![]() |
| ගලක් ? |
![]() |
| නෑ, ගල් ආදෙක් ! |
මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ.
![]() |
| ගලක් ? |
![]() |
| නෑ, ගල් ආදෙක් ! |
නා නා පෙදෙස් වල විසූ ජනයා ලෝකය මෙසේ වේ යැයි නා නා කතා ගෙතූහ. ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි. ලෝකයේ සම්භවය ගැනත් ලෝක විනාශය ගැනත් එවැනිම කතාන්තර වෙයි. නිදසුනක් ලෙස, පැරණි චීන්නු ලෝකය ගැන ගෙතූ කතාව පැරණි මිසරයින්, නැතිනම් ග්‍රීකයින් ඒ ගැන ගෙතූ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වේ. පැරණි ජම්බුද්වීපවාසීහු ද තමන්ට ආවේනික කතා කිහිපයක්ම ලෝකය ගැන ගොඩ නැගූහ. සිංහලයින් සතුව පවා එවැනි අදහස් නොතිබෙන්නට හේතුවක් නැත. සක්වල සිතියම, තාරකා දොරටුව වැනි හැඳින්වීම් විවිධ ගුරුකුල විසින් ලබා දෙන ලද, අනුරපුරයෙන් හමු වූ රේඛා සටහන ඇතැම් විටෙක මෙවැනි චිත්‍රයක් විය හැක.
![]() |
| මේ කුමක්ද |
![]() |
| සක්වල |
පළමු කොටස
දෙවන කොටස
![]() |
| පෛතගරස් නිරූපනය කරන නූතන චිත්‍රයක් |
ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි. භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ.
අප අත්දුටු අනර්ගම ගනයේ එහෙත් සුළු දෝෂ සහිත අදහස් දැක්වීම මෙය වේ. මෙහි දෝෂයක් ඇත්නම් ඒ "ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි." වැකියේ යෙදෙන "අපහාසයක් කොට සිතමි" යන කොටසේය. යමෙකුගේ අදහසක් ඍජුව විවේචනය කල යුතුනම් එය කල යුතුමය. නමුත් එහිදී පුද්ගලික මතය මත යැපීම අනුමත නොකරන්නෙමු. ඉන් නොනැවතී එම මතය නිවැරදි යයි ගෙන ඉදිරියට ගෙනයන තර්කය තමාගේ පණ්ඩිත බව හුවා දැක්වීමට විනා අන්‍යන්ගේ හිතසුව පිණිස වන්නක් විය හැකිද?
![]() |
| මේ කුමක් විය හැකිද? |
![]() |
| මේ බෙරයක් පමණක්මද |
සත්කුළුපව් වළලු මතින් ලොවට වඩින හිරුඒ පණ්ඩිත අමරදේවයන් විසින් ගැයෙන මියුරු ගීයක මුල් පද පෙළ.
සත් සමුදුරු වළලු දියෙන් කිමිද නහන හිරු
සත් රුවනින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුල ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
සත්ගිරිකුළු හිස එපිටිං - සත්මහසමුදුර එපිටිංවිශාරද ටී.ඇම් ජයරත්නයි එසේ ගයන්නේ.
සක්වල දේශය එපිටිං - එන වන බමරෝ, එන වන බමරෝ...
සත් සමුදුරු තරණය කර ආවාමෙසේ ගයන්නී විශාරද නන්දා මාලිනිය.
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා