Showing posts with label දේවකතා. Show all posts
Showing posts with label දේවකතා. Show all posts

Friday, February 14, 2014

මනු ලොවින් දෙව්ලොවට



බෞද්ධ සූත්‍ර ඇසුරේ අප දකින සක්වල (හෙවත් චක්‍රාවාටය) බටහිර විද්‍යාවේ අපට උගන්වන 'චක්‍රාවාට' වලින් වෙනස් වන බව අප 'දෙව්ලොවින් මනු ලොවට' ලිපියේදී විස්තර කළෙමු. ඒ සක්වළ කවරාකාර දැයි 'සත්කුළු පව් වළලු මතින්' යන ලිපියෙන් විමසා බැලුවෙමු. සත්කුළු පව් සහ සත් සමුදුර ගැනත්, සතරමහාද්වීපය ගැනත් සාකච්චා කළෙමු. මේ ලිපි පෙළ අවසන් කරමින් අද ඒ ගැන වැඩිදුර විමසමු.

මේ කුමක් විය හැකිද?
බෞද්ධ "සක්වළ" යනු රොටියක් වැනි ද්විමාන තැටියක් නොවේ. වෙනත් අයුරකින් පැහැදිළි කළහොත් එය සෞර ග්‍රහ මණ්ඩලය වැනි දළ ඉලිප්සාකාර ව්‍යුහයක් හෝ ක්‍ෂිරපථ මන්දාකිණිය වැනි ද්විත්ව සර්පිලාකාර ව්‍යුහයක් හෝ නොවේ. අපේ සාහිත්‍යයේ හමුවන සක්වළ සැකැස්ම ඉහල සහ පහළ දිශා වලටත් විහිදේ.


Monday, December 16, 2013

සත්කුළු පව් වළලු මතින්



මහාචාර්‍ය චන්දන ජයරත්න 'චක්‍රාවාටය' සොයා ගත් විද්‍යාඥයා බව අසන්නන්ට දැනෙන සේ රූපවාහිනියේ දේශන දීමට සමත්ය. එතුමාට අනුව බටහිර විද්‍යාඥයින් විසින් දැන් දැන් ප්‍රකාශ කෙරෙන්නේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් මීට වසර දෙදහස් හයසියයකට පෙර බුදුනුවණින් අවබෝධ කර දෑමය. උන් වහන්සේ අවබෝධ කර ගත් ද්විසහස්සී ලෝක ධාතු, ත්‍රිසහස්සී ලෝකධාතු ඈ සංකීර්ණ දේ බටහිර විද්‍යාව විසින් තවම සොයාගෙන නැති බව කොළොඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍යවරයා අපට කියා දෙයි. උගත් මහාචාර්‍යතුමා කියන දේ හරිද? නැතිනම් බුදු දහම 'චක්‍රාවාට' ලෙස හඳුන්වන්නේ වෙනත් කිසිවක්ද?

මේ බෙරයක් පමණක්මද
සත්කුළුපව් වළලු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළලු දියෙන් කිමිද නහන හිරු
සත් රුවනින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුල ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
ඒ පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන මියුරු ගීයක මුල් පද පෙළ.
සත්ගිරිකුළු හිස එපිටිං - සත්මහසමුදුර එපිටිං
සක්වල දේශය එපිටිං - එන වන බමරෝ, එන වන බමරෝ...
විශාරද ටී.ඇම් ජයරත්නයි එසේ ගයන්නේ.
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
මෙසේ ගයන්නී විශාරද නන්දා මාලිනිය.

ඉහත දැක්වූ සියළු ගීත වල කියැවෙන එක පොදු වස්තුවක් නම් සත්කුළුපව් සහ සත් සමුදුර වේ. සක්වල ගැන කියැවෙන බොහෝ තැන් වල සත්කුළුපව් සහ සත් සමුදුර ගැනද කියැවේ. සක්වල ගැන බොහෝ දේ කියන උගත් මහාචාර්‍යතුමා මේ ගැන නිහඬයි. සත්කුළුපව් යනු මොනවාද, ඒවා පිහිටියේ කොහිද? එසේම සත් සමුදුර යනු කුමක්ද, එය කොහි පිහිටියේද යන කරුණු ගැන මේ ලිපියෙන් මදක් විමසා බලමු.

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !