ගමරාළ අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයේ ගිය කතාව පරණ කතාවකි. ගමරාළ දිව්‍ය ලෝකයේ බලය ඇල්ලූ සැනින් කළේ හිටපු ශක්‍රයා ඉවත් කිරීමටවත් සුනංගු නොවී අලියාට බලය පැවරීමයි.
බලය ලැබුණ ද වල් අලියා වල් අලියාමය. "උගේ ගතිය ඌ නාරී මැරූවත්" කියා දිව්‍ය ලෝකය අමු කැලෑවක් බවට පත් කිරීමට කුරුඳුවත්තෙන් ආ මේ අලියාට වැඩි කාලයක් ගත වූයේ නැත.
දැන් දෙවියන්ට වැලේ වැල් නැත. අලියා එළවා ගැනීමේ හැකියාවක් ද නැත. ගමරාළට ඇස් නැත - කන් නැත - කොටින්ම කියතොත් ගමරාළ වෙලේ සිටවූ පඹයෙකුගේ ගානට වැටී ඇත. දිව්‍ය ලෝකයේ මහා භාණ්ඩාගාරය සින්දවූ අලියා විකුණාගෙන කෑ හැකි සියල්ල විකුණා අවසාන දෙවියන්ගෙන් කප්පං ගැනීමට යොමු වී සිටී. එයත් මහේශාක්‍ය දෙවියන් මගහැර අල්පේශාක්‍ය දෙවියන්ගෙනි.
ඉහත සළ-රූ සටහනේ අල්පේශාක්‍ය දෙවියන් විසින් පවසන පරුෂ වදන් කරුණාකර නොසළකා හරින්න.
දුක්ඛිතයි !
ReplyDeleteගමයාගේ පසුපස අලි නැට්ටේ එල්ලුනු අල්පේශාක්‍යයන්ද පැතුවේ සුඛිත මුදිත දෙව් ලොවකි
ReplyDeleteඅහෝ එවන් අල්පේශාක්‍යයන්........