Thursday, May 10, 2018

නරියා සහ කැලෑව

ජුන්ටාධිපති වික්‍රමසිංහගේ සුවච කීකරු අනුර කුමාර දිසානායක තොත්ත බබා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව සැලයි. වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදන ඊට ඇතුල් කරන්නේනම් ඒකාබද්ධ විපක්‍ෂය යන නමින් පෙනී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම ඊට සහය දෙන බවට ප්‍රකාශයක් කළ බවත් තරමක් පරණ පුවතකි.
උම්මා !
මේ ගැන සිදු විය යුතු තරමේ කතිකාවතක් සමාජයේ ඇති වූයේ නැත. නමුත් අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර තිබේ. හෙට සිට ජනතාව කතා කරනු ඇත්තේ වැඩි කළ ඉන්ධන මිල සහ ඒ සමග ඉහල යන අනෙක් පාරිභෝගික භාණ්ඩ වල මිල ගැන මිස විධායක ජනාධිපති ධුරය ඇතුළු රටේ ව්‍යවස්ථා සංග්‍රහය ගැන නොවේ. මේ ලංකාවේ පහළ වූ අති භයානක ඒකාධිපතියා වන වික්‍රමසිංහගේ ස්වාමිවරුන් විසින් ඔහුට ලබා දුන් තවත් අවස්ථාවක් විය හැක.





අප පසුගිය ලිපියේ සඳහන් කළ දේ නැවත විමසා බලමු.
රනිල් වික්‍රමසිංහ 19 වන සංශෝධනය ගෙන ආවේ තමාට කිසි දිනෙක මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බව සහසුද්දෙන් පැහැදිළි වූ පසුවය. ඒ සංශෝධනය අනුව ජනාධිපති බලතල බොහෝ සෙයින් අඩු වෙයි. ඒ සංශෝධනය ගෙන එන විට ජනාධිපති ධුරය දරමින් සිටි සිරිසේනට පමණක් භුක්ති විඳිය හැකි බලතල එහි තිබේ. සිරිසේනගෙන් පසුව එන ජනාධිපති කෙනෙක් බොහෝ දුරට අගමැතිගේ අතකොළුවක් වීම නිශ්චිතය. 19 සංශෝධනය ගෙන එන විට සිටි ජනාධිපති ඒ ධුරය දරන බවටත්, අගමැති දිගටම එම ධුරය දරන බවටත් වගන්ති ඇතුළු කරන්නේ බහුතර සහයක් නැති පාර්ලිමේන්තුවක් තුල තම බලය තහවුරු කර ගැනීමටය.

ඊළඟ පාර්ලිමේන්තුව තුල ඊනියා ජාතික ආණ්ඩුවකට අවශ්‍ය නිර්ණායක සැපයීමත්, එම පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යන තෙක් විසුරුවාලීමට හැකියාවක් නැති කිරීමත්, ජනාධිපති ධුර කාලය වසර පහකට සීමා කිරීමත්, ඒ ජනාධිපතිවරණයට රාජපක්‍ෂ වරුන්ට ඉදිරිපත් වීමට නොහැකි සීමා එකතු කිරීමත් එකම සැළසුමක කොටස් වේ. මෙයින් බලාපොරොත්තු වූයේ ඊළඟ මහමැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වා ගැනීමත්, ඒ ජනාධිපතිවරණයෙන් තමාට පාලනය කර ගත හැකි තමාගේ පක්‍ෂයේ චක්ගෝලයෙක් (සමහර විට කීකරු ජයසූරිය) පත් කර ගැනීමත්, ඒ බලය සහිතව මහමැතිවරණයට ඉදිරිපත් වී දැනටත් වඩා බලවත් අගමැති තනතුරට පත් වී ජීවිත කාලය පුරාම එම ධුරය දැරීමේ හැකියාව ලබා ගැනීමත් ය.

මහින්ද දෙවරක් ජනාධිපති ධුරයට පත් වූ බැවින් නැවත පත් වීම සුදුසු නැතැයි ගිරිය පුප්පා බෙරිහන් රතු සහෝදරයින් සහ ඊනියා සිවල් සමාජ කාරයින් රනිල් දෙවරක් අගමැති වී තුන් වැනි වරට ජනවාරි 9 දින හොර අගමැති වී, ඊළඟට 19 වන සංශෝධනයෙන් කූට අගමැති වී, නැවත අගෝස්තු මස ඡන්දයෙන් පසුව පස් වන වරටත් අගමැති ධුරයට පත් වීම ගැන කෙළ බිඳක් නොසෙල්වීම පුදුම සහගතයැයි සිතෙන කෙනෙක් නැද්ද ?

මුළු ශ්‍රී ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් බවට පත් වන ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහට මේ සම්මජාතියේ ජයග්‍රහණය කළ නොහැක. මහමැතිවරණ ජයගෙන තමන් අගමැති තනතුරට පත් වූ අවස්ථා දෙකේදීම තමන් ජනාධිපති ධුරයට නුසුදුස්සෙකු බව ඔහු විසින්ම ඕනෑවටත් වඩා පෙන්වා ඇත. 70 වියැති මහල්ලෙකු වුවත් ඒ වයසට ගැළපෙන නිහතමානී කමක් නැති රනිල් තම ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පසුබිම සහ ඔහු ඉගෙන ගත් "රාජකීය" පාසැලේ ඌශ්ණය හේතුවෙන් සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් බෞද්ධ ජනතාව, දෙස බලන්නේ යාපනයේ වෙල්ලාල සගයන් කුලහීන දෙමළුන් දෙස බලන අයුරිණි. ඩඩ්ලි නිසා හෝ JR නිසා හෝ ප්‍රේමදාස නිසා හෝ නැතිනම් වෙනයම් පුද්ගලයෙක් නිසා හෝ පුරුද්දට අලියා ඉදිරියේ කතිරය ගසන විචාරයක් නැති මෝඩ-පහේ සිංහලයන් හැරුණු කොට ඔහුට ඡන්දය දෙන්නේ ඔහුගෙන් සහ ඔහු වටා භ්‍රමණය වන විවිධාකාර ග්‍රහයින්ගෙන් පෞද්ගලික වාසි ඇති අතලොස්සකි. මේ අතලොස්සක් ඡන්ද වලින් කොළොඹ දිස්ත්‍රික් මන්ත්‍රී (නැතිනම් කුරුඳුවත්ත මන්ත්‍රී) වීමට හැකි වුවත් ජනාධිපති වීමට හැකියාවක් ඇත්තේ නැත. ජනාධිපති තරඟයට ඉදිරිපත් වී ජයගත හැකි පෞරුෂත්වයක් සහිත පුද්ගලයින් පක්‍ෂය තුලින් පන්නා දැමීම රනිල්ගේ විනෝදාංශයයි.


ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ පැවති පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ට කවදාවත් ජනාධිපති තරඟයෙන් දිනිය නොහැකි බව පසක් කර ගත්තේය. දෙවන ජනාධිපතිවරණය එන විට ඔවුන් කළේ ඡන්දය දෙන උන්ට මරණය කියා ලොකු අකුරින් තාප්ප වල ලිවීමයි. එකල එය කොහොමටත් තහනම් සංවිධානයක් වූ අතර එහි සාමාජිකයින් ගෝනි බිල්ලන් විසින් බටලන්දට යොමු කෙරෙමින් තිබිණි. චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් වී ජයගත් තුන් වන ජනාධිපතිවරණය වන විටද අපේක්ෂයෙක් ඉදිරිපත් කර ගැනීමේ හැකියාවක් ඒ පක්‍ෂයට තිබුණේ නැත.

ඊළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් නන්දන ගුණතිලක ඉදිරිපත් විය. චන්ද්‍රිකාට සහය දක්වමින් ඔහු තරඟයෙන් ඉවත් විය. වෙනත් වචනයෙන් කිවහොත් පරාජය මැතිවරණයට කළින්ම පරාජය බාර ගත්තේය. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂට සහය දැක්වීය, ඊළඟට ෆොන්සේකා ගෙනාවේය, අවසන සිරිසේන පසුපස සැඟවී සිටියේය. ජනාධිපතිවරණයක් ජය ගැනීමේ අභිප්‍රායක් වික්‍රමසිංහට නැත්තේ යම් සේද, අනුර කුමාර දිසානායකට එවැනි අභිප්‍රායක් තුන් හිතකවත් නැත්තේමය.


ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් උඩ පැන්නේය. වික්‍රමසිංහත් දෙවරක් දෙවරක් උඩ පැන්නේය. පස්ස බිම ඇනෙනු මිස කඩා ගත් මිදි ගෙඩියක් නැත. මුන් දෙන්නාට මිදි කෑමට පින නැති මුත් අනෙක් උන් මිදි නොකා සිටියේ නැත. මිදි පහස වරක් වින්දොත් තව වරක් ඒ පහස නොවිඳ සිටින්නට සිත් දෙන්නේද නැත. සැකනම් ජනාධිපති සිරිසේනගෙන් අසන්න. ඔහුටත් තව කරන්න වැඩ තිබේලු !

මිදි කඩා ගැනීමේ හැකියාවක් නැති වික්‍රමසිංහත් අනුර කුමාර දිසානායකත් දැන් එකතු වී 20 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් මේ කරන්නට යන්නේ මිදි වැල ගිණි ලෑම මිස වෙනකක් නොවේ.
මීට ඉඩ දිය යුතුද?


20 වන සංශෝධනය යනු නලාවය. අනුර කුමාර දිසානායක ... ?



2 comments:

  1. අද වන විට ජනතාව තමන්ට පමණක් නොව තම මවුපියන්ටද නොසරුප් වචනින්න බැණ වදින බව මහාචාර්ය සරත් වීජේසූරිය මහතා පවසයි.

    ‘තෝ යකෝ ඇයි බැදුම්කරේ ගැන කතා කලේ නැත්තේ’ තියා සමාජ ජාලාවල තමන් දරුණු ප‍්‍රහාරයකට ලක්ව සිටින බවද ඔහු සදහන් කරයි.

    අද වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට එජාප නායකත්වයට අනුප‍්‍රාප්තිකයෙකු නම් කරගත නොහැකි වී සිටින්නේ යයිද ඔහු කියා සිටි.

    උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. LINK-(https://youtu.be/gVmvcQ1mHTk)

    ReplyDelete
  2. මේ හලෝ,
    තමුසේ කතා කතු නෙමේ, කුම්භකර්ණ කියල නම දා ගන්නවා !

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !