Monday, April 2, 2018

විශ්වාසභංගයෙන් පසු --- අලුත් කළා...

සටහන :
අවසන් වූ විශ්වාසභංගය ගැන කීමට අවශ්‍ය දේ නිල් පැහැයෙන් සටහන් කර ඇත.

විශ්වාසභංගයෙන් පසු කුමක් වේද යන්න කතා කිරීමට කල් වැඩි නැත. එහෙත් ඒ ගැන කතා කිරීම පසෙක තබා විශ්වාසභංගයේදී කුමක් සිදු වීමට ඉඩ ඇත්දැයි බලමු. පහත දැක්වෙන්නේ සිදු වීමට ඉඩ ඇතැයි අපට සිතෙන දේ ය.





විශ්වාසභංගයේ දී ...

රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුණ සමග එක් වූ රනිල් වික්‍රමසිංහගේ සහය ලබන දෙමළ රාජ්‍ය පක්‍ෂය විසින් අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව බලාපොරොත්තු වූ අයුරින්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන ලදී.

අනුග්‍රහය: සකරබරග් සහ සමාගම
  • දුම් ගසාවත් එළවා ගත නොහැකි බහිරවයෙක් මෙන් අවුරුදු 25ක් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය බදාගෙන සිටින පක්‍ෂ ඒකාධිපති වික්‍රමසිංහට, විශ්වාසභංගයට එරෙහිව එම පක්‍ෂ මන්ත්‍රීවරු සියළු දෙනාගේම පක්‍ෂපාතිත්වය ලබා ගත හැකිද ?
  • රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති ව්‍යවස්ථාව යටතේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ඔහුට විරුද්ධව ඡන්දය දී මන්ත්‍රී ධුරය රැක ගැනීමේ හැකියාවක් නැත. රටේ අනාගතය ගැන සිතන කෙනෙකුට එක්සත් ජාතික පක්‍ෂය තුල අනාගතයක් නැති බව පසක් කරමින් ඒ පක්‍ෂයේ සියළු දෙනාගේ ඡන්දය විශ්වාසභංගයට විරුද්ධව ප්‍රකාශ විණ.
  • පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර අසූ ගණනක් පමණක් සහිත එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට එක්සත් ජාතික පෙරමුණේ අනෙක් පක්‍ෂ වල සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරුන් විසි ගණනකගේ සහය ලබා ගැනීමට දේශපාලන වත්කමක් තිබේද ?
  • එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් විශ්වාසභංගයට පක්‍ෂ නොවන පසුබිමක තමන්ට අවනත නායකයෙක් වන රනිල් වික්‍රමසිංහට විරුද්ධ වීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධුර දරන වෙනත් පක්‍ෂ වලට අයත් වාර්ගික මන්ත්‍රීවරුන්ට අවශ්‍යතාවයක් නැත. රනිල් නායකත්වයෙන් ඉවත් කිරීම අවශ්‍ය වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ සිංහල මන්ත්‍රීවරුන්ට මිස වෙනත් වාර්ගිකයින්ට නොවේ. මෙහිදී පිහිටට ආ රනිල්ගේ දේශපාලන වත්කම නම් ඔහු ජිවිත කාලයක් පුරා අඛණ්ඩව උපයා ගත් සිංහල විරෝධී ප්‍රතිපත්තියයි.
  • දෙමළ ජාතික සංධානය ලෙස පෙනී සිටින දෙමළ රාජ්‍ය පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහය ලබන ජුන්ටාධිපති වික්‍රමසිංහ විසින් තමාට එරෙහි විශ්වාසභංගය පරාජය කළහොත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පෙනී සිටින සම්පන්තන්ගේ විපක්‍ෂනායක ධුරය වලංගුද ?
  • ඉහත කොට්ඨාශ දෙකට දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ඡන්ද එකතු වූ පසු විශ්වාසභංගය ගැන කතා කර පලක් නැත. බලාපොරොත්තු වූ අයුරින්ම දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ඡන්ද වික්‍රමසිංහට පක්‍ෂව ලැබිණි. වර්තමාන තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය (මෛත්‍රී පිළ) ආණ්ඩුවෙන් ඉවත් නොවේ නම් සම්පන්තන්ගේ විපක්‍ෂ නායක ධුරයට තර්ජනයක් නැත.
  • විශ්වාසභංගය පරාජය කිරීමට දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සහයත් ප්‍රමාණවත් නොවන බව පෙනී ගියහොත් රාජපක්‍ෂලාට බුරාගෙන පැනීමේ පුහුණුව සහිතව ජුන්ටාධිපති වික්‍රමසිංහගේ කීකරු සුනඛ තනතුර දරමින් සිටින අනුර කුමාර දිසානායක තම මන්ත්‍රී කණ්ඩායමට කවර උපදෙසක් දෙයිද ?
  • එක්සත් ජාතික පෙරමුණ හා දෙමළ රාජ්‍ය පක්‍ෂය එකතු වූ පසු විශේෂ බහුතරය අවශ්‍ය නොවන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද හය කෙළ පිඩක වටිනාකමක් නැත. යම් හෙයකින් දෙමළ රාජ්‍ය පක්‍ෂය විශ්වාසභංගයට පක්‍ෂ වීනම් අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන ජනතා විමුක්ති පෙරමුණ කවර තීරණයක් ගන්නට ඉඩ තිබිණිද ?
  • විශ්වාසභංගය දිනන බව පෙනී ගියහොත් "මම කෑ ගහනකොට ඕගොල්ලොත් කෑ ගහන්න..." කියන ජුන්ටාධිපති වික්‍රමසිංහ, කටිං වෙඩි තියන වෙල් විදානේ, ඕන යුද්දයක් කරන නුවර ගොනා, පුට් නොට් සුජී, මරියකඩේ මරික්කාර් ආදී නිහීන පුද්ගලයින් විසින් ඇති කිරීමට නියමිත කලබගෑනිය අතරතුර කීකරු ජයසූරිය කවර පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ ඇද්ද ?
  • ජයග්‍රහණය නිශ්චිත ඡන්දයක් කඩාකප්පල් කිරීමේ පාඩුව තමන්ටම බව වික්‍රමසිංහ දනී. පාර්ලිමේන්තුවේ මුදා හැරීමට තිබූ ආවේගය සිරස මාධ්‍ය ආයතනයට රස විඳීමට ලැබිණි.

මේ සියල්ලටම වඩා වැදගත් ප්‍රශ්නය:
විශ්වාසභංගය දිනුවත්, ලංකාවේ පහල වූ තුච්ඡම ඒකාධිපතියා වන වික්‍රමසිංහ, තමන් විසින්ම ඉදිරිපත් කර කූට ලෙස සම්මත කරගත් 19 වන සංශෝධනය හරහා තමන්ටම තනා ගත් බලවත් අගමැති තනතුර දමා ඉවත් වේද, ඔහුට ඉවත් වීමට ඔහුගේ ස්වාමිවරුන් අවසර දේද ?


පහත උපුටා දැක්වෙන්නේ අද දිවයිනේ පළ වූ ලිපියකි.


විශ්වාසභංගයෙන් සම්බන්ධන්ගේ පුටුවත් හෙළවෙයි

අජිත් අලහකෝන්

අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක්‌ මතුව තිබේ.

ඒ අනුව අනිද්දා (4 දා) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක්‌ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම ජාතික ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට පැමිණෙන බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇතැයි කී ඉහත මන්ත්‍රීවරයා ඒ අනුව විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ එජනිසයට බවද කීවේය.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමි වූවොත් නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ යටතේ නව ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලබන බවද එහිදීද සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි හෙතෙම පැවැසීය. යම් හෙයකින් සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්දය ලබාදී තිබුණොත් තවදුරටත් ඔහුට විපක්‍ෂ නායක ධුරයේ සිටීමට සදාචාරාත්මක අයිතියක්‌ නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ නිසා මෙම විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ආර්. සම්බන්ධන් මහතාද අපහසුතාවකට පත්ව ඇතැයිද හෙතෙම කීවේය.


වික්‍රමසිංහ ඉවත් කිරීම ජාතික ප්‍රමුඛතාවයකි. ඔහු ඉවත් කළ යුතුව තිබුණේ 2015 ජනවාරි 9 වැනිදායින් පසුව පළමු පාර්ලිමේන්තු දිනයේදීමය. එදා එය කිරීමට කාටවත් කොන්දක් නොතිබිණි. එහි ප්‍රතිඵලය විනාශකාරී 19 වන සංශෝධනයයි.

දෙවනුව එම වසරේ අගෝස්තු මැතිවරණයෙන් පසු වික්‍රමසිංහ අගමැති ලෙස පත් නොකළ යුතුව තිබිණි. ඒ සඳහා මේ රටේ ජනාධිපතිට බුද්ධියක් තිබුණේ නැත. එහි ප්‍රතිපල දැන් පිට පිට එන පනත් වලින් ලැබෙමින් පවතී. දැන් ප්‍රමාද වැඩිය.

ප්‍රමාද වැඩි වුවත් කවදා හෝ නොකර සිටීමට වඩා හෙට හෝ අනිද්දා හෝ එය කිරීම වටී. නැතිනම් මේ හාදයා ඊනියා ලක්‍ෂ 62 ජනවරම කොමෝඩ් එකට දමා ෆ්ලෂ් කර සිරිසේනටත් වැඩේ දෙන දිනය වැඩි ඈතක නොවේ. රට විකුණන, රට විකුණා චැක් එක පත්තරේ දාන එකාට විධායක නැති ජනාධිපති මොන කජ්ජක් ද !

අපි බලා සිටිමු.

6 comments:

  1. මේ කථා කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රනිල් වික්‍රමසිංහගේ ධූරය පිළිබඳව නිසා
    කථා නොකර බලා සිටීමට වැඩි කැමැත්තක් දක්වමි.

    ReplyDelete
    Replies
    1. රනිල් වික්‍රමසිංහ හොඳින් හෝ නරකින් හෝ අදත් මේ රටේ අගමැතිය. ඔහු ගැනත් ඔහුගේ තනතුරත් ගැන මේ රටේ පුරවැසියන් වන අප කතා නොකරත් නම් ඒ ගැන කතා කරන්නේ අයිස්ලන්තයේ එස්කිමෝලා ද ?

      Delete
  2. නලින් ද සිල්වාට අනුව ඉන්දියාව මෛත්‍රී පසුපස සිටින අතර බටහිර රනිල් පසුපස සිටී. මහින්ද පසුපස චීනය හෝ රුසියාව හෝ සිටින බව නලින් කියා නැත.

    විශ්වාසභංගයේ ඉරණම බොහෝ දුරට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේනගේ උර මත බව පෙනේ. මෛත්‍රිපාලත් දෙමළ සංධානයත් එක පසකට චන්දය දුන්නොත් ඒ පක්‍ෂය දිනනු ඇත. එසේ වීමේ ඉඩ වැඩිය. දෙපාර්ශවය පසුපසම සිටින්නේ ඉන්දියාව බැවිනි.

    මගේ ප්‍රශ්නය: දෙමළ ජාතිවාදී කඳවුරේ සිටින රනිල් ඉවත් කර වෙනත් කෙනෙක් පත් කර ගැනීමෙන් ඉන්දියාවට ඇති වාසිය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. රනිල් පැහැදිලිවම බටහිර රටවල ගැත්තෙකි. පරම්පරාවෙන් එංගලන්ත සභා ක්‍රිස්තියානි භක්තිකයෙක් යැයි අප විශ්වාස කරන ඔහු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගේ වහලෙක් බව පොදු මහජනයාට නොපෙනෙන්නේ ඔවුන් ඒ ගැන විචක්‍ෂණශීලි නොවන බැවිණි. රනිල් කිසි සේත් බෞද්ධයෙක් නම් නොවේ.

      අනෙක් අතින් ජනාධිපති සිරිසේන නිදහස් පක්‍ෂයෙන් ඉවත් කර පොදු අපේක්‍ෂකයා කිරීමේ වැඩි බරක් ඉන්දියාව විසින් දරන ලද බව දැන් රහසක් නොවේ. එහෙත් එපමණකින් ඔහු ඉන්දියන් ගැත්තෙක් බව නිගමනය කළ යුතු නැත. එක්සත් ජාතික පක්‍ෂය ඉහළ සිට පහළට මෙහෙයැවෙන අතර නිදහස් පක්‍ෂයේ ක්‍රියාත්මක වන්නේ මෙහි අනෙක් පැත්තයි. සිරිසේන ජනපති බලතල යොදාගෙන නිදහස් පක්‍ෂය ඩැහැ ගැනීමට සමත් වුවත් පක්‍ෂය විසින් නායකයා හීලෑ කර ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. අද සිදු වෙමින් පවත්නේ එයයි.

      Delete
  3. ලංකාවේ දේසපාලනේ කොරන්නේ ඉහළම බුද්ධිමතුන් හින්දා දේශපාලනය ගැන අනාවැකි කියන අය මෝඩයො වෙනව වගේ එකක් නැද්ද?

    පාර්ලිමන්ට් ජෝක් එකකින් ඒ කියන්නේ සභාව පවත්වාගෙන යන්න බැරුව කල් දැම්මා වගේ එකකින් සභා තොමෝ සතුටින් විසිර ගියත් පුදුමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. විශ්වාසභංගය ජය ගත යුතු බව අපගේ ද පැතුම වුවත් එය එසේ සිදු වනු ඇති බවට විශ්වාසයක් නැත. සිදු වෙතැයි අප බලාපොරොත්තු වන්නේ කලබැගෑනියක් හා කීකරු ජයසූරියගේ නිවේදනයක් පමණි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !