Monday, February 5, 2018

ඔවුන් ඔබට සඟවන දෙය - 3

සෙනසුරාදා නීතිපති දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් "මහබැංකු කොල්ලයට" සැක කරුවන් ලෙස නම් කළේය.

ඉරිදා, එනම් නිදහස් දින, පාන්දර රහස් පොලීසිය කොල්ලුපිටියේ සහ ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇලෝසියස් සහ පලිසේන අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා 5 වැනිදා (අද) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ වනාහී බන්ධනාගාර බැඳුම්කරයේ මෙතෙක් කතාවයි.





ජනාධිපති සිරිසේන වෙත බැඳුම්කර වාර්තාව ලැබෙන්නේ දෙසැම්බර මාසයේ ය. ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරන්නේ ජනවාරි මුල් සතියේය. ඒකාබද්ධ විපක්‍ෂය නමින් පෙනී සිටින මන්ත්‍රී කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ විවාදයක් ඉල්ලා සිටි විට කතානායක ඒ සඳහා දිනයක් නියම කරන්නේ බැඳුම්කර වාර්තාව අත නැතිවය. ඒ නියම හොරා වන අගමැතිට රටට විහිළු සැපයීමට අවස්ථාව දීමට මිස වෙනකකට නොවේ. "කවුද හොරා ! - මමයි හොරා !!" ඒ අගමැතිගේ විකට රංගනයේ තේමාවයි.

දැන් බැඳුම්කර වාර්තාව (පිටු අඩුවෙන් හෝ) මහජනතාවට ලැබී ඇත. එහි පිටු අඩු-වැඩි බව හරියටම දන්නේ කොමසාරිස් වරුන් පමණකි. එහෙත් වෘත්තීය ආචාර ධර්ම අනුව ඔවුන්ට ඒ බව කිව නොහැක. මෙසේ තිබියදී නැවත වරක් බැඳුම්කර විවාදයට දින නියම කෙරිණි. ඒ අගමැති වික්‍රමසිංහගේ නියමය අනුව ජනවාරි 8 දිනයි - එනම් මැතිවරණ නීතිය අනුව නිහඬ කාලය තුලයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයට මැතිවරණ කොමසාරිස් එක් වූ නිසා එකී විවාදය 6 දිනට ගැනීමට අගමැති රනිල්ට සිදු විය. එහෙත් ඒ සාකච්චාවට සහභාගී වී සිටි ඇමති ලක්‍ෂ්මන් කරිඅල්ලගේ දැඩි විරෝධය මධ්‍යයේය. කරිඅල්ල එසේ විරුද්ධ වූයේ තනිකර තමාගේම අවශ්‍යතාවයට වීමේ ඉඩක් නැත.

එහෙත් රනිල් වික්‍රමසිංහ රටේ මහජනතාව සිතන තරම් මෝඩයෙක් නොවේ. ඔහු අත ඇති තුරුම්පු ගණන කාඩ් කුට්ටමේ ඇති තුරුම්පු ගණනට වඩා වැඩිය. පලිසේන සහ ඇලෝෂියස්ට විරුද්ධව තකහනියේ චෝදනා නගා අත්අඩංගුවට ගැනීම විග්‍රහ කළ යුත්තේ මේ සන්ධර්භය තුල වේ.


හෙට දින පැවැත්වෙන විවාදයේදී සභානායක කරිඅල්ල විසින් මේ කරුණ අධිකරණය ඉදිරියේ ඇති බැවින් ඒ ගැන වාද නොකළ යුතු බව ප්‍රකාශ කරනු ඇති බවත්, හෙට විවාදය කලින් විවාදයට වඩා කෝලමක් වන බවත් ස්ථිරය. සමහර විට හෙට ප්‍රධාන නළුවා වික්‍රමසිංහ වෙනුවට ලප-කුමාර යන සුරතල් නාමයෙන් අමතන ජ.වි.පෙ. නායක අනුර කුමාර සහෝදර තුමා වුවත් ඒ ගැන පුදුම විය යුතු නැත.


එසේම ශාක්‍ෂි විශ්ලේෂණය නොකර, චෝදනා හරි හැටි ගොනු නොකර, මේ කරන විගඩමේ අවසන් ප්‍රතිඵලය වන්නේ සැකකරුවන් පහසුවෙන් නිදහස් වීමයි. බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් මහා ධනස්කන්ධයෙන් මිලදී ගත නොහැකි නීතිඥයෙක් මේ ලංකාවේ නැත. එසේම නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙසේ ලුහු ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරුවන් තාක්ෂණික හේතු මත නිදහස් වීමේ වැඩි ඉඩකඩක් ද නිර්මාණය වන බව අමතක කළ යුතු නැත.

පසුව ගෙනෙන පනතක් මගින් මහබැංකු අධිපති ඇතුළු පිරිසකට මුල්‍ය කටයුතු සම්බන්ධව මුක්තිය පිරිනැමීමෙන් මේ නඩු කටයුත්ත අවසන් වනු ඇත.

එතකොට රවී???

කවුද රවී කියන්නේ...


ඒ වගත් මෙසේම...

2 comments:

  1. අනේ අපි ඕවට නෑ, ඕං කිව්වා.

    ReplyDelete
  2. මාත් මේ ඕවට ඉතිං අපි මක් කොරන්නද කියලා හිත හිත හිටියේ

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !