Friday, November 30, 2018

ව්‍යවස්ථා අර්බුදය සහ රටේ වාසනාව

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය අතේ පත්තු වීම රටේ වාසනාවකි



ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතැයි බටහිර ජනමාධ්‍යයේ මතයයි. බටහිර රටවල වෙසෙන, සිංහල බ්ලොග් ලියන, "හිටපු" සිංහලයන් පවා මේ අදහසේ දැඩිව එල්බගෙන සිටී. ලංකාවේද බොහෝ දෙනෙක් ඒ අදහසම දරත්. මේ අයගෙන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ පසුගිය ඔක්තෝබර 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව තම මතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකුගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම ඉහත කී අර්බුදයට හේතුව බවයි.

ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇත්ත වශයෙන්ම පවතී. එහෙත් ඊට හේතුව අර පණ්ඩිතයන් කියන'යුරු වික්‍රමසිංහ වෙනුවට රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් තීරණය කිරීම නොවේ - ඒ අර්බුදය ඇති වන්නේ පසුගිය ඔක්තෝබර 26 වැනිදා ද නොවේ.

ලංකාවේ පවතින අර්බුදයට එකම හේතුව රනිල් වික්‍රමසිංහ විසින් ස්වකීය බලලෝභී තුච්ඡ අරමුණ ඉටු කර ගැනීම පිණිස තම ඇම්බැට්ටයන් ලවා තකහනියේ ලියවා එවකට පැවති පාර්ලිමේන්තුව නොමග යවා සම්මත කර ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එකී තුප්පහි සංශෝධනයට එරෙහිව එදා සිට හඬ නැංවූ සහ ජනමත විචාරණයක් මගින් එය අහෝසි කළ යුතු යැයි යෝජනා කළ එකම පුද්ගලයා වශයෙන් අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන කාලකන්නි සතුටක් අපට තිබේ.






Friday, November 16, 2018

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

සුන්දර නිහතමානි ද මැල් සුන්දර මිනිසෙකි.
කිසිවෙකුට අපහාසයක් නොකොට කිව යුතු දේ කෙළින්ම කීමේ ප්‍රයෝගය ඔහු දනී. මේ හැකියාව ඇති පුද්ගලයන් අතලොස්ස අතරින් තමාගේ ස්‌වාධීන මතය හංගාගෙන මේ කියවන්නේ කියවන පාඨකයාගේ මතය බව ඔහුට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති පුද්ගලයින් අතිශය දුර්ලභය. රටේ සිදු වන්නේ හෝ සිදු නොවන්නේ හෝ කුමක් වුව උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා අප මුවගට මදහසක් ගෙන දීම සැමට කළ හැකි කර්තව්‍යයක් නොවේ.

එසේම සමාජය පිළිබඳ ඔහුගේ 'ඉව' තියුණුය. බුද්ධිමතුන් ලෙස සමාජයේ වැජඹෙන, නිසරු වදන් බෙනෙමින් ජනමාධ්‍යයේ අරක්-ගෙන අපට දේශනා දෙන ගොම්-බිජ්ජන් ගේ බොල් හඬවල් මෙන් නොව මානි ගේ ඉදිරිපත් කිරීම් සෘෂි භාෂිතයක් මෙන් ඉදිරි දැක්මකින් යුක්තය. මානිගේ තීරුවේ අද පළ වන ලිපියක් අදට වඩා වැදගත් වන්නේත් වටිනාකම වැඩි වන්නේත් තව වසරකින් හෝ කිහිපයකිනි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර මස මානිගේ තීරුවකි. උපුටා ගැනීම facebook පිටුවෙනි. බැඳිය පහළින්.




Wednesday, November 14, 2018

කීකරු ජඩසූරිය හෙවත් පිස්සු මහල්ලාගේ කථා වස්තුව

ලංකාවේ පට්ටම මෝඩ මොට්ට තකතීරු ඡන්දදායකයින් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ යැයි සාමාන්‍ය පිළිගැනීමක් තිබේ. කොළොඹින් අන්තිමයා වූ මර්වින් සිල්වා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ ජනතාවයි. අඹේවෙල ගොවිපොළේ පට්ටි ගොනෙකුට තරම් පන්චස්ඛන්දයක් ඇති එතරම්ම බුද්ධියක් ඇතැයි හැසිරීම බැලූ කළ පෙනෙන අඹකුමාරගේ රංජන් පමණක් නොව යන්තම් ටෙලියක් දෙකක් රඟ පෑ උපේක්‍ෂා ස්වර්ණමාලි පවා පාර්ලිමේන්තු යවන්නේ ගම්පහ බුද්ධිමත් ජනතාවයි.

ඇත්ත වශයෙන්ම නම් ගම්පහ ජනතාව උපේක්‍ෂා පාර්ලිමේන්තු යැව්වේ නැත. ඔවුන් පාර්ලිමේන්තු යැවුවේ "පබා"ය. ගම්පහ ජනතාව දේශපාලනයේ "අ"යන්න වත් නොදන්නා මේ කාන්තාව පාර්ලිමේන්තු යැවුවේ එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු ද වූ කරු ජයසූරිය මහතා ලැයිස්තුවේ පහළට ඇද දමමිනි. රටේම මහජනතාව එදා ගම්පහ ඡන්දදායකයන්ට දෙකොණින් ම සිනාසුණත් ඔවුන් දුන් තීන්දුව නිවැරදි බව අද ජයසූරිය විසින්ම ඔප්පු කර තිබේ.

වික්‍රමසිංහගේ ඊනියා විශ්වාසභංගය


ඉහත දැක්වෙන්නේ අද රැස්වූ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තේයැයි පාර්ලිමේන්තුවේ කථානායක විසින් නිවේදනය කෙරුණු යෝජනාවයි. එය ගලවා ගන්නේ ප්‍රසිද්ධ ඕපාදුප අඩවියක් වන lankacnews වෙතිනි. සියළු අත්සන් අඩංගු පත්‍රිකා මුලාශ්‍රයෙන් බලා ගත හැක.

කෘතහස්ත දේශපාලනඥ කරු ජයසූරිය පළමුව කීකරු ජයසූරිය බවට පත් විය. නැතිනම් ලංකා දේශපාලනයේ මෙතෙක් පහළ වූ තුච්ඡම ඒකාධිපතියා වන රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව කීකරු කර ගන්නා ලදී. අද සිද්ධියත් සමග ජයසූරිය නම නැවත විපරිණාමයට ලක් වී ජඩසූරිය බවට පත් වී තිබේ. කරු ජයසූරිය දැන් දිවංගත ය. අද සිට සිටින්නේ වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය කෙනෙකි.





Tuesday, November 13, 2018

අධිකරණ තීන්දුවට හිස නමනු !

අද දින වන විට අප විසින් ලියෙමින් තිබූ ලිපියේ මාතෘකාව "වික්‍රමසිංහගේ ගම්පෙරළිය කලියුගය හා යුගාන්තය" විය. ඒ ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දිනට පෙර ලිවීම ආරම්භ කළ එකකි. ඒ තිබියේවා, මේ වෙන එකකි.


සිරිසේන තබා J.R. ජයවර්ධන ආවත් තක්කඩි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් ඇතැයි අප සිතුවේ නැත.

සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පමණක් නොව ඔහු බලයට ගෙනා හංස සංධානය ඊට එරෙහිව අධිකරණය හමුවට ගියේය - ගියා පමණක් නොව ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ද ලබා ගත්තේය.

බැලූ බැල්මට සිරිසේන ලැබූ අන්ත පරාජයකි. සිරිසේනටත් වඩා මහින්ද රාජපක්‍ෂ විසින් ලැබූ පරාජයකි.


ශ්‍රී ලංකාවේ නිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එනම් සිංහල පිටපත, සම්පූර්ණයෙන් කියවා තිබුණත් අපට මග හැරුණු ඉතා වැදගත් කරුණක් නීතිපති වරයා විසින් එහිදී ගෙනහැර දක්වන්නට යෙදුණු බව පසුව දැන ගන්නට ලැබිණි.

ඒ පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති අවස්ථාවක තුනෙන් දෙකේ ඡන්දයකින් ගෙනෙන යෝජනා ස්ථිරත්වයක් අභව්‍ය බැවින් ඒ අවශ්‍යතාව සම්පූර්ණ නොකරම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හළ හැකි බවයි.

ඒ ගැන පැහැදිළි විස්තරයක් පහත සළරූ සටහනේ මුල් භාගයේ අඩංගුය.



ඒ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනේ යැයි අපට ස්ථිරවම කිව නොහැක. මේ ගැන වැඩිදුර විභාගය නුදුරු දින වල පවත්වා දෙසැම්බර මුල් සතියේ අවසන් තීන්දුව දීමට නියමිතය.





Thursday, November 1, 2018

ලීච්ඡවීසිංහ ට සිදු වූ දේ...

ලීච්ඡවී පාලනයක් පවත්වාගෙන ගිය වික්‍රමසිංහ ධුරයෙන් පහ කර අදට දින කිහිපයකි. "මා තවමත් අගමැති ය, මා මේ මැදුරෙන් යන්නේ නැත"යි පිස්සුවෙන් දොඩවමින් ඔහු තවමත් අරලිය ගහ මන්දිරයේ හොල්මනක් සේ ඇවිදියි. ඔහු ආං බාං කර ගැනීමට මෛත්‍රී මහත්මියටවත් හැකියාවක් නැත.

එසේ තිබියදී ව්‍යවස්ථාව අනුවම රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ හැකි බව නැවත නැවත පෙන්වා දෙමින් ඒ සම්බන්ධව රට දැනුවත් කිරීමට අඛණ්ඩවම කටයුතු කළ විද්වතෙක් හා සංවාදයකට යොමු වෙමු.



අප පරිශීලනය කරන blog අඩවි අතරින් ව්‍යවස්ථාව පරිශීලනය කරමින් ජනාධිපති තීරණය වැරදි බව ප්‍රකාශ කළේ ඉකොනොමැට්ටා තුමාය. ඔහුගේ ලිපිය මෙතැනින් කියැවිය හැක.





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !