Wednesday, April 4, 2018

ජනමත විචාරණයක් ඕනෑ කර තිබේ

ජනාධිපති සිරිසේන වසර තුනක් සපිරුණු තම ධුර කාලය තුල කළ සුවහසක් අමන වැඩ අතර අගය කළ යුතු කර්තව්‍යයන් දෙකක් කර තිබේ.
  • එකක් බැඳුම්කර මගඩිය ගැන සෙවීම පිණිස ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමයි.
  • දෙවැන්න තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගැනීමයි.
දැන් මේ එළඹ ඇත්තේ තුන් වැන්න කිරීමට සුදුසු කාලයයි. ඒ පමා නොකොට ජනමත විචාරණයක් කැඳවීමයි.






සිරිසේන ජනාධිපති ධුරයට පත් වන විට රනිල් වික්‍රමසිංහගෙන් තොරව ඔහුට පැවැත්මක් ඇතැයි අප සිතුවේ නැත. තමන්ගේ ජීවිතය පවා බලවත් අවදානමකට ලක් කරමින් පත් වූවා යැයි තමන් විසින්ම ප්‍රකාශ කළ තමන්ගේ ජනාධිපති ධුරයේ බලතල අඩු කර ඒ බලතල වික්‍රමසිංහ වෙතට පවරා ගැනීම පිණිස ගෙනා 19 වන සංශෝධනයට සහය දැක්වීමට සිදු වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ බෙලහීන භාවයයි. අනෙක් අතින් සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඩැහැ ගැනීම මගින් සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව සිටි නිදහස් සංධානය විසින් අගමැති ධුරයට පත් වූ පසුවදාම වික්‍රමසිංහට විරුද්ධව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංගය ගබ්සා කිරීමයි.

බැඳුම්කර මගඩිය ගැන සොයා බැලූ පළමු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදීත් අනුයාතව මහමැතිවරණයේ අවසන් දිනයේදී ජනාධිපති සිරිසේනගේ භූමිකාව තීරණාත්මක විය. ඒ මැතිවරණයෙන් බහුතර බලයක් නොලැබූ වික්‍රමසිංහට ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීධුර සංඛ්‍යාව ජනාධිපති සිරිසේන විසින් ලබා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් ඡන්දය දුන් ජනතා අභිලාෂයන්ට පිටිණි.

එහි තීරණාත්මක ප්‍රතිඵලය වන්නේ මන්ත්‍රීධුර 100 පමණ හිමි එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවට මන්ත්‍රීධුර 16 ක් පමණක් හිමි සීමිත ප්‍රාදේශීය සහ ජනවාර්ගික නියෝජනයක් ඇති දෙමළ රාජ්‍ය පක්‍ෂය අතට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පත් වීමයි.

පසුව එම පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් රාජ්‍ය විරෝධී ජනතා විරෝධී අණ පනත්, ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් කූටෝපක්‍රම මගින් ඡන්ද කල් දැමීම් ආදී ක්‍රියා මාර්ග සමග සිරිසේනගේ වගකීම වෙන් කළ නොහැක.

එහෙත් ජනාධිපති ධුරයට පත් වී වසරක් හමාරක් යන විට සිරිසේන තුල එතෙක් නිද්‍රාගතව සිටි සත්වයා අවදි විය. ලක්‍ෂ 62 ක ජනවරමක් සහිතව බලතල ඇති ජනාධිපති තනතුරේ සිටිමින් එවැනි ජනවරමක් නැති අගමැතිට යටත් වී සිටීම ඇති වන දිනයක් පැමිණිය යුතුව තිබිණි. අනෙක් අතින් පල්ලියේ සම්ප්‍රදාය අනුගමනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල නායකයාගේ සිට පහළට මතවාද ගලා ගියත් බෞද්ධ සම්ප්‍රදායේ බලපෑම සහිත නිදහස් පක්‍ෂයේ පහළ මට්ටමේ පීඩනයට නායකයා අවනත වන ක්‍රමයක් තිබිණි. මේ පීඩනය හේතු කරගෙන එතෙක් පාළු ගෙයි වලං බිඳිමින් සිටි වික්‍රමසිංහට ප්‍රතිවාදියෙක් ලැබිණි. බැඳුම්කර කොමිසම එහි තර්කානුකූල ප්‍රතිඵලයයි.



බැඳුම්කර කොමිසම නොවීනම් මහ බැංකුව තුල ඒ ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් කෙරෙන දූෂණ සහ ඒවායේ පරිමාණය ගැන සාමාන්‍ය පොදු ජනයා දැන ගන්නේ නැත. රහස් තොරතුරු පිටතට කාන්දු කිරීම්, අල්ලස් ගැනීම්, බලය අයුතු ලෙස භාවිතා කිරීම්, පහළ නිලධාරීන්ට බලපෑම් කිරීම්, පටිපාටි හා රීති නොසළකා හැරීම්, සහ ඒවාට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව අතිශය රහස් තොරතුරු පවා ජනමාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබිණි. ජනාධිපති සිරිසේන පළමු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමේ පාපය සමා කර ගන්නේ මේ බැඳුම්කර කොමිසම පත් කිරීම මගිණි.

අගමැති යටතේ සිටි නීතිපති විසින් කොමිසන් වාර්තාවේ සැර අඩු කිරීමට කටයුතු කළත් අගමැති වෙත නැඹුරු වූ චෝදනාත්මක අත් වෙනතකට යොමු කිරීමට නීතිපතිට හැකියාවක් නොවීය.



පළාත් පාලන මැතිවරණය පෙනි පෙනී තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති සිරිසේන ක්‍රියා කළේය. මෙය එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව එතෙක් සිරිසේන සමග සංහිඳියාවක සිටි බටහිර තානාපති අංශ පවා බලවත් තැති ගැන්මකට ලක් කළේය. වික්‍රමසිංහ යටතේ ඕන ගොනෙකුට ඇමති කමක් කරන්නට හැකියැයි ඔප්පු කළ ගොන් ඇමැතිවරයෙකු සහ තවත් පිරිස් ඒ කාලයේ කුලප්පු වී කළ ප්‍රකාශ අනුව මේ තැති ගැන්ම මැන ගත හැක.

රනිල් වික්‍රමසිංහ 19 වන සංශෝධනය ගෙන ආවේ තමාට කිසි දිනෙක මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බව සහසුද්දෙන් පැහැදිළි වූ පසුවය. ඒ සංශෝධනය අනුව ජනාධිපති බලතල බොහෝ සෙයින් අඩු වෙයි. ඒ සංශෝධනය ගෙන එන විට ජනාධිපති ධුරය දරමින් සිටි සිරිසේනට පමණක් භුක්ති විඳිය හැකි බලතල එහි තිබේ. සිරිසේනගෙන් පසුව එන ජනාධිපති කෙනෙක් බොහෝ දුරට අගමැතිගේ අතකොළුවක් වීම නිශ්චිතය. 19 සංශෝධනය ගෙන එන විට සිටි ජනාධිපති ඒ ධුරය දරන බවටත්, අගමැති දිගටම එම ධුරය දරන බවටත් වගන්ති ඇතුළු කරන්නේ බහුතර සහයක් නැති පාර්ලිමේන්තුවක් තුල තම බලය තහවුරු කර ගැනීමටය.

ඊළඟ පාර්ලිමේන්තුව තුල ඊනියා ජාතික ආණ්ඩුවකට අවශ්‍ය නිර්ණායක සැපයීමත්, එම පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යන තෙක් විසුරුවාලීමට හැකියාවක් නැති කිරීමත්, ජනාධිපති ධුර කාලය වසර පහකට සීමා කිරීමත්, ඒ ජනාධිපතිවරණයට රාජපක්‍ෂ වරුන්ට ඉදිරිපත් වීමට නොහැකි සීමා එකතු කිරීමත් එකම සැළසුමක කොටස් වේ. මෙයින් බලාපොරොත්තු වූයේ ඊළඟ මහමැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වා ගැනීමත්, ඒ ජනාධිපතිවරණයෙන් තමාට පාලනය කර ගත හැකි තමාගේ පක්‍ෂයේ චක්ගෝලයෙක් (සමහර විට කීකරු ජයසූරිය) පත් කර ගැනීමත්, ඒ බලය සහිතව මහමැතිවරණයට ඉදිරිපත් වී දැනටත් වඩා බලවත් අගමැති තනතුරට පත් වී ජීවිත කාලය පුරාම එම ධුරය දැරීමේ හැකියාව ලබා ගැනීමත් ය.

මහින්ද දෙවරක් ජනාධිපති ධුරයට පත් වූ බැවින් නැවත පත් වීම සුදුසු නැතැයි ගිරිය පුප්පා බෙරිහන් රතු සහෝදරයින් සහ ඊනියා සිවල් සමාජ කාරයින් රනිල් දෙවරක් අගමැති වී තුන් වැනි වරට ජනවාරි 9 දින හොර අගමැති වී, ඊළඟට 19 වන සංශෝධනයෙන් කූට අගමැති වී, නැවත අගෝස්තු මස ඡන්දයෙන් පසුව පස් වන වරටත් අගමැති ධුරයට පත් වීම ගැන කෙළ බිඳක් නොසෙල්වීම පුදුම සහගතයැයි සිතෙන කෙනෙක් නැද්ද ?



ඒ කටයුතු එසේ සිදු වේ නම් ජනාධිපති සිරිසේනගේ නම ලියැවෙන්නේ ඉතිහාසයේ කුණු බක්කියේය. මෙය නොතේරීමට තරම් සිරිසේන මෝඩයෙක් නොවේ. පසුගිය වසර එකහමාර තුල සිදු වෙමින් පැවති පරිවර්තනය අප තේරුම් ගත යුත්තේ සිරිසේන තුල අභ්‍යන්තරයෙන්ම සිදු වූ පරිවර්තනයක් ලෙසටයි. පළමුව එය පක්‍ෂයේ පහළ මට්ටමෙන් පැමිණි පීඩනයකි; දෙවනුව එය තමා තුලින්ම පැන නැගුණු අනාගත සුරක්‍ෂිත භාවය සහ අනාගත අභිලාශ සමග බැඳුණු පරිවර්තනයකි.

බැඳුම්කර කොමිසම පත් කිරීම මගින් ඔහු සංඥා කළේ තවදුරටත් වික්‍රමසිංහගේ වැසිකිළි සුද්ධ කිරීම තම අභිප්‍රාය නොවන බවයි. ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමසුම තුලින් ඔහු උත්සාහ කළේ වික්‍රමසිංහගේ ග්‍රහණයෙන් ගැළවීමට හැකියාවක් ඇත්දැයි බැලීමටයි. යම් හෙයකින් ධුර කාලය වසර 6 බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ නම් වික්‍රමසිංහට ඊළඟ මහමැතිවරණයේදී සිරිසේනගේ සහය අත්‍යාවශ්‍ය වනු ඇත. එසේ වීනම් ඔහු දේශපාලන කුණු කූඩයට වැටෙන්නේ නැත.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සෘජුව පහර දීමට ජනාධිපති සිරිසේන පොළඹවාලන්නේ ඉහත කී කාරණයයි. ශ්‍රී ලං නි පක්‍ෂයේ සහ සංධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මගින් තමාට යම් ඡන්ද සංඛ්‍යාවක් මේ රටේ ඇති බව පෙන්වා තම කේවල් කිරීමේ අගය ඉහළ නංවා ගැනීමට සිරිසේන සමත් විය.

එහෙත් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවට මහින්ද රාජපක්‍ෂගේ සහය ලබන GL පීරිස්ගේ බැසිල් රාජපක්‍ෂගේ පක්‍ෂය පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක ජයක් ලබා ගැනීමත් සමගම රටේ බල තුලනයේ වෙනසක් විය. ඡන්දයට පෙරම විමල් විරවංශගේ පක්‍ෂයේ සහ දිනේෂ් ගුණවර්ධනගේ පක්‍ෂයේ කිහිප දෙනෙක් නිදහස් පක්‍ෂයට එක් වූ අතර ඔවුන් රනිල් විරෝධී ස්ථාවරය ඉදිරියට ගෙන ගියහ.



අද විවාදයට ගැනෙන අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉහත සියල්ලේ සහ විස්තර නොකළ බොහෝ දේ වල සංකලනයකි. එය ජය ගනී යැයි අපට විශ්වාසයක් නැත. මේ කඩඉම පැන ගත්තත් එමගින් රටේ අගමැති වශයෙන් රනිල්ට ධුරය දැරීමේ සදාචාරාත්මක හැකියාව අඩු කෙරේ.

ඉදිරියට නිදහස් පක්‍ෂයේ සහය නොලැබේනම් අහිතකර අණ පනත් ගෙනැවිත් ඒවා සම්මත කර ගැනීමට දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සහයද අත්‍යාවශ්‍ය වනු ඇත. ආණ්ඩුවේ පනත් වලට සහය දෙමින් ආණ්ඩුව රකින ගමන් විපක්‍ෂනායක ධුරයත් දැරීමේ හැකියාවක් ඒ පක්‍ෂයට නැති අතරම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුළුමනින්ම විපක්‍ෂයට පැමිණියොත් ආසන අනූවකට වඩා ඇති ඒ පක්‍ෂයේ කෙනෙක් විපක්‍ෂනායක ලෙස පත් කිරීමට කතානායකට සිදු වනු ඇත. එය දෙමළ ජනයාට සිදු වූ ඊනියා අසාධාරණයකැයි කීමට අඹර දමිළ තෙරපාණන් සමග පුරවැසි බලයන් ඉදිරිපත් වනු ඇතත් අපට ඒ ගැන කීමට දෙයක් නැත. විපක්‍ෂනායක කම ජනවර්ගය අනුව තීරණය වන්නක් නොවන බැවිණි.



ජුන්ටාධිපති වික්‍රමසිංහ වෙත අවසන් ප්‍රහාරය එල්ල කිරීමට ජනාධිපති සිරිසේන සතුව බලවත් ආයුධයක් තවමත් තිබේ.

ඒ ජනමත විචාරණයයි. අපේ රටට ජනමත විචාරණ ගැන ඇති අත්දැකීම් සුමිහිරි ඒවා නොවුණත් ආණ්ඩුව කැඩී බිඳී විසිරී තුනෙන් දෙකේ බලය ගිලිහී ඇති මේ අවස්ථාවේ වික්‍රමසිංහට නැවත බලය තහවුරු කර ගැනීමට නොදී සිරිසේන විසින් කළ යුතු හදිසි කර්තව්‍යය වන්නේ වහා ජනමත විචාරණයක් කැඳවීමයි.

ඒ ජනමත විචාරණය මහජන නියෝජිතයන් රවටා සහ බලහත්කාරකමෙන් තමාගේද අනුග්‍රහය සහිතව සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධව විය යුතුයි.

19 වන සංශෝධනය අහෝසි කිරීමෙන් සිරිසේනට නැවත ජනාධිපති බලතල ලැබී වික්‍රමසිංහ ජුන්ටාධිපති තත්වයෙන් විසි වන අතරම,
  • සිරිසේන බලාපොරොත්තු වූ වසර 6 ක ධුර කාලයද නැවත ලැබේ.
  • ජනාධිපති ධුරය දරමින් පක්‍ෂය මහමැතිවරණයට ඉදිරිපත් කරවිය හැකි අතර රාජපක්‍ෂලා සමග සංධානයකට යෑමෙන් එය ජයග්‍රහණය කිරීමේ හැකියාවද පවතී.
  • ඊළඟ ජනාධිපතිවරණය සඳහා තමාට සහය දෙන්නැයි රාජපක්‍ෂලා ඉදිරියේ කේවල් කිරීමේ හැකියාව ලැබේ - මහින්ද රාජපක්‍ෂ ඊට එකඟ නූනොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමග අගමැති තනතුර ඉල්ලා සිටිය හැක.
  • සියල්ලටම වඩා ජනාධිපතිනි කුමාරතුංග සිටින ඉතිහාසයේ කුණු කූඩයට ජනාධිපති සිරිසේන නොවැටෙනු ඇත. ඒ සිරිසේන මේ ජම්මයේ ලබන ඉහළම ජයග්‍රහණයයි.
19 වැනි සංශෝධනය නමැති මහා කොඩිවිනය කපා දැමූ පසු අනෙක් කොඩිවින එකින් එක කපා දැමීම අපහසු කාර්‍යයක් නොවේ.



6 comments:

  1. Anyway nice thoughts. But can't believe that the president has enough courage to do this. He is afraid of risks as I see.

    ReplyDelete
    Replies
    1. He has taken bigger risks in his life anyone dared not. I think the political risk in going for the proposed referendum is negligible.

      He is in an advantageous position in here unlike in the arena of the parliament. Of course, he need Rajapaksha's support, and yes, he need an ample amount of courage to seek it.

      But see, Rajapakshas by now should fully understood the sinister agenda behind the 19th Amendment and naturally should support abolishing any attempt abolishing it.

      Thanks for the encouraging comment.

      Delete
  2. interesting ...

    I don't think its constitutionally impossible. But, does Sirisena have enough guts to go for it after yesterday's defeat. I think Sirisena as the biggest loser last night.

    ReplyDelete
    Replies
    1. Thanks, I will come to your post later my dear.

      But, interestingly, "Sa rasa" is back with his "Malle Pol" blog after a long pause. This time in English. And all my comments are English.

      Coincident ? perhaps !

      Delete
  3. Great post. But you have to publish this in mainstream newspaper to convey this wonderful thoughts to the so calked Muppet president. Anyway you might print this and send him via post for his attention.

    ReplyDelete
    Replies
    1. Well, thanks for the comment.

      But I should sincerely accept the fact that writing this post I do not expect Prez Sirisena to read it, or follow it. I doubt any supporter of him would propose it.

      If I expect him to read my article, I would have used different language - a different tone. A tone which praises him. No that's not me.

      I firmly believe Wickramasinghe must be stopped, and the only person in the political arena who can do it is President Sirisena.

      I want the people in lower ranks press him to go for the referendum. In that regards, one can post this article to the MPs of his party and "Pohottuwa" party members.

      Or people like you can simply convey the message. No need to cite where you have originally grabbed the idea.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !