Showing posts with label ප්‍රබන්ධ. Show all posts
Showing posts with label ප්‍රබන්ධ. Show all posts

Friday, August 27, 2021

බලුකරුණාවතිය, මල්ලිකාව සහ අනාගමේ බුදුන්

බලුකරුණාවතී ඉස්සර කළේ රෙදි ජාවාරමකි. ඈට කුරුඳුවත්තේ පැත්තේ ලොකු රෙදි කඩයක් තිබිණි. ජාවාරම නැගලාම යන කාලයේ තව තව හන්දි වල කඩ දැම්මත් ඒවායින් එතරම් වගතුවක් නොවුණා පමණක් නොව හොඳට තිබුණු කුරුඳුවත්තේ කඩේ වෙළඳාමටත් එයින් වූයේ අලාභයකි. සීයට අරං දාහට විකුණන බලුකරුණාවතී ගේ කුරුඳුවත්තේ රෙදි කඩයට නිතර ආවේ ගියේ කෑ ගහන සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ නෝනා මහතුන් ය. ඒ ඈයින්ට මේවායේ ගාන කීයක් වුණත් ගාණක් නැත. නමුත් හන්දි ගානේ ඒ නමින්ම කඩ ඇරෙද්දී කුරුඳුවත්තේ පමණක් තිබෙන කාලයේ මෙන් නොව එක එක ඇච්චෝ බැච්චෝ ඒ කඩ වලින් රෙදි ඇරං අඳින්නට පටන් ගැනීම හේතුවෙන් අර සල්ලිකාර නෝනා මහතුන්ට අර කඩයේ තිබුණු "ගතිය" නැත්තටම නැති වී ගියාහු ය. හැමෝම අඳින්නේ ඒක නම් සීයේ කෑල්ලට දාහක් ගෙවන්නේ ඇයි.

විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.

විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.

අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.

අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම් කෙරුම් ය.




Friday, November 16, 2018

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

සුන්දර නිහතමානි ද මැල් සුන්දර මිනිසෙකි.
කිසිවෙකුට අපහාසයක් නොකොට කිව යුතු දේ කෙළින්ම කීමේ ප්‍රයෝගය ඔහු දනී. මේ හැකියාව ඇති පුද්ගලයන් අතලොස්ස අතරින් තමාගේ ස්‌වාධීන මතය හංගාගෙන මේ කියවන්නේ කියවන පාඨකයාගේ මතය බව ඔහුට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති පුද්ගලයින් අතිශය දුර්ලභය. රටේ සිදු වන්නේ හෝ සිදු නොවන්නේ හෝ කුමක් වුව උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා අප මුවගට මදහසක් ගෙන දීම සැමට කළ හැකි කර්තව්‍යයක් නොවේ.

එසේම සමාජය පිළිබඳ ඔහුගේ 'ඉව' තියුණුය. බුද්ධිමතුන් ලෙස සමාජයේ වැජඹෙන, නිසරු වදන් බෙනෙමින් ජනමාධ්‍යයේ අරක්-ගෙන අපට දේශනා දෙන ගොම්-බිජ්ජන් ගේ බොල් හඬවල් මෙන් නොව මානි ගේ ඉදිරිපත් කිරීම් සෘෂි භාෂිතයක් මෙන් ඉදිරි දැක්මකින් යුක්තය. මානිගේ තීරුවේ අද පළ වන ලිපියක් අදට වඩා වැදගත් වන්නේත් වටිනාකම වැඩි වන්නේත් තව වසරකින් හෝ කිහිපයකිනි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර මස මානිගේ තීරුවකි. උපුටා ගැනීම facebook පිටුවෙනි. බැඳිය පහළින්.




Monday, September 15, 2014

සරසවිගතවීම සහ ආරණ්‍යගතවීම

වැඩි කතාවක් ඕනේ නෑ, අද දෙතිස් කතාවේ පල වෙන්නේ කතාවක්වත් නොවන නිසා. විස්තර කරන්න ගියෝතින් මේ මුලු ලිපියම පලක් නෑ. ඒ නිසා කෙළින්ම කාරණේට බහිමු. පහත දැක්වෙන රචනය සරසවි සිසුවෙකුගේ බව පමණක් මෙහිලා සඳහන් කරමු.

ජිවිතාවබෝධය



Two monks
ආරණ්‍යගත වීම

Wednesday, July 31, 2013

මම සියල්ල අත හැරියා !



ගෙදර කවුරුවත් නැති අතරේ බුදුන් වඳින්න ගිය ඇයට බුදු හිමියන්ගේ මුහුණ බලාගෙන සිනහවක් පහල උනා

දැනට දින තුනක් තිස්සේ හේතුවක් හොයා ගන්න බැරි කාරනයකට ඇය ඔහුත් සමග අමනාපයෙන් සිටි වග ඇයට සිහි උනා, ගෙදර ගැටළුවක් ඇති උනෙත් නැහැ, ඒත මොකක්දෝ හේතුවකට ඇය අමනාපයෙන් වග ඇයටම වැටහුනා. ගෙදර වැඩකට උදව්වක් ගන්න ලොකු පුතාට කථා කලාම අම්මට මාවම විතරද පේන්නේ කියල මග ඇරල ගිය එකටත් ඇය තුල අමනාපයක් ගොඩ නැගිලා තිබුනු බව ඇය දැනගෙන හිටියා.

Thursday, May 16, 2013

නාම ගොත්ථං න ජීරතී !

සිරිසේන වෙද මහත්තයා කරගෙන යන්නේ කථාවක්ද නැත්නම් පම්පෝරියක්ද කියලා මම බලා උන්නා, උන්නැහැට අනුව මේ දහම් පාසැල මීට අවුරුදු හතලිහකට කලින් පටන් අරන් තියෙන්නේ උන්දැගේ තාත්තා. හැබැයි වැඩේ මම කරපු ගානට තමයි කථාව. මම අහල තියෙන හැටියටත් අපි පුංචිකාලේ දහම් පාසැල් ආපු මේ ගොඩනැගිල්ල හදල දීලා තියෙන්නේ ලොකු වෙදමහත්තයා තමයි. අපි කුඩා උන් කාලේ මේ ගොඩනැගිල්ල තිබුනේ නැහැ. එතකොට දහම් පාසැල තිබුනේ ඉස්කෝලෙ වත්තෙමයි.

ඒ කියන්නේ මේ හතලිස් වසරක් කියන්නේ ඒ කාලෙත් එක්කම වෙන්න ඇති.

කථාව හරියට කිය උනේ ලොකු හාමුදුරුවන්ගේ කතාවෙදි තමයි.

අපේ ගමට දහම් පාසැලක් නොතිබුනු නිසා කනගාටු වුනු ඒකාලේ අපේ ගමේ ඉස්කෝලෙ උගන්නන්න ඇවිත් හිටපු අනුරාධපුරේ හේරත් මහත්තයා තමයි මුලින්ම මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ මහත්තයා හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ඉස්කෝලෙම දහම් පාසැල පටන අරන් තියෙනවා. එතකොට නම නිකම්ම "දහම් පාසැල" විතරයි.

ඔහොම අවුරුදු තුන හතරක් යනකොට හේරත් මහත්තයාව ගමට මාරු කරලා, ඒ වෙලාවේ තමයි එතකොට හිටපු අපෙ වයසක ලොකු හාමුදුරුවෝ වෙදමහත්තයාටයි තව ගමේ කට්ටියට කියලා පාසැල් වත්තේ ගොඩ නැගිල්ලක් හදලා දහම් පාසැල පටන් අරන් තියෙන්නේ. එතකොට මේකට නම් කරලා තියෙන්නේ "රාහුල දහම් පාසැල" කියලා. අපි යන කාලේ ඒක තිබුනේ එහෙම තමයි.

ඊටත් කලකට පස්සේ පොත් ගුලක් එහෙම හදලා පන්ති කාමර වැඩි කරලා ගුරු මණ්ඩලේ එහෙම වැඩි උනාට පස්සෙ තමයි මේක "ධර්මගවේශි ධර්ම විද්‍යාලය" කියලා අපේ දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ වැඩි දියුනු කරල අරන් තියෙන්නේ. ඒ මීට අවුරුදු දහයකට විතර උඩදී. ඔන්න ඔහොමයි දහම් පාසැල අද තියෙන තැනට ඇවිත් තියෙන්නේ.

එතකොට මේක පටන් අරන් තියෙන්නේ හේරත් මහත්තයා ඒ මහත්තයා මේක පටන් ගත්තේ ඇයි කියලා අද ඉන්න කවුරුවත්ම හරියට දන්නවා ඇතිද ? මට නිකමට හිතුනා.

ඒ අවුරුදු හතලිහකට කලින්. ඒ මහත්තයා දැන් ජීවතුන් අතරද කියලවත් දන්නේ නැහැ. එතකොට ඒ දහම් පාසැල පටන් ගත් බිමත් මේක නෙවෙයි ඉස්කෝලෙ වත්තේ. එදා පාවිච්චි කල ගොඩ නැගිලි කොහොමත් දහම් පාසැලට අයිති නැහැ. එදා හිටිය අනිත් එකම ගුරු වරයා වෙලා තිබුනේ අපේ හිටපු ලොකු හාමුදුරුවන්ගේ තනිකඩව හිටපු මල්ලි, ඒ මහත්තයාත් වලපල්ලට ගිහින් දැන් හුඟ කල්. එදා දහම් පාසැලේ නමත් ධර්ම ගවේශි ධර්ම විද්යාලය නෙවෙයි. එතකොට මොකකටද අවුරුදු හතලිහක ඉතිහාසයක් තියෙන්නේ. පටන් ගත්තු නමත් නැහැ, මිනිස්සුත් නැහැ, තැනත් නැහැ, ඒත් ඉතිහාසයක් තියෙනවා.

එක පාරක් මල ගෙදරකදි තිලක් අයියා කියපු කථාවක් මට මතක් උනා, ගොවි මහත්තයෙක් හිටියලු උන්දෑ කියනවාලු උන්දැගේ උදැල්ලට වයස විසි පහක් කියලා හැබැයි බැලූ බැල්මට අළුත් උදැල්ලක්ලු. ඉතින් අහලා බැලුවහම අවුරුදු විසි පහකට කලින් උදැල්ලක් ගත්තලු ඊලඟ අවුරුද්දේ අළුත් මිටක් දැම්මලු. ඊඅලඟ අවුරුද්දේ තලේ ගෙවිලා හින්දා අළුත් තලයක් දැම්මලු. ඔය විදියට අවුරුද්දක් හැර අවුරුද්දක් තලයකුයි මිටකුයි මාරු කරනවාලු. හැබැයි එකම උදැල්ල තමයි උන්දෑ පාවිච්චි කරලා තියෙන්නේ. එදා ඒ කථාවට අපි හැමෝම බඩ අලාගෙන හිනා උනා. ඒ උනාට දැන් මට හිතෙනවා මේ දහම් පාසැලේ ඉතිහාසෙයි අර උදැල්ලේ කථාවයි මොකක්දෝ හේතුවක් නිසා එක වගේ කියලා.

මට නොතේරෙන මොකක් හරි අවුරුදු හතලිහක් තිස්සේ තියෙන්න ඇති අන්තිමට මම හිතාගත්තා.
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !