Tuesday, May 19, 2015

කිරිබත් කෑ දින දෙකක්

මුළු සිංහලයම අවුරුදු උදා වූවා සේ කිරිබත් කමින් අඳුනන-නාඳුනන අයටත් කිරිබත් බෙදා දෙමින් සතුටු වූ දින දෙකක් අපේ මතකයේ වෙයි. මේ දින දෙකම මැයි මාසයේ යෙදෙයි. පළමුවැන්න 1993 මැයි මස පළමුවැනිදා ය. දෙවැන්න 2009 මැයි මස 19 වැනිදා ය.

1993 දී සිදු වුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමත් ගරු චන්ද්‍රිකා මැතිණියට ජනාධිපති තනතුරට පත් වීමට තිබූ බාධාව ඉවත් කිරීමත් ය. 2009 දී සිදු වූයේ බටහිර ආධාර ලැබ සිංහලය ගිල ගැනීමට කැරළි ගැසූ දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදී බලමුළු අවසන් පරාජයට ලක් කිරීමයි.
යලි එකච්ඡත්‍ර කළ ලක්දිව් සම්ප්‍රාප්ත වූ ජනපති මව්බිම සිපගත් සංවේදී මොහොත
දෙමළ වර්ගවාදී බෙදුම්වාදී බලවේග සිය ඉතිහාසයේ වැදගත්ම ජයග්‍රහණයක් එදා 1993 දී සටහන් කරන අතර සිංහලයිනුත් කිසි අඩුපාඩුවක් නැතිව ඒ ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට එක් වූහ. එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය සිය ඉතිහාසයේ අතිශය නින්දා සහගත පරාජය ලබන දා තුටු-පහටු වන සිංහලයින් සමග සතුට බෙදා ගැනීමට අර බලවේග පැමිණියේ නැත. ඒ වෙනුවට ඔවුන් විසින් කරන ලද්දේ පළිගැනීම පිණිස කුමන්ත්‍රණය කිරීමයි. එදා අප ලැබූ ජයග්‍රහණයෙන් වසර හයක් ගත වන තැන, අද, ඒ දීර්ඝ කාලීන කුමන්ත්‍රණය සාර්ථක වී දුරදිග නොබලන-ජාතියක් ලෙස නොසිතන සිංහලයින් ද සහය කරගෙන බෙදුම්වාදී බලවේග අපේ ජයග්‍රහණය තමා සතු කරගෙන සිටී.

මේ නම් අතිශය ලැජ්ජා සහගත අවස්තාවකි. එහෙත් මේ ලැජ්ජා වෙමින් සිටීමට කාලය ද නොවේ. එබැවින් ලැජ්ජා වීම ලැජ්ජා නහරය කපා දමා සිටින අග්‍රාමාත්‍ය තුමා වෙත පවරා සිංහලයින් විසින් දෙමළ වර්ගවාදය පැරදවීමේ ව්‍යාපෘතිය වෙත නැවත අවතීර්ණ විය යුතුව තිබේ.





Thursday, May 14, 2015

දානයේ අනුසස්

මෙය මාගේ පුද්ගලික ජිවිතයේ අත්දැකීමක් සත්‍ය ලෙස අත්විද ගත් ආකාරය ගැන පැවසීමට ගන්නා ලද උත්සාහයකි.

පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
  • දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
  • දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
  • පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
  • දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
  • සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න, සහ
  • මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.




Sunday, May 3, 2015

බුද්ධ වර්ෂය හා වෙසක් පෝය

සිංහලයාගේ අවුරුද්ද පිළිබඳව අප බොහෝ සෙයින් කතා කළෙමු. අප්‍රේල් 13 ආශ්‍රිතව යෙදෙන අලුත් අවුරුද්ද සිංහලයාගේ ජාතික උරුමයක් බවත්, එය දෙමළ හෝ හිංදු හෝ වෙනත් කිසිවෙකුගේ හෝ අවුරුද්දක් සමග ඈඳා ගත යුතු නැති බවත් අපගේ ප්‍රතිපත්තිය විය. දෙමළුන් ද අප්‍රේල් මස අවුරුද්දක් සැමරීම හේතුවෙන් මෙය සිංහල හා දෙමළ / සිංහල හා හිංදු අලුත් අවුරුද්ද බවට පත් නොවෙයි --- නිවාඩුව පිළිබඳව සඳහන් කරන තැන එය "සිංහල අලුත් අවුරුද්ද සහ දෙමළ අලුත් අවුරුද්ද" ය යනුවෙන් යෙදීමෙන් මේ ගැටළුව ඉතා පහසුවෙන් ලෙහා දැමිය හැකි මුත් කිසිවෙක් ඒ ගැන සිතනා බවක් නොපෙනේ.
෴ නමාමි බුද්ධං ගුණසාගරන්තං ෴
අප්‍රේල් මස අප සමරන අවුරුද්ද අපේමය, වෙනකෙකුගේ නොවේය කියා අවධාරණය කරන අප අද කතා කරන්නේ අපේ වන්නේ අප්‍රේල් මස යෙදෙන අවුරුද්ද පමණක් ද යන ඉතාම වැදගත් කාරණයයි. අප්‍රේල් මස අපි අවුරුද්ද සැමරුවානම්, ඒ එළඹුණේ කවර වර්ෂයක් (කීවෙනි වර්ෂය) ද?





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !