Showing posts with label ප්‍රේමදාස. Show all posts
Showing posts with label ප්‍රේමදාස. Show all posts

Sunday, September 22, 2024

"වහලුන්" විසින් වහල් හිමියා තෝරා ගැනීම

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා වරණයේ ප්‍රතිඵල දැන් නිකුත් කෙරෙමින් පවතී.

මෙවර 3% කාටද ?

ඊයේ රාත්‍රියේ සිට මේ වන තෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව නිරීක්‍ෂණය වන්නේ 2019 වන විට 69 ලක්‍ෂයක් යැයි ලංකාවේ උ.බු. ඡන්ද දායකයින් සහ ඔවුන්ගේ නායක සහෝදරවරුන් විසින් ගණනය කර "වහලුන්" ලෙස නාමකරණය කර සිටි පොදුවේ "බයියන්" නමින් හැඳින්වූ අයවළුන් ස්වේච්චාවෙන් තමන්ගේ වහල් හිමියා ලෙස වෙනත් කෙනෙක් තෝරා ගැනීමට තීන්දු කර තිබෙන බවයි.

රූපාන්තරණය වූ ඒ වහලුන්ට දෙතිස් කතාවේ සුභාශිංසන !

Wednesday, November 6, 2019

ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව

තව දින දහයෙකින් මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ වරණය පැවැත්වෙයි. මෙවර ජනාධිපතිවරණය ජාතික ආරක්‍ෂාව සහ සනීපාරක්‍ෂාව අතර සටනෙකි.

අපේක්‍ෂකයන් හතලිස් ගණනක් ඇප මුදල් තැන්පත් කළත් ඉන් තිස් ගණනක් නාම යෝජනා බාර දුන්නත් තරඟය ඇත්තේ දෙදෙනෙකු අතර පමණි. අනෙක් තැනැත්තෝ එක්කෝ තමාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව අරමුණක් වෙනුවෙන් ඉදිරිපත් වූවෝ ය. නැතිනම් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් / පෞද්ගලික කැපී පෙනීමේ උවමනාවන් වෙනුවෙන් ජනතා මුදල් කාබාසිනියා කිරීමට ඉදිරිපත් වූවෝ ය. එසේත් නැතිනම් ජයග්‍රහණයට වැඩි සම්භාවිතාවක් ඇති අපේක්‍ෂකයා වන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි මඩ ව්‍යාපාරය ශක්තිමත් කිරීම හෝ ඒ මහතාගේ ජයග්‍රහණය දිනක් දෙකක් පමා කිරීම හෝ වෙනුවෙන් කඩේ යන්නෝය. මෙකී හාදයන් තිස් ගණන ගැන කතා කිරීමේ තේරුමක් නැත.

ජනාධිපතිවරණ සඳහා තම ඉදිරිපත් වීම මුලින්ම ප්‍රකාශයට පත් කළ රාජපක්‍ෂ මහතා ඉතා ක්‍රමානුකූලව මුල සිට තම ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන බව පෙනිණ. එහෙත් ඔහුට ඉතාම ලැදි පාක්‍ෂිකයන්ටවත් හුරේ දැමීමට - නැවත නැවත කතා කිරීමට - ප්‍රතිවාදීන් දුර්මුඛ කිරීමට සමත් ආකර්ශනීය පොරොන්දුවක් ඔහු වෙතින් ඉදිරිපත් නොවීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකත්වය කරා තල්ලු කෙරෙන්නේ ජනතා ඉල්ලීම මතිනි. ඉනුත් සිංහල බෞද්ධ බලවේග ඉදිරියෙන් සිට දුන් තල්ලුව හේතු කොටගෙන ඔහුට අපේක්‍ෂකත්වය නොදී සිටීමට නොහැකි තත්වයක් උදා විය. ගෝඨාභය ඉල්ලූ ජනතාවගේ ප්‍රමුඛතාව ජාතික ආරක්‍ෂාව වූ අතර ඔහු වටා පසුව ඒකරාශී වූ අනෙක් ජනතා සංවිධාන වල ප්‍රමුඛතාව මහජන ආරක්‍ෂාව යැයි සිතමි. මේ දෙක දෙකකි. මීට අමතරව තම දේශපාලන අනාගතය ගැන සිතා හෝ වෙනයම් පෞද්ගලික වාසි උදෙසා වැල යන අතට මැස්ස ගැසීමට ගිය අයත් නැතුවාම නොවේ.

෴


Monday, September 30, 2019

ගම් මට්ටම්-බිම් මට්ටම්-තම්මැට්ටම් ජනාධිපති

ඔය අපේක්‍ෂක කම දීපං ලමේකුට
එක්සත් ජාතික පාක්‍ෂිකයන් පුල පූලා බලා සිටි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය දා නම් කෙරිණ.

ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාවගේ ප්‍රේමනීය ස්වාමි පුරුෂයා වූද, එක්සත් ජාතික පක්‍ෂයේ එම ධුරය වැඩිම කාලයක් දැරූ නියෝජ්‍ය නායකයා වූද, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් ස්වකීය පරචිත්ත විජාණනඥාණයෙන් හා බාහු බලයෙන් ඌර්ධවපාතනය කළා වූද, දුගී දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සදාවන්දනිය නායක තුමා වූ ද, ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය™ ලෝකයට මුල් වරට හඳුන්වා දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ උදාගම් පිළිබඳ අමාත්‍ය සදා ලෝක පූජිත ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ ය.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !