Monday, October 29, 2018

ලිච්ඡවී පාලනයක අවසානය !



වික්‍රමසිංහ පසුපස ලිච්ඡවී පාලනයක් ගැන කතා කිරීම නිවැරදිය. ලිච්ඡවීන් යනු සාමාන්‍ය මහජනයාගෙන් වියෝ වූ වෙනම ජන කණ්ඩායමකි. ඔවුන් ජන්මයෙන්ම වෙනස්ය - රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රත්වත්තේ, පාස්කරලිංගම්, චන්ද්‍රිකා, විග්නේස්වරන්, සුමන්තිරම්, අර්ජුන් මහේන්ද්‍රන්, කුමාරස්වාමි වැන්නන් ලංකාවේ ලිච්ඡවීන් වේ. මේ ගජ-මිතුරු කැල එකමුතුව රැස්වී එකමුතුව බී, එකමුතුව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන විසිර යාම ලිච්ඡවී පාලනය නම් වේ.

අනුර කුමාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වියන්ගොඩ පමණක් නොව දිවංගත සෝභිත උන්නාන්සේ ද, කීකරු ජයසූරිය ද ඉහත පෙලැන්තිය වෙනුවෙන් blog ලියන රචකයින්ද තරාතිරම කවරක් වුවත් එකී ලිච්ඡවීන් ගේ දාසයෝ පමණක් වෙති. විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ මහජනයා මාළිගාවේ දොරකඩට පැමිණ උද්ඝෝෂණය කරන තෙක් ලිච්ඡවීන්ට ඒ දුක දැනුණු බවට සඳහනක් නැත. අජාත ශැතෘයා පැමිණ ලිච්ඡවීන් කඩු ගා දමන විට මහජනතාව හුරේ දැමුවේ නම් ඒ විස්මපත් වන්නට හේතුවක් නොවේ.






සිදු විය යුතුව තිබුණු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සංධානය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය. ඒ ඉවත් වීම සමගම ජාතික ආණ්ඩුව, එනම් අමාත්‍ය මංඩලය අහෝසි විය. අමාත්‍ය මංඩලය අහෝසි වන විටම අගමැති ධුරයත් හිස් වන බැවින් මේ අවස්ථාවේ දී ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථාව අනුව අගමැති වරයෙක් පත් කළ යුතුව තිබේ. ඒ තැනැත්තා හිටපු අගමැති වරයාම හෝ වෙනත් මන්ත්‍රී වරයෙකු හෝ විය හැක. ව්‍යවස්ථාව අනුව සැළකිය යුත්තේ ජනාධිපතිගේ මතය අනුව නවක අගමැති වරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබේද යන කාරණයයි. මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ වෙත ඒ බහුතරය ඇති බවට බැසිල් රාජපක්‍ෂ විසින් ජනාධිපතිවරයාට සහතිකයක් දෙන්නට ඇත. එය සැබවින්ම තිබේද නැත්ද යන්න දැන ගැනීමට නම් පාර්ලිමේන්තුව කැඳවන තෙක් සිටිය යුතුය.



ලංකාවේ පාර්ලිමේන්තුව අරුම-පුදුම තැනකි. 1987 කුප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම් ප්‍රකාරව 13 වන සංශෝධනය ගෙන එන විට එය කියවා බලා විරුද්ධ වීමට ගාමිණී ජයසූරිය වැනි කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටියහ. 1999 දී චන්ද්‍රිකා විසින් ගෙන එන ලද "පොට්ටනිය" දෙමළ ත්‍රස්තවාදීන්ට දෙන කප්පමක් බව පැහැදිළිව පෙනී පෙනීත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් එය ගිණි තබන ලද්දේ එය චන්ද්‍රිකාගේ ඒකාධිපති ගමනට උදව්වක් බව කියමිනි. එවකට ආණ්ඩු පක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ වැනි ඇමතිවරු පැකේජය ඉවත් කර ගැනීමට බල කරන ලදී.

නමුත් 2015 අප්‍රේල් මස ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන එන විට ඊට විරුද්ධ වීමට සිටියේ එකම එක මන්ත්‍රී වරයෙකි. ඒ සරත් වීරසේකර මහතා බව සටහන් කර තබන්නේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

19 වැනි සංශෝධනය යනු දෙමළ ජාතිවාදය හා රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපතිවාදය යන තුච්ඡ බලවේගයන්හි දුසංයෝගයේ උච්ඡ ඵලයයි. 19 වැනි සංශෝධනය විසින් රනිල් වික්‍රමසිංහ තම හොර අගමැති කම නිත්‍යානුකූල අග්‍රාමාත්‍ය ධුරයකට පරිවර්ථනය කර ගනු ලැබූ අතර ව්‍යවස්ථාදායක සභාව නම් NGO එක හරහා රාජ්‍ය බලයේ සිංහල පංගුකාරීත්වය දුර්වල කරන ලදී. අගෝස්තු මස පැවති මැතිවරණය නිත්‍යානුකූල සහ එසේ නොවන කූටෝපක්‍රම හරහා ජයගෙන අග්‍රාමාත්‍ය තනතුරත්, කතානායක තනතුරත්, විපක්‍ෂනායක තනතුරත් තුනම එකවිට බදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත් කළේ වික්‍රමසිංහ විසිනි. එයින් අවසන් වශයෙන් සිදු වූයේ පාර්ලිමේන්තුව තුල තිබිය යුතු සිංහල හඬ යටපත් කිරීම මිස වෙනකක් නොවේ.



ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදි බණ දෙසීමට වික්‍රමසිංහට තරම් ශක්‍යතාවක් වැදිනායක ඌරුවරිගේ වන්නියාටවත් ඇත්නම් ඒ ලෝක පුදුමයකි. හිතේ එකක් තබාගෙන හාත්පසින් වෙනස් දෙයක් කිරීම වැදි සිරිතක් නොවේ. වික්‍රමසිංහගේ ඒකාධිපති වියරුව එළි දකින අවස්ථාවක් වන්නේ පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවයි. අසන ප්‍රශ්නයත් ප්‍රශ්නය අසන ගරු මන්ත්‍රීවරයාත් විහිළුවකට ගෙන වික්‍රමසිංහ කතා කරන්නේ අවුරුදු 40 ක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති ගරු මන්ත්‍රීවරයෙකුට වඩා අවුරුදු 10ක පාසැල් අත්දැකීම් ඇති මදාවි සිසුවෙක් බයාදු සිසුවෙක් ඉදිරියේ හැසිරෙන චන්ඩි විලාසයෙනි. කෙළින් හිට ගැනීමට නොහැකි බේබද්දෙක් සේ වැනි වැනි දෑත් වනමින් "මං කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න" කියමින් විකාර නටන වික්‍රමසිංහ පාලනය කර ගැනීම රටේ ගෞරවය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත යුතුව තිබුණු අනිවාර්‍ය පියවරකි.



වික්‍රමසිංහයා පාලනය කර ගැනීමට ජනාධිපතිට තිබූ හැකියාව පෙරද කී පරිදි 19 වන සංශෝධනය විසින් කූට ලෙස නැති කෙරිණි - නැතිනම් එසේ නැති කෙරිණි යැයි වික්‍රමසිංහ - සුමන්තිරන් - ජයම්පති නඩය විසින් උපකල්පනය කරන්න යෙදිණි. අනුර කුමාරයා ගැන ඉහත සඳහන් නොවන්නේ ඔහු කාර්‍ය භාරය අතින් වික්රමසිංහයාගේ සුනඛයාගේ භූමිකාවට එහා දෙයක් නොකරන බැවිණි. නිදහස් සංධානය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම විසින් ජනාධිපතිගේ දෑත් නිදහස් කර දුන් බව නීතිපති නිගමනය බව දැනට දැන ගන්නට තිබුණත්, එදා "අපේ ගොනා අපට හොඳා" කියා කොළොඹ පෙළපාලි ගිය එජාප කාන්තා නඩය සිහි ගන්වමින් අද එජාපය "අපේ ගොනා අපට හොඳා" කියමින් අරලිය ගහ මන්දිරය වටලාගෙන සිටී. මන්දිරය දමා යා නොහැකිව වික්‍රමසිංහ තෙමේද ගෙවලයෙක් සේ තවම එල්ලී සිටී.

මැදමුලන ජනේලයේ එල්ලී සිටි බව එජාප හිතවතුන් විසින් සමච්චලයට නැගූ එක්තරා සොඳුරු ආඥාදායකයෙකු අපේ සිහියට නැගේ. ඔහු 'මා තාමත් ජනපති', 'මා කිසිදා මේ මන්දිරය දමා නොයමි'යි පවසමින් අරලිය ගහ මන්දිරයේ රැඳී සිටි බවට වාර්තා නැත.

නීතිපති නිගමනය කවරක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ එකම බලාධිකාරයා ශ්‍රේෂ්ඨාධිකරණය වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිට මිස හිටපු ජනාධිපතිට (හෝ හිටපු අගමැතිට හෝ) නොවන බව වික්‍රමසිංහ සහ ඔහුගේ සහචරයින් විසින් අප මනාව දැනුවත් කර තවම මාස තුනක්වත් ගත වී නැත. ඒ නිසා වික්‍රමසිංහ විසින් කළ යුත්තේ තමන් සමග තවම සිටින මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය (උපකල්පනයකි!) ගේ මහගෙදර තාවකාලික පදිංචියට යාමයි. කරදරයට පත් වූ දරුවෙක් දෙමාපියන් විසින් එළවා ගැනෙන්නේ නැත. පොහොට්ටු පක්‍ෂයේ නායක පීරිස් මහතා ප්‍රකාශ කළ පරිදි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කීරීම අනතුරුව නිවී සැනහිල්ලේ කළ හැක. එවිට ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැන ගත හැකිය - එහෙත් එයත් කළ නොහැකි බව මේ අයියලාම එකල කීවා යන්තම් මතකය.



ජනාධිපති සිරිසේන ගත් පියවරයන්හි නිත්‍යානුකූල භාවය හෝ ව්‍යවස්ථානුකූල භාවය හෝ සම්බන්ධව අපට පැහැදිළි අදහසක් නැත. 19 වැනි සංශෝධනයට ඉඳුරා විරුද්ධ අප විසින් එකී සංශෝධනය උල්ලංඝණය කෙරෙන යමක් මෙහිදී සිදු වීනම් එහි වරදක් දකින්නේද නැත. අප පුන පුනා පවසා සටහන් කර ඇති පරිදි 19 වන සංශෝධනයේ අරමුණ රාජපක්‍ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමත් වික්‍රමසිංහ රටේ අභියෝග රහිත පාලකයා කිරීමත් සිංහල - විශේෂයෙන් බෞද්ධ - දේශපාලන බලය නිෂ්ක්‍රිය කිරීමත්ය. වික්‍රමසිංහගේ සුනඛයා ලෙස අප විසින් ඉහත හඳුන්වා දෙන්නට යෙදුණු අනුර කුමාරයා විසින් 20 වන සංශෝධණය ගෙන එන ලද්දේ ඉහත අරමුණ තවදුරටත් සාධනය කර ගැනීම පිණිසමය.



වික්‍රමසිංහගේ පැත්තෙන් ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදය යනු තමාගේත් තම ගජ-මිතුරු කැලගේ අභිප්‍රායන් ඉටු වීම මිස වෙනකක් නොවේ. යහපාලනය යනු ඒවා ප්‍රශ්න කරන්නට කිසිවෙකුට අවස්ථාවක් නැති කිරීමය. ලිච්ඡවී පාලනය යනු මැතිවරණ නොපවත්වා දිගටම බලයේ සිටීමයි. ලිච්ඡවී පාලනය ගැන ලිපියක් ලිවීමට එකලම ආරම්භ කළ මුත් අවසන් කළ හැකි නොවීය.

කොටින් කියතොත් රනිල් වික්‍රමසිංහ ලිච්ඡවී පාලනයක් ගැන කතා කිරීම නිවැරදිය. ලිච්ඡවීන් යනු සාමාන්‍ය මහජනයාගෙන් වියෝ වූ වෙනම ජන කණ්ඩායමකි. ඔවුන් ජන්මයෙන්ම වෙනස්ය - රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රත්වත්තේ, චන්ද්‍රිකා, විග්නේස්වරන්, සුමන්තිරම්, අර්ජුන් මහේන්ද්‍රන්, කුමාරස්වාමි වැන්නන් ලංකාවේ ලිච්ඡවීන් වේ. මේ ගජ-මිතුරු කැල එකමුතුව රැස්වී එකමුතුව බී, එකමුතුව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන විසිර යාම ලිච්ඡවී පාලනය නම් වේ.

අනුර කුමාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වියන්ගොඩ පමණක් නොව දිවංගත සෝභිත උන්නාන්සේ ද, කීකරු ජයසූරිය ද ඉහත පෙලැන්තිය වෙනුවෙන් blog ලියන රචකයින්ද තරාතිරම කවරක් වුවත් එකී ලිච්ඡවීන් ගේ දාසයෝ පමණක් වෙති. මෙහි උත්ප්‍රාසය නම් මොවුන් තමන් අයත් නොවන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටින සාමාන්‍ය ජනයා හැඳින්වීමට පසුගිය කාලය පුරා "වහලුන්" යන්න බහුලව යොදා ගැනීමයි (මේ චෝදනාවෙන් අප ගෞරවයට සැමදා පාත්‍ර වන ඉකොනොමැට්ටා තුමා නිදහස් කරමි).



වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් ලෝකය දිනා ගැනීමේ නාමයෙන් (ඔව් ! ලෝකය දිනාගෙන ඇත. අප පරාජය වී ඇත.) පසුගිය වසර තුන පුරා කළ ව්‍යසනය අප්‍රමාණය. 19 වන සංශෝධනයෙන් පටන් ගෙන, අතුරුදන් වූවන්ගේ කාර්‍යාලය පිහිටුවීම හරහා, ත්‍රස්තවාදීන්ට ලංකා ජනතාවගේ බදු මුදලින් වන්දි ගෙවීමේ පනත දක්වා ගත් නින්දිත පියවරයන් ආපසු හැරවිය යුතුව තිබේ. මහින්ද රාජපක්‍ෂ විසින් වර්තමානයේ තනා ගැනීමට උත්සාහ කරමින් සිටින ආණ්ඩුවට බහුතරය ලබා ගැනීම පිණිස ජාතිවාදීන්ට කප්පම් නොදී සිටීමට සිදු වෙතැයි කිසිම සහතිකයක් නැත. වික්‍රමසිංහ විසින් කරගෙන යමින් තිබූ දේ ඊට වඩා සාර්ථකව රාජපක්‍ෂ විසින් කිරීමට ඉඩ නැත්දැයි අපට සිතේ.

වික්‍රමසිංහ පිටුපස බටහිර (විශේෂයෙන් බ්‍රිතානිය හා එක්සත් රාජ්‍ය - ඔරුමිත්තනාඩුව) සිටියහ, තවමත් සිටියි. අද (හෝ ඊයේ) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් මිලට ගැනීමට මුදල් නැතිනම් වික්‍රමසිංහට ආධාර කිරීමට තමන් සූදානම් බවත් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් ය. ඒ ප්‍රකාශය සිංහලෙන් පළ කිරීමට අපගේ ගෞරවයට සැමදා පාත්‍ර වන ඉකොනොමැට්ටා තුමා නිර්ලෝභී විය. ඒ ගැන එතුමාට අපගේ ස්තුතිය වේ - ආමෙන් !



වික්‍රමසිංහ පසුපස එදා ඉන්දියාව සිටියේය. අද නැත. පසුගිය මාසයේ රාජපක්‍ෂ ඉන්දියාවට කැඳවූ අතර ඔහුට සත්කාර සම්මාන කර ලංකාවේ මීළඟ නායකයා ලෙස නිල නොවන මට්ටමින් පිළි ගන්නට යෙදිණි. එන පොට හොඳ නැති බව තේරුම් ගත් අප විසින් "මහාචාර්‍ය නලපත්ට සවන් දෙමු" මැයෙන් කතාවක් ඉදිරිපත් කළත් කිසි පාඨකයෙක් එය කමකට ගත්තේ නැත. එහෙයින් සිදු විය යුතුව තිබුණු සංවාදය ඇති වුණේ නැත. ඊළඟට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව කරළියට ආවේය. වික්‍රමසිංහ ඉන්දියාවට කැඳවුණු අතර ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ නොකළ කරුණු අඩංගු බයාදු ප්‍රකාශයක් කරමින් ඉන්දියාව ඉදිරියේ නිවට වීමට වික්‍රමසිංහට සිදු විය. ඉන් අනතුරුව පසුගිය බල පෙරළිය සිදු විය.

වික්‍රමසිංහ පිටුපස ඔරුමිත්තනාඩුව සහ මේස් නැති රැජිනගේ අධිරාජ්‍යය සිටීනම් රාජපක්‍ෂ පසුපස චීනය සහ ඉන්දියාව සිටී. මේ තත්වය හමුවේ දෙමළ සංධානය යන කූට නාමයෙන් සිංහලෙන් හඳුන්වන දෙමළ රාජ්‍ය පක්‍ෂය රනිල් වික්‍රමසිංහ සමග රජයක් සෑදීමට එක් වේ යැයි සිතිය නොහැක. අධිරාජ්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස එළිපිට පෙනී සිටින, පසුගිය සතියේත් ආණ්ඩු විරෝධී රැළියක් පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණට වික්‍රමසිංහ සමග හවුල් ආණ්ඩුවකට යාම කළ හැකි දෙයක් නොවේ. මෙහි අරුත පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 22 ක් බල සමීකරණයෙන් ඉවත් වන බවයි. නිදහස් සංධානයට හිමි මන්ත්‍රී ධුර 95 ක් බැවින් බහුතරය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය හැකි මුත් බහුතරය නොමැතිව පනත් සම්මත කර ගත නොහැකි හෙයින් වඩා තීරණාත්මක කටයුතු වලට ඉඩ ඇහිරේ. කළ හැකි එකම දේ එජාපයෙන් මන්ත්‍රී ධුර මිළදී ගැනීම හෝ ජාතිවාදීන්ට කප්පම් දීම හෝ පමණකි.

සිදු වන්නට යන්නේ මේ දෙකේ සංකලනයකි.

අපි බලා සිටිමු.

ඒ අතර 19 වන සංශෝධණය අහෝසි කිරීමට ජනමත විචාරණයකට යාමට හැකියාව ලැබේවා යි පතමු.



6 comments:

  1. කියන්නට තරම් දෙයක් නැත. මෙහි කියන දේ හා මත ගැටුමක්ද නැත.
    මේ බිහිවී ඇත්තේ අන්තර්වාර පාලනයකි. එනම් චන්දයක් පවත්වා නැවත සැබෑ ජනමතය කියවා ගන්නා තුරු තාවකාලික රජයකි.
    මේ රජය ට සිය පාර්ලිමේන්තු බලය තහවුරු කර ගැනීමට සිදුව ඇත්තේ නොයෙකු "ජිල්මාට්" හරහා පාර්ලිමේන්තුවේ සිටින උන්ගෙනි.
    කතා කතු කියනවා මෙන් මේ අවස්ථාවේ ජාතිවාදීන්ට කප්පම් දීමට වුවත් සිදුවිය හැකිය. ඒවා දීර්ග කාලීන බලපෑම් ඇති කරන කප්පම් නොවීමට වග බලා ගැනීම වත්මන් පාලකයන්ගේ වගකීමයි.

    අප කොතරම් කෑ ගැසුවත් යුක්ති ධර්ම දේශනා කලත් අපට පාර්ලිමේන්තුවනම් උත්තරීතර යැයි කියනු ලබන ආයතනය තුල බලයක් නොමැති බැවින් කල හැකි කෙන්ගෙඩියක් නැත.
    දැන්වත් සිංහලයා වික්‍රමසිංහ කවුද ඌගේ ලිඡ්චවී සගයින් (කථා කතුගේ මේ වදන මා ඉදිරියේදීද භාවිහා කිරීමට කැමැත්තෙමි ) කවුදැයි වටහා ගනු ඇතැයි මම සිතමි.
    ජන්මයෙන් සිංහල වුවද තමන් ග්‍රීන් බ්ලඩ් යැයි කියා ගන්නා දේශපාලන අනාතයින් පිරිසට අපි අනුකම්පා කරමු. උන් ක්‍රමයෙන් වඳ වීමට භාජනය වන දුර්ලභ සත්ත්ව කොට්ඨාශයකි.

    ReplyDelete
    Replies
    1. ලිච්ඡවීසිංහ ගේ ලිච්ඡවී පාලනය ගැන ලිපිය 2015 දීම ලිවීමට ගත්තත් නොයෙක් හේතු කරණ කොටගෙන එය අඩපන විය. එකල ඔහු එක්තරා සභාවක නමින් ජුන්ටාවක් සාදාගෙන සිටි බැවින් ජුන්ටාධිපති ගෞරව නාමය ඔහුට දී සිටියෙමි. දැන් මේ අවසාන අවස්ථාවේ මේ කථාව නොකීවොත් එය කීමට අවස්ථාවක් ඒ දැයි සැක සහිත බැවින් කියා දැමුවෙමි.

      නමින් ම කියැවෙන පරිදි මේ වනාහී වෙනම සත්ත්ව විශේෂයකි. අපට ආගන්තුක, අප බස නොතේරෙන, අපව ගණන් නොගන්නා අමුතුම කොට්ඨාශයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංගිරිසි පිටපත තබාගෙන විදෙස් තානාපති වරුන් ගෙන්වාගෙන පිස්සු කෙළින, අද හැලෝවීන් දා අරලිය ගහ මන්දිරය හොල්මන් මන්දිරයක් කර trick or treat සෙල්ලම කරන මේ හාදයා කණෙන් අල්ලා පස්සට පයින් ගසා එළියට ඇද දැමිය යුතුව තිබේ.

      Delete
  2. සිරිසේන ජනපති දැනට හොඳ වැඩ දෙකක් කර ඇත. එකක් නම් බය නැති ලීච්ඡවීයා හොඳටම බය කිරීමයි. අනෙක නම් රාජිතගේ අත් අඩංගුවේන් ඉවත් වීමයි. බල සමීකරණයෙන් ඡන්ද 22ක් ඉවත් වීදැයි පැවසීමට තාම වේලාසන වැඩි ය. "විදේශීය මැදිහත්වීම් වැලැක්වීම", "ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම", "නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම" ආදී ඕනෑම සටන් පාඨයකට මුවාවී ගාණක් කපා ගැනීමට ඇති අවස්ථාව ලොකු සහෝදරයා අතහරීවී යැයි සිතිය නොහැකි ය. සම්පන්දන් විස්වාස කළත් ලොකු සහෝ විස්වාස නැත.

    ප.ලි. නාට්ටියේ පිටපත ලියන එකාට කියන්න ඕන කථානායක චරිතෙ ඔච්චරටම පීචං කරන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. එසේමය.

      කට උල් කර බොරු කියන නායක සහෝදරයා මහතා ලිච්ඡවීසිංහ හාමු ගේ කීකරු සුනඛයා ය. ඔහු සහ ඔහුගේ සුනඛ පිරිවර තමන්ට උපදෙස් දෙන තානාපති කාර්‍යාලයෙන් එසේ උපදෙස් ලැබුණොත් ගිය සතියේ කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂනයත් අමතක කර ලිච්ඡවීසිංහ හාමු වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ තිබේ.

      කථානායක තනතුර පසුගිය වසර තුනට බාල්දු කර ඇති ආකාරය අනුව ඒ සම්බන්ධව වචන පිට කිරීමත් නාස්තියකි.

      Delete
  3. මෙම ලිපියේ ඉහලින්ම නිතීඥ්ඥ ගාමිණී පෙරේරාගේ විද්වත් පැහැදිලි කිරීම ඇතුලත් ව තිබීම අගයමි.
    මා එය මෙහි කමෙන්ටුවක් ලෙස ඇතුලු කිරීමට බලා පොරොත්තු වූයෙමි.
    ගාමිණී පෙරේරා මහතා මගේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ සගයෙකි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !