Friday, March 9, 2018

අපි අසරණ වෙලා වගේ ...

1815 දී සිංහලයින් සුළුතරයක් විසින් ද්‍රෝහීන් හා එක්ව සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරජුගේ නියෝජිතයා (රොබට් බ්‍රවුන්රිග්) අතට පාවා දිණි. 2015 දී සිංහලයින් සුළුතරයක් විසින් පරයින් සහ කල්ලතෝනින් හා එක්ව ශ්‍රී ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරැජිනගේ නේවාසික නියෝජිතයා (රනිල් වික්‍රමසිංහ) අතට පාවා දිණි. සිංහලයින්ට තම වැරැද්ද තේරුම් ගැනීමට ගත වූයේ යන්තම් අවුරුදු තුනකි.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹුණු නිදහස් අරගලය නිමා වූයේ ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයින් මරු තුරුලට යවමිනි. වෙල්ලස්ස ද ඇතුළු මුළු නැගෙනහිර ප්‍රදේශයම ජන-ශූන්‍ය මුඩුබිමක් බවට පත් කෙරුණු වරිගසංහාරය ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයන් විසින් මේ අරගලය හේතුභූත කර ගන්නා ලදී. බ්‍රිතාන්‍යයන්ගේ මේ කුමන්ත්‍රණයේ පළමු බිල්ල වශයෙන් තෝරා එවන්නේ හම්බයෙකි.

1815 උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍යය තුලින්ම විරෝධය එල්ල වූයේ දෙවියන් වහන්සේගේ ආණ්ඩුව (එංගලන්ත පල්ලියේ නායකයා මහරජු වෙයි) විසින් තමන්ගේ යටත් විජිතයක මිත්‍යා දෘෂ්ඨි (බුද්ධාගම හා දේවාගම්) ආරක්‍ෂා කරන බවට ගිවිසුම් ගැසීම නුසුදුසුය යනුවෙනි. එහෙත් ගිවිසුම් ගසන්නේම ඒවා කඩන්නට බව ගිවිසුම් ගැසුවෝ (ඩොයිලි) දැන සිටියහ. වෙල්ලස්ස පසුබිම් කරගෙන පැන නැගි අරගලය අතිශය කෲර අන්දමින් මර්ධනය කළ බ්‍රිතාන්‍යයෝ ඒ වන විටත් කඩ කරමින් තිබූ ගිවිසුම විසි කර දැමූහ. ඒ එදා කතාවයි.

අද ...





කූට සහගත ලෙස ලංකා සභාව නමින් පෙනී සිටින එංගලන්ත පල්ලියේ නියෝජිතයකු වන රනිල් වික්‍රමසිංහ එදා බ්‍රවුන්රිග් සිටි තැන සිටී. අගමැති පමණක් නොව නීතිය හා සාමය පිළිබඳ ඇමති ද ඔහුය (වැඩේ කරගෙන ඇමතිකම වෙනකෙකුට දීම වෙනම කතාවකි). දැන් අරගලය ඇරඹී ඇත - ඒ බුරුතු පිටින් මහජනතාව පොහොට්ටුවට ඡන්දය දීමෙනි. එසේනම් මර්ධනය ළඟ ළඟමය. වසර දෙසීයකට පෙර වූ අයුරින් අදද බිල්ල හම්බයෙකි.

ඡන්ද පොළට ගොස් කතිකරයකින් කර ගත හැකි දේට පාරට බැස වෙඩි කෑ යුතු නැතැයි මීට වසර තුනකට පෙර සඳහන් කර තැබුවා පමණක් මතක ඇත. එදත් අදත් මර්ධනයට ලක් වන්නේ - වරිග සංහාරයට ලක් වන්නේ සිංහලයින්ය. හේතුව මේ සිංහලයින්ගේ රට වීමයි. මීටත් වඩා අසරණ කමෙක් ඇත්ද ?

මේ කිසිවකට සම්බන්ධයක් නැතිවත් අමානුෂික පහර දීමට ලක්ව ඝාතනය වූ ලොරි රියැදුරා සිංහලයෙකි. ඒ මරණයට සහභාගී වීමට පැමිණ අත්අඩංගුවට පත් වූවෝ සිංහලයෝය. දැන් හදිසි නීතිය, ඇඳිරි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇප නැතිව හිරබත් කන්නේ සිංහලයෝය. එසේ තිබියදී වර්ගවාදී ඇමතිවරු විසින් "දුටු තැන වෙඩි තබනු" (shoot at sight) යයි නියෝග කෙරෙන්නේ සිංහලයින්ට එරෙහිවය. මීටත් වඩා අසරණ ජාතියක් ඇත්ද ? සිංහල රටේ බල්ලෙකුට මීට වඩා ගෞරවයක් තිබේ.



ජුන්ටාධිපති වික්‍රමසිංහ මේ කළකොලාහලයෙන් කටයුතු කිහිපයක් ඉටු කර ගනී.

[1] පළමුවැන්න තමාට එරෙහිව දේශපාලන පොර පිටියේ නැගෙන අභියෝග ඉවත් කර ගැනීමයි. ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාසභංගය හකුලාගෙන නුගේගොඩ රැස්වීමත් කල් දැමීම මගින් ඒ අවශ්‍යතාවය ඉටු කර තිබේ. හරිනම් කළ යුතුව තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ ඇමති වශයෙන් සිටිමින් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම වෙනුවෙන් තවත් විශ්වාසභංගයක් ගෙන ඒම වුවත් ඇමති කම මද්දුම බණ්ඩාරට දීම මගින් ඒ ඉඩ වළක්වා ඇත. "අයියණ්ඩි බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වමි"යි නූතන මද්දුම බණ්ඩාර කීවා දැයි මාධ්‍ය වාර්තා නැත.

[2] එජාප නායකත්වය සම්බන්ධ ගැටළුව මේ වන විට යට ගොස් ඇත. වික්‍රමසිංහට මේ වන විට ජනාධිපති සිහිනයක් නැත. ඔහු උත්සාහ කරන්නේ 2020 දී නැවතත් අගමැති වීමට මිස පාර්ලිමේන්තුව විසිරුවීමට, අගමැති ඉවත් කිරීමට තබා ඇමති කමක් පවරා ගැනීමටවත් නොහැකි නිකං ම නිකං ජනාධිපති තනතුරට පත් වීමට නොවේ. 2019 දී සිරිසේන ම නැවත ජනපති වීම වික්‍රමසිංහගේ අභිප්‍රාය වනු ඇත. ඒ අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මගින් හෝ අතරමැදි සංශෝධන ගෙන ඒම මගින් හෝ ඔහු තම බල වපසරිය පුළුල් කර ගැනීමට කටයුතු කරනු ඇත.

[3] මහබැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරු අතුරුදහන් ය. ඔහු ඩුබායි සිට ලංකාවට කැඳවාගෙන ආ පුද්ගලයා මේ වික්‍රමසිංහම මිස වෙන කිසිවෙක් නොවේ. මහේන්ද්‍රන්ගේ වගකීම මා බාර ගන්නෙමැයි කැබිනට් මණ්ඩලයේ දී කුඞඡනාද කළේ ද ඔහුමැයි. එසේ ගෙනා මේ අපරාධකාරයා තම සිංගප්පූරු ලිපිනයේ නැත්නම් ඩුබායි ලිපිනය පොලිසියට ලබා දීම හෝ ඔහු උසාවියට ඉදිරිපත් කිරීම හෝ වික්‍රමසිංහගේ වගකීමකි. දැන් ඒ ගැන සොයන්නෝ නැත. පොලීසිය සොයන්නේ මහබැංකුව කොල්ල කෑ දෙමළා ගැන නොව තම්බි කඩේට ගලක් ගැසූ සිංහලයා ය.

[4] මේ සියල්ලට වඩා වික්‍රමසිංහගේ ජුන්ටාව ඊයේ හොර පාරෙන් පනතක් සම්මත කර ගත්තේය. වික්‍රමසිංහගේ පාසැල් මිත්‍ර දිනේෂ් ගුණවර්ධනට අනුව එදින ඡන්දය නොවිමසන බව කළින් දැනුම් දුන් හෙයින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී වරු පිට පළාත් වල රැඳී සිට ඇත. තමාගේ පාසැල් සඟයා ගැන දිනේෂ් ගුණවර්ධන නොදන්නේ නම් අපට ඒ බව කියා දිය හැකිද ? කතානායක තැන විසින් තමන් වික්‍රමසිංහගේ කීකරු ජයසූරිය බව ඔප්පු කළ පළමු අවස්ථාව මෙය නොවේ.


"බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත" ලෙස නම් කර ඇති මෙය අතීතයට බල නොපාන බව ජනාධිපති නීතිඥ මාරපන මහතාගේ අදහසයි. සමහර විට ඔහු අදහස් කරන්නට ඇත්තේ බටලන්දේ වධකාගාර වල සහ තවත් තැන් වල කළ අතුරුදහන් කිරීම් ගැන විය හැකි වුවත්, ජාත්‍යන්තර ප්‍රඥප්තියක් යම් රටක නීතිය බවට පත් කළ පසු අතීතය ලෙස අර්ථ දැක්වෙන්නේ නීතිය සම්මත කළ දිනද නැතහොත් ප්‍රඥප්තිය සම්මත කළ දිනද යන්න සොයා බැලිය යුතුයි. එසේම මේ පනතේ අඩංගු කවරේදැයි නීතිය දන්නවුන් විසින් සොයා බැලිය යුතුව තිබේ (පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පනත් කෙටුම්පත නැත - හොර පාරෙන් සම්මත කර ගත් බව කියන්නේ එහෙයිණි).

මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ සිංහලයින් මෑත කාලයේ පත්වූ ඉතාම අන්ත අසරණ තත්වයට දැන් පත් වී සිටින බවයි. මීට පෙර එවැනි අවස්ථාවක් උදා වූයේ 1987 දීය, අද පොර ටෝක් දෙන බොහෝ දෙනාට ඒ අත්දැකීම නැත.



සිංහලයා, විශේෂයෙන් බෞද්ධයා, අද භයානක මර්ධනයක් අභිමුව සිටී. සිංහලයාට නායකත්වයක් නැත. ඉදිරි දැක්මක් නැත. ජාතියක් වශයෙන් සැළැස්මක් නැත. වෙනසක් නොකළොත් කොරියාවේ කළාක් මෙන්, වියට්නාමයේ කරන්නට ගියා මෙන්, බෞද්ධයා ක්‍රමානුකූලව විනාශ වී යනු ඇත. එහෙත් ඉක්මන් වුවහොත් 1818 නැවත අප දෑස් ඉදිරියේ රඟ දැක්වෙනු ඇත.

සිංහලයින් බහුතරය පෙබරවාරි 10 දින මහින්ද රාජපක්‍ෂ වටා එක්-රොක් විය. ඔහු නායකත්වයට පත් කර ගැනීම සිංහලයින්ගේ අභිප්‍රාය වුවත් ඔහුගේ අභිප්‍රාය අසරණ සිංහලයින්ට සරණක් වීමද ? මීට තුන් වසරකට පෙර නිදහස් පක්‍ෂය සිරිසේනට පවරා දී 19 වන සංශෝධනයට ඉඩ පෑදූ රාජපක්‍ෂ නුවර කොළාහලය හමුවේ ප්‍රකාශ කළේ කුමක්ද ? නීතිය සහ සාමය රැකීමට ආණ්ඩුවට සහය දෙන බව නොවේද ? ඒ සහය ලබාගෙන (හෝ ලබා නොගෙන හෝ) ආණ්ඩුව කරන්නේ රටට හිතකර වැඩද ?



දෙමළුන්ට සහ මුස්ලිමුන්ට ශාරීරිකව පහර දීමෙන් සහ දේපළ විනාශ කිරීමෙන් සිංහලයින්ට ලැබෙන සෙතක් නැත. එයින් වන්නේ විනාශයක් පමණි. අන්‍යයන්ගේ දේපළ සහ ජීවිත විනාශ කරන සිංහලයෙක් වෙතොත් අන් සිංහලයන් විසින් කළ යුතු වන්නේ ඔහුට උඩගෙඩි දීම නොව හැකිනම් ඔහු ඉන් වැළැක්වීමයි. වැළැක්වීමට නොහැකි නම් විරුද්ධ වීමයි. එහි හානිය අවම කිරීමට උත්සාහ දැරීමයි. අපරාධකාරයා නීතිය හමුවට පැමිණවීමයි. ඒ වෙනුවට සාමය කඩ වන කටයුතු වල යෙදීමෙන් සිදු වන්නේ රණවිරුවා නැවතත් ආමිකාරයා බවට පත් වී පරයින්ට පහසුවෙන් අප දඩයම් කිරීමේ ඉඩ විවර වීමයි.

සිංහලයින්ගේ මතවාදී නායකත්වය භික්ෂූන් වහන්සේලා විසින් බාර ගත යුතුය. දේශපාලන කටයුතු දේශපාලනඥයින්ට පැවරිය යුතුය. දෙදහස් වසරක් පුරා සිංහලය රැක්කේ භික්ෂූන් වහන්සේ හා රණවිරුවාය. රට අනතුරට වැටෙන විට භික්ෂූන් වහන්සේ රණවිරුවා බවට පත් විය, රට සෞභාග්‍යයෙන් යුතු වන විට රණවිරුවා ස්වාමින් වහන්සේ බවට පත් විය. මේ දෙදෙනාම යැපෙන්නේ සාමාන්‍ය ජනතාව උපයන දෙයිනි. ඉතිහාසය පුරා පරයින්ට අවශ්‍ය වූයේ මේ සහසම්බන්ධය බිඳ දැමීමයි. එය බොහෝ දුරට ඉටු වී ඇති බව අභාවප්‍රාප්ත මාදුළුවාවේ සෝභිත, අතුරලියේ රතන, දඹර අමිල, තිබ්බොටුවාවේ සුමංගල, තිනියාවල පාලිත වැනි හිමිවරුන්ගේ කල් ක්‍රියාව අනුව පෙනේ.

මේ අනුව සිංහලයා සිටින්නේ ඉතාම අසරණ අඩියකය. ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී. ඉතාම බුද්ධිමත්ව සහ සැළකිල්ලෙන් කටයුතු නොකළොත් සිංහලයේ මළගම අපේ මළගමට පෙර උදා වනු ඇත.



පසුවදන:
බොහෝ දෙනා "නහී වේරේන වේරානි" යි හෙවත් "වෛරයෙන් වෛරය නොසංසිඳේ" යි බණ කියනු ඇසීමි.

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම පමණක් සංසිඳේ" මේ බොරුවක් නොවන මුත් බොහෝ දෙනා නැවත නැවත කරන ලෙස බණ අවභාවිතයේ යෙදීමකි. සැබෑ බණේ ඇත්තේ පහත අයුරිණි. මුල් කොටස නැති තැන දෙවන කොටස අර්ථ විරහිත වේ.
"පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න - වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම පමණක් සංසිඳේ"
දෙතිස් කතාවේ අපට කියන්නට ඇත්තේද එපමණකි.


6 comments:

  1. හ්ම් !

    ජනගහණ වර්ධනය අතින් සිංහලයින් පසුබා නැති බව කියවෙන වාර්තා කිහිපයක් දක්නට ලැබුණා. lankacnews එකේ ගිය එකක නම "සිංහලයෝ වඳවෙන කතාව බොරු.. දිනෙන් දින ඉහලට.. නිල සංඛ්‍යාලේඛන මෙන්න..", මිහිරාන් කරුණාරත්න කියන නමින් තමයි ලියල තියෙන්නේ. බුවා මෙහෙම කියනවා.

    --- "1911 දී සමස්ත ජනගහනයෙහි ‘සිංහල’ ප්‍රතිශතය 66.13ක් වූ අතර එය 2012 වනවිට 78.88 දක්වා වර්ධනය වී තිබෙන්නේ 12.75කිනි. 1911දී 5.70ක අගයක් ගත් ‘මුස්ලිම්’ ජන ප්‍රතිශතය 2012 වනවිට 9.23ක් වී තිබේ. එම අගයද 3.53ක සාමාන්‍ය වර්ධනයකි." ---


    1911 දී සිටි සිංහලයින් 66.13 පසුව 78.88 දක්වා වර්ධනය වී තිබෙන්නේ නම් 12.75 යනු මේ දෙකේ වෙනසයි (78.88-66.13=12.75). ඒ අනුවම 5.7 පසුව 9.23 වී තිබේනම් ඒ දෙකේ වෙනස 9.23-5.7=3.53 වේ. නමුත් මේ ඉලක්කම් වල වැදගත් කමක් නැත. මක් නිසාද යත් ප්‍රතිශත වෙනස් වීම වෙනත් ජනවර්ග වල අඩු වැඩි වීම් මතද රඳා පවතින නිසා.

    ඒ සාධක හැරියොත් වැදගත් වන ඉලක්කම මිහිරාන් බුවා කියන්නේ නැත. ඔහු නොකියන ඒ ඉලක්කම නම් වසර 100 තුල (1911 සිට 2012 දක්වා) ජනවර්ගයක ප්‍රතිශතය වැඩි වූ ප්‍රතිශතය කොතෙක්ද යන්නයි.

    එය ලැබෙන්නේ පහත සමිකරනයෙනි.
    * වසර 100කදී වැඩි වූ ප්‍රතිශතය = (2012 ප්‍රතිශතය - 1911 ප්‍රතිශතය) / 1911 ප්‍රතිශතය x 100%

    - සිංහලයින් සඳහා මේ අගය (78.88 - 66.13) / 66.13 x 100 = 12.75 / 66.13 x 100 = 19.28 කි. එනම් පසුගිය වසර 100 තුල ලංකාවේ සිංහල ජන ප්‍රතිශතයේ වැඩි වීම 19.28% කි.

    - මුස්ලිමුන් සඳහාඉහත අගය (9.23 - 5.7) / 5.7 x 100 = 3.53 / 5.7 x 100 = 61.93 කි. මෙහි තේරුම පසුගිය 100 තුල ලංකාවේ මුස්ලිම් ප්‍රතිශතය 61.93% කින් වැඩි වී ඇති බවයි.

    එසේද කියා මිහිරාන් කොනකපාල බුවා මෙසේද පවසයි.
    --- "සිංහල ජනගහන වර්ධනයේ වේගවත් බිඳවැටීමක් ඇති වී සිංහලයන්ට සංඛ්‍යාත්මකව ලැබි ඇති විශාලත්වය නැති කොට මුස්ලිම් ජන සංඛ්‍යාව සාපේක්ෂව විශාලතම ජන වර්ගය බවට පත්වන ආකාරයේ අතිවිශාල වර්ධනයක් ඇතිව තිබේ යැයි ඇතැමුන් කරන ප්‍රචාරයන්හි කිසිදු සත්‍ය පදනමක් නැති බව මේ අනුව පැහැදිලි වේ." ---

    මූ සහ තවත් උන් එන්නේ කුමකටදැයි මීට වඩා අටුවා ටීකා අවශ්‍යද ?
    දඩාවතේ යන බල්ලන් ඔටාරාට ගෙන ගොස් බාර දිය හැක. මුන් බාර ගන්නේ කවුද ?

    http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/FinalReport/FinalReport.pdf#%5B%7B%22num%22%3A1166%2C%22gen%22%3A0%7D%2C%7B%22name%22%3A%22FitH%22%7D%2C592%5D

    ReplyDelete
    Replies
    1. ඔබේ ඉහත ප්‍රතිචාරය අධ්‍යයනය නොකළෙමි.

      එහෙත් කීමට ඇත්තේ මුස්ලිම් ගහණය විසින් සිංහල ගහණය පමණක් නොව බොහෝ ගහන අභිබවා යෑම පිළියම් නොකළොත් ඉතා නුදුරු දිනෙක සිදු වනු ඇති බවයි. යුරෝපයේ මෙය මීට වඩා වේගයෙන් සිදු වෙමින් පවතී. සැබෑව නම් යුරෝපය මුදා ගත් ප්‍රදේශයක් බවත්, මුස්ලිමුන් විසින් එය නැවත අත්පත් කර ගනිමින් සිටින බවත්ය. මීට පන්සිය වසරකට පෙර යුරෝපීයයන් විසින් යුදෙව්වන්ගේ උදව්වෙන් යුරෝපය මුස්ලිමුන්ගෙන් මුදා ගැනිණි.

      යුදෙව්වන් තවම විද්‍යමාන අතර ඔවුන් මේ ගැන පිළියම් යොදනු ඇත. එහිදී රුධිර ගංගා ගලා යනු ඇත, මිනී කඳු ගොඩ ගැසෙනු ඇත. ඒවා ඒ අයට ගැටළු නොවේ - ආගම උදෙසා මිනී මැරීම ඒ ඒ ආගම් වලින් අනුමත කර ඇත.

      එහෙත් සිංහලය රැක ගැනීම යුදෙව්වන්ගේ කාරියක් නොවේ. අඩු තරමින් එය සිංහලයින්ගේ කාරියක් හෝ නොවේ.

      සිංහලයාගේ කාරිය වන්නේ පන්දහසක් කල් පවත්නා සාශනය එතෙක් කල් රැකීමයි. ඉන් පසු කුමක් වන්නේද යනු අදාළ ප්‍රශ්නයක් නොවේ.

      පන්දහසක් කල් සිංහලයා සිටීද, සිංහලය තිබේද යනුද සිංහලයින්ගේ ප්‍රශ්නයක් නොවේ. එය ශක්‍ර දෙවියන්ගේ ප්‍රශ්නයකි. සිංහලය රැකීම බාර ඔහුටය. ඔහු එය උපුල්වන් දෙවිට පවරා දිව්‍ය ලෝකයට ගොස් අදට දින 26 පමණ වේ.

      අඩු තුන් කෙළක් පුරවමියන් පිරිවරා කෙළිමින් සිටින ශක්‍රයාගේ පඬුපුල් අසුන උණු වී ආතල් කැඩෙන්නේ කවදාදැයි නොදනිමි.

      Delete
  2. මේ සිදුවෙමින් පවතින අකටයුතු කම් අපි කොතෙකුත් කථා කර ඇත. සිංහලයා සිංහල ද්වීපය තුලම ද්නටමත් අසරණ කර දමා අවසානය. සිංහලයා එල්ලෙනට වැල්ක් වත් නැති තැන දුටු වැල රාජපක්ශ පාලනයයි එහෙත් එය සිංහලයාගේ වශ්‍යතා ඉටු කලාදැයි වෙනම විමසිය යුතු කරුනකි.

    කෙසේ වෙතත් දැන් වත් සිංහලයා අනුන්ගේ කුපිත කිරීම් ඉදිරියේ මුග්ද නොවී, සැබෑ ජාතික අනන්‍ය තාවයකින් කටයුතු කිරීම ඇරඹිය යුතුය.

    පෙරට ගොස් මුහුණට මුහුණ සටන් කොට දිවි දීම අද කාලයේ හැටියට මුග්ද ක්‍රියාවකි.

    පෙරමුණට ගිය පුරන් අප්පුවත්, මැරෙනා සැටි පෙන්වා ලූ මද්දුම බණ්ඩාරවත් ජාතියට අත්කර දුන් ජයග්‍රහනයක් නැත. සැඟවී කැලේ වැදෙමින්, පසුබසිමින් පෙරට එමින්, සටන්කල වලගම්බා රජුගේ ක්‍රමය පසු කාලීනව සිංහලයන් අමතක කරදමා ඇති සෙයකි.

    දැන් ලෝකයේ සටනක් මෙහෙයවීම නූතන ලෝකයට ගැලපෙන ක්‍රමවේද අනුව යලි සකසා ගැනීමට සිංහලයා බුද්ධිමත් විය යුතුය. දැන් සටනක් මෙහෙයවිය යුත්තේ ඩිප්ලොමැටිකල් ඇප්‍රෝච් එකක් හරහාය.
    අපේ මෝඩයින් සිතා සිටින්නේ නූතන තාක්ශනය හරහා සටන වැදීම යනු ෆේස්බුකියන් සංවිදානය වී කඩ ගිනි තැබීම බවයි.

    ඉතින් අපේ උන්ම ගොන් තාලය හැසිරෙමින් නොකල යුතු සටනක නිරතනම්, ප්‍රථිපලය ලෙස අප ජාතියක් ලෙස කොන්වීම පරාජයන්ටපත්වීම පිළිබඳව ජයග්‍රාහකයා හට චෝදනා නොකල යුතුය.

    අපි නිවැරදි සටන හා සටන් භූමිය තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය.

    කඩ ගිනි තැබූමටත් අසිංහලයන් මරා දැමීමටත් පෙළැඹෙන යම්කිසි සිංහලයෙක් වෙත්ද, මගේ අර්ථ දැක්වීම අනුවනම් ඌ සිංහල ද්‍රෝහියෙකි.!

    ReplyDelete
    Replies
    1. මෙවැනි තැන් වලදී 'ඩිප්ලොමැටිකල් ඇප්‍රෝච්' යනු 'බවුන්ඩ් ටු ෆේල් ඇප්‍රෝච්' වේ. හේතුව එය උන්ගේ (එනම් බටහිරයන්ගේ) ක්‍රමවේදය වීමයි. ඔබට ක්‍රිකට් තරඟයකින් එංගලන්තය පරාජය කළ හැකි මුත් ක්‍රිකට් ක්‍රීඩාව පරාජය කළ නොහැක.

      සිංහලයා විසින් සිංහලය දිනා ගත යුතු අතර එය කළ හැකි එකම ක්‍රමය අසිංහලයන් මරා දැමීම පමණි. අසිංහලයන් බියෙන් ත්‍රස්ත කළ යුතුය, ලැජ්ජාවෙන් උමතු කළ යුතුය, බේරී යා නොදී ඝාතනය කළ යුතුය.

      සිංහලයා විසින් සිංහලය දිනා ගත යුතුය. එය කළ හැක්කේ තම තමන් සිංහලයින් වීමෙන් මිස දෙමළු මැරීමෙන් හෝ මුස්ලිම් කඩ ගිණි තැබීමෙන් හෝ නොවේ.

      අපි සිංහලද ?
      අපි 100% සිංහලද ?

      අපි 100% සිංහල නොවෙමු නම් තමන්ගේ ප්‍රශ්න වලට දෙනු ඇත්තේ අනුන්ගේ විසදුම්ය. ඒවා ප්‍රශ්න තව තවත් අවුල් කරනු මිස සැබෑ විසඳුමක් නොදේ.

      තමා තුල සිටින අසිංහලයා මරා දැමූ කළ පමණක් මේ ප්‍රශ්න වලට සිංහල පිළියම පෙනී යනු ඇත.

      Delete
    2. හ්ම්ම් හොඳයි,
      සිංහලායාට සිංහලායා දිනාගත හැකිද?
      සිංහලයා සිංහල නායකත්වයකට ගරු කිරීමට සූදානම්ද?
      තමන් සිංහල බවත් මේ සිංහලයින්ගේ රට බවත් පිළිගන්නා සිංහලයින් සංඛ්‍යාව කොපමණක්ද?

      මේ අසීරු ඉලක්ක ජය ගැනීම සඳහා සිංහලයන් සතු වැඩ පිළිවෙලක් ඇතිද?
      ඒවැඩ පිළිවෙල මෙහෙය වීමට නායකත්වයක් සිංහලයන් සතුද?

      පළමුව කල යුත්තේ සිංහල රාජ්‍යය පිහිටුවීමද නැතිනම් කොතැනින් හෝ පටන් ගැනීමද?
      ඒ පටන් ගැනීමේ සිට උපක්‍රමශීලී නොවන්නේ නම්? අවසන් ප්‍රථිපලය හුදෙක් මිරිඟුවක් පමනක්ම වනු ඇතැයි මම විශ්වාස කරමි.
      සිංහලායාට වැරදුනු සැමදා වැරදුනේ එලෙසිනි.

      Delete
    3. ඉහත සෑම ප්‍රශ්නයකටම අප සතුව පිළිතුරු වේ නම් අප අද මෙතැන බ්ලොගක් දමමින් සිටින්නේ නැත. එහෙත් කිසියම් දුරකට මේ ප්‍රශ්නය විග්‍රහ කර ගැනීමට දරන උත්සාහයක් බොහෝ දුරට ලියා අවසන් මීළඟ ලිපියේ ඇත. (එය කියැවීමේ බාධාවක් ඔබට නැත.)

      "සිංහලයින් සුළුතරය වීම" කියවන්න.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !