Thursday, August 23, 2018

තෙසක රියට ඇයි මේ ගැරහුම්


පොදුවේ සිංහලයන්ට ඇමතීමේ දුර්වලතාවය ඇතත් සාමාන්‍ය එජාප අනුගාමිකයන් මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මුග්ධ තකතීරුවෙක් නොවේ. ඔහු අතේ නොගෑවී අශූචි බුදීමේ රුසියෙකි. උපක්‍රමය සරලයි - පුලතිසිපුරයේ සරල ගමරාළට නොතේරුණත් වික්‍රමසිංහ සැම විටම හැන්දක් භාවිතා කරයි. ඒ ඒ ගූ වලට ඒ ඒ හැන්ද.
මේ කියන්නේ සිරස ගැන පමණක් නොවේ
අතේ නොගෑවුනත් කටේ නොගෑවී බුදිනු කිසිවෙකුට නොහැක. එබැවින් රනිල් වික්‍රමසිංහගේ මුවින් නිබඳ දුගඳක් හමයි. අර්ජුන් මහේන්ද්‍රන් නම් හැන්ද දමා මහබැංකුවේ ගූ කෑ වික්‍රමසිංහ ඒ ගඳ පිට කළේ තමන්ගේ හෙන්චයියන් දමා කොමිසමක් පත් කිරීමෙනි; එසේම ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්ද කළේය. සාමාන්‍ය ආර්ථික හැකියාවක් ඇති මිනිසුන්ගේ ආකර්ෂණය දිනූ වාහන වලට තෝරා බදු ගැසීමෙන් ඔහු තව වරක් ගූ බාල්දියක්ම කා ගත්තේය. එවර හැන්ද බවට පත් වූයේ අමාත්‍ය මංගල පින්සිරිය. ගඳ පිට වූයේ වැඩි කළ බදු අඩු කරන්නේ කවදා දැයි විමසා යැවීම මගිනි.

වික්‍රමසිංහ හැන්දෙන් කෑ අලුත්ම ගූ තැටිය ත්‍රිරෝද රථ වල මගී ප්‍රවාහනය කිරීමේ අවම වයසක් ප්‍රකාශයට පත් කිරීමයි. මෛත්‍රීපාල ඉක්මන් වීම හේතුවෙන් වික්‍රමසිංහට අනුභව කිරීමට නොහැකි වූ මේ ගූ ගොඩ හැන්ද, එනම් නිමල් සිරිපාල, මතම ඉතිරි විය.





පෞද්ගලිකව අප කැමති වාහනයක් නොවේ ත්‍රිරෝද රථය. වාහන එතරම් නොදුවන හොඳ තත්වයේ මහාමාර්ග නොමැති දුගී රටවලට මිස රථයේ වෙළෙඳ වටිනාකම මෙන් 200-300% බදු ගෙවා වාහන අත්පත් කර ගන්නා මිනිසුන් වෙසෙන අප වැනි රටකට මේ රථය ගැළපෙන්නේ නැත. නමුත් ඒ දැන්ය.

වික්‍රමසිංහගේ ස්වාමින් වන ජාත්‍යන්තර ප්‍රජාව අන්දමන්ද කරමින්ද, ත්‍රස්තවාදය හෙළා දකින මුළුමහත් ලෝකය අමන්දානදයට පත් කරමින්ද එදා මහින්ද රාජපක්‍ෂ රජය විසින් දෙමළ ත්‍රස්තවාදී ව්‍යසනය දුරිභූත කරන ලදී. අතතුරුව එළැඹුණේ යටිතල පහසුකම් සංවර්ධන සංග්‍රාමයයි. පයින් නැතිනම් බයිසිකලයෙන් පමණක් යා හැකි දෙවැටවල් නියරවල් කොන්ක්‍රීට් දැමූ මාර්ග බවට පත් වන්නේ මේ හේතුවෙනි. කොළොඹ නගරයේ සහ නගරය වෙත දිවෙන මහා මාර්ග පුළුල් වීම ඇරඹෙන්නේ ඒ සමගය. ත්‍රස්තවාදය විසින් වෙලා ගත් හේතුවෙන් සංවර්ධනය නොදුටු උතුර මහාමාර්ග දුම්රිය මාර්ග සමග රටේ අනෙක් පෙදෙස් හා සම්බන්ධ වීම ඇරඹිණි. ලංකාවේ එතෙක් නොතිබි අධිවේගී මාර්ග අත්දැකීම ශ්‍රී ලාංකිකයන් විසින් විඳ ගන්නේ ඒ සංවර්ධනය හේතුවෙනි. කොටින්ම කියතොත් හුස්ම ගැනීමට ඉඩකඩක් වේලාවක් එදා ඒ රජය යටතේ තිබුණේ නැත.

අනතුරුව බලය ලබා ගත් වික්‍රමසිංහ මේ සියලු සංවර්ධන කටයුතු නවතා දැමුවා පමණක් නොව රාජපක්‍ෂ විසින් තැනූ සම්පත් තම ගජ-මිතුරන් හරහා විකුණා දමමින් ද සිටී. රටට යමක් ඉතිරි කළ සංවර්ධනයෙන් රාජපක්‍ෂලා කොමිස් ගැසුවේ යැයි චෝදනා කළ වික්‍රමසිංහ ඒ ඉතිරි කළ දේ විකුණා දමන විට කොමිස් ගන්නේ නැතිද ? රාජපක්‍ෂලාගේ සංවර්ධන සංග්‍රාමය නැවතූ හෙයින් මහජනයාට හුස්ම ගැනීමේ ඉඩක් නම් ලැබුණු බව සැබෑය. "හුස්ම ගත්ත වසර තුනක්" ගැන වික්‍රමසිංහලා පාරම් බාන්නේ මේ හේතුවෙනි. දැන් අවුරුදු තුනක් අවසන්ය - තව ඇත්තේ අවුරුදු දෙකක් පමණකි. ඒ අවුරුදු දෙක තුල වික්‍රමසිංහ විසින් හුස්ම ගැනීම උදෙසා බද්දක් නියම කිරීමට කැබිනට් පත්‍රිකාවක් පරිසර ඇමැති (එනම් ජනපති) ලවාම ගෙනෙනු ඇති බවට මෙන්න කැට !

වික්‍රමසිංහ එතරම් හිඟන්නෙකි. මහා ආර්ථික ඔස්තාද් ලා ලෙස පෙනී සිටි ආචාර්‍ය හර්ෂ ද සිල්වා වැනි ඇමතිවරු ජනමාධ්‍ය ඉදිරියේ සාමාන්‍ය නිවේදකයින් අතින් කිච වී පීචං වී කට උත්තර නැති වී යන්නේත්, රාජ්‍ය අරමුදල් විශාල වශයෙන් වැය වන යුධ සංග්‍රාමයක්, සංවර්ධන සංග්‍රාමයක් වැනි කිසිවක් නැතත් හැම දේකටම, ළමා ඉතුරු කිරීම් වලට පවා, බදු ගැසීම ඇරඹෙන්නේත්, අපේ මිත්‍ර ඉකොනොමැට්ටා තුමා විසින් අඩු ආර්ථික වර්ධන වේගයත් ඉතා හොඳ නරකම නැති බවට විශේෂඥ විස්තර විචාර ඉදිරිපත් කරන්නේත්, ඉදිරියේදීත් අපට ගොඩ යෑමක් නැති බවට ඇමරිකාවේ වෙසෙන එතුමන්ලා අපට වඩා හොඳින් දන්නා නිසාය. ලංකාව දියුණු වීමෙන් ඉකොනොමැට්ටා තුමාලාගේ රට වන ඇමරිකාවටවත් රනිල් වික්‍රමසිංහ තුමන්ලාගේ කෙළි මඩල වන සිංගප්පුරුවටවත් වැඩක් නැත. ලංකාවෙන් ගත හැක්කක් ඇත්නම් ගැනීම පමණකි ඔවුන්ට අවශ්‍ය.

ඉකොනොමැට්ටා ඔලුවෙන් හිටගෙන කීවත්, රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජ-මිතුරු නඩය ලංකාවේ ආර්ථිකය නැති භංගස්ථාන කරමින් සිටී. රැකියා දස ලක්‍ෂයක් දෙන්නෙමැයි ගර්ජනා කරමින් බලයට පත් වුනත් දුන් රස්සාවකුත් නැත. රජයේ රස්සා දීමට නම් රජය වැඩක් කළ යුතුය. මහජනතාවට විහිළු සැපයීම හැර මේ රජය කරන වැඩක් නැති බැවින් රජයේ රස්සා දීමේ හැකියාවක් නැත.

තමන්ගේ රජයක් යටතේ විදෙස් ආයෝජකයින් ගෙන බවත් ඒ ආයෝජකයින් හා ගිවිසුම් දැනටත් අත්සන් කර ඇති බවත් පැවසූ ඇමති වරු ගලේ පැහැරූ බළලුන් බවට පත් වී සිටින විට නොයෙක් ආකාරයේ බදු පැනවීම් වලින් දේශීය ව්‍යාපාරිකයා පීඩනයට පත් කර ඇත. මේ ලබා ගන්නා බදු මුදලින් කරන්නේ මන්ත්‍රී වරුන්ට පගාව දීමත් (උදා: අධීක්ෂණ මන්ත්‍රීන්ට ලක්‍ෂ දෙක බැගින් ගෙවීම), ඇමති වරුන් වාහන ගෙන්වීමත්, තම හෙංචයියන් සහ හෙංචක්කන් රජයේ වගකිව යුතු තනතුරු වලට පත් කර ලෝකේ කොහෙවත් නැති පඩි-නඩි-දීමනා ගෙවීමත් (උදා: ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගුවන් සමාගම), සහචරයන් පිරිවරා විදේශ සංචාර යාමත්, තමන්ට බලයට පැමිණීමට අත-හිත දුන් ඊනියා දෙමළ ඩයස්පොරවල් හා ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමට සිංහලයාට, විශේෂයෙන් බෞද්ධයාට, පහර දීමත් පමණි.

මේ තත්වය යටතේ පාසල් අවසන් කළ අනාගත ආර්ථික සුරක්‍ෂිතතාව සොයන තරුණයෙකුට තිබිය හැක්කේ විකල්ප දෙකකි. එකක් ජනතා විමුක්ති පෙරමුණට බැඳී කැලෑ වැදී තුන් වන විප්ලවය සාර්ථක කරගෙන නිර්ධන පංති රාජ්‍යය බිහි කර ගැනීමයි. අනෙක ත්‍රිරෝද රථයක් කෙසේ හෝ අතට ගෙන හංදියට පැමිණීමයි. ජනතා විමුක්ති පෙරමුණත් අනුර කුමාර දිසානායක විසින් දවස් කුලියට පෝස්ටර අලවන, උද්ගෝෂණ කරවන මෑන්-පවර් කොම්පැණියක් බවට පත් කර ඇති බැවින් පළමු විකල්පයද සැබෑ නොවන සිහිනයක් පමණි - අර රෙද්ද තෙමාගෙන ආ පංචවිධ අක්කාගේ කාර් එක මෙනි.

වික්‍රමසිංහගේ ආණ්ඩුවටද බරක් නොවෙමින්, වයසට යන දෙමාපියන්ට ද ශක්තියක් වෙමින්, තමාගේම ආර්ථික ස්ථාවරත්වයක් ද ලබාගෙන ගෙදර නාකි නොවී, පවුලක් පන්සලක් වී, දරු මල්ලෙක් හදාගෙන නිවී සැනහිල්ලේ ඉන්නට පෙරුම් පිරූ තරුණ ජිවිත කාලකන්ණි කිරීමට වික්‍රමසිංහ විසින් සිරිපාල ලවා මේ ගෙනා කැබිනට් පත්‍රිකාව කුණු කූඩයට විසි කිරීම සිරිසේන විසින් කළ සාධනීය කර්තව්‍යයකි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් කැඳවීමට ජනාධිපති සිරිසේනට අදහස් පහළ වේවා !



6 comments:

  1. දෙතිස්,

    යහපාලන අගමැටි වැඩ ඇල්ලුව‌ෙ ලාබ ලබන සමාගම් ගනනාවකට ක‌ොහ‌ෙවත් නැති බිලියනයන ගනනක බද්දක් පටවලා මහ බැංකුවට ග‌ෝලය‌ො දමල බිලියන ගනනක් හ‌ොරා කාලා නිසා වසර තුනක් යනක‌ොට මෙරට ව්‍යාපාර කටයුතු කරන ප්‍රධාන සමාගම් ගණනාවක ව්‍යාපාර කටයුතු 20% කින් පමණ කඩා වැටී ඇත.

    2018 වසරේ පලමු කාර්තුව තුළ මෙරට මූල්‍ය තත්ත්වය දැනුම්දීමට භාණ්ඩාගාරය විසින් පාර්ලිමේන්තුව ඇති වාර්තාව තුළ මේ බව සඳහන්ව ඇත.

    ජෝන් කීල්ස් සමාගම 68% කින්, රිචඩ් පීරිස් සමාගම 49% කින්, හේමාස් 20% කින්, අබාන්ස්, සිංගර්, සොෆ්ට්ලොජික් 30% කින් ව්‍යාපාර කඩා වැටී ඇති බව එම වාර්තාවේ සඳහන්.

    එමෙන්ම හේලීස් සමාගම මෙම කාලයේදී රුපියල් මිලියන 372ක අලාභයක් සිදුව ඇත. මට හිතෙන විදිහට ලංකාව යන්නෙත් වෙනිසියුලාව යන පාරෙමයි. දුර්වල/අසාර්ථක දේශපාලන නායකත්වය සහ වැරදි ආර්ථික තීන්දු නිසා නිකොලස් මදුරෝ විසින් අවුරුදු කිහිපයකින් රටේ ආර්ථිකයට කරපු හදිය මේ හුටන් සහ හිටන් ජෝඩුව විසින් අපිටත් කරයි වගේ.

    දැන්ම මුන් දෙන්න ගැන ජනතාව තීරණයක් නොගත්තොත් රටේ අනාගතය හුගක් අවදානම්.

    ReplyDelete
    Replies
    1. යහපාලන වික්කමසිංහගේ මොට්ට හපන්කම් ගැන ලියන්නේනම් වෙනම ඒ උදෙසා වෙනම බොගක් දමනු මිස මෙවැනි ලිපියෙකින් දෙකකින් කළ නොහැක්කේමය. රාමා සීතාව සමග කැලේ පැන සිටි කාලයට සමාන කාලයක් ගෙදර තියාගෙන සිටින නිත්‍යානුකුල භාරියාව ගර්භනී කිරීමටවත් උනන්දුවක් නැති මේ හාදයාට රට කරවීමට උවමනාවක් තිබිය හැකිද ?

      Delete
  2. මේ රඡය බලය අත් හැරීමට ඉමහත් භීතියක් දක්වයි. මන්ද ඔවුන් මේ වසර 3 1/2 ට අපේ මාතෘ භූමිය අන්තර් ඡාතික රටවල කෙළි බිමක් කල හමාරය.

    අපේ රට අනාගතයේ කාටද බාර දෙන්නේ යන්න තීරණය කිරීමට අපේ රටේ ඡනතාවට තිබු අයිතිය පවා ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත. දැන් එය තීරණය කරන්නේ ඡාත්‍යයන්තරයයි. එය පටන් ගත්තේ 2015 ඡනවාරි 8 දාය. දැන් අපිට මේ සිංහල අපගේ රටයි යන ගීතය ගැයීමට කිසිදු අයිතියක් නැත.

    ReplyDelete
    Replies
    1. මේ වික්කමසිංහ තුල පමණක් පවතින භීතියක් නොවේ. චන්ද්‍රිකාව ඇතුළු සුද්දන් විසින් අප පාලනය කිරීම පිණිස මෙහි දමා ගිය සියල්ලන්ගේම භීතියයි. ඊනියා විපක්‍ෂ නායක සම්පන්තන් උතුරු පළාත් මහඇමති, හිටපු විනිසුරු විගිනේස්සරන් ආදී සැමගෙන් පිට වන්නේ මේ විලාපයයි. මීට දස වසරකට පෙර අමුඩ කෙටිය පිටින් කලපුවේ වැටී මැරී සිටි හාදයා මේ අයවළුන් විසින් ගූ කෑමට භාවිතා කළ හැන්දක් පමණක් බව මා කීවොත් ඔබ එකඟද ?

      Delete
  3. තෙසක් රියේ ප්‍රශ්නය ගැන මා වෙනමම මගේ බ්ලොගයේ කථා කලෙමි.
    ඒ තෙසක රියේ ප්‍රශනය ගැනම හා එය කල යුතුව තිබූ හැටි හා මේ අමන මරි මෝඩ රැල එය වනසා නාගත් හැටි ගැනය.

    අපේ කථා කතු තුමා කථා කරන්නේ ඒ ගැන නම් නොවනා වග ඉතා පැහැදිලිය. දැනටම මුන් මේ රට ගොඩගත නොහැකි නාරාවලක හෙලා අවසානය. මුන්ගෙන් මිදෙන්නේ කවදාද යන පැනය අතැතිව සිහිය කළඳක් හෝ ඉතිරිව ඇති උන් බලා සිටිති.
    මහා සමාගම් තම සේවකයින් මගට නොදා උන්ගේ පඩි ගෙවමින් මේ කාලය ගෙවා දමා ගත හැකිනම් එය ජයග්‍රහනයකැයි සිතති.

    වික්කමසිංහයන් හට මේ ගැන ගැටළුවක් නැත. දැනට සැත්තෑ වියට පිවිස ඇති එතුමා සිය මාමන්ඩිය මෙන් අනූ වයස් ජීවත් වුවද ඒ විසි වසර සුවසේ ගෙවීමට වත්කම් ඇත්තෝය. ඉන් පසු උන් හට වත්කම් කුමටද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය කියැවීමි, ඊට ඌන පූර්ණයක් ද සැපයීමි. තෙසකරිය ගැන අප සතු වෙනම විවේචන තිබේ. ඒ ගැන ලිවිම පසෙක තිබියදී මේ ලිපිය ලියවෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අශූචි අනුභවය ගැන කතා කිරීමටයි.

      ලංකාවේ මාධ්‍ය තිබෙන්නේ රනිල් අතේය. මාධ්‍ය තමන්ට හොඳ නොකියන බව රනිල් කීවත්, රනිල් අගමැති ධුරයේ පවත්වාගෙන යාමට ලංකාවේ මාධ්‍යත් බටහිර මාධ්‍යත් උර දෙත්. ත්‍රිරෝද රියැදුරන්ට වයස් සීමාවක් පැනවීම වැනි ගූ ගොඩවල් ඇවිස්සීම මගින් සැබෑ ප්‍රශ්න ජනතාවගෙන් වසන් කිරීම ජනමාධ්‍ය විසින් රනිල් උදෙසා කරමින් සිටිනා මහඟු කර්තව්‍යයයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !