Wednesday, November 14, 2018

කීකරු ජඩසූරිය හෙවත් පිස්සු මහල්ලාගේ කථා වස්තුව

ලංකාවේ පට්ටම මෝඩ මොට්ට තකතීරු ඡන්දදායකයින් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යැයි සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. කොළොඹින් අන්තිමයා වූ මර්වින් සිල්වා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ ජනතාවයි. අඹේවෙල ගොවිපොළේ පට්ටි ගොනෙකුට තරම් පන්චස්ඛන්දයක් ඇති එතරම්ම බුද්ධියක් ඇතැයි හැසිරීම බැලූ කළ පෙනෙන අඹකුමාරගේ රංජන් පමණක් නොව යන්තම් ටෙලියක් දෙකක් රඟ පෑ උපේක්‍ෂා ස්වර්ණමාලි පවා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ බුද්ධිමත් ජනතාවයි.

ඇත්ත වශයෙන්ම නම් ගම්පහ ජනතාව උපේක්‍ෂා පාර්ලිමේන්තු යැව්වේ නැත. ඔවුන් පාර්ලිමේන්තු යැවුවේ "පබා"ය. ගම්පහ ජනතාව දේශපාලනයේ "අ"යන්න වත් නොදන්නා මේ කාන්තාව පාර්ලිමේන්තු යැවුවේ එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු ද වූ කරු ජයසූරිය මහතා ලැයිස්තුවේ පහළට ඇද දමමිනි. රටේම මහජනතාව එදා ගම්පහ ඡන්දදායකයන්ට දෙකොණින් ම සිනාසුණත් ඔවුන් දුන් තීන්දුව නිවැරදි බව අද ජයසූරිය විසින්ම ඔප්පු කර තිබේ.

වික්‍රමසිංහගේ ඊනියා විශ්වාසභංගය


ඉහත දැක්වෙන්නේ අද රැස්වූ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තේයැයි පාර්ලිමේන්තුවේ කථානායක විසින් නිවේදනය කෙරුණු යෝජනාවයි. එය ගලවා ගන්නේ ප්‍රසිද්ධ ඕපාදුප අඩවියක් වන lankacnews වෙතිනි. සියළු අත්සන් අඩංගු පත්‍රිකා මුලාශ්‍රයෙන් බලා ගත හැක.

කෘතහස්ත දේශපාලනඥ කරු ජයසූරිය පළමුව කීකරු ජයසූරිය බවට පත් විය. නැතිනම් ලංකා දේශපාලනයේ මෙතෙක් පහළ වූ තුච්ඡම ඒකාධිපතියා වන රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව කීකරු කර ගන්නා ලදී. අද සිද්ධියත් සමග ජයසූරිය නම නැවත විපරිණාමයට ලක් වී ජඩසූරිය බවට පත් වී තිබේ. කරු ජයසූරිය දැන් දිවංගත ය. අද සිට සිටින්නේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය කෙනෙකි.





මීට පෙර ලිපියක අප විසින් වික්‍රමසිංහ අශූචි කන්නේ හැන්දෙන් යැයි සඳහන් කර තිබේ. අද හෙතෙම හැඳි ගෑරුප්පු කිහිපයක්ම ඒ සඳහා භාවිතා කළේය. පළමුව තමාගේ සහචර සුමන්තිරන් ලවා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් ගෙනාවේය. දෙවනුව තමාගේ කීකරු සුනඛයා වන ජවිපෙ නායකයා ලවා ඊනියා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේය, අනතුරුව ජඩසූරිය ලවා එය සම්මත වූ බව නිවේදනය කළේය. දැන් වික්‍රම සිංහයා ලෙස එළියට බැස සිංහනාද කළත් වික්‍රමසිංහයා කවුදැයි දන්නා අපටනම් ඒ හිවල් නාදයෙකි.



අද සම්මත කර ගත්තේයැයි ජඩසූරිය විසින් නිවේදනය කෙරුණු යෝජනාවේ ව්‍යවස්ථානුකුල භාවයක් හෝ වලංගු භාවයක් හෝ නැත. එහෙත් රනිල් වික්‍රමසිංහටවත් ඔහුගේ කීකරු ජඩසූරියටවත් එහි වගේ වගක් වත් ඇත්තේත් නැත. තමන්ගේ ස්වාමිවරුන් ඉහළින් වඩා ඉඳුවාගෙන ඊට පහළ සිට රඟදැක්වූ මේ නාඩගමින් මේ දෙදෙනා සහ අනෙක් වාළුන් විසින් එකී ස්වාමිවරුන් කුල්මත් කරවන්නට නම් ඇත.

ඒ යෝජනාව ගැන අනෙක් පාර්ශවයේ අදහස් විමසා බලමු.



ඒ අදහස් අනුව පෙනී යන්නේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය පාර්ලිමේන්තුවේ කථානායක තනතුර නින්දිත අයුරින් හෑල්ලු කර වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව යුක්ති යුක්ත කිරීම වෙනුවෙන් කටයුතු කර ඇති බවයි.


අද සම්මත කර ගත්තේයැයි ජඩසූරිය විසින් නිවේදනය කරන්නට යෙදුනු යෝජනාව දැන් සළකා බලමු.

එහි කරුණු දෙකක් අඩංගුය.
  1. අතිගරු ජනාධිපති වරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්,
  2. ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ ඊනියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා ඊනියා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දා වූ ඊනියා ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්,
ය.


සමීපව නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලිව පෙනෙන පළමු කරුණ නම් එහි දෙවන අංකය යටතේ "ඊනියා" යන වචනය අග්‍රාමාත්‍ය, කැබිනට් මණ්ඩලය හා ආණ්ඩුව යන තුන් තැන්හිම දක්වා පසුව මකා දමා ඇති බවයි. අර අත්සන් කළ අයවළුන් එම අත්සන් තබන ලද්දේ ඊනියා කෑල්ල ඇතුවද නැතුවද යන්න දැන ගැනීමේ හැකියාවක් අපට නැතත් වගකිව යුතු කථානායක කෙනෙක් නම් මීට වඩා සැළකිල්ලෙන් කටයුතු කළ යුතුව තිබුණු බව කිව හැක. විශේෂයෙන් ම ටිපෙක්ස් කිරීම හේතුවෙන් ම ලංකාවේ වැදගත්ම ප්‍රාදේශීය පාලන ආයතනය වන කොළොඹ මහනගර සභාවේ නාමයෝජනාව ප්‍රතික්‍ෂේප වී එහි පාලනය කොහෙවත් යන ත්‍රී-වීල් කාරයෙක් අතට ගිය අතීතයක් ඇති පක්‍ෂයක් විසින් මෙවැනි කාරණා සුළු කොට තැකිය යුතු නැත.

කෙසේ වුවත් ඒ දෙවැනි අංකයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයා හා ආණ්ඩුව කෙරේ විශ්වාසයක් නැති බවයි. එය අරඹන්නේ "ඉහත සඳහන් හේතු නිසා ..." යනුවෙනි. අවසන් කරන්නේ "... කිසිදු විශ්වාසයක් නොමැති බවත්" වශයෙනි. එසේනම් විශ්වාසය නොමැත්තේ අංක 1 හි සඳහන් වන හේතු නිසාය.

අංක 1 හි සඳහන් වන්නේ එකම එක හේතුවකි.

ඒ "ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව" යි.

රුපියල් කෝටි කිහිපයකට මිලදී ගත හැකි මන්ත්‍රීවරුන් (සැකනම්, වික්‍රමසිංහගේ කීකරු සුනඛයාගේ පක්‍ෂය විසින් රටපුටා අලවා ඇති පෝස්ටර සාක්කි !) කිහිප දෙනෙකු එකතු වී ජනාධිපතිගේ කිසියම් නියෝගයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැත්දැයි විමසන ක්‍රමයක් අපට නැත. ඒ සඳහා අනන්‍ය බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා එයටම පමණි.


රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ හංස සංධානය විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීමේ ජනාධිපති නියෝගයට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් වාරණ නියෝගයක් ලබා ගත්තේ නැත්ද? ලබා ගත්තේමය. ඒ ක්‍රියා මාර්ගය නිවැරදිය. එහෙත් වික්‍රමසිංහ සහ බැංකු හොරු කණ්ඩායම අග්‍රාමාත්‍ය පත් කිරීමට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේ නැත. මක් නිසාද, ඒ පත් කිරීම ව්‍යවස්ථානුකූල හා නිත්‍යානුකූල වන නිසාමය. එසේනම් ඒ නිත්‍යානුකූල නියෝගය වික්‍රමසිංහගේ සහචරයින්, වාළුන් හා සුනඛයින් ලවා පාර්ලිමේන්තුවේ ඝෝෂා කරවා අත්සන් ලබාගෙන කීකරු ජඩසූරිය ලවා නිවේදනයක් නිකුත් කරවා ගත් පමණින් නිත්‍යානුකූල නොවන්නේ නැත.

එසේම ජනාධිපතිගේ නියෝගයක් ව්‍යවස්ථානුකූලදැයි අර්ථ විවරණ කිරීමේ බලයක් නැති පාර්ලිමේන්තුව විසින් තමාට නැති බලයක් ආරුඪ කරගෙන ගෙනා මේ යෝජනාව අස්සන් 120 නොව 225 තිබුණත් වලංගු වන්නේත් නැත. ජනාධිපති වෙත කථානායක වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් එවන්නට ඉඩ ඇති මේ යෝජනා ලියුම් කරදහිය කියැවීමටවත් ජනාධිපති හෝ ඔහුගේ ලේකම් හෝ විසින් කාලය මිඩංගු කළ යුතු නැත. එය අයත් වන්නේ ජනාධිපති කාර්‍යාලයේ කුණු බක්කියට පමණි.


තවත් කරුණක් මෙහි සඳහන් කළ යුතුය. lankacnews පුවත සහ පත්‍රිකා සත්‍ය නම් යෝජනාව අද දින ඉදිරිපත් කෙරෙන විට බොහෝ දෙනෙක් අත්සන් තබා ඇත්තේ නොවැම්බර 2 වැනිදාය. මේ අත්සන් තැබූ දිනයම නොවීමට ඉඩ ඇතත් අඩු වශයෙන් අත්සන් ගැනීම ආරම්භ කර ඇත්තේ දෙවැනි දාය. එනම් යෝජනාව ඉදිරිපත් කිරීමට කළිනි. පැහැදිළිවම යෝජනාවට අත්සන් තබා ඇත්තේ ජවිපෙ මන්ත්‍රී වරුන් පමණෙකි. නොවැම්බර 2 දින සිට එකතු කළ අත්සන් ලේඛණය සමහර විට රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ප්‍රේමදාස එජාප නායකයා ලෙස පත් කර ගැනීම උදෙසා වීමටත් ඉඩ නැතිද?


වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය විසින් අද දින කරන්නට යෙදුණු ජඩවැඩය හෙවත් තුප්පහි කාර්‍යයේ දිග පළල සහ ගැඹුර ගැන අවබෝධයක් ලබා ගැනීම පිණිස ආචාර්‍ය නලින් ද සිල්වාගේ පහත ලිපියත් කියවමු.
මෙවැනි ඒකාධිපති වියරුවක් හා ප්‍රජාතන්ත්‍රවාදය සහ සම්ප්‍රදාය නොසළකා හැරීමක් වෙනත් කථානායකවරයෙක් යටතේ මෙතෙක් සිදු වී නැතුවා වුණත්, බැල්කනියේ (ගැලරියේ !) සිටි වික්‍රමසිංහලාගේ හාම්පුතුන්ගේ කටවල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විවර වන්නේ නැත. ඒ ගැන අපට පුදුමයක් ද නැත. මක් නිසාද යත් ආචාර්‍ය නලින් ද සිල්වා විසින් නිවැරදිව විවරණය කරන පරිදි "බටහිරයන් කට අරින්නේ අප ගිල ගැනීමට බව අවුරුදු පන්සියකට වැඩි කාලයක් තිස්සේ අප" දන්නා බැවිණි.



6 comments:

  1. මේ නාටකයේ පීචංම චරිතය කථානායක බව මම මීට පෙර ද පැවසුවෙමි. එජාප ටී.එන්.ඒ. පප්පලා මේ නටන්නේ තානාපති මැජික් අරිෂ්ට බලයෙනි. සියලු පප්පලා ජනතාව ඉදිරියට ගෙන ඒමෙන් හැර මේ ප්‍රශ්නය විසඳිය නොහේ.

    ප.ලි. - ගම්පහ විද්වත් ලැයිස්තුවට චතුර සේනාරත්න සුපර්මෑන් තුමා ද ඇතුළත් විය යුතු ය.

    ReplyDelete
    Replies
    1. ඔහු ඉහත ලැයිස්තුවට ඇතුල් කළ නොහැක්කේ ඉන් ලැයිස්තුව අපවිත්‍ර වන බැවිණි.
      ---

      ජඩසූරිය මේ නාඩගම් නටන්නේ වික්‍රමසිංහගේ බලය හේතුවෙනි. වික්‍රමසිංහ හෙවත් ලීච්ඡවීසිංහගේ බලය පවත්නේ ලීච්ඡවී ගෝත්‍රය තුලයි. සුමන්තිරම්, මලික් සමරවික්‍රම, විග්නේස්වරම්, සම්පන්තන් ආදීන් පමණක් නොව චන්ද්‍රිකා ද මේ ගෝත්‍රයට අයත් ගෝත්‍රිකයන්ය. මේ ගෝත්‍රය තනන ලද්දේ ඉංගිරිසින් විසින් වන අතර ඔවුන් නිදහස් ලංකාව බාර දී ගියේ මෙකී ගෝත්‍රයට වේ. වෙනත් වචනයෙන් කියතොත් කීකරු ජඩසූරියගේ "හඬින් ඡන්දය ගණන් කිරීමේ" නාඩගම අර ගැලරියේ සිටි ලිච්ඡවීන් ගේ ස්වාමින් වන තානාපතිවරු සතුටු කිරීමට රඟ දැක්වූ එකකි.

      ජනතාව ඉදිරියට මොවුන් ගෙන ඒම විසඳුමක් වුවත් ඒ සම්පූර්ණ විසඳුම නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ටින්කරින් කර ඊනියා ස්වාධීන කොමිෂන් නමින් බලය තම අතම තබා ගැනීමේ ක්‍රමයන් මොවුන් විසින් සොයාගෙන තිබේ. 19 වන සංශෝධනය, 18 වන සංශෝධනය සහ 17 වන සංශෝධනය පිළිවෙලින් අහෝසි කර බලය ජනතා නියෝජිතයන් අතට ලබා ගැනීම තරමක විසඳුමකි. ජනතා නියෝජිතයන් අළෙවි වීම වැළැක්වීම ඊළඟ ප්‍රමුඛතාව විය යුතුය.
      ---

      ඔබේ අදහස් දැක්වීමට තුති.

      Delete
  2. ඇයි ප්‍රසන්න රණවීර?

    ReplyDelete
    Replies
    1. මේ එක් එක් පුද්ගලයින් ගැන කතිකාවක් නොවේ. එහෙත්, ඔබේ අදහස් දැක්වීමට තුති.

      Delete
  3. අපූරු පැහැදිලි කිරීමකි. අවාසනාව මේ ලිපි බොහෝ දෙනා අතරට නොයෑමය.
    කීකරු ජඩසූරිය ජඩයා උන්ගේ ජඩ වැඩ ආරම්ඹ කරන්නේ මේකෘතිම ව්‍යාකූලත්වය තුඅදී පමණක් නොවේ.
    මීට පෙරද පාර්ලිමෙන්තුවේ නොසන්සුන්තත්ව ගොඩ නගා ඒ ගාලගූට්ටි අතරේ පනත් සම්මත වූ බව මේ ජඩ්යා නිවේදන නිකුත් කරමින් මහජන නියෝජිතයින්ගේ අයිතිවාසිකම් ලැහැර ගත් අවස්ථා එමටය.
    ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නොකඩවා කථා කරන උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු උන් සහ උන්ම පමණකි.
    ඉතින් මේ හාමුලා සහ උන් ගේ වහලුන් රැල පලවා හැරීම දැන්නම් ජාතියේ අවශ්‍යතාවයකි.

    ReplyDelete
  4. ජඩයා දෙවැනි දවසේ යෝජනා සම්මත කළේ සභාව දෙසවත් නොබලා කොලයක් දෙස බලාගෙන ය. ඔහුගේ කීකරුකම ගැන ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !