Saturday, August 8, 2020

මහමැතිවරණයේ ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ

ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ මැයින් මීට දෙදිනකට පෙර පළ කෙරුණු ලිපිය ලිවීම ඇරඹුණේ ඉන් දෙසතියකට පෙර ජුලි 24 වැනිදාය. ඒ දෙසතිය තුල බොහෝ වෙනස් කම් සිදු විය. ඒ ගැන නොසළකා ලිපිය පල කළෙමි.

එහි ගුණ දොස් විමසීමට මේ කාලයයි. එක් පාඨකයෙක් අප කෙරේ අනුකම්පාවෙන් එහි කොටසක් උපුටා දක්වා This part alone shows your analytical skill. Time to learn to see things objectively. යනුවෙන් සටහනක් ද යොදා තිබිණි. ඒ සහෘදයාට පිං.

යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ජයග්‍රහණය


මෙහිදී පැහැදිළි කළ යුතු දෙයක් තිබේ.

ප්‍රස්තුත ලිපියෙන් අප අනාවැකි කීමට උත්සාහයක් දැරුවේ නැත. ඒ නිසා ඉලක්කම් එහා මෙහා වීම සැළකිය යුතු ප්‍රශ්නයක් නොවේ. ඒ ලිපියන් සහ ඊට පෙර ලිපියෙන් අප උත්සාහ කළේ මහමැතිවරණයෙන් පසු පත් වන පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අපගේ අදහස ඉදිරිපත් කිරීමටයි. එය විශ්ලේෂණයක් යැයි ගැනීම හොබින්නේ නැත. සැකෙවින් කියතොත් ඒ ලිපි වල පැනවෙන සංඛ්‍යා අපගේ අනාවැකි වලට වඩා අපගේ පැතුම් ය. අප විසින් අනාවැකි කීම අත හැර දැමුවේ 2015 ජනාධිපතිවරණයේ දී ය.

වැඩි දුර නොයා මෙවර ඒ ඒ පක්‍ෂ ලබා ගත් ආසන ගණන වෙත යොමු වෙමු. මෙහි වරහන් තුල පළමුව දිස්ත්‍රික්ක වලින් සහ දෙවනුව ජාතික ලැයිස්තුවෙන් ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යා දැක්වේ.
  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 145 (128 + 17 )
  2. සමගි ජන බලවේගය 54 ( 47 + 7 )
  3. ඉලංකෙයි තමිල් අරසු කච්චි 10 ( 09 + 1 )
  4. ජාතික ජන බලවේගය 3 ( 02 + 1 )
  5. ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2 ( 02 + 0 )
  6. අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2 ( 01 + 1 )
  7. තමිල් මක්කල් විඩුඔලෛප් පුලිකාල් 1 ( 01 + 0 )
  8. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1 ( 01 + 0 )
  9. මුස්ලිම් ජාතික සන්ධානය 1 ( 01 + 0 )
  10. තමිල් මක්කල් තේසිය කුට්ටානි 1 ( 01 + 0 )
  11. අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය 1 ( 01 + 0 )
  12. ජාතික කොංග්‍රසය 1 ( 01 + 0 )
  13. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 ( 01 + 0 )
  14. එක්සත් ජාතික පක්ෂය 1 ( 00 + 1 )
  15. අපේ ජන බල පක්ෂය 1 ( 00 + 1 )
ඉහත විස්තරය අනුව පැහැදිළි වන්නේ පොදුජන පෙරමුණ බොහෝ දෙනා බලාපොරොත්තු වූ ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සාක්‍ෂාත් කරගෙන තිබෙන බවයි. එය අපේ පැතුම නොවීම වෙනම කාරණාවකි. ඉහත නිල් පැහැයෙන් සළකුණු කර ඇත්තේ පොදුජන පෙරමුණේ සංධානගත පක්‍ෂ සහ කණ්ඩායම් ය. ඔවුන්ට කිසි බාධාවකින් තොරව පැවති යහපාලන ජුන්ටාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් තනා ඇමති ධුර ගණන හිතුමතේ වැඩි කර ගැනීමේ ශක්‍යතාව තිබේ.


Thursday, August 6, 2020

ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ

2020 මහමැතිවරණය අවසන් ය. ඒ සමගම පුරා පස් වසරක් රට වෙලාගෙන තිබුණු අරාජිකත්වය දෙවියන්ගේ පිහිටෙන් පහව යනු ඇත. පවත්නා භාරකාර ආණ්ඩුව තව දින කිහිපයක් ඉදිරියට යනු ඇති අතර ලබන ඉරු දින නැතිනම් සඳු දින මහින්ද රාජපක්‍ෂ මහතා සිව් වැනි (සහ බොහෝ විට අවසන්) වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ඇත. එතුමෝ පළමු වරට 2004 මහා මැතිවරණයෙන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේත්, දෙවැනුව 2018 වසරේ ඔක්තෝබර විප්ලවයෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේත් අවසන් වරට 2019 ජනාධිපතිවරණයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේත් ඒ තනතුර දරා තිබේ. ඔහු මේ මැතිවරණයේ ප්‍රධානම ජයග්‍රාහකයා වෙයි.

එහෙත් අද කතාව පුද්ගලයින් ගැන කතාවකට වඩා පක්‍ෂ ගැන කතාවකි.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !