Wednesday, February 7, 2018

අපට ආතතිය ගෙනෙන මැකෝගේ ආතල් එක

අද රැයින් ඇරඹෙන්නේ මැතිවරණයේ නිහඬ කාල සීමාවයි. සමස්ථයක් ලෙස ගත් කල සැළකිය යුතු ගට්ඨනයකින් තොරව මේ කාලය ගත විය. මැතිවරණයත් ඒ අයුරින්ම පැවැත්වේය යනු අපගේ අපේක්‍ෂාවයි.
ඕන්න කැපුවා... | Source: srilankabrief . org

මේ මැතිවරණය ආණ්ඩු මාරු කරන, අගමැති වෙනස් කරන මැතිවරණයක් නොවේ. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය එවැනි බොහෝ දේ කිරීමට අවශ්‍ය උත්තේජනය සපයා දෙනු ඇත. පවත්නා පාර්ලිමේන්තුව තවත් වසරකට වඩා කාලයක් මෙසේම පැවතිය යුතුව තිබෙන අතර එය වෙනස් කිරීමට මැතිවරණයෙන් පසුවද කිසිවෙක් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැක. එහෙත් කැබිනට් සංශෝධනයක් නම් විය හැක. ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති බැවින් මේ පක්‍ෂ දෙකම තමන්ගේ කේවල් කිරීමේ බලය උරගා බලන්නේ මේ මැතිවරණයේදීය.





සමස්තයක් ලෙස ගත් කල ජනාධිපති සිරිසේන අප බලාපොරොත්තු වූවාට වඩා හොඳින් හා සාර්ථකව තම මැතිවරණ ව්‍යාපාරය කළ බව පිළිගත යුතුව ඇත. ඔහු අත තවම භාවිතා නොකළ උපක්‍රම ද තිබෙනු විය හැකිය. ජනාධිපතිවරණයේදී තමන් වෙත ආකර්ෂණය වුණු පාවෙන ඡන්ද ලක්‍ෂ කිහිපය එජාපය වෙත යා නොදී රැක ගැනීමට ඔහු ගත් උත්සාහය කොතෙක් සාර්ථක වීදැයි දැක ගැනීමට අපට තව දින කිහිපයක් තිබේ.

ඡන්දය හෙට තිබියදී අගමැති ඉවත් කිරීම වැනි ක්‍රියා මාර්ගයක් ඔහු ගතහොත් එය ඔහුගේ සමස්ථ මැතිවරණ ව්‍යාපාරයේ කූටප්‍රාප්තිය වනු ඇත. අගමැති ඉවත් නොකළත් අගමැති යටතේ පවතින මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් පවරා ගැනීම මගින් මැතිවරණයට කළ හැකි බලපෑම ඉතා විශාලය. සිරිසේනගේ ජයග්‍රහණය රඳා පවත්නේ වික්‍රමසිංහගේ පරාජය මත මිස වෙන කිසිවක් උඩ නොවේ. මැතිවරණය පෙනී පෙනී සුජීව සේනසිංහ, මරික්කාර් වැනි චාරයක් නැති බුරන බල්ලන් වික්‍රමසිංහ විසින් බැඳ දමන ලද්දේ සිරිසේන කුපිත කිරීම තමන්ට හානිකර බව දත් නිසාය.



එජාපය සතුව ස්ථිර ඡන්ද ලක්‍ෂ හතළිහක් පමණ තිබේ. 2004 දී එයින් සිංහල බෞද්ධ නාගරික ඡන්ද සැළකිය යුතු ප්‍රමාණයක් ජාතික හෙළ උරුමය වෙත විතැන් වුවත් ඒවා මේ වන විට නැවත පැමිණ ඇත. ඊට අමතරව එය සතු දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඡන්ද (විශේෂයෙන්ම බස්නාහිර පළාත ආශ්‍රිතව) අලියා ලකුණ වෙනුවෙන් නිසැකවම භාවිතා වනු ඇත. ශ්‍රීලංනිපය දෙකඩ වී ඇති මේ අවස්ථාවේ එජාපය වැඩිම ඡන්ද ප්‍රමාණයක් සහ වැඩිම කොට්ඨාශ ගණනක් ජයග්‍රහණය කිරීම ස්ථිරය. බැඳුම්කර මගඩිය පක්‍ෂයේ ඉහළම මට්ටමින් සෘජුවම මැදිහත් වී කෙරුණු දූෂණයක් වුවත් එජාපයට ඡන්දය දෙන්නන් විසින් එය සළකනු ඇත්තේ ආඩම්බරයට කරුණක් වශයෙනි. ඒ එම ඡන්ද පදනමේ සාමාන්‍ය ස්වභාවයයි. මෑත කාලයේ daily mirror පුවත් පත පරිහරණය කිරීමෙන් ඉහල ආදායම් ලබන පන්තියේ එජාප ඡන්ද දායකයින්ගේ සිතිවිළි වටහා ගත හැක.


මේ මැතිවරණයේ නරකම පරාජිතයා ලප-කුමාර සහෝදර තුමාගේ ජනතා විමුක්ති පෙරමුණයි. එය වංක සහයෝගයෙන් කටයුතු කරන්නේ කා සමගද යන්න මේ මැතිවරණ ව්‍යාපාරය තුල එළිපිට පෙනිණි. කිසිදු කොට්ඨාශයක් ජය ගැනීමට නොහැකි එම පක්‍ෂය ජනතාවට බරක් එක් කරමින් මේ මැතිවරණයේදී ඉදිරිපත් කර ඇති සමානුපාතික ලැයිස්තුවෙන් කිසියම් නියෝජනයක් ලබා ගනු ඇත. එහෙත් ඒ මන්ත්‍රී ධුර ගණන මේ මැතිවරණය වෙනුවෙන් ඔවුන් විසින් සහ ඔවුන්ට ආධාර කළ අනෙක් අය විසින් වැය කළ අති-විශාල ධනස්ඛන්ධයට අලගු තැබීමටවත් ප්‍රමාණවත් නොවනු ඇත. මැතිවරණයෙන් පසුව ඒ පක්‍ෂය විසින් මහජනතාව ඉවත් කර වෙන මහජනතාවක් තෝරා පත් කර ගැනීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවත් පුදුම විය යුතු නැත.


අසීරුම තත්වයේ සිටින්නේ ජී.එල්.පිරිස් ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය ශ්‍රීලංනිපයෙන් නාම යෝජනා නොලැබුණ හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු පිරිසකගේ එකතුවකට දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ, විමල් විරවංශගේ සහ උදය ගම්මන්පිල්ලගේ පක්‍ෂ වල අපේක්ෂකයන් එකතු වීමෙන් තනා ගත් තාවකාලික සභාගයකි. මැතිවරණයෙන් පසුව මේ උදවිය එකට සිටීදැයි කීමට සමත් කිසිවෙක් නැත.

බැසිල් රාජපක්‍ෂ සිටියද ඒ පක්‍ෂයේ ඡන්ද ආකර්ෂණය මහින්ද රාජපක්‍ෂ නාමය පමණකි. ඊනියා ජාතික ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටීම සහ මාධ්‍ය සංදර්ශන කිරීම හැර මේ පක්‍ෂයේ නොවන මේ පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කළ දෙයක් නැත. දැඩි ජනතා විරෝධයක් තිබුණත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ තාක් අල්ලාගෙන සිටීමට ඒකාබද්ධ විපක්‍ෂ ලෙස පෙනී සිටින මේ කණ්ඩායමේ ඔතෑනි සහ ප්‍රතිපත්ති විරහිත භාවයත් ඒකාත්මික බවක් නැති කමත් ප්‍රධාන හේතුවකි.

මේ තත්වය යටතේ බොහෝ දෙනා සිතන තරම් පොහොට්ටුවට ඡන්ද වැටෙන්නේ නැත. සාම්ප්‍රදායික ශ්‍රීලංනි පාක්‍ෂිකයින් බුරුතු පිටින් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙනු ඇතැයි සිතීම මුලාවකි. කිසියම් කොට්ඨාශ ගණනක් ජී.එල්.පිරිස්ගේ පක්‍ෂය විසින් ජයග්‍රහණය කළත් ඊට හිමිවන මන්ත්‍රී ධුර සංඛාවෙන් බහුතරය ලැබෙනු ඇත්තේ සමානුපාතික ලැයිස්තුවෙනි. මුළු ලංකාවෙන්ම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් සහ දිනා ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් මේ නව පක්‍ෂය තෙවැනි තැනට පත් වන බවනම් ස්ථිරය.



මේ ඡන්දය අපට කිසිවක් දිනා දෙන්නේ නැත. ප්‍රාදේශීය සභා නගර සභා නොතිබුණා කියා පසුගිය වසර තුනේ අපෙන් වරිපනම් බදු එකතු නොකර සිටියේ නැත. ඒවා තිබුණා කියා අපට විශේෂයෙන් සිදු වන සෙතක්ද නැත. නමුත් පසුගිය වාර වලට වඩා දෙගුණයක මන්ත්‍රී වරු සංඛ්‍යාවක් නඩත්තු කිරීමට රටේ මහජනතාවට සිදු වනු ඇත.

ඡන්දය නොදා සිටීමෙන් මන්ත්‍රී ධුර ගණන අඩු වේනම් ස්ථිර වශයෙන්ම ඡන්දය නොදා සිටිමි, අපේ කරුමෙට එසේ වන්නේද නැත. ඒ නිසා කාට හෝ ගැසිය යුතුය. අද රටේ ඇති ප්‍රශ්න වලට හේතුව සහ රටට ඇති තර්ජනය ජුන්ටාධිපති වික්‍රමසිංහ මිස වෙනකෙක් නොවේ. 2005 දී පරංගි ආක්‍රමණයේ 500 වස සැමරීමට පෘතුගාලයට ආරාධනා කළේ ඔහුය. 2018 දී වෙල්ලස්ස වරිග-සංහාරයේ (Genocide) 200 වස සැමරීමට බ්‍රිතාන්‍යයට ආරාධනා කර ගෙන්වා ගත්තේ ඔහුය. ඔහු දිගටම බලයේ සිටීම යනු මගේ රට නැවත අත්පත් කරගත් යටත් විජිතයක් (regained Sri Lanka) බවට පත් වීම මිස අනෙකක් නොවේ.

මේ මැතිවරණයේදී ජය මිස වෙනකක් බලාපොරොත්තු නොවන වික්‍රමසිංහ සහ ඔහුගේ ස්වාමිවරුන් වෙත පැහැදිළි පණිවිඩයක් දීමට සියලු දෙනා තම ඡන්දය මාධ්‍යය කර ගනිත්වා !!!

ඔබ සැමට අබ සරණයි !



30 comments:

  1. හික් !
    මෙන්න මෙයා උදේම්ම ඇවිල්ල !! හරි තන්තෝසයි.
    ---------
    ඔය එක එක පක්‍ෂය ගන්න ආසන ගාන, චන්ද ප්‍රතිශතය වගේ අනාවැකි ටිකක් කියන්න බැරිද... නෑ මම මේ නිකමට ආතල් එකට අහන්නේ.
    මොකෝ මැකෝට විතරද ආතල් ඕනේ.

    මමනම් කියන්නේ JVP මුළු ලංකාවෙන්ම ආසන 50 කට වඩා දිනනවා කියල. මේ සැරේ කලා කාරයෝ නලා කාරයෝ විධග්දයෝ ප්‍රබුද්ධයෝ සහ බුද්ධිමත්හු ඔක්කොම ජවිපෙට. මගෙනම් තක්සේරුව දිසානායක සහෝදරයාගේ දූරදර්ශි නායකත්වය යටතේ හෝ ගාලා 2% ඉක්මවන චන්ද ප්‍රතිශතයක් මේ පක්ෂෙට ලැබෙනවා ලැබෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. ලියා අවසන් කරන්නට පෙර ඔබ පැමිණීම ගැන අප්‍රමාණ සතුටුක් දැනේ.


      ජවිපෙ 3-4% ප්‍රමාණයක් ගනු ඇති බව මගේ තක්සේරුවයි. එය කිසි සේත් 5% නො-ඉක්මවනු ඇත. වෙනම තරඟ කරන මුස්ලිම් පක්‍ෂ ඊට ආසන්න ප්‍රමාණයක් ගනු ඇති අතර දෙමළ රාජ්‍ය පක්‍ෂය සහ අනෙක් දෙමළ සංධාන එකතුව 12-14% ප්‍රමාණයක් ඡන්ද ලබනු ඇතැයි සිතමි. එවිට ඉතිරි වන්නේ 80% ට මදක් අඩු ප්‍රතිශතයකි.

      එය ප්‍රධාන කණ්ඩායම් තුන අතර බෙදී යනු ඇත. එජාපය අඩු තරමින් 33% පමණ ලබා ගන්නා බව අපගේ උපකල්පනය වේ. එහෙත් එය 45% ඉක්මවන්නේ නැත. ඉතිරි කණ්ඩායම් දෙක 20% ආසන්නයේ රැඳෙනු ඇත. මෙයින් සිරිසේන පිළ උපරිම වශයෙන් 30% ට ආසන්න වීමටත් රාජපක්‍ෂ කණ්ඩායම උපරිම වශයෙන් 25% ආසන්න වීමටත් ශක්‍යතාවක් ඇති බව සිතමි.

      දකුණ, ඌව සහ වයඹ පළාත් වල විශාල ජයග්‍රහණයන් නොලදොත් රාජපක්‍ෂ කණ්ඩායම අසීරුවට පත් වනු ඇත. අනෙක් අතින් බස්නාහිර, සගරගමුව, උතුරු මැද සහ මධ්‍යම පළාත් වල සිරිසේන පිළ ඉදිරියෙන් සිටිනු ඇත. නමුත් නොබෙදුණු එජාපයේ ඡන්ද පදනම පසු කිරීමට මේ දෙපිළටම හැකියාවක් නැත.

      එජාපයට සැබෑ ප්‍රශ්නය පාක්‍ෂිකයා ඡන්ද පොළට රැගෙන යාමයි. මේ තීන්දුව ගැනීමේ හෝ නොගැනීමේ තීරණාත්මක බලපෑම කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපති සිරිසේනට පමණි.


      නොසිතා සිටි කරුණක් සිතීමට පෙළඹුවාට ස්තූතියි.

      Delete
    2. එක දෙයක් පැහැදිලිය. කතා කතු !
      ඔබතුමා ඉන්නේ විදේශගතව බව. එසේම තොරතුරු ලබාගන්නේ දුරකථන මගින් මිතුරන්ගෙන් හා ඉංග්‍රීසි පුවත්පත් බැලීමෙන් බව. එසේම ඔබේ මිතුරන්ද සාමාන්ය ජනතාව සමග සම්බන්ධ නැති සීත කාමරවල සිටින පිරිසක් බව.
      නැත්නම් ඔබ මේ කරන්නේ ගොන් ආතල් එකක් ගැනීමය.

      සිරිසේන 30% ක් හා පොහොට්ටුව 25% ක් ලබන බව කීමෙන් ඔබේ මූලාශ්‍ර ගැන කනගාටු වෙමි.


      එජනිසය යම් තරමක් හෝ සාර්ථක වන්නේ ඇමතිවරු සිටින ප්‍රදේශවලය. එය 10% ඉක්මවන්නේ නැත. තරඟය ඇත්තේ අලියාත් පොහොට්ටුවත් අතරය.

      Delete
    3. සභාවේ සිනා !

      Delete
    4. K,
      ඔබේ විග්‍රහය අනුව:
      1. JVP: උපරිම 5%
      2. මුස්ලිම් පක්‍ෂ: 5%
      3. දෙමළ පක්‍ෂ: 14%
      මෙහි එකතුව 24% වේ. නමුත් ඉහත සංඛ්‍යා "උපරිම" ලෙස නම් කිරීමෙන් ඔබ මේ එකතුව 20% ප්‍රමාණයේ රඳවා ගනී. මගේ ඇස්තමේන්තුව ඉහත සියල්ලේ එකතුව 15% නොඉක්මවනු ඇති බවයි. JVP 5-6% දක්වා ගනු ඇති අතර දෙමළ-මුස්ලිම් සහ ස්වාධින කණ්ඩායම් උපරිම වශයෙන් 8-10% ලබා ගනු ඇත. ඔබට 80% ක් පමණක් ප්‍රධාන කණ්ඩායම් අතර බෙදා දීමට ඉතිරි වුණත් මට 85% ක් තිබේ.

      ඔබේ විග්‍රහය අනුව:
      අ. රනිල්: 45%
      ආ. මෛත්‍රිපාල: 30%
      ඉ. මහින්ද: 25%
      මෙහි එකතුව 100% වේ. මේ තක්කඩි විග්‍රහයකි. "උපරිම" යන වචනය තුල සැඟවී ඔබ කරන්නේ කපටි කමකි.

      මගේ විශ්ලේෂණය පහත පරිදි වේ.
      අ. රනිල්: 40%
      ආ. මහින්ද: 25%
      ඉ. මෛත්‍රිපාල: 20%
      එකතුව 85% කි. හොර නැත - බොරු නැත - වංචා නැත ! සැකනම් අනිද්දා හවසට මැකෝගෙන් අහන්න.

      Delete
    5. @"AnonymousFebruary 8, 2018 at 9:25 PM"
      ඔබ මා සම්බන්ධයෙන් කරන රචනය පිළිගන්නේ හෝ ප්‍රතික්‍ෂේප කරන්නේ හෝ නැත. එහෙත් මා කරන්නේ ආතල් එකක් ගැනීමය කීම සමග එකහෙලා එකඟ වෙමි. ඔබ හෙට පොහොට්ටුවට දෙන ඡන්දය අපතේ නොයාවා ! ඔබේ කොට්ඨාශයට පොහොට්ටුව පිපේවා !!

      Delete
  2. එජාප ඡන්ද ලක්ෂ 40 එන්නෙ ඔය කියන සුලුඡන්දත් එක්කය. එසේම පොහොට්ටුව ගැන ඔබේ අදහස් හාස්යජනකය

    ReplyDelete
    Replies
    1. මේ පළාත් පාලන මැතිවරණයට වලංගු වන්නේ 2017 ඡන්දදායක නම් ලැයිස්තුවයි. ලංකාවේ මුළු ඡන්දදායක සංඛ්‍යාව මිලියන 15 කට වඩා වැඩිය. අද එය ලක්‍ෂ 160 කට ආසන්න සංඛ්‍යාවක් විය යුතුය (2014 ලැයිස්තුවට අනුව මේ ගණන 15,044,490 කි).

      ලක්‍ෂ 40 යනු මෙයින් 25% ට මදක් වැඩි ප්‍රතිශතයකි. අනෙක් අතින් සිංහල ගහණය 70% ලෙස ගත්තත්, සිංහල ඡන්දදායක සංඛ්‍යාව ලක්‍ෂ 112 කි. ලක්‍ෂ 40 යනු යන්තම් 35.71% පමණි. මේ ගැන මීට එහා සංවාද කිරිම නිෂ්ඵලය.


      පොහොට්ටුව ගැන පමණක් නොව අනෙක් දේ ගැනද අපගේ අදහස් හාස්‍යජනක බව දනිමි. එහෙත් ජී. එල්. පිරිස් යනු විශ්වාස නොකට යුතු තැනැත්තෙක් බව දන්නා අපට එහි හාස්‍යයට එහා ගිය දෙයක් ඇත. මෙය රාජපක්‍ෂට කළ-ගුණ දැක්වීමට හෝ සිරිසේනගෙන් පළි ගැනීමට හෝ අවස්ථාව නොවේ. වඩා වැදගත් වන්නේ වික්‍රමසිංහ ඉවත් කිරීමයි - එය කළ නොහැකිනම් ඔහු දුර්වල කිරීමයි.


      ඔබේ අදහස් දැක්වීම අගය කරමි.

      Delete
    2. GL පීරිස් පමණක් නොව වාසුදේව නානා ද, DEW ගුණසේකර ද, තිස්ස විතාරණ ද විශ්වාස කටයුතු පුද්ගලයින් නොවේ. ඩලස් අලහප්පෙරුම ගැන ඔබේ තක්සේරුව කුමක්ද ?

      Delete
    3. මා ඉහත නම් සඳහන් කිසි කෙනෙක් මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැත. තවත් නම් අවශ්‍යනම් දිනේෂ් ගුණවර්ධන බන්දුල ගුණවර්ධන විමල් වීරවංශ ප්‍රභාත් ගම්මන්පිල යන අයද එකතු කර ගැනීම වරදක් නැත. ගම්මන්පිල හැර ඉහත සියල්ලන්ම තකතීරු 19 වන සංශෝධනයට පක්‍ෂ වූවන්ය. පාර්ලිමේන්තුවේ සිටියේනම් ගම්මන්පිලත් ඊට පක්‍ෂ වනු ඇත.

      මහින්ද රාජපක්‍ෂ රජය ශක්තිමත්ව පැවති සමයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ හැකි අවස්ථාවක තිබියදී එය කිරීමට ඉඩ නොදීමේ වගකීමෙන් මේ අයට ගැළවිය හැකිද? G. L. පීරිස් යනු මහාචාර්‍ය නලින් ද සිල්වා කොළොඹ විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සක්‍රියව දායක වූවෙකි. ඔහු සිංහලයාට සෙතක් කරයිද ? මේවා ඇසිය යුතු ප්‍රශ්න වේ.

      නමුත් වඩාත් වැදගත් ප්‍රශ්නය ඔය කිසිවක් නොවේ.

      සිංහලයන්ට, පොහොට්ටුවෙන් කර ගත නොහැකි දෙයක් අලියා හෝ සීනුව හෝ නැතිනම් සිරිසේන විසින් හප කරමින් සිටින බුලත් අත හෝ ලවා කර ගත හැකිද ?

      Delete
    4. කථා කතු තුමාගේ මේ අවසන් වැකිය දක්කම මම 2015 ජනවාරියට පෙර කියූ දෙයක් සිහි වුනා.

      මම එදා සිට කීවේ ලංකාවේ දේශපාලනයේ මහා පොදු සාදකය හොරකම බවයි.
      එසේම රාජපක්ෂ රජයේ සොරකම් දැඩිව විවේචනය කරන විට මා ඇසුවේ යූ එන් පිය තමන් බලයට පත් වූ පසු සොරකම නතර කරන වගට පොරොන්දුවක් දී ඇති ද යන වගයි.
      එවැනි පොරොන්දුවක් ඔවුන් කිසි දිනෙක දුන්නේ නැත.

      ඒනිසා මා විසින් මහා පොදු සාදකය නොසලකා හැර මගේ තීන්දු ගනු ලැබිනි.
      අදටත් එය එසේමයි.

      Delete
    5. සොරකම නතර කරන බවට කට උල් කර පොරොන්දු දෙන්නේ සහෝදර තුමාලාගේ පක්‍ෂයයි. අපේ කරුමෙටදෝ මුන් දිනන්නේ නැත.

      නයනේ - සිතුවිළි,
      අවසානයේ ඔබත් මෙහි පැමිණ අදහස් දැක්වීම පිළිබඳ ස්තූතියි.

      Delete
  3. මෙම මැතිවරණ ව්‍යාපාරය මුලසිටම ඉතා සමිපව නිරීක්ෂණය කළා .
    මට ලැබුණු නිරීක්ෂණ
    1) ආරම්බයේදී unp පාක්ෂිකයන් ඉතා මන්දෝත්සාහි බවක් පලකල අතර බොහෝ අය මැතිවරණය පිලිබදව දැක්වුයේ ඈල්මැරුණු ස්වභාවයක් .
    2) මොහොට්ටුව කෘතීම පිබිදීමක් රටට පෙන්වීමට හැදුවත් එය සාර්ථක වුයේ නෑ .ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය මුදල් හා පමණට වැඩි ජනමාද්‍ය ආවරණ සහිතව ඇති පුම්බපු එකක් .එය මහපොළවේ පෙනෙන්නට නොමැත

    3) එජනිස ආරම්බයේදී සිටියේ ලැයිස්තුවට අපේක්ෂකයන් සොයා ගැනීමටවත් නොහැකි තැනක .
    පසුව මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් උනා .ජනාධිපති වරයා ගේ ක්‍රියාකලාපය මෙයට ප්‍රධානම හේතුව විය
    මැතිවරණ ව්‍යාපාරය අවසානයේදී එනම් අවසන් දින 07 තුලදී පහත වෙනස්කම් වූ බව නිරික්ෂනය කිරීමට හැකිවිය .
    * පොහොට්ට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය හුදු පුම්බනලද රැස්වීම් වලට මුලුරටේම ජනතාව මුදල් ,කෑම සහ මත්පැන් ලබාදී බස්රථවලින් ප්‍රධාන රැස්වීම පුරවා පුද්ගලික මාද්‍ය හරහා පෙන්වන එකක් විනා ගම්මට්ටමේ පැතිරුණු ව්‍යාපාරයක් නොවේ .බොහෝවිට ඔවුන්ගේ අපේක්ෂකයන් ගම්වල කළු චරිත වන ආතර බහුතරය ඔවුන්ට ප්‍රසාදයක් නොමැත .රාජ්‍ය බලය නොමැතිවීම ඔව්න්ට බරපතල පාඩුවකි
    * එජනිස ආරම්බයේදී කොරගසමින් ගියද අවසානයේදී සමස්ත චන්ද වලින් 12% -15% ආතර ප්‍රමාණයක් අවසානයේදී ලබාගත හැකි තත්වයට පත්විය මෙම සියලු චන්ද 2015 මහා මැතිවරණයේදී එජනිසයට ලැබුණු ච්න්දවේ .
    *unpයට තිබුණු එකම ප්‍රශ්නය වුයේ පුද්ගලිකව පාක්ෂිකයන්ට සැලකීමට නොහැකි වීමේ පාඩුවයි නමුත් ජනාධිපති වරයාගේ නිර්දය වාග් ප්‍රහාරය නිසා අක්‍රිය වී සිටි සියලු එජාප හිතවාදීන් මේ වනවිට නැවතත් චන්ද පොලට නොයමේ තීරණය වෙනස් කර නියත එජාප චන්ද දයකයන්වී සිටි .මෙම වර්දනය කැපී පෙනෙන වර්දනයකි .දැන් ඔවුන්ගේ සතුරා රාජපක්ෂ නොව ජනාදිපති සිරිසෙනයි .
    එජාපය 2015 මහා මැතිවරණයේ ලැබූ චන්ද ප්‍රමාණයට සමාන ho ඊට වඩා සවල්පයක් හෝ වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇත
    මගේ අවසාන නිරීක්ෂණය වන්නේ
    එජාප 45% හෝ එයට 1% -2% වැඩි ප්‍රතිශතයක් ලබාගනී
    එජනිස චන්ද ප්‍රතිශතය පහත පරිදි වනු ඇත
    42 /60% =25.2 % පොහොට්ටුවට ද 42/40% =16.8 බුලට්කොලයටද වන ලෙස බෙදීයයි .
    ජවිපෙට 5% ඉක්මවීමට අසීරුවේ

    ReplyDelete
    Replies
    1. 1) UNP පාක්‍ෂිකයන් මන්දෝත්සාහී වීම ලෙස ඔබ විසින් හඳුනා ගැනෙන්නේ ආණ්ඩුපක්‍ෂයේ අනුගාමිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය. බත් පැකට් එකට රුපියල් 500 / 1000 අරක්කු කාලකට / බාගයකට රැළි වලට යන පුරුදු පිරිස් මිස වෙන අය පෙනෙන්නට නෑ.

      2) මීට ප්‍රතිවිරෝධිව ආණ්ඩුවිරෝධීන් විරෝධය පෑම පිණිසම එක් රොක් වෙනවා. පොහොට්ටුවේ කෘතීම පිබිදීම ලෙස ඔබ දකින්නේ එයයි. නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමේදී එය රැළි වලට පැමිණි ජන සංඛ්‍යාවේ ගුණාකාරයක් වන්නේ නෑ.

      "මුදල් හා පමණට වැඩි ජනමාද්‍ය ආවරණ" ගැන ඔබේ අදහසට මා එකඟ නෑ. මා ඒ විග්‍රහය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට අදාළවයි. ඊට ඇති ජනතා කැමැත්තේ ප්‍රතිශතයට කිසිසේත් නොගැළපෙන මාධ්‍ය ආවරණයක් ජනතා විමුක්ති පෙරමුණට සහ තවත් එවැනි කසිකබල් ජනරාශි වලට ලැබෙනවා.

      3) බොහෝ දුරට එකඟයි. එහෙත් හේතුව ජනාධිපතිව පාලනය කරන බලවේග විසින් තෝරා ගත් උපක්‍රම බව සිතමි.


      පොහොට්ටුවේ අපේක්‍ෂකයන් ගම් වල කළු චරිත බව කීම හුදු ප්‍රලාපයකට වඩා දෙයක් ලෙස නොගනිමි. එජාපය 2015 ගත් ඡන්ද සංඛ්‍යාව ඉක්මවා යාමත් අසීරු බව සිතමි. මක් නිසාද යත්, ඒ ඡන්ද වලින් කොටසක් සිරිසේන විසින් සාර්ථකව තමා වෙත නතු කරගෙන සිටින බැවිනුත් තවත් කොටසක් අධෛර්යයට පත් කර තිබෙන බැවිනුත්ය. හැරත් මහමැතිවරණයක තරම් උද්යෝගයක් පළාත් පාලන මැතිවරණයක දකින්නට ලැබෙන්නේ නැත.

      මේ හැර සංඛ්‍යා සහ ප්‍රතිශත පිළිබඳව කිව යුතු කිසිවක් නැත. මා ඉදිරිපත් කර ඇති ඉලක්කම් ඔබ ඉදිරිපත් කර ඇති ඉලක්කම් වෙනස් උවත් ඒවායේ බර අතින් වෙනස් නැත (ඔබේ ඉලක්කම මගේ ඉලක්කමට වඩා නිවැරදි යැයි කිව නොහැක - අනෙක් අතත් එසේමය). ලොවම පිළිගත යුතු ඉලක්කම් මැකෝ විසින් තව දින තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇත.

      ඔබේ අදහස් දැක්වීම අගය කරමි.

      Delete
    2. ඔබේ අදහස් තර්කානුකූල බව පිළිගනිමි. එහෙත් එජනිසයට එන්නේ එදා එජනිසයට දුන් ඡන්ද යන්න පිළිගත නොහැක. මන්ද සිරිසේන පොහොට්ටුකාරයන්ගේ දේශපාලන සතුරාය. එජනිසයට කැඩෙන්නේ පොහොට්ටු ඡන්ද නොවේ. එතරම්ම අසාධ්‍ය නොවන එජාප ඡන්දයි. 2004 දී හෙළ උරුමයට කැඩුනේ මෙවැනි ඡන්ද ය. රටෙන් කෑල්ලක් නෙමේ තමන්ගෙ ගේ දොර ඉඩම් බෙදල දුන්නත් යූඇන්පීකාරයා අලියට ඡන්දෙ දෙනවා හෙල උරුමයට කැඩෙන්නෙ සංධානෙ ඡන්ද කියා එකල මා සමග තර්ක කල අය බොහෝ විය. මා පරාජය පිළිගතිමි.

      අමතක කරන්න එපා වෙනසක් වෙනුවෙන් කැපවූ මධ්‍යම පාන්තික ඡන්ද සහ ස්වාභාවිකවම ආන්ඩුවක් ගැන කාලයේ ඇවෑමෙන් කලකිරෙන ඡන්ද ගැන

      මා සිතන්නේ සිරිසේනට කැඩෙන්නේ එදා යහපාලනයට දුන් ලක්ෂ 62 න් බවයි. එජාප ජය ගැන මගේ වාදයක් නැත. ලක්ෂ 58 මහ ඡන්දෙදී ලක්ෂ 47 විය. එය මෙවර තවත් අඩු වනු ඇත. මගේ තක්සේරුව මෙසේයි.

      එජාප 38%
      පොහොට්ටුව 32%
      එජනිස 10%
      ජවිපෙ 8%
      වෙනත් 12%

      Delete
    3. AnonymousFebruary 8, 2018 at 9:11 PM

      අපේ රටේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ අවාසනාව ඔබ එක වැකියකට ගෙන ඇත.
      "මන්ද සිරිසේන පොහොට්ටුකාරයන්ගේ දේශපාලන සතුරාය."

      සිංහල බෞද්ධයන්ට ඇති එකම දේශපාලන විකල්පය මහින්ද රාජපක්‍ෂගේ සහය ලැබෙන G.L.පීරිස්ගේ පොහොට්ටුවයි. එහෙත් පොහොට්ටුව විසින් හඳුනා ගන්නා දේශපාලන සතුරා සිරිසේනයි, අදෝ !


      සිංහල බෞද්ධයාගේ සතුරා වික්‍රමසිංහ මිස සිරිසේන නොවේ. සිරිසේන වික්‍රමසිංහගේ රැඳවුම් කඳවුරේ සිටින රැඳවියෙකි - හෙවත් දේශපාලන සිරකරුවෙකි. සිංහල බෞද්ධයන් කළ යුත්තේ වික්‍රමසිංහ නන්දිකඩාල් වෙත දක්කා සිරිසේන ඔහුගෙන් මුදා ගැනීම මිස සිරිසේනට ප්‍රහාර එල්ල කිරීම නොවේ. නිරායුධ සිරිසේනට ප්‍රහාර එල්ල කිරීම මා දකින අන්දමට යුධ අපරාධයකි.

      සිරිසේනත් රාජපක්‍ෂත් වෙන වෙනම ගන්නා ඡන්ද ප්‍රමාණයන්ගේ එකතුව වික්‍රමසිංහ වෙත ලැබෙන ඡන්ද ප්‍රමාණය ඉක්මවා යානම් එය මේ මැතිවරණයේ ජයග්‍රහණය බව සිතමි. ඒ එකතුව 50% ඉක්මවෙනම් (එය සිදු වීමේ ඉඩකඩ අල්පය) සිංහල අභිලාෂයන් ඉටු වන අනාගතයක් ගැන නැවත බලාපොරොත්තු ඇති කරගත හැක.

      Delete
  4. පිස්සු කතා කොරන්න එපා.ජනතා විමුක්ති පෙරමුණ උඩින් දිනනවා.
    හිතේ අමාරුවට අපේ අනුර කුමාර සහෝදරයට නං පටබන්දින්න එන්නත් එපා.
    එතුමා රට ඉල්ලන්නේ නැහැනේ අනිත් පක්ෂ වගේ. ගම විතරයි ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. හඃ !
      ඔව් ඔව් ...

      ජවය පරදන දූෂණය කියලයි පෝස්ටර ගහන්නේ. මෙදා පාර ගම කන්න ජවිපෙට දෙන්න කියල කවුදෝ කිව්වා. විකාර !

      පත්තර පිටු පූරා ජවිපෙට ඡන්දේ දෙන්න කියල අපෙන් ඉල්ලන බක-පණ්ඩිතයන්ගෙන් එකෙක් ඉන්නවද ගමේ පදිංචි. උන් ඔක්කොම ඉන්නේ කොළොඹ. කොළොඹ ඉඳන් කෑ ගහනව ගම ජවිපෙට කිය කිය.

      ජවිපෙ හොඳ කැට හොල්ලන්න, කුළියට පෝස්ටර අලවන්න, වැඩ කඩාකප්පල් කරන්න. මේ අය බලය ලබන්න සුදුසු කණ්ඩායමක් නොවේ.

      Delete
  5. දැන් හෙට අපි කාටද කතිරෙ ගහන්න ඕනේ.

    මටනම් හිතෙන්නේ සිංහල නොවන ගෑණුන්ට චන්දේ දාන එක වඩා හොඳයි :)

    ReplyDelete
    Replies
    1. එහෙම බෑනේ.
      අපේ කොට්ටශෙට දාලා ඉන්න එකා මොන හිපාටුවෙක් වුනත් ආසනේ චන්ද ගාන වැඩිනම් ඌ තේරෙනවානේ

      Delete
    2. ජගත්, ඔයා හිතාගෙන ඉන්න එකකට කතිරෙ ගහන්න. :)

      නයනේ - සිතුවිළි, මේ සැරේ ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී තනිකර වංචාවක් බව හැඟෙන්නේ මට විතරද ?

      Delete
  6. මම බුද්ධාගමේ කෙනෙක්නේ. ඒ නිසා පොහොට්ටුවට කතිරේ ගැහුවා. :)

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා අපට කීවේ මෙය රටේ බලතුලනය නොව ගමේ සංවර්ධනය කෙරේ බලපාන ඡන්දයක් බවත් පක්‍ෂය නොව පුද්ගලයා බලා ඡන්දය දිය යුතු බවත්ය. මේ බොහෝ දෙනා ජෙප්පන් නොහොත් ජෙප්පන්ට සහය දැක්වූ පුද්ගලයින්ය. ඡන්ද දායකයින් මේ හඬට අවනත වී පෝස්ටර වල සිටි මහින්ද රාජපක්‍ෂට ඡන්දය දී ඇති බව පෙනේ. මක් නිසාද පසුගිය කාලයේ රටට දැවැන්ත සංවර්ධනයක් අත් කර දුන් තැනැත්තා මහින්ද රාජපක්‍ෂ නිසාය.

      සැ.යු.: අනාවැකි වැරදීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව !

      Delete
  7. අනාවැකි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ත්තාවයක් !!!!

    ReplyDelete
  8. අපේ ජෝසප් සහෝදරයා කාලයකින් දිගට පිළිතුරක් ලියමින් අනාවැකි පල කොට තිබුනි. අපේ කතා කතු තුමාද එවැනි අනාවැකි කීමට ඉදිරිපත්වී තිබීම මා පුදුමයට පත්කලේය.

    මානම් මේ මැතිවරනය ගැන කලේ අනාවැකි දෙකක් පමණි. දෙතිස් කථාවේදී කල අනාවැකිය එය වරදීවා කියන ප්‍රාර්ථනයෙන් යුතුව කල එකකි. ඒ අනාවැකිය වැරදුනු මුත් මගේ ප්‍රාර්ථනාව ඉටුවිය (ජොසප් විසින් මෙය තක්කඩි කමකිය හඳුනා ගනු ඇත )

    දෙවැන්න ඉකොනොමැට්ටගේ බ්ලොගයේදී කිවු එජාපයට අතට ගත් දේ කටට දමා ගැනීමට නොහැකි කථාවයි.
    ඒ ගැන යමක් කීමට අවශ්ය නැත.

    ReplyDelete
  9. අනාවැකි කීම මා සිත්ගත් කාර්‍යයක් නොවේ. මා කරන්නේ පූර්ව උපකල්පන කිහිපයක් මත රැඳෙමින් අප සතු තොරතුරු විශ්ලේෂණය කර විය හැක්කේ මෙය'ය යනුවෙන් නිගමනයකට හෝ නිගමන කිහිපයකට හෝ පැමිණීමයි. මෙය අනාවැකි කීමක් නොවේ. පසුගිය මැතිවරණයේදී මා කළ සරල උපකල්පනයක් ඉතා භයානක අයුරින් වැරදී ගියේය. එහෙත් ඒ සාදරයෙන් වැළඳ ගත යුතු ප්‍රවණතාවකි.

    අප පොහොට්ටුව ගැන කී දේ මෙසේය.
    "මේ තත්වය යටතේ බොහෝ දෙනා සිතන තරම් පොහොට්ටුවට ඡන්ද වැටෙන්නේ නැත. සාම්ප්‍රදායික ශ්‍රීලංනි පාක්‍ෂිකයින් බුරුතු පිටින් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙනු ඇතැයි සිතීම මුලාවකි {1}. කිසියම් කොට්ඨාශ ගණනක් ජී.එල්.පිරිස්ගේ පක්‍ෂය විසින් ජයග්‍රහණය කළත් ඊට හිමිවන මන්ත්‍රී ධුර සංඛාවෙන් බහුතරය ලැබෙනු ඇත්තේ සමානුපාතික ලැයිස්තුවෙනි {2}. මුළු ලංකාවෙන්ම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් සහ දිනා ගන්නා මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් මේ නව පක්‍ෂය තෙවැනි තැනට පත් වන බවනම් ස්ථිරය {3}."
    ඉහත ප්‍රකාශ තුනම කූජිත අයුරින් වැරදී යාම ගැන මේ ලෝකයේ වඩාත්ම සතුටු වන තැනැත්තා මමම වෙමි.

    ReplyDelete
    Replies
    1. උපකල්පන:
      1. මහින්ද රාජපක්‍ෂ, අද සිටිනා දේශපාලන නායකයන් අතර විශාලම ජනතා ආකර්ෂණයක් ඇති පුද්ගලයා වෙයි.
      2. එසේ වුවත්, සාම්ප්‍රදායික ශ්‍රීලංනි පාක්‍ෂිකයින් බුරුතු පිටින් මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙනු ඇතැයි සිතීම මුලාවකි.

      මින් පළමුවැන්න නිවැරදි වුවත් දෙවැන්න නිවැරදි නොවන බව සාමාන්‍ය සිංහලයා විසින් පසුගියදා සැක ඉතිරි නොකරම සාධනය කරන ලදී. ඉඳින් අනාවැකි පුස් වීම ගැන කවර කතාද?

      Delete
    2. මෙයට අමතරව තවත් කිව යුතු දෙයක් වෙයි.

      S.W.R.D. බණ්ඩාරනායක මහතා ශ්‍රී.ලං.නි.පක්‍ෂයේ බීජය රෝපණය කළේය. එය ආදරයෙන් රැක බලාගෙන ලොකු මහත් කර ගත්තේ බණ්ඩාරනායක මැතිණිය විසිනි. එහෙත් ඇගේ දියණියන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පිහිටා සිටියවුන් නොවේ. සුනේත්‍රා හා චන්ද්‍රිකා යන දෙදෙනාම කළේ ශ්‍රී.ලං.නි.පක්‍ෂයට සහ බණ්ඩාරනායක ප්‍රතිපත්තියට ද්‍රෝහී කම්ය. සමනළයා සමග පියඹා ගිය අනුර ද අවසන් කාලයේ සිටියේ එ.ජා.පයේය.

      බණ්ඩාරනායක දරුවන්ගේ ක්‍රියාකාරකම් වල කූටප්‍රාප්තිය, 2015 දී එම පක්‍ෂයේ අපේක්‍ෂකයා පරාජය කිරීම පිණිස තම පියා විසින් ගැරඬි කුණක් සේ විසි කර පැමිණි එ.ජා.පක්‍ෂයට සහය වීමයි. වසර තුනකට පසු චන්ද්‍රිකා කුමාරතුංග විසින් බණ්ඩාරනායක ව්‍යාපෘතිය අවසන් කරන්නේ ශ්‍රී.ලං.නි.පක්‍ෂය මරා දමමිනි.


      මා දකින අයුරින්, S.W.R.D. දරු සිව් දෙනෙකුගේ පියෙකි. අර කී දූ වරුන් දෙදෙනාම අවජාත දරුවන් වේ. බණ්ඩාරනායකගේ අතිජාත දරුවා ශ්‍රී.ලං.නි.පක්ෂයි. අවජාත දරුවන් තිදෙනා වෙන් වෙන්ව කළ හතුරු කම් හේතුවෙන් අතිජාත දරුවා මළ ඇඳේය.

      එය සතුටු විය යුතු කරුණකි.

      සිංහලයෙක් වීම අවමානයකැයි අදහන බව සිය මෑණියන් විසින් පවසන්නට යෙදුණු එක්තරා පුත්‍රයෙකුට කවදා හෝ දිනෙක පැමිණ පා තබා ගැනීමට ඉඩක් දැන් ශ්‍රී ලංකා ධරණී තලය මත ඉතිරිව නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !