විසින් කළ යුතුය. ඒ ජනමත විචාරණයෙන් තව බොහෝ දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණයටත් වාරණ නියෝගයක් දෙනු ඇති බවත් පුරෝකථනය කළ හැකි මුත් ශ්‍රේෂ්ඨාධිකරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියන අවස්ථාවක් අපට මින් මතු දකින්නට ලැබෙන්නේ නැත.




Thursday, December 13, 2018

සුමන්තිරන් අගමැති කරවමු !

අප අනුමාන කළ අයුරින්ම, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන්නට යෙදිණි. මෙය ඉතා පැහැදිළිවම ජනාධිපති සිරිසේනගේ පරාජයකි - එසේම රනිල් වික්‍රමසිංහගේ ද පරාජයකි. බැලූ බැල්මට කෙනෙකුට එය මහින්ද රාජපක්‍ෂගේ පරාජයක් සහ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් වශයෙන් අර්ථ දැක්විය හැකි වුවත් අපේ දෘෂ්ඨි කෝණය මීට වඩා වෙනස් ය. කෙසේ වුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් අධ්‍යයනය නොකර ඒ ගැන එක හෙළා පැවසීම යුතු නැත.

A.සුමන්තිරන් ගරු මන්ත්‍රීතුමා
ඉහත නඩුවේ දී රනිල් වික්‍රමසිංහ (එජාප) පැමිණිළි පාර්ශවය නියෝජනය කළේය. ඔහුගේ සහයට සුමන්තිරන් (දෙරාප) සහ හකීම් (මුකො වෙනුවෙන්) සහ දිසානායක (ජවිපෙ) සහ තානාපති කාර්යාල විදෙස් අරමුදල් මත යැපෙන නොරාජ්‍ය සංවිධාන ඇතුළු තවත් පාර්ෂව පෙනී සිටියහ. ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පොහොට්ටු නඩයයි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය ඔවුන්ගේ පරාජයකි.

ඉහත කී කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් ගත් කළ සිංහල ජාතික අභිලාශ හා වඩාත් සමපාත වන්නේ කවර කණ්ඩායමක ක්‍රියාකාරකම් දැයි විමසුවොත් මේ නඩු තීන්දුව අනුව සිංහලයා ද පරාජය වී ඇති බව නිගමනය කළ හැක. නීතිය දන්නෝ නම් අප වම්හ යි පාරම් බෑ උදය ගම්මන්පිල්ල, ජී.ඇල්.පීරිස් ආදීන්ගේ මුඛ මේ වන විට පූට්ටු වී තිබිය යුතු අතර මහින්ද රාජපක්‍ෂ තමාගේ සහචරයින්ට බලු බැණුම් බණිනු මට හීනෙන් මෙන් ඇසේ.




Tuesday, December 11, 2018

නඩුත් හාමුදුරුවන්ගේ

පසුගිය ඔක්තෝබර මස 26 දින ජනාධිපති සිරිසේන විසින් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහබැංකු කොල්ලයේ ප්‍රධාන සැළසුම් කරු ලෙස සැළකෙන වික්‍රමසිංහ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්‍ෂ පත් කිරීමට විරුද්ධව වික්‍රමසිංහවත්, ඔහුගේ සහචර සුමන්තිරන්වත්, වික්‍රමසිංහ වෙනුවෙන් බුරා පනින AK දිසානායකවත් උසාවි ගියේ නැත. ඒ ජනාධිපති නියමය නිත්‍යානුකූල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉටු කෙරී ඇති බවට අප විසින් සාධක කොට දක්වන ලද්දේ එම කරුණයි.

පසුව අභියාචනාධිකරණය විසින් කෝ වොරන්තෝ ආඥාවක් නිකුත් කරන්නේද නැත්ද යන නිගමනයට පැමිණීමට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිණිස පාදක කර ගන්නා ලද්දේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් ක්‍රම-විරෝධීව බිරුම් හඬින් සම්මත කර ගන්නා ලද්දේ යැයි නිවේදනය කර ගන්නා ලද ඊනියා විශ්වාසභංගය යි. තත්වයේ වෙනසක් ඇති කරමින් ජනාධිපති නියමය අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ද දැන් පෙස්සමක් ඉදිරිපත් කර තිබේ.

පුණ්‍යාධාර ලබන පැමිණිලිකරුවෙක්

ඒ නඩුව ඉදිරිපත් කර ඇත්තේ මාක්ස් ආගමේ පූජකවරයෙක් විසිනි. එතුමෝ ඊට අමතරව බොහෝ වගකීම් දරන බව උසාවි පරිශ්‍රයේ දී ජනමාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන්නට යෙදිණි.



ඒ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්, අධිකරණ සංඝනායක ධුරයක් (අධිකරණ සංඝ නායක ධුර ඇත්තේ බුද්ධ සාශනයේ බැවින් එතුමා සග ගණට අයත් බව නිගමණය කෙරේ - එනම් නිකංම චීවරධාරියෙක් නොවේ), පුරාවිද්‍යා උපදේශක, බුද්ධ සාශන අමාත්‍යංශයේ උපදේශක, රෝයල් ඒසියෑටික් සෝසයිටි එකේ සාමාජිකයෙක් ආදී වශයෙනි. ආධුනික ජනමාධ්‍යවේදියෙක් බව නිගමනය කළ හැකි ප්‍රශ්න අසන භවතා ප්‍රශ්න අසන්නට දන්නේ නැති බැවින් දඹර අමිල තුමා තමන්ම ප්‍රශ්නය අසාගෙන තමන්ම උත්තරය දෙයි. ඒ උත්තරය සරළය - ලිට්‍රෝ සමාගමේ CSR සඳහා වෙන් කෙරෙන මුදලින් තමන්ගේ සමාජ සේවා කටයුතු සඳහා පුණ්‍යාධාරා ලබාගෙන ඇති බවත් තමන් උදර පොෂණය (හෝ හොරඹුවන් නඩත්තු කිරීම හෝ) උදෙසා කිසි මුදලක් භාවිතා කර නැති බවත් පිළිතුරේ සාරාංශය වෙයි.



මේ පිළිතුර මුදල් ගෙවූ ලැයිස්තුවේ ඉතිරි අයත් ජප කළොත් දැනට හෙළි වී ඇති කරුණු අනුව ලිට්‍රෝ සමාගම ලංකාවේ සමාජ සත්කාර උදෙසා වැඩිම මුදලක් වෙන් කරන රාජ්‍ය ආයතන බවට පත් වීමේ ඉඩකඩක් ඇත. එවිට ලිට්‍රෝ ගෑස් භාවිතා කර ළිපගිනි දල්වන අපත් ඇතුළු ශ්‍රී ලංකාවේ මහජනතාව පෞද්ගලික මුදලින් පිං කිරීම අවශ්‍යම නැත.

ගෑස් ළිප පත්තු කරන වාරයක් පාසා පිං සිදු වන බැවින් කසාද බැඳ හනිමෝන් ගොස් ගෙදර එන අභිනව ගෘහණියක් තම ස්වාමි පුරුෂයාට තමන් අතින් උයන මංගල බත් පිඩ (ලංකාවේ වර්තමාන යුවතියන් කෑම උයන්නේ කසාද බැන්දාට පසුය සමහරු ඒත් කඩෙන් කති) පිළිගැන්වීමත් පෙර සකල ක්ලේශයන් ප්‍රහීන කර නිවන් නොදකින්නේ පිං කිරීමෙන් පමණක් නිවන් නොදකින බැවින් මිස වික්ටර රත්නායක කෙසේ ගැයුවත් නිවන් දැකීමට පිං මදි වීමෙන් නම් නොවේ.


Friday, December 7, 2018

නඩුව කල් ගියා

ජනාධිපති සිරිසේන විසින් ස්වකිය බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි විදෙස් අරමුදල් මත ක්‍රියාත්මක වන නොරාජ්‍ය සංවිධාන සහ ලංකාවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්, ඊනියා ස්වාධින මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් සාමාජිකයෙක් සහ තවත් අය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය දින නියමයක් නොමැතිව කල් ගියේය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතිය
ඒ අතර හිටපු අගමැති සහ මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන මොළකරු ලෙස සැළකෙන රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරෙන නාට්‍යයේ පොතේගුරු නොහොත් වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය යන ආදර නාමයෙන් හැඳින්වෙන පාර්ලිමේන්තුවේ කතානායක තැන්පත් කරුණාරත්න ජයසූරිය සහ සහචරයින් විසින් දියවන්නා රංග පීඨය ඒකාලෝක කරමින් මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින් මහජනතාවට නාට්‍ය රසය බලෙන් කවමින් සිටී. තම නාට්‍යය සජීවී විකාශය නොකළ බවට චෝදනා කරමින් ජනමාධ්‍ය ප්‍රධානීන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගෙන්වා තර්ජනය කිරීම එහි නවතම පරිච්චේදයයි. මේ නාට්‍යයේ නිෂ්පාදනය තානාපති කාර්යාල කිහිපයකිනි, පිටපත රචනා කරන්නේ සුමන්තිරන් ය. අප එය මුදල් ගෙවා නැරඹිය යුතුය. වෙන නාට්‍ය මුදල් නොගෙවා නො-නරඹා සිටිය හැකි මුත් තානාපති-සුමන්තිරන්-වික්‍රමසිංහ-ජයසූරිය සහ සුනඛ නළු AK දිසානායක ඇතුළු පිරිවර විසින් පෙන්වන මේ නාට්‍යය නොබැලුවත් මුදල් ගෙවිය යුතුය.

උඩ පින්තූරය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. එහි දැක්වෙන්නේ වර්තමාන (මේ වන විට විසුරුවීම අත්හිටවා ඇති) පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතියයි.



Friday, November 30, 2018

ව්‍යවස්ථා අර්බුදය සහ රටේ වාසනාව

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය අතේ පත්තු වීම රටේ වාසනාවකි



ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතැයි බටහිර ජනමාධ්‍යයේ මතයයි. බටහිර රටවල වෙසෙන, සිංහල බ්ලොග් ලියන, "හිටපු" සිංහලයන් පවා මේ අදහසේ දැඩිව එල්බගෙන සිටී. ලංකාවේද බොහෝ දෙනෙක් ඒ අදහසම දරත්. මේ අයගෙන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ පසුගිය ඔක්තෝබර 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව තම මතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම ඉහත කී අර්බුදයට හේතුව බවයි.

ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇත්ත වශයෙන්ම පවතී. එහෙත් ඊට හේතුව අර පණ්ඩිතයන් කියන'යුරු වික්‍රමසිංහ වෙනුවට රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් තීරණය කිරීම නොවේ - ඒ අර්බුදය ඇති වන්නේ පසුගිය ඔක්තෝබර 26 වැනිදා ද නොවේ.

ලංකාවේ පවතින අර්බුදයට එකම හේතුව රනිල් වික්‍රමසිංහ විසින් ස්වකීය බලලෝභී තුච්ඡ අරමුණ ඉටු කර ගැනීම පිණිස තම ඇම්බැට්ටයන් ලවා තකහනියේ ලියවා එවකට පැවති පාර්ලිමේන්තුව නොමග යවා සම්මත කර ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එකී තුප්පහි සංශෝධනයට එරෙහිව එදා සිට හඬ නැංවූ සහ ජනමත විචාරණයක් මගින් එය අහෝසි කළ යුතු යැයි යෝජනා කළ එකම පුද්ගලයා වශයෙන් අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන කාලකන්නි සතුටක් අපට තිබේ.






Friday, November 16, 2018

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

සුන්දර නිහතමානි ද මැල් සුන්දර මිනිසෙකි.
කිසිවෙකුට අපහාසයක් නොකොට කිව යුතු දේ කෙළින්ම කීමේ ප්‍රයෝගය ඔහු දනී. මේ හැකියාව ඇති පුද්ගලයන් අතලොස්ස අතරින් තමාගේ ස්‌වාධීන මතය හංගාගෙන මේ කියවන්නේ කියවන පාඨකයාගේ මතය බව ඔහුට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති පුද්ගලයින් අතිශය දුර්ලභය. රටේ සිදු වන්නේ හෝ සිදු නොවන්නේ හෝ කුමක් වුව උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා අප මුවගට මදහසක් ගෙන දීම සැමට කළ හැකි කර්තව්‍යයක් නොවේ.

එසේම සමාජය පිළිබඳ ඔහුගේ 'ඉව' තියුණුය. බුද්ධිමතුන් ලෙස සමාජයේ වැජඹෙන, නිසරු වදන් බෙනෙමින් ජනමාධ්‍යයේ අරක්-ගෙන අපට දේශනා දෙන ගොම්-බිජ්ජන් ගේ බොල් හඬවල් මෙන් නොව මානි ගේ ඉදිරිපත් කිරීම් සෘෂි භාෂිතයක් මෙන් ඉදිරි දැක්මකින් යුක්තය. මානිගේ තීරුවේ අද පළ වන ලිපියක් අදට වඩා වැදගත් වන්නේත් වටිනාකම වැඩි වන්නේත් තව වසරකින් හෝ කිහිපයකිනි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර මස මානිගේ තීරුවකි. උපුටා ගැනීම facebook පිටුවෙනි. බැඳිය පහළින්.




Wednesday, November 14, 2018

කීකරු ජඩසූරිය හෙවත් පිස්සු මහල්ලාගේ කථා වස්තුව

ලංකාවේ පට්ටම මෝඩ මොට්ට තකතීරු ඡන්දදායකයින් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යැයි සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. කොළොඹින් අන්තිමයා වූ මර්වින් සිල්වා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ ජනතාවයි. අඹේවෙල ගොවිපොළේ පට්ටි ගොනෙකුට තරම් පන්චස්ඛන්දයක් ඇති එතරම්ම බුද්ධියක් ඇතැයි හැසිරීම බැලූ කළ පෙනෙන අඹකුමාරගේ රංජන් පමණක් නොව යන්තම් ටෙලියක් දෙකක් රඟ පෑ උපේක්‍ෂා ස්වර්ණමාලි පවා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ බුද්ධිමත් ජනතාවයි.

ඇත්ත වශයෙන්ම නම් ගම්පහ ජනතාව උපේක්‍ෂා පාර්ලිමේන්තු යැව්වේ නැත. ඔවුන් පාර්ලිමේන්තු යැවුවේ "පබා"ය. ගම්පහ ජනතාව දේශපාලනයේ "අ"යන්න වත් නොදන්නා මේ කාන්තාව පාර්ලිමේන්තු යැවුවේ එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු ද වූ කරු ජයසූරිය මහතා ලැයිස්තුවේ පහළට ඇද දමමිනි. රටේම මහජනතාව එදා ගම්පහ ඡන්දදායකයන්ට දෙකොණින් ම සිනාසුණත් ඔවුන් දුන් තීන්දුව නිවැරදි බව අද ජයසූරිය විසින්ම ඔප්පු කර තිබේ.

වික්‍රමසිංහගේ ඊනියා විශ්වාසභංගය


ඉහත දැක්වෙන්නේ අද රැස්වූ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තේයැයි පාර්ලිමේන්තුවේ කථානායක විසින් නිවේදනය කෙරුණු යෝජනාවයි. එය ගලවා ගන්නේ ප්‍රසිද්ධ ඕපාදුප අඩවියක් වන lankacnews වෙතිනි. සියළු අත්සන් අඩංගු පත්‍රිකා මුලාශ්‍රයෙන් බලා ගත හැක.

කෘතහස්ත දේශපාලනඥ කරු ජයසූරිය පළමුව කීකරු ජයසූරිය බවට පත් විය. නැතිනම් ලංකා දේශපාලනයේ මෙතෙක් පහළ වූ තුච්ඡම ඒකාධිපතියා වන රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව කීකරු කර ගන්නා ලදී. අද සිද්ධියත් සමග ජයසූරිය නම නැවත විපරිණාමයට ලක් වී ජඩසූරිය බවට පත් වී තිබේ. කරු ජයසූරිය දැන් දිවංගත ය. අද සිට සිටින්නේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය කෙනෙකි.





Tuesday, November 13, 2018

අධිකරණ තීන්දුවට හිස නමනු !

අද දින වන විට අප විසින් ලියෙමින් තිබූ ලිපියේ මාතෘකාව "වික්‍රමසිංහගේ ගම්පෙරළිය කලියුගය හා යුගාන්තය" විය. ඒ ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දිනට පෙර ලිවීම ආරම්භ කළ එකකි. ඒ තිබියේවා, මේ වෙන එකකි.


සිරිසේන තබා J.R. ජයවර්ධන ආවත් තක්කඩි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් ඇතැයි අප සිතුවේ නැත.

සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පමණක් නොව ඔහු බලයට ගෙනා හංස සංධානය ඊට එරෙහිව අධිකරණය හමුවට ගියේය - ගියා පමණක් නොව ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ද ලබා ගත්තේය.

බැලූ බැල්මට සිරිසේන ලැබූ අන්ත පරාජයකි. සිරිසේනටත් වඩා මහින්ද රාජපක්‍ෂ විසින් ලැබූ පරාජයකි.


ශ්‍රී ලංකාවේ නිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එනම් සිංහල පිටපත, සම්පූර්ණයෙන් කියවා තිබුණත් අපට මග හැරුණු ඉතා වැදගත් කරුණක් නීතිපති වරයා විසින් එහිදී ගෙනහැර දක්වන්නට යෙදුණු බව පසුව දැන ගන්නට ලැබිණි.

ඒ පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති අවස්ථාවක තුනෙන් දෙකේ ඡන්දයකින් ගෙනෙන යෝජනා ස්ථිරත්වයක් අභව්‍ය බැවින් ඒ අවශ්‍යතාව සම්පූර්ණ නොකරම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හළ හැකි බවයි.

ඒ ගැන පැහැදිළි විස්තරයක් පහත සළරූ සටහනේ මුල් භාගයේ අඩංගුය.



ඒ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනේ යැයි අපට ස්ථිරවම කිව නොහැක. මේ ගැන වැඩිදුර විභාගය නුදුරු දින වල පවත්වා දෙසැම්බර මුල් සතියේ අවසන් තීන්දුව දීමට නියමිතය.





Thursday, November 1, 2018

ලීච්ඡවීසිංහ ට සිදු වූ දේ...

ලීච්ඡවී පාලනයක් පවත්වාගෙන ගිය වික්‍රමසිංහ ධුරයෙන් පහ කර අදට දින කිහිපයකි. "මා තවමත් අගමැති ය, මා මේ මැදුරෙන් යන්නේ නැත"යි පිස්සුවෙන් දොඩවමින් ඔහු තවමත් අරලිය ගහ මන්දිරයේ හොල්මනක් සේ ඇවිදියි. ඔහු ආං බාං කර ගැනීමට මෛත්‍රී මහත්මියටවත් හැකියාවක් නැත.

එසේ තිබියදී ව්‍යවස්ථාව අනුවම රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ හැකි බව නැවත නැවත පෙන්වා දෙමින් ඒ සම්බන්ධව රට දැනුවත් කිරීමට අඛණ්ඩවම කටයුතු කළ විද්වතෙක් හා සංවාදයකට යොමු වෙමු.



අප පරිශීලනය කරන blog අඩවි අතරින් ව්‍යවස්ථාව පරිශීලනය කරමින් ජනාධිපති තීරණය වැරදි බව ප්‍රකාශ කළේ ඉකොනොමැට්ටා තුමාය. ඔහුගේ ලිපිය මෙතැනින් කියැවිය හැක.





Monday, October 29, 2018

ලිච්ඡවී පාලනයක අවසානය !



වික්‍රමසිංහ පසුපස ලිච්ඡවී පාලනයක් ගැන කතා කිරීම නිවැරදිය. ලිච්ඡවීන් යනු සාමාන්‍ය මහජනයාගෙන් වියෝ වූ වෙනම ජන කණ්ඩායමකි. ඔවුන් ජන්මයෙන්ම වෙනස්ය - රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රත්වත්තේ, පාස්කරලිංගම්, චන්ද්‍රිකා, විග්නේස්වරන්, සුමන්තිරම්, අර්ජුන් මහේන්ද්‍රන්, කුමාරස්වාමි වැන්නන් ලංකාවේ ලිච්ඡවීන් වේ. මේ ගජ-මිතුරු කැල එකමුතුව රැස්වී එකමුතුව බී, එකමුතුව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන විසිර යාම ලිච්ඡවී පාලනය නම් වේ.

අනුර කුමාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වියන්ගොඩ පමණක් නොව දිවංගත සෝභිත උන්නාන්සේ ද, කීකරු ජයසූරිය ද ඉහත පෙලැන්තිය වෙනුවෙන් blog ලියන රචකයින්ද තරාතිරම කවරක් වුවත් එකී ලිච්ඡවීන් ගේ දාසයෝ පමණක් වෙති. විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ මහජනයා මාළිගාවේ දොරකඩට පැමිණ උද්ඝෝෂණය කරන තෙක් ලිච්ඡවීන්ට ඒ දුක දැනුණු බවට සඳහනක් නැත. අජාත ශැතෘයා පැමිණ ලිච්ඡවීන් කඩු ගා දමන විට මහජනතාව හුරේ දැමුවේ නම් ඒ විස්මපත් වන්නට හේතුවක් නොවේ.




Tuesday, October 9, 2018

අලින්නේ අපේ කතා - 2



ගමරාළ අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයේ ගිය කතාව පරණ කතාවකි. ගමරාළ දිව්‍ය ලෝකයේ බලය ඇල්ලූ සැනින් කළේ හිටපු ශක්‍රයා ඉවත් කිරීමටවත් සුනංගු නොවී අලියාට බලය පැවරීමයි.

බලය ලැබුණ ද වල් අලියා වල් අලියාමය. "උගේ ගතිය ඌ නාරී මැරූවත්" කියා දිව්‍ය ලෝකය අමු කැලෑවක් බවට පත් කිරීමට කුරුඳුවත්තෙන් ආ මේ අලියාට වැඩි කාලයක් ගත වූයේ නැත.

දැන් දෙවියන්ට වැලේ වැල් නැත. අලියා එළවා ගැනීමේ හැකියාවක් ද නැත. ගමරාළට ඇස් නැත - කන් නැත - කොටින්ම කියතොත් ගමරාළ වෙලේ සිටවූ පඹයෙකුගේ ගානට වැටී ඇත. දිව්‍ය ලෝකයේ මහා භාණ්ඩාගාරය සින්දවූ අලියා විකුණාගෙන කෑ හැකි සියල්ල විකුණා අවසාන දෙවියන්ගෙන් කප්පං ගැනීමට යොමු වී සිටී. එයත් මහේශාක්‍ය දෙවියන් මගහැර අල්පේශාක්‍ය දෙවියන්ගෙනි.

ඉහත සළ-රූ සටහනේ අල්පේශාක්‍ය දෙවියන් විසින් පවසන පරුෂ වදන් කරුණාකර නොසළකා හරින්න.





Thursday, September 13, 2018

මහාචාර්‍ය නලපත්ට සවන් දෙමු






Tuesday, September 4, 2018

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය?

"තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය"

ඒ අප හිත මිතුරු සිතුවිළි තම බ්ලොග් අඩවියේ මීට දෙසතියකට පෙර එබූ ලිපියක ශීර්ෂපාඨය. පහත දැක්වෙන්නේ ඊට අප දුන් ප්‍රතිචාරය.
කිසිවෙක් විසින් නව්‍ය ආර්ථික අවස්ථාවක් උදා කර ගැනීම රටකට සම්පතකි. දුගී ඉන්දියාව විසින් තම රටේ තරමට නිපදවා ගත් වාහනය තෙසකරියයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් මේ කාරණය උදෙසාම තනා ගත් වාහනය kei car ලෙස හඳුන්වයි. පසුගිය දින වල රජය විසින් 50% පමණ ප්‍රතිශතයකින් බදු මුදල් වැඩි කරන ලද්දේ මේ කාර් රථ උදෙසා වේ.

රාජපක්‍ෂ රජය විසින් ලංකාවේ මහාමාර්ග වල ගුණාත්මක භාවය විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට පළමුව ත්‍රිරෝද රථ නමින් හඳුන්වන ඉන්දීය නිෂ්පාදනය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැළකිය යුතු භූමිකාවක් ඉටු කළේය. විශේෂයෙන් ඉන්දීය සංක්‍රමණිකයන් වෙසෙන කඳුරට ප්‍රදේශ වල බස් රථ නොදුවන මං මාවත් වල මේ රථ විසින් කළේ ජනතා සේවයකි.

එහෙත් මහා මාර්ග පද්ධතියේ සිදු වූ වෙනසට සමගාමීව ඉන්දීය නිෂ්පාදිත ත්‍රිරෝද රථ ජපානයේ නිෂ්පාදිත සූක්‍ෂම රථ (kei car) විසින් ආදේශ වීම වේගයෙන් සිදු වෙමින් පැවතිණි. තෙසකරිය යනු කිසි සේත්ම ආරක්‍ෂාකාරී වාහනයක් නොවේ. පැයට කිලෝමීටර 20 - 30 මිස ඊට වඩා වේගයෙන් යා හැකි, යා යුතු මාර්ගයක මේ වාහන ධාවනය කරවීම අනෙක් වාහන වලට කෙරෙන අසාධාරණයකි. මේවායේ නිත්‍යානුකූල වේග සීමාව 40 kmph ලෙස නිර්ණය කිරීම අහඹුවක් නොවේ.

අනෙක් අතින් තෙසක රිය එහි නඩත්තු වියදම් හා එය නියෝජනය කරන සමාජ මට්ටම හේතුවෙන් ලාංකික සමාජය විසින් ප්‍රතික්ෂේප කෙරෙමින් පැවතිණි. AMW සමාගම පිළියන්දල පිහිටි එක්ලස් කරන කම්හලක් දැනටමත් වසා දමා ඇති බව මාගේ මිතුරෙක් කළ ප්‍රකාශය සත්‍යයක් බව සිතමි. රජය විසින් පැනවූ බදු ද ඊට එක හේතුවකි. මේ ආණ්ඩුව සේම පසුගිය ආණ්ඩුවද ත්‍රිරෝද රථ වල බදු ඉහළ දැමීය.

ඉහත කාරණා අනුව තෙසක රියේ මගී ප්‍රවාහනය කිරීම පිණිස අවම වයස් සීමාවක් පැනවීමට උත්සාහ කිරීම අනවශ්‍ය කර්තව්‍යයකි. තෙසකරිය මහමගින් ඉවත් වෙමින් පවතී නම් එය බලෙන් ඉවත් කිරීමට දහදිය හෙළිය යුත්තේ ඇයි ?
තෙසක රිය ගැන වැඩිදුරටත් කතා කරමු.





Thursday, August 23, 2018

තෙසක රියට ඇයි මේ ගැරහුම්


පොදුවේ සිංහලයන්ට ඇමතීමේ දුර්වලතාවය ඇතත් සාමාන්‍ය එජාප අනුගාමිකයන් මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මුග්ධ තකතීරුවෙක් නොවේ. ඔහු අතේ නොගෑවී අශූචි බුදීමේ රුසියෙකි. උපක්‍රමය සරලයි - පුලතිසිපුරයේ සරල ගමරාළට නොතේරුණත් වික්‍රමසිංහ සැම විටම හැන්දක් භාවිතා කරයි. ඒ ඒ ගූ වලට ඒ ඒ හැන්ද.
මේ කියන්නේ සිරස ගැන පමණක් නොවේ
අතේ නොගෑවුනත් කටේ නොගෑවී බුදිනු කිසිවෙකුට නොහැක. එබැවින් රනිල් වික්‍රමසිංහගේ මුවින් නිබඳ දුගඳක් හමයි. අර්ජුන් මහේන්ද්‍රන් නම් හැන්ද දමා මහබැංකුවේ ගූ කෑ වික්‍රමසිංහ ඒ ගඳ පිට කළේ තමන්ගේ හෙන්චයියන් දමා කොමිසමක් පත් කිරීමෙනි; එසේම ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළේය. සාමාන්‍ය ආර්ථික හැකියාවක් ඇති මිනිසුන්ගේ ආකර්ෂණය දිනූ වාහන වලට තෝරා බදු ගැසීමෙන් ඔහු තව වරක් ගූ බාල්දියක්ම කා ගත්තේය. එවර හැන්ද බවට පත් වූයේ අමාත්‍ය මංගල පින්සිරිය. ගඳ පිට වූයේ වැඩි කළ බදු අඩු කරන්නේ කවදා දැයි විමසා යැවීම මගිනි.

වික්‍රමසිංහ හැන්දෙන් කෑ අලුත්ම ගූ තැටිය ත්‍රිරෝද රථ වල මගී ප්‍රවාහනය කිරීමේ අවම වයසක් ප්‍රකාශයට පත් කිරීමයි. මෛත්‍රීපාල ඉක්මන් වීම හේතුවෙන් වික්‍රමසිංහට අනුභව කිරීමට නොහැකි වූ මේ ගූ ගොඩ හැන්ද, එනම් නිමල් සිරිපාල, මතම ඉතිරි විය.





Friday, August 3, 2018

බදු ගැසීම සහ පර්මිට්

රනිල් වික්‍රමසිංහ සිතා සිටින්නේ සාමාන්‍ය එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙන් ලංකාවේ අනෙක් ජනතාවත් තණකොළ කන ගොනුන් බවය. නැතිනම් වැඩි කළ බද්ද අඩු කරන්නේ කවදාදැයි මුදල් අමාත්‍යාංශයෙන් අසා එය පුවත් පත් වලත් පල කිරීමට සළස්වන්නේ නැත. වික්‍රමසිංහට එසේ සිතීමේ වරදක්ද නැත. මක් නිසාද යත් මීට පෙර ඔහු විසින් අටවා ගත් ආණ්ඩුව ගත් මුග්ධ ක්‍රියා මාර්ග වල ආදීනව ඇස් පනාපිට පෙනී පෙනී තිබියදීත් නැවත ඔහු බලයට පත් කිරීම පිණිස තම ඡන්දය භාවිතා කළේ මේ ලංකාවේ මහජනතාවම බැවිණි.
වැගන් R හොඳම නෑ ... කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් හොඳාආආආයි !
බ්‍රේස්ලට් දමාගෙන චුයිංගම් හප හපා ෆ්‍රී වයි-ෆයි වලින් ෆේස්බුක් යන මේ කාලයේ මල්ලිලා කාර් පදින්නේ නැත. ඒ මල්ලිලා පංචවිධ කාර් අක්කා පදී. චන්දයට පෙර කාර් ගැනීමට සිටි හැමෝම වාගේ මේ වන විට කාර් අරගෙන ඉවර බව එක ඇමතියෙක් කීවේය. ඇත්තය ! කාර් ගත් අයට කාර් වැඩි වී ඒවා නැවත්වීමට ගෙවල් වල ඉඩ මදි වී කොළොඹ ඇලවල් වල පවා ඒවා පාක් කරන බව ඒ ඇමතියාට වඩා හොඳින් දන්නා කෙනෙක් නැත. ඕකා ගේ කුණු කටට පණුවෝම ගහපිය !





Friday, July 13, 2018

විජේවීර, විජේකලා හා රනිල්ගේ ආණ්ඩු

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මහතාගේ වැන්දඹුව වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය, වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාමාජිකයෙක් වූ ආණ්ඩුවක් යටතේ අත්අඩංගුවට පත්, තම සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඔහුට සිදු වූ දේ ප්‍රකාශ කිරීමට හෝ නියෝගයක් ඉල්ලමින් අධිකරණය ඉදිරියට ගියාය.

විජේකලා මහත්මිය සිය වර්තමාන නායකයාට තත්වය පැහැදිළි කරමින්
ඒ රනිල් වික්‍රමසිංහගේම වර්තමාන ආණ්ඩුවේ ඇමති වරියකද, වික්‍රමසිංහගේ හිතමිත්‍ර කොටි සංවිධානය විසින් මරා දමන ටී. මහේස්වරන් මහතාගේ වැන්දඹුවද, වන විජේකලා මහේස්වරන් මහත්මිය "කොටි සිටි කාලයේ දෙමළ අපට දැනට වඩා ආරක්‍ෂාවක් තිබුණේ යැ"යි යාපනයේදී ප්‍රකාශ කරන්නට යෙදුණාය.

මේ දෙකම මෑත අතීතයේ සිදු වූ වැදගත් සිද්ධි වන අතර සිදු විය යුතු ලෙසම මේ සිද්ධි දෙකම බොහෝ විවේචනයන්ට පාත්‍ර විය. මේ විවේචකයන් අතින් චිත්‍රාංගනී උපහාසයට ලක් වූ අතර විජේකලා අපහාසයට ලක් කෙරිණ.





Tuesday, June 12, 2018

ආධාර හා සහනාධාර

පෙර කතාවෙන් අප ඉදිරිපත් කරන ලද්දේ පින්තූරයක් පමණි. බලාපොරොත්තු වූ අයුරින්ම ඒ ගැන හරවත් සංවාදයක් ඇති වුණේ නැත. මේ ගැන වරද අපේමය. සංවාද ඇති වීම පිණිස ඉක්මන් ප්‍රථිචාර අවශ්‍යම අංගයකි. අන්තර්-ග්‍රහලෝක තරණයේ යෙදෙන යානාවක් සේ එක පණිවිඩයකට ප්‍රතිචාර ලැබෙනු පිණිස දින ගණනක් බලා සිටීමට සිදු වේනම් එයමයි හරවත් සංවාදයකට ලොකුම බාධාව.

අප පෙර ඉදිරිපත් කරන ලද්දේ ආධාර එකතු කිරීම පිණිසම මුද්‍රිත පත්‍රිකාවකි. එය නියමිත මුදල ගෙවා මිලදී ගන්නා ලද්දේ තම දියණියයැයි උපකල්පනය කළ හැකි කුඩා දැරියක සමග ගෙන් ගෙට ආධාර එකතු කීරීමට ගිය තවම තරුණ විය නොඉක්මවූ කාන්තාවකගෙනි. ඈ කළ විස්තරයට හා ශාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණු සේයා රූ වලට අනුව ඇගේ සැමියා ඔත්පළව කිසි ආර්ථික ක්‍රියාවලියකට දායක නොවී බටහිර ඖෂධ බලයෙන් දිවි ගැට ගසා ගන්නා අසරණ මනුෂ්‍ය ප්‍රාණියෙකි.

මෙවැනි ප්‍රාණීන් උදෙසා සමහර බටහිර රටවල "Voluntary euthanasia" නම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. බටහිර දේ වන්දනා කරන යහපාලන ආණ්ඩුව විසින් ලංකාවේ එය නිත්‍යානුකුල කෙරුණත් දේශමාන්‍ය ලලිත් කොතලාවල වැනි කුවේරයින් මහාචාර්‍ය වියන්ගොඩ වැනි පුරෝගාමීන් මිස මෙවැනි අසරණ පුද්ගලයින් ඉන් ප්‍රයෝජන ගනු ඇතැයි සිතීම උගහටය. ජීවිතය ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් ධනයක් නැති කෙනෙක් නිත්‍යානුකුලව දිවි තොර කර ගැනීම පිණිස අවශ්‍ය නෛතික සහ වෛද්‍ය ගාස්තු ගෙවා ගන්නේ කෙළෙසද ?





Sunday, June 3, 2018

ආධාර

. ආධාර .

ආධාර එකතු කිරීම ගැන කතා කරමු.

Friday, May 18, 2018

මළවුන් සැමරීම

අනුර කුමාරට විජේවීර සමරන්නට අවසර ඇත්නම් සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට අවසර නැත්තේ මන්දැයි සමහරු අසති. මේ ආණ්ඩුවෙන් ඇසිය යුතු පැනයකි. සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට ආණ්ඩුවෙන් අවසරයක් අවශ්‍ය නැත්තේ ඊට තහනමක් නැති බැවිණි. ඇසිය යුතු සැබෑ පැනය නම් පිරබාහන් සමරන්නට තහනමක් නැත්තේ මන්ද යන්නයි.



Thursday, May 10, 2018

නරියා සහ කැලෑව

ජුන්ටාධිපති වික්‍රමසිංහගේ සුවච කීකරු අනුර කුමාර දිසානායක තොත්ත බබා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව සැලයි. වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදන ඊට ඇතුල් කරන්නේනම් ඒකාබද්ධ විපක්‍ෂය යන නමින් පෙනී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම ඊට සහය දෙන බවට ප්‍රකාශයක් කළ බවත් තරමක් පරණ පුවතකි.
උම්මා !
මේ ගැන සිදු විය යුතු තරමේ කතිකාවතක් සමාජයේ ඇති වූයේ නැත. නමුත් අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර තිබේ. හෙට සිට ජනතාව කතා කරනු ඇත්තේ වැඩි කළ ඉන්ධන මිල සහ ඒ සමග ඉහල යන අනෙක් පාරිභෝගික භාණ්ඩ වල මිල ගැන මිස විධායක ජනාධිපති ධුරය ඇතුළු රටේ ව්‍යවස්ථා සංග්‍රහය ගැන නොවේ. මේ ලංකාවේ පහළ වූ අති භයානක ඒකාධිපතියා වන වික්‍රමසිංහගේ ස්වාමිවරුන් විසින් ඔහුට ලබා දුන් තවත් අවස්ථාවක් විය හැක.




Wednesday, April 4, 2018

ජනමත විචාරණයක් ඕනෑ කර තිබේ

ජනාධිපති සිරිසේන වසර තුනක් සපිරුණු තම ධුර කාලය තුල කළ සුවහසක් අමන වැඩ අතර අගය කළ යුතු කර්තව්‍යයන් දෙකක් කර තිබේ.
  • එකක් බැඳුම්කර මගඩිය ගැන සෙවීම පිණිස ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමයි.
  • දෙවැන්න තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගැනීමයි.
දැන් මේ එළඹ ඇත්තේ තුන් වැන්න කිරීමට සුදුසු කාලයයි. ඒ පමා නොකොට ජනමත විචාරණයක් කැඳවීමයි.






Monday, April 2, 2018

විශ්වාසභංගයෙන් පසු --- අලුත් කළා...

සටහන :
අවසන් වූ විශ්වාසභංගය ගැන කීමට අවශ්‍ය දේ නිල් පැහැයෙන් සටහන් කර ඇත.

විශ්වාසභංගයෙන් පසු කුමක් වේද යන්න කතා කිරීමට කල් වැඩි නැත. එහෙත් ඒ ගැන කතා කිරීම පසෙක තබා විශ්වාසභංගයේදී කුමක් සිදු වීමට ඉඩ ඇත්දැයි බලමු. පහත දැක්වෙන්නේ සිදු වීමට ඉඩ ඇතැයි අපට සිතෙන දේ ය.





Thursday, March 15, 2018

සිංහලයින් සුළුතරය වීම

උගත් සහ බුද්ධිමත් පුද්ගලයෙකු වශයෙන් අප විසින් බොහෝ ගරු කෙරෙන ඉකොනොමැට්ටා තුමා තමාගේ අඩවියේ පහත සටහන තබා තිබේ.
සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.
මේ ඇත්තද?





Friday, March 9, 2018

අපි අසරණ වෙලා වගේ ...

1815 දී සිංහලයින් සුළුතරයක් විසින් ද්‍රෝහීන් හා එක්ව සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරජුගේ නියෝජිතයා (රොබට් බ්‍රවුන්රිග්) අතට පාවා දිණි. 2015 දී සිංහලයින් සුළුතරයක් විසින් පරයින් සහ කල්ලතෝනින් හා එක්ව ශ්‍රී ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරැජිනගේ නේවාසික නියෝජිතයා (රනිල් වික්‍රමසිංහ) අතට පාවා දිණි. සිංහලයින්ට තම වැරැද්ද තේරුම් ගැනීමට ගත වූයේ යන්තම් අවුරුදු තුනකි.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹුණු නිදහස් අරගලය නිමා වූයේ ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයින් මරු තුරුලට යවමිනි. වෙල්ලස්ස ද ඇතුළු මුළු නැගෙනහිර ප්‍රදේශයම ජන-ශූන්‍ය මුඩුබිමක් බවට පත් කෙරුණු වරිගසංහාරය ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයන් විසින් මේ අරගලය හේතුභූත කර ගන්නා ලදී. බ්‍රිතාන්‍යයන්ගේ මේ කුමන්ත්‍රණයේ පළමු බිල්ල වශයෙන් තෝරා එවන්නේ හම්බයෙකි.

1815 උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍යය තුලින්ම විරෝධය එල්ල වූයේ දෙවියන් වහන්සේගේ ආණ්ඩුව (එංගලන්ත පල්ලියේ නායකයා මහරජු වෙයි) විසින් තමන්ගේ යටත් විජිතයක මිත්‍යා දෘෂ්ඨි (බුද්ධාගම හා දේවාගම්) ආරක්‍ෂා කරන බවට ගිවිසුම් ගැසීම නුසුදුසුය යනුවෙනි. එහෙත් ගිවිසුම් ගසන්නේම ඒවා කඩන්නට බව ගිවිසුම් ගැසුවෝ (ඩොයිලි) දැන සිටියහ. වෙල්ලස්ස පසුබිම් කරගෙන පැන නැගි අරගලය අතිශය කෲර අන්දමින් මර්ධනය කළ බ්‍රිතාන්‍යයෝ ඒ වන විටත් කඩ කරමින් තිබූ ගිවිසුම විසි කර දැමූහ. ඒ එදා කතාවයි.

අද ...





Wednesday, February 14, 2018

පළාත් පාලන මැතිවරණයේ පසුවදන

අපේක්‍ෂා කළාට වඩා ඉතා හොඳින් පළාත් පාලන මැතිවරණය නිමාවට පත් විය. සිදු වෙමින් පවතින පෙරළිය ගැන එදින අපරභාග 8:30 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ඇතුළු බොහෝ ඉහළ තැන් සමග හොඳ සම්බන්ධතා ඇති කලා ලෝකයේ පුද්ගලයෙක් හරහා අපට දැන ගන්නට ලැබිණි.

මේ තරම් බොරුවක් ...
මෙවර මැතිවරණය පැවැත්වුණු ක්‍රමවේදය අනුව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණනය ද කළ හැකිව තිබිණි. ඒ ප්‍රතිඵලය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත එවීමෙන් අනතුරුව පරීක්‍ෂා කර පරිගණක පද්ධතියට ඇතුල් කළ යුතුව තිබිණි. පරිගණක ක්‍රමවේද සහ ඒ ආශ්‍රිත පද්ධති සම්බන්ධ හොඳම දැනුම සහ වසර ගණනාවක අත්දැකීම් ඇති කොළොඹ විශ්ව විද්‍යාලය වෙනුවට මේ භාරදූර කර්තව්‍ය කැලණියට පැවරීම හේතුවෙන් හෝ ඇමති මංගල ඇමති චම්පක ඇමති රාජිත ආදීන් අරලියගහ මන්දිරයට වී නීතිපති සහ හමුදාපති ගෙන්වාගෙන හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රාදේශීය සභා වල බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් හෝ ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කිරීම කල් ගියේය. පසුදා පහන් වන තුරුත් යන්තම් ප්‍රකාශයට පත් කර ගත්තේ ප්‍රතිපල පහක් හෝ හයකි.

රාත්‍රියේ ජනමාධ්‍ය වලට මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමට වටලා ගැනීමට සිදු වන්නේත් කොමසාරිස්ට ප්‍රමාදයට හේතු දක්වමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට සිදු වන්නේත් මේ ආණ්ඩුවට ලක්ෂණික වැඩ-බැරි භාවය හේතුවෙනි.




Wednesday, February 7, 2018

අපට ආතතිය ගෙනෙන මැකෝගේ ආතල් එක

අද රැයින් ඇරඹෙන්නේ මැතිවරණයේ නිහඬ කාල සීමාවයි. සමස්ථයක් ලෙස ගත් කල සැළකිය යුතු ගට්ඨනයකින් තොරව මේ කාලය ගත විය. මැතිවරණයත් ඒ අයුරින්ම පැවැත්වේය යනු අපගේ අපේක්‍ෂාවයි.
ඕන්න කැපුවා... | Source: srilankabrief . org

මේ මැතිවරණය ආණ්ඩු මාරු කරන, අගමැති වෙනස් කරන මැතිවරණයක් නොවේ. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය එවැනි බොහෝ දේ කිරීමට අවශ්‍ය උත්තේජනය සපයා දෙනු ඇත. පවත්නා පාර්ලිමේන්තුව තවත් වසරකට වඩා කාලයක් මෙසේම පැවතිය යුතුව තිබෙන අතර එය වෙනස් කිරීමට මැතිවරණයෙන් පසුවද කිසිවෙක් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැක. එහෙත් කැබිනට් සංශෝධනයක් නම් විය හැක. ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති බැවින් මේ පක්‍ෂ දෙකම තමන්ගේ කේවල් කිරීමේ බලය උරගා බලන්නේ මේ මැතිවරණයේදීය.





Monday, February 5, 2018

ඔවුන් ඔබට සඟවන දෙය - 3

සෙනසුරාදා නීතිපති දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් "මහබැංකු කොල්ලයට" සැක කරුවන් ලෙස නම් කළේය.

ඉරිදා, එනම් නිදහස් දින, පාන්දර රහස් පොලීසිය කොල්ලුපිටියේ සහ ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇලෝසියස් සහ පලිසේන අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා 5 වැනිදා (අද) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ වනාහී බන්ධනාගාර බැඳුම්කරයේ මෙතෙක් කතාවයි.





Thursday, January 4, 2018

ඔවුන් ඔබට සඟවන දෙය - 2

ජනාධිපති සිරිසේන ඊයේ දින විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ බැඳුම්කර කොමිසමේ වාර්ථාව සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්ථාව සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමටයි. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම වචන සහ වචන හැරුණු කොට වැඩි යමක් ඔහු විසින් කියැවුණේ නැත.
මම දෙකක් කියන්නයි හදන්නේ, හිටං !
සිරිසේනයන් විසින් කියැවෙන්නට යෙදුණු වැදගත් කරුණු ඇත්තේ දෙකකි. ඒ දෙක අද ලේක් හවුස් දිනපතා සිංහල ප්‍රවෘත්ති පත්‍රයේ මුල් පිටුවේම සඳහන් වන්නේ පහත අයුරිණි.
  1. අගමැති මහබැංකු අධිපති විධිමත් ලෙස පත් කරලා
  2. 2008 සිට බැඳුම්කර වංචා සොයන්න වෝහාරික විගණනයක් අවශ්‍යයි
ඉතිං දැන් මොකද කරන්නේ...





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !