Friday, August 27, 2021

බලුකරුණාවතිය, මල්ලිකාව සහ අනාගමේ බුදුන්

බලුකරුණාවතී ඉස්සර කළේ රෙදි ජාවාරමකි. ඈට කුරුඳුවත්තේ පැත්තේ ලොකු රෙදි කඩයක් තිබිණි. ජාවාරම නැගලාම යන කාලයේ තව තව හන්දි වල කඩ දැම්මත් ඒවායින් එතරම් වගතුවක් නොවුණා පමණක් නොව හොඳට තිබුණු කුරුඳුවත්තේ කඩේ වෙළඳාමටත් එයින් වූයේ අලාභයකි. සීයට අරං දාහට විකුණන බලුකරුණාවතී ගේ කුරුඳුවත්තේ රෙදි කඩයට නිතර ආවේ ගියේ කෑ ගහන සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ නෝනා මහතුන් ය. ඒ ඈයින්ට මේවායේ ගාන කීයක් වුණත් ගාණක් නැත. නමුත් හන්දි ගානේ ඒ නමින්ම කඩ ඇරෙද්දී කුරුඳුවත්තේ පමණක් තිබෙන කාලයේ මෙන් නොව එක එක ඇච්චෝ බැච්චෝ ඒ කඩ වලින් රෙදි ඇරං අඳින්නට පටන් ගැනීම හේතුවෙන් අර සල්ලිකාර නෝනා මහතුන්ට අර කඩයේ තිබුණු "ගතිය" නැත්තටම නැති වී ගියාහු ය. හැමෝම අඳින්නේ ඒක නම් සීයේ කෑල්ලට දාහක් ගෙවන්නේ ඇයි.

විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.

විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.

අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.

අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම් කෙරුම් ය.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !