වැගන් R හොඳම නෑ ... කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් හොඳාආආආයි ! |
ලංකාවේ ආර්ථිකය පවත්නේ අර්බුදයකය. විශේෂයෙන්ම ගෙවුම් ශේෂය පවත්නේ යහපත් තත්වයක නොවේ. එසේ තිබියදී රජයේ සේවකයන්ගේ මෙතෙක් නවතා තිබූ වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කළේය. දැන් මේ නිකුත් කළ බලපත්‍ර සියල්ලටම වාහන ආනයනය කෙරෙනු ඇත. ඒ සඳහා රටේ විදෙස් මුදල් සංචිත වැය වේ. බලපත්‍ර වලට ආනයනය කෙරෙන්නේ එන්ජින් ධාරිතාව 660 පොඩි වාහන නොවේ. රජයට අය විය යුතු බදු මුදල අඩුම වශයෙන් රුපියල් ලක්‍ෂ 35 ක් පමණ වන එපමණ හෝ ඊටත් වැඩි හෝ විදෙස් මිලක් දරණ වාහන මේ යටතේ ඇණවුම් කෙරෙනු ඇත.
බලපත්‍ර සියල්ලටම වැඩි මිල වාහන ගෙන්වනු ලැබුවත් ඒ සියළු වාහන බලපත්‍ර ලාභින් විසින් තමන් උදෙසාම ගෙන්වන්නේ නැත.
බලපත්‍ර ලාභින් කොටස් කිහිපයකි.
- එක කොටසක් තමාට යහමින් මුදල් ඇති බැවින් සහ දැනටත් වාහනයක් ඇති බැවින් බලපත්‍රය විකුණති. ඒ ක්‍ෂණික ලාභයකි.
- එවැනි සමහරු තමන්ම වාහනයක් ගෙන්වා එය විකුණති. සාපේක්‍ෂව වඩා කල් ගත වුවත් පළමුවැන්නට වඩා ප්‍රතිලාභය මෙහි වැඩිය.
- යහමින් මුදල් ඇති සහ දැනටත් වාහනයක් ඇති දෙවන කණ්ඩායම තම බලපත්‍රයට වාහනයක් ගෙන්වාගෙන පැරණි රථය විකුණති.
- දැනට වාහනයක් නැති මුත් යම් මුදලක් ඇති උදවිය තමන් උදෙසා වාහනයක් ගෙන්වා ගනිති.
- එසේත් නැති අය කරන්නේ බලපත්‍රය විකුණා දමා දැනට වෙළෙඳපොළේ ඇති පැරණි රථයක් හෝ අඩු ධාරිතාවක කුඩා වාහනයක් හෝ මිළදී ගැනීමයි.
- එයත් කළ නොහෙන අයවළුන් බලපත්‍රය විකුණා දමා බසයෙන් වැඩට යති.
ඇමති මංගල පිංසිරි සමරවීර තම පැහැදිළි කිරීමෙන් අපට පෙන්වා දෙන්නේ මේ කටුක සත්‍යයයි. සරළව කිවහොත් වරප්‍රසාදලාභී කිහිප දෙනෙක් විසින් රටේ විදෙස් සංචිතය ගසා කෑමේ අනිෂ්ඨ ප්‍රතිඵලයයි.
පිංසිරි ඒ සඳහා "පංචවිධ" විසඳුමක් ද යෝජනා කරයි. ඒ බලපත්‍ර වලට ගෙන්වනු නොලබන, අඩු ආදායම්ලාභීන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති අඩු මිලැති වාහන උදෙසා බදු වැඩි කිරීමයි. බලපත්‍ර ලැබුවත් වාහනයක් ගෙන්වීමට මුදල් නැති සහ බලපත්‍ර නොලබන දහස් ගණනකට මේ තීරණය හේතුවෙන් තමාගේ වාහනයක් අයිති කර ගැනීමේ බලාපොරොත්තුව දුරස් වේ. එසේම දැනටත් වාහන ඇති අයවළුන්ට නිදහසේ ගමන් බිමන් යෑමේ වරම හිමි වේ.
ඒ හැරුණු කොට මෙහි තවත් පැත්තක්ද තිබේ. 660cc ධාරිතාවේ ජපන් වාහන ලංකාවට පැමිණීමෙන් පහර වදින්නේ 800cc සහ 1000cc කාණ්ඩ වල ඉන්දීය, මැලේසියානු සහ කොරියානු වාහන ගෙන්වා බෙදා හරින ආයතන වලටයි.
උදාහරණයක් ලෙස මෙතෙක් ලංකාවේ වැඩිපුරම විකිණෙමින් තිබූ ඉන්දීය මරුති සුසුකි ඇල්ටෝ 800cc රථය අභිබවා ජපන් සුසුකි වැගන් R රථයත්, ජපන් ඇල්ටෝ රථයත් අළෙවි වෙමින් තිබිණි. මැලේසියානු පෙරෝදුවා සහ කොරියානු කියා මෝටර් රථ වෙළෙඳ පොළෙන් විසි වී යාමේ අවධානමක් තිබිණි. හරි හැටි ආදායම් බදු වත් නොගෙවන ජපන් වාහන ආනයන කරුවන් විසින් වාහන නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්ගත ලංකාවේ නිල ඒජන්ත සමාගම් ගසා කෑම වැළක්වීමට රජයකට යුතු කමක්ද තිබේ.
මේ නව බදු වෙනස් කම හේතුවෙන් ඉහත අභිප්‍රාය (එවැන්නක් ඇත්නම්) නම් සැබැවින්ම ඉටු වේ.
බදු වෙනසට පෙර වෙළෙඳ පොළේ 660cc ජපන් ඇල්ටෝ රථයක් සහ 800cc ඉන්දියන් ඇල්ටෝ රථයක් සමාන මිල මට්ටම් වල තිබිණි. බදු වෙනස හේතුවෙන් ජපන් රථය ඉන්දීය රථයට වඩා අඩු තරමින් රුපියල් ලක්‍ෂ දෙකක් මිල වනු ඇත. ඒ කාණ්ඩයේම අඩු මිළට පැවති ඩයිහට්සු Mira, නිසාන් dayz, සහ මිට්සුබිෂි EK wagon රථ ඉන්දීය සුසුකි Celerio රථයේ මිළ අභිබවනු ඇත. එසේම ලංකාවේ වෙළෙඳ පොළේ වැඩියෙන්ම අළෙවි වෙමින් තිබූ ජපන් සුසුකි Wagon R රථයේ මිළ පෙරෝදුවා Axia රථයේ සහ කියා Picanto හි මිළ ඉක්මවනු ඇත.
මෙයින් ඒ ඒ වාහන ගෙන්වා බෙදා හරින ආයතන වලට වන්නේ යහපතකි. WagonR ගෙන්වනු ලබන්නේ AMW යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් AMW සමාගමට අත්තිකාරම් ගෙවා මාස තුනක්-හතරක් බලා සිටින ගොබිලන් ලංකාවේ නැත. ලාංකිකයන් WagonR ගන්නේ නමක් වත් හරි හැටි නොදන්නා සේල් වලිනි. මේ සේල් වල අළෙවියට පෙර කෙරෙන මවා පෑම් සහ අළෙවියෙන් වගකීම් ගැන කතා කිරීමේ සුදුසු කම් අපට නැත.
ලංකාවේ වාහන ගැන වෙන දවසක කතා කරමු.
මට දීපල්ලා ළම්බෝගිණි එකක්, මුන් එක්ක රේස් පැදලා මැරෙන්න !
ReplyDeleteරනිල් වික්කමසිංහ නොව, රිචඩ් නික්සන් ආවත් ලැම්බෝගිණි නිකං දෙන්නේ නැත. ඒවාට බදු අඩු කර තිබෙන්නේ ඇති හැකි අයට මිලට ගෙන පැදීම පිණිසය.
Deleteකාර් බදු මොනවද අප්පා....
ReplyDeleteතියෙන කර්මාන්ත සොච්චමත් ගෙන්වා ගත් අමුද්‍රව්‍ය ටිකට බදු ගෙවා ගන්න බැරුව. අළුතින් ආ දහසකුත් එකක් බලපත්‍ර කොන්දේසි ඉටු කර ගන්න බැරුව. කන්ටේනර් පිටින් වරායේ හිරවෙලා. ලක්ෂ ගනනින් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඉහ අත් බදාගෙන ඉන්නවා.
තව හය මාසයක් මෙහෙම ම ගියෝතින්......
අනේ මන්දා
එක්කෝ ඔනේ නැහැ....
ඔව් ඇත්ත; අන්න සිංගප්පූරු ගිවිසුමේ තීරු බදු නිදහස් බාන්ඩ ප්‍රසිද්ද කරලා.
DeleteAslams
ReplyDeleteHello. How may I help you?
Visitor
tell me the price of Ertiga
Aslams
3:14 pm
Hi good afternoon sir
Im sorry we do not import it at the moment sir
Visitor
how about CelerioX?
Aslams
We have only Alto, WagonR and CelerioX.
CelerioX ZXI (O) AGS approx price is Rs. 3,030,000
Visitor
it's 1000cc i suppose?
Aslams
Yes sir
Visitor
when i checked last time @ BMICH it was less than 3m.
that was during June as I remember
Aslams
Okay sir
Visitor
now the tax is reduced by 250 000 by the government, isn't the prices supposed to be lower?
Aslams
The price before was Rs.3,100,000
Visitor
well, that means the agents @ BMICH lied to me. that's okay. The price they told me was 2,900,000 & 3,095,000 for WagonR.
How much is the WagongR now?
Aslams
SUZUKI WAGONR Premium Hybrid (Japan) Selling price is Rs.3,500,000
Visitor
government increased the tax for WagonR. It's understandable.
Aslams
Yes sir.
Visitor
but i was never really interested on WagonR. I was interested on CelerioX & Perodua Axio.
Since government reduced tax by 250,000 I was expecting a considerable reduction of price.
Aslams
I am sorry sir this is the price we are selling the CelerioX for
Visitor
Yea, You can't help here.
During June, CelerioX was 2,990,000 may be and 3,225,000 for Axio. I expected a substantial reduction. Now it seems my hope is hollow.
Aslams
Sir Maybe you can try negotiating and get it for a lower price
Visitor
You have stopped Celerio, is it?
Aslams
Borella showroom - 0112690040
No sir we sitll import it
Visitor
Thanks for the phone number. What is the price of Celerio?
Aslams
Still*
Sorry sir We only import the CelerioX, Not the Celerio, Im sorry that was a mistake.
Visitor
that's okay. mistakes happen.
your website says the DZIRE will be available soon.
any idea about the price?
Aslams
No sir we have not yet been informed on the details On the vehicle
We will inform you on its availability sir
I will need your contact details for that, Your name ,number and email sir
Visitor
what is the price for Alto 800?
Aslams
SUZUKI ALTO with Airbag Selling price is Rs.2,342,000
Visitor
this includes the staggering tax amount of 1,500,000 imposed by the government.
am i correct?
Aslams
Yes sir
Visitor
so the actual price of the vehicle shall be 842,000 including the company profits and other costs.
see, how an ordinary person buy a vehicle in this cursed country.
Aslams
Yes sir I understand
Visitor
apita panchavidha kaar akkage pite thamayi malli yanna wela thiyenne.
Aslams
Yes sir
Visitor
balamu malli, let's see. ilanga changen passe balamu.
tan Q
Read
Aslams
Okay sir. You're welcome sir.
Thank you for visiting Suzuki Sri Lanka website.
Have a nice day
Please be kind enough to rate the above chat with a thumbs up
You rated our customer service as good.
You left the following comment: good boy