Showing posts with label ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. Show all posts
Showing posts with label ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. Show all posts

Monday, June 8, 2020

අපි ඉන්නා තැන

මහමැතිවරණය නොපවත්වන ලෙස විවිධ පාර්ශව විසින් දැමූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත විසි කර දැමිණ. ඒ ගැන විස්තරාත්මක නියෝගයක් තවම නිකුත් කළ බව දැන ගන්නට නැත. සමහර විට ඊට හේතුව ජනමාධ්‍ය වන ප්‍රමුඛතා වෙනස් වීම විය හැක.

මේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීම ජයග්‍රහණයකි, එහෙත් එසේ විසි කර දැමීමට හේතු නොදන්නේ නම් ඒ ජයග්‍රහණය සැමරිය හැකිද යන ප්‍රශ්නය ඇති වෙයි. සජිත්-ජලනි බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක තුමාට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙත්සම් කරුවන්ගේ ජයග්‍රහණයකි, ඒ කලින් යෝජනා කෙරුණු ජූනි 20 දිනත් මැතිවරණය නොපැවැත්වෙන බැවිණි. පෙරළුණු පැත්ත හොඳයි කියනු වෙනුවට තමන්ගේ සැබෑ අවශ්‍යතාවය වූයේ බාර දුන් නාමයෝජනා අහෝසි කරගෙන නැවත නාමයෝජනා දීමට අවස්ථාව සළසා ගැනීම බව පිළිගැනීමට මේ අයට ආත්ම ශක්තියක් නැත්තේ ඇයි?


Wednesday, November 27, 2019

මහමැතිවරණය සහ රටේ අනාගතය

අපේ ගෞරවයට සදා ලක් වන ගරු ඉකොනොමැට්ටා තුමා තමන්ගේ බොජුන්හලේ මීට දින කීපයකට පෙර මෙවැන්නක් අලවා දමා තිබුණා.
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ.
අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.
මෙයින් පළමු වැනි වාක්‍යය පමණක් ගෙන අප ඔහුට ප්‍රතිචාරයක් දැමුවත් සදා ලෝක පූජිත ඉකොනොමැට්ටා තුමාට එය ඉතා ඕනෑ කමින් මගහැරී තිබුණා. යට දැක්වෙන්නේ අප ඔහුට දැක්වූ ප්‍රතිචාරය.
රනිල් වික්‍රමසිංහ කෛරාටික ඒකාධිපතියෙකි. රජයේ සියළුම තනතුරු තම බලයට නතු කර ගත් රනිල් වික්‍රමසිංහ වැනි බූවල්ලෙක් අප උපන් තේකට දැක නැත. ඔහු ආණ්ඩු පක්‍ෂ සේම විපක්‍ෂයත් තම පාලනය යටතට ගත්තෙකි. සුමන්තිරන් (විපක්‍ෂ නායක සම්පන්තන්) සහ අකුදි යනු වික්‍රමසිංහගේ බල පරාසයට පිටත සිටියවුන් නොවේ. ඔවුන් දඩයමේ ගියේ එකටයි. එපමණක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් නීතියට ඇතුල් කළ 19 වන සංශෝධනයෙන් පිහිටුවා ගත් ඊනියා සුවාධින කොමිසන් වලට පත් කර සිටින තමාගේ (හෝ තම නිත්‍යානුකූල භාරියාවගේ හෝ) හිතවතුන් හරහා රටේ පාලන බලයේ වැඩි පංගුවක් ඔහු තවමත් අත් පත් කරගෙන සිටින බව ඔබ අමතක කරන්නේ ඇයි?

ඒ අතින් රාජපක්‍ෂලා වෙස්සන්තරලා ය. පසුගිය ඔක්තෝබර විප්ලවයෙන් පසු විපක්‍ෂ නායක ධුරය ලබා ගත්තත් ව්‍යවස්ථා සභාවේ තම නියෝජනය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් උනන්දු වූයේ නැත.

එවැනි වටාපිටාවක සිටිමින් "අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ" යි පට්ටපල් කෙබර ඇද බෑමෙන් ඔබ ඔබේ පක්‍ෂයට ලබා දෙන්නට උත්සාහ කරන උත්තේජනය කුමක්දැයි පැහැදිළි නෑ.
ඉකොනොමට්ටා තුමාට මගහැරී ගිය අපගේ ප්‍රතිචාරය ළඟ එක්තරා සුනඛයෙක් පහරා තිබෙණු දුටුවත්, දැමූ ප්‍රතිචාරය දැන් අපට නොව ඉකොනොමැට්ටා තුමාටම අයත් බැවින් ඒ ගැන තවත් වද වීමට ගියේ නැත්තේ තමන්ගේ දේවාලය පවිත්‍රව තබා ගැනීමට කපුවාට නැති උවමනාවක් පිට අයට හෙවත් ආතුරයන්ට තිබීමේ යුතුකමක් නැති බැවින්. හැරත් සුනඛයාත් කපුවාගේම නම් ?

බල්ලාට බල්ලාගේ අඩවියේ නිදැල්ලේ ඉන්නට ඉඩ හැර ඉකොනොමැට්ටා තුමාගේ කතාවේ ඊළඟ කොටසට සැපත් වෙමු.
෴


Wednesday, November 20, 2019

මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?

අභිනව ජනාධිපතිතුමා එම ධුරයේ ප්‍රතිඥා දී වැඩ බාර ගැනීමටත් ප්‍රථම ජනාධිපති උපදේශකයන් වැඩ බාරගෙන තිබෙනු දක්නට ලැබේ.

බුකිය පුරාත් පොදුවේ අන්තර්ජාලය පුරාමත් දක්නට ලැබෙන්නේ ඒ මහතාට දෙන ඔවදන් ය. රාජපක්‍ෂ මහතා මේවා නොබලන්නේ නම් යහපති. මක් නිසාද යත්, කළ යුතු සියල්ල ස්වයංජාත උපදේශකයන් විසින් මේ වන විටත් කියා දී ඇති බැවින් කොතැනින් පටන් ගන්නේද යන්න සිතා ගත නොහැකිව (ඇයි, තමන් කී දේ මුලින් නොකළැයි කියා කෙනෙක් උරණ විය හැකි බැවින්...) ලොවෙත් නැති රෝගයක් සෑදී අසරණ විය හැකි බැවිණි.
෴

"මා ගෝඨාභයට ඡන්දය දුන්නේ ඇයි ?" නොහොත් කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ


වැඩ බාර ගැනීම: කළ යුතු වැඩ හා නොකළ යුතු වැඩ වශයෙන් වර්ග දෙකකි
රටේ ජනාධිපති පත් වන්නේ මුලු රටේම මහජනතාවගේ බහුතර ඡන්දයෙනි. මෙතෙක් පත් වූ සියළුම ජනාධිපතිවරුන් වලංගු මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා ලබාගෙන ඇත. එහි අරුත, අනෙක් සියලුම අපේක්‍ෂකයන්ගේ මනාප එකතු කළත් තේරී පත් වූ ජනාධිපතිගේ මනාප සංඛ්‍යාව ඉක්මවිය නොහැකි බවයි. ඒ තත්වය යටතේ එක ඡන්දයක් යනු මහා දෙයක් නොවේ. ඔබත් මමත්, කොතරම් වචන වියදම් කළත්, කොතරම් සිත රවටා ගත්තත්, ජනාධිපති ඇසින් බැලූ කල එක ඡන්දයකි - ඊට වඩා දෙයක් නැත.

මෙහිදී පැහැදිළිව තේරුම් ගත යුතු වන්නේ තේරී පත් වූ ජනාධිපති කෙනෙකු පොදුවේ කටයුතු කිරීමේදී පුද්ගල විශේෂතා සැළකිල්ලට ගත නොහැකි බවයි. ඔබ ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද දිනයෙන් පසු වැදගත් නැත. ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් තමන්ට විශේෂ පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ සිංහල ජනතාවට එදා පූජනීය මහ සෑ මළුවේදී විශේෂ ස්තූතියක් පුද කළ බව ඔබත් මාත් දනිමු. එතැනින් එහා යමක් බලාපොරොත්තු විය යුතු නැත. ඔහු දැන් සිංහල ජනතාවගේ පමණක් ජනාධිපති නොවේ. ඔහු සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාවගේ ජනාධිපති ය.

එසේම සැම විට සිහියට ගත යුතු කරුණ නම්, සිංහල ජනතාව 100% රාජපක්‍ෂ මහතාට පක්‍ෂව ඡන්දය නොදුන් බවත්, අසිංහල ජනතාව 100% ඔහුට විරුද්ධව ඡන්දය නොදුන් බවත්ය. එසේම ඔහුට පක්‍ෂ වූ සියල්ලන්ම දේශප්‍රේමින් ද, ඔහුට පක්‍ෂ නොවූ සියල්ලන් දේශද්‍රෝහීන් ද නොවේ. එසේම, ඒ මහතා විසින් මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයකදී උතුරු සහ නැගෙනහිර පළාත් වලත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නැවත ජනාධිපති ධුරයට පත් වීමේ දිගු කාලීන මහා සැළැස්ම දැන්ම සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. නැතිනම් තව වසර පහකින් නැවත බෙදුම්වාදීන් බලයට පැමිණියහොත් සිංහලයා පත් වන්නේ ඊයේ සිටියාට වඩා අසීරුවකටය. රාජපක්‍ෂ මහතා පත්ව සිටින තත්වය ඔහුට පක්‍ෂපාතිත්වය ප්‍රකාශ කළ මහජනතාව සාවධානව තේරුම් ගනු ඇතැයි දෙතිස් කථාව අපේක්‍ෂා කරයි.
෴


Wednesday, March 6, 2019

ගල් අරක්කු අයවැය

මෙවර අයවැය හේතු කිහිපයක් නිසා වැදගත්ය. ඉන් පළමුවැන්න මෙය පමා වී පැමිණි අයවැයක් වීමයි. මෙවර අයවැය අඩු තරමින් මාස 5 ක් පමා වී පැමිණියේය. ඊළඟ අයවැයට ඉතිරි වී ඇත්තේ යන්තම් මාස 6 ක් පමණි. දෙවැනි හේතුව මැතිවරණ වර්ෂයක පැමිණි අයවැයක් වීමයි. අවුරුදු දෙකකට වඩා කල් දමමින් සිටි පළාත් පාලන මැතිවරණය නඩුවෙන් බේරීම පිණිස පැවැත්වූ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ වසර දෙකක් තිස්සේ කල් දමා ඇත. මේ වසර මුල පැවැත්වීමට දින නියම කර ගත් මහමැතිවරණය ඊනියා ස්වාධීන අධිකරණ කොමිසමේ උදව්වෙන් අවලංගු කර ගත් ආණ්ඩුව මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නොපැවැත්වීමට සියළු උප්පරවැට්ටි දමමින් සිටී. තුන් වැන්න රටේ පවත්නා අස්ථාවර දේශපාලන වාතාවරණය අනුව වර්තමාන මුදල් ඇමති විසින් ඉදිරිපත් කෙරෙන අවසන් අයවැය වාර්තාව මෙය වීමට ඇති ඉඩකඩයි.

ඕනෑම අයවැයක් සේම මේ අයවැයත් ආණ්ඩුවේ අනාගත සැළසුම් ගැන ප්‍රකාශයට පත් කෙරෙන සහ රටේ ආර්ථික ගමන් මග පිළිබඳව පුරවැසියන්ට අදහසක් ලබා ගැනීමට ඉඩකඩ සලසන්නක් වීම වැදගත්ම හේතුවයි.

අප අයවැය කතාවට සවන් දුන්නේ නැතුවා පමණක් නොව ඒ ගැන වැඩිමනක් පුවත් ඇසුවේ / කියවූවේ හෝ නැත. අපට දැන ගැනීමට ලැබුණු එකම කරුණ වාහන නිෂ්පාදන බදු වැඩි වීම පමණි. වාහන තබා බයිසිකලයක්වත්, ඒ තබා විල්බැරෝවක්වත් නිෂ්පාදනය නොකෙරෙන ලංකාවේ වාහන නිෂ්පාදන බදු කීයට වැඩි උනත් මොකෝ ... හඃ !




Thursday, February 21, 2019

ලක්ෂෙට කොඩිය

දෙතිස් කතාවේ පිටු බැලීම් ලක්‍ෂය ඉක්මවා ගියේය. අප මිතුරු ජොසෙෆ් විසින් ඒ බව සඳහන් කරන්නට යෙදිණ. ලක්‍ෂය මහාර්ඝ ඉලක්කමක් නොවේ. අපට පසුව ආරම්භ කරන්නට යෙදුණු ඉකොනොමැට්ටා ගේ බොජුන්හල ලක්‍ෂය ඉක්මවා ගියේ මීට බොහෝ කලකට පෙරය. වර්ෂ 2012 දී ආරම්භ කළ බ්ලොග් අඩවියක් 2019 දී පිටු බැලීම් ලක්‍ෂයක් වාර්තා කිරීම විශේෂයෙන් උදම් වන්නට කරුණක් නොවේ.

මිතුරු ජොසේෆ් මෙසේද කියයි.
"ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති."
ඒ සත්‍ය නොවේ. මේ ලක්‍ෂයෙන් අඩු තරමින් දස දහසක් පසළොස් දහසක්වත් එක් කෙනෙකුට අයිති කර ගැනීමේ හැකියාවක් නැත. මේ කාලය පුරාවට රටවල් 126 කින් පුද්ගලයින් මේ වෙබ් අඩවියට පැමිණ තිබේ. එසේ වුවත් මේ අඩවියේ කරක් ගැසූ අය අතරින් 90% පැමිණ ඇත්තේ රටවල් 10 කිනි. ඒ,
  1. ලංකාව
  2. එක්සත් ජනපද රාජ්‍යය
  3. සිංගප්පූරුව
  4. ඔස්ට්‍රේලියාව
  5. කැනඩාව
  6. එක්සත් රාජ්‍යය
  7. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය
  8. මාලදිවයින
  9. ඉතාලිය හා
  10. කටාර් රාජ්‍යයෙනි.
බහුතරය ලංකාවෙන් ආ බව පැහැදිළි මුත් ඒ 60% පමණි. අනෙක් රටවල් 40% කට ආසන්න දායකත්වයක් දරා තිබේ. මුල් කාලීනව රුසියානු ජනරජයෙන් බොහෝ සෙනගක් පැමිණුනත් දැන් ඒ අඩු වී තිබේ. මීට හේතුව එහි සිට දෙතිස් කතාව කියැවූ පාඨකයා හෝ කිහිප දෙනා නැවත සියරට පැමිණීම යැයි සිතමි.



Thursday, January 17, 2019

දෙමළ ජනතාවගේ ආරක්ෂකයා

2018 වර්ෂය අවසන් වී 2019 එළැඹිණි. ජනාධිපති සිරිසේනගේ පදවිප්‍රාප්තියේ සිව් වන සංවත්සරය පසු විය. මේ ඔහුගේ පළමු ධුර කාලයේ අවසන් වසරයි. ඔහුට තව ධුර කාලයක් ලැබේදැයි අප තබා සිරිසේන තබා සිරිසේනගේ ස්වාමින්වත් දන්නේ දැයි සැක සහිතය.

19 වන සංශෝධණය නම් කෛරාටික උපක්‍රමය හරහා බලය කොල්ල කා ගත් වික්‍රමසිංහ දැන් නමට අගමැති කම් කරයි. නමුත් රටේ සැබෑ අගමැති දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ඒබ්‍රහම් සුමන්තිරම්ය. සුමන්තිරම් විසින් විධායකය (ජනාධිපති සහ කැබිනට් මංඩලය) යම් තරමකට හිලෑ කරගෙන ඇත්තේ වික්‍රමසිංහට දමාගෙන ඇති නාස් ලණුවේ උදව්වෙනි. එය ලබා ගැනීම පිණිස තම ග්‍රහණයේ පැවති ව්‍යවස්ථාදායකයේ පාලනය යම් තරමකින් ළිහිල් කර හැරීමට ඔහුට සිදු විය. මහින්ද රාජපක්‍ෂ නමට විපක්‍ෂ නායක වුවත් 19 වන සංශෝධනය විසින් ඇති කෙරුණ ව්‍යවස්ථා සභාවේ සංයුතිය තවම වෙනස් වී නැත. එය තවම පවත්නේ සුමන්තිරම්ගේ ග්‍රහණයේ ය. අධිකරණයේ මතය සහ සුමන්තිරම්ගේ අභිමතය සුමට ලෙස සමපාත වීම අප දුටුවේ හිටපු දූෂිත අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ සිද්ධියටත් පෙර සිටය. දැන් ලංකාවේ ඔටුණු නොපළන් රජු සුමන්තිරන්ය.

මේ වර්ෂයේ ජාතික දිනය උදා වීමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ඔහු විසින් කෙරෙන ප්‍රකාශ සුළු කොට නොතැකිය යුත්තේ මේ පසුබිම තුල සිටය. සුමන්තිරම්ගේ බලය කොතෙක් ද යත් සංඝ රුවනට වන්දනා කිරීම තබා ගරු සරු දී කතා කිරීමවත් නොදත් නමට අගමැති වික්‍රමසිංහ තෙමේ දැන් පන්සලක් පන්සලක් ගානේ බඩගායි - ගස් බදා වැළඳ ගනී - ඔලුව බිම ගහ ගනී. මේ සියල්ල කුමටද? සුමන්තිරන් ගේ අභිප්‍රාය ඉටු කිරීම පිණිස බෞද්ධයා රැවටීමටයි.



පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලය වෙත වාර්තාවක් යැයි කියැවෙන ලියැවිල්ලක් ඉදිරිපත් කෙරෙන ලදී. එය නව ව්‍යවස්ථාව තබා කෙටුම්පතක්වත් නොවන බව සුමන්තිරන්ගේ නාස් ලණුවෙන් ගැට ගැසී සිටින ගොනා වන වික්‍රමසිංහ පොළොවේ පස් කමින් දස අතේ සපත කළත් සිංහල පිටපතේ පුර්විකාවේ සඳහන් වන්නේ එය නව ව්‍යවස්ථාව බවයි.

එසේ හෙයින් සුමන්තිරන්ගේ ගොනා මොනා කීවත් ඒබ්‍රහම් සුමන්තිරන් රජතුමා විශ්වාස කරන අදහන භය පක්‍ෂපාත රට වැසියන් වන අපි ඉහත කී ලියැවිල්ල යම් යම් සංශෝධන සහිතව සම්මත වීමට නියමිත නව ව්‍යවස්ථාව බව සිතට ගෙන මනා සිහියෙන් යුතුව කියැවිය යුතුයි - අවබෝධ කොට ගත යුතුයි - එය රටට පොදුවේත් සිංහලයාට වෙසෙසින්මත් අහිතකර අනිටු විපාක දෙන ලියැවිල්ලක් බව පසක් කරගෙන එය පාර්ලිමේන්තුවට (පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවට නොව පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වුණ ඊනියා ව්‍යවස්ථා සම්පාදක මංඩලයටයි - ඊනියා යැයි සඳහන් කෙරෙන්නේ එවැනි මංඩලයක් සැදීම සහ පවත්වාගෙන යාම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති සුමන්තිරන්ගේ/ වික්‍රමසිංහගේ හිතළු මත පමණක් කෙරෙණ කටයුත්තක් හෙයිණි.) ඉදිරිපත් කිරීම වැළක්වීමටත්, ඉදිරිපත් කෙරුණොත් සම්මත නොකිරීමටත්, යම් හෙයකින් ඊනියා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ එය විවාදයට ගෙන ඡන්ද විමසීමකට ගියහොත් එය කඩාකප්පල් කිරීමටත් සංවිධානාත්මකවත් වෙන් වෙන්වත් කටයුතු කළ යුතුයි. රට වර්තමානයේ පත් වී ඇති අසරණ තත්වය සහ සිංහලයා දේශපාලන වශයෙන් දුර්වල වී ඇති මට්ටම අනුව මෙය කිරීම පහසු නොවන බැවින් බෝධි පූජා කර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතා ආරක්‍ෂාව පැතිය යුතුය, දේව කන්නලව් කර පොල් ගසා මේ ගෙනෙන්නට සැරසෙන ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව තුලදී ත් ඉන් පිටතදී ත් පක්‍ෂ වන්නන් පවුල් පිටින් හැඳි ගෑවී ඇඹරී තොලොංචි වී යන ලෙසට පලි ගැසිය යුතුය. බෙලි කටු, වාලම්පුරි, පෙඟ්ශුයි, විශ්වශක්ති, පාරමිතා බල, අලි මන්තර ආදී මෙකී නොකී සියළු බල එකතැන් කර කේන්ද්‍රගත කර නව ව්‍යවස්ථාව නම් අතිප්‍රබල කොඩිවිනය කපා දැමීමට වෙර දැරිය යුතුය.

1818 නිදහස් අරගලය මැඩ පැවැත්වූ ඉංගිරිසින් ඊළඟට කළේ සිංහලයාගේ ඉඩම් උදුරාගෙන ඒවා කල්ලතෝනින් අත පත් කර සිංහලයා චිරාත් කාලයක් තිස්සේ ගොවිතැන් කරගෙන වාවාගෙන කෑ ස්වකිය නිජ බිමේම බිම් අඟලක් හිමි නැති අසරණයෙක් බවට පත් කිරීමයි. 2018 විප්ලවය පරාජය කළ ඉංගිරිසින් (ඔව් සුමන්තිරන් පසුපස සිටින්නේ ඔවුන් තමා) වර්තමාන සිංහලයාට කරන්නට යන්නේත් එයම තමා.

මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් සිංහලයාට
  • ඒකීය රාජ්‍යය නැති වේ. ඒ වෙනුවට ලැබෙනු ඇත්තේ "මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු" වකි.

    කෙටියෙන්ම කියතොත් මේ කුණුහරුපයකි. උපමාවක් දෙතොත් මේ වනාහි තෙසක රියක පිටුපස ගසා ඇති 4WD ස්ටිකරයක් වැන්නකි. ස්ටිකරයක් ගැසූ පමණින් සක තුනක් පමණක් ඇති රිය 4WD නොවන්නේ යම් සේ ද "ඒකීය" යන වචනය වාක්‍යයක ඇතුලත් කළ පමණින් ඒ වාක්‍යයේ තේරුම ඒකීය රාජ්‍යයක් ගැන විවරණය කරන්නක් බවට පත් වන්නේ ද නොවේ. සුමන්තිරන් සිතා සිටින්නේ සිංහලයන් සිංහලවත් නොදන්නා මෝඩයන් බවද ? මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ රාජ්‍යයක් ඔරුමිත්තනාඩුවක් වන්නේ වුවත් එය ඒකීය රාජ්‍යයක් නම් නොවේ. සිංහලයින් වත්ත බද්දට දී ඇස්සට දත නියව නීයවා සිටීමට සූදානම් ද?
මේ ගෙනෙන්නට සැරසෙන (වික්‍රමසිංහට අනුව ගෙනෙන්නට සැරසෙන්නේ නැති) ව්‍යවස්ථාවට විරුද්ධ වීමට සිංහලයන්ට ඉහත හේතුවම පමණක් ප්‍රමාණවත් ය. එසේ වුවත් ඒ සඳහා තව හේතු බොහෝ ගණනක් පූර්විකාව තුල පමණක් අන්තර්ගය. සරළව කියතොත් සම්පූර්ණ පූර්විකාව ම කෙබරයකි.

වර්තමාන පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ජනවරමක් නැත. ඒ සඳහා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැත. එසේ පිහිටැවුණු ඊනියා මණ්ඩලයකින් පත් කෙරුණු ඊනියා විද්වත් කමිටුවේ සිංහල විරෝධීන්ගේ මත සමබර කිරීම පිණිස සිංහල ජනමතය නියෝජනය කිරීමට එක විද්වතෙක් වත් නැත. ඒ මණ්ඩලයේ සමහරු මේ ඊනියා වාර්තාව සැකසෙන වකවානුවේ රටෙත් නොසිටි බව ද සැළයි. මෙකී ලියැවිල්ල ජයම්පති වික්‍රමරත්නගේ සහ සුමන්තිරන්ගේ හවුල් පෙම් කතාව බවත් අනෙක් විද්වතුන් කළේ එයට කණ අස්සන් ගැසීම බවටත් කතාවක් පවතී.

මේ තත්වය යටතේ ඊනියා "ව්‍යවස්ථාවක ස්වභාවයේ උත්තරීතර නීතියක් පනවා සම්මත කරවා ගැනීම" ගැන කතාව බොරුවකි. එවැනි අභිලාශයක් ශ්‍රී ලංකාවේ මහජනතාව ප්‍රකාශයට පත් කර නැත. එවැනි අභිලාශයක් ඇත්දැයි දැන ගැනීම පිණිස නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබිණි. එසේම "ශ්‍රී ලංකාවේ මහජනතාව" වන්නේ "වාර්තාව" යැයි වික්‍රමසිංහ විසින් හැඳින්වෙන මේ පල් හෑල්ල ලියූ වඳ කෙහෙල් ගස් දහය දොළහ නොවේ. මේ පුද්ගලයින්ට එවැනි ප්‍රකාශයක් ඇතුල් කිරීමට බලයක් දුන්නේ කවුද යන්නම ප්‍රශ්නයකි.

මේ පූර්විකාවේ ඇති විසුළු සහගතම කොටස පහත දැක්වේ.

".... අපගේ උත්තරීතර, වාර්ගික, ආගමික, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය...."

උත්තරීතර - ආච්චිගේ රෙද්ද !


Tuesday, December 18, 2018

(අරලිය) ගහක් උඩ (පනස්) රැයක්

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව සෘජුව මුළු රටේම මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර 4 ½ යන තුරු විසුරුවිය නොහැක. අනෙක් අතින්, ශ්‍රේෂ්ඨාධිකරණයම මීට පෙර දුන් තීන්දුවක් අනුව මීට පෙර වසරක් ලෙස පැවති ඒ කාල සීමාව ජනමත විචාරණයකින් තොරව දීර්ඝ කළ නොහැක. 19 වන සංශෝධනය සම්මත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් පමණි. මින් පෙර දුන් තීන්දුව සහ ගිය සතියේ දුන් තීන්දුව එකට ගත් විට ඉන් කියැවෙන්නේ 19 වන සංශෝධනය ජනමත විමසුමකට යොමු විය යුතුව තිබුණක් බවයි.
වික්‍රමසිංහ මාධ්‍යයට තර්ජනය කරන අවස්ථාවක් (ජායාරූපය: www.colombotelegraph.com)
වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක්
එබැවින් ජනාධිපති විසින් වහ වහා කළ යුතුව ඇත්තේ 19 අවශ්‍ය ද නැද්ද යි මහජනයා විමසීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම මිස වෙනකක් නොවේ. ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ දුන් තීන්දුව අනුව තමන් ඉදිරිපිට ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ජනාධිපති විසින් කළ යුතුය. ඒ ජනමත විචාරණයෙන් තව බොහෝ දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වනු ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මැතිවරණයටත් වාරණ නියෝගයක් දෙනු ඇති බවත් පුරෝකථනය කළ හැකි මුත් ශ්‍රේෂ්ඨාධිකරණයට එදිරිව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියන අවස්ථාවක් අපට මින් මතු දකින්නට ලැබෙන්නේ නැත.

෴


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !