Showing posts with label විනෝද සමයම. Show all posts
Showing posts with label විනෝද සමයම. Show all posts

Monday, September 30, 2019

ගම් මට්ටම්-බිම් මට්ටම්-තම්මැට්ටම් ජනාධිපති

ඔය අපේක්‍ෂක කම දීපං ලමේකුට
එක්සත් ජාතික පාක්‍ෂිකයන් පුල පූලා බලා සිටි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය දා නම් කෙරිණ.

ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාවගේ ප්‍රේමනීය ස්වාමි පුරුෂයා වූද, එක්සත් ජාතික පක්‍ෂයේ එම ධුරය වැඩිම කාලයක් දැරූ නියෝජ්‍ය නායකයා වූද, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් ස්වකීය පරචිත්ත විජාණනඥාණයෙන් හා බාහු බලයෙන් ඌර්ධවපාතනය කළා වූද, දුගී දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සදාවන්දනිය නායක තුමා වූ ද, ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය™ ලෝකයට මුල් වරට හඳුන්වා දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ උදාගම් පිළිබඳ අමාත්‍ය සදා ලෝක පූජිත ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ ය.




Friday, November 16, 2018

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

සුන්දර නිහතමානි ද මැල් සුන්දර මිනිසෙකි.
කිසිවෙකුට අපහාසයක් නොකොට කිව යුතු දේ කෙළින්ම කීමේ ප්‍රයෝගය ඔහු දනී. මේ හැකියාව ඇති පුද්ගලයන් අතලොස්ස අතරින් තමාගේ ස්‌වාධීන මතය හංගාගෙන මේ කියවන්නේ කියවන පාඨකයාගේ මතය බව ඔහුට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති පුද්ගලයින් අතිශය දුර්ලභය. රටේ සිදු වන්නේ හෝ සිදු නොවන්නේ හෝ කුමක් වුව උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා අප මුවගට මදහසක් ගෙන දීම සැමට කළ හැකි කර්තව්‍යයක් නොවේ.

එසේම සමාජය පිළිබඳ ඔහුගේ 'ඉව' තියුණුය. බුද්ධිමතුන් ලෙස සමාජයේ වැජඹෙන, නිසරු වදන් බෙනෙමින් ජනමාධ්‍යයේ අරක්-ගෙන අපට දේශනා දෙන ගොම්-බිජ්ජන් ගේ බොල් හඬවල් මෙන් නොව මානි ගේ ඉදිරිපත් කිරීම් සෘෂි භාෂිතයක් මෙන් ඉදිරි දැක්මකින් යුක්තය. මානිගේ තීරුවේ අද පළ වන ලිපියක් අදට වඩා වැදගත් වන්නේත් වටිනාකම වැඩි වන්නේත් තව වසරකින් හෝ කිහිපයකිනි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර මස මානිගේ තීරුවකි. උපුටා ගැනීම facebook පිටුවෙනි. බැඳිය පහළින්.




Tuesday, June 12, 2018

ආධාර හා සහනාධාර

පෙර කතාවෙන් අප ඉදිරිපත් කරන ලද්දේ පින්තූරයක් පමණි. බලාපොරොත්තු වූ අයුරින්ම ඒ ගැන හරවත් සංවාදයක් ඇති වුණේ නැත. මේ ගැන වරද අපේමය. සංවාද ඇති වීම පිණිස ඉක්මන් ප්‍රථිචාර අවශ්‍යම අංගයකි. අන්තර්-ග්‍රහලෝක තරණයේ යෙදෙන යානාවක් සේ එක පණිවිඩයකට ප්‍රතිචාර ලැබෙනු පිණිස දින ගණනක් බලා සිටීමට සිදු වේනම් එයමයි හරවත් සංවාදයකට ලොකුම බාධාව.

අප පෙර ඉදිරිපත් කරන ලද්දේ ආධාර එකතු කිරීම පිණිසම මුද්‍රිත පත්‍රිකාවකි. එය නියමිත මුදල ගෙවා මිලදී ගන්නා ලද්දේ තම දියණියයැයි උපකල්පනය කළ හැකි කුඩා දැරියක සමග ගෙන් ගෙට ආධාර එකතු කීරීමට ගිය තවම තරුණ විය නොඉක්මවූ කාන්තාවකගෙනි. ඈ කළ විස්තරයට හා ශාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණු සේයා රූ වලට අනුව ඇගේ සැමියා ඔත්පළව කිසි ආර්ථික ක්‍රියාවලියකට දායක නොවී බටහිර ඖෂධ බලයෙන් දිවි ගැට ගසා ගන්නා අසරණ මනුෂ්‍ය ප්‍රාණියෙකි.

මෙවැනි ප්‍රාණීන් උදෙසා සමහර බටහිර රටවල "Voluntary euthanasia" නම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. බටහිර දේ වන්දනා කරන යහපාලන ආණ්ඩුව විසින් ලංකාවේ එය නිත්‍යානුකුල කෙරුණත් දේශමාන්‍ය ලලිත් කොතලාවල වැනි කුවේරයින් මහාචාර්‍ය වියන්ගොඩ වැනි පුරෝගාමීන් මිස මෙවැනි අසරණ පුද්ගලයින් ඉන් ප්‍රයෝජන ගනු ඇතැයි සිතීම උගහටය. ජීවිතය ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් ධනයක් නැති කෙනෙක් නිත්‍යානුකුලව දිවි තොර කර ගැනීම පිණිස අවශ්‍ය නෛතික සහ වෛද්‍ය ගාස්තු ගෙවා ගන්නේ කෙළෙසද ?





Wednesday, October 25, 2017

අපි වෙමු ලෝ සුරුවෝ !

අරිසෙන් අහුබුදු ශූරීන් දිවමන්ව සිටියේ නම් ... නෑ එක්කෝ ඕනේ නෑ.


source: www.tribuneindia.com

ලංකාවේ අපට ක්‍රිකට් උන්මාදය වැළදෙන්නේ 1996 දීය. එදා සිට අද දක්වා "ක්‍රිකට්" යනු සැමගේ ම නොවුණත් බොහෝ දෙනාගේ ජීවිත වල අවියෝජනීය අංගයක් විය. පරණ ඇක්සයිස් පොතක ලකුණු පුවරුවක් සාදාගෙන තරඟයෙන් තරඟයට ලකුණු සටහන් තබා ගත් අතීතයක් අපටත් තිබිණි. පසුව එය Excel වලට ඇතුල් කර පවත්වාගෙන ගියේ පසුව වෙබ් අඩවියක් පල කරන බලාපොරොත්තුවෙනි. එයට නැවතීමේ තිත තැබුණේ cricinfo වෙබ් අඩවිය විසින් අපගේ නිර්මාණාත්මක අදහස පැහැර ගැනීම නිසාය.





Friday, January 8, 2016

ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයි

හෙවත් කළු පාටින් සමරණ බ්‍රා-සිරා ගේ වර්ෂ පූර්ණය



ගමයා අලියාගේ එල්ලී දෙව් ලෝ ගොස් අදට වසරකි. මේ වසරට මෙලෝ ගොබිලෙක් නුදුන් වින්දනයක් අපට ලබා දීමට ගමයා සමත් උනේ නැද්ද? අපේ මාමා "අයියෝ සිරිසේන !" කීවේ මේවාටමය.




ගමයාගේ අණ්ඩ දැමීම


සොඳුරු ඒකාධිපතිත්වය අවසන් කරන්නෙමැයි පාරම් බාමින් පැමිණි මේ ගෝතයා අඩුවක් නොතබාම එය ඉටු කළේ කුරිරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරමිනි. තමා දිව්‍ය ලෝකයට ගෙන ගිය අලියාට කෙළෙහි ගුණ සැළකීම පිණිස කළ මැටි-මෝල් වැඩ ගැන පසුගිය වසර පුරාම කතා කර ඇති මුත් කතා කර නැත්තේ අයවැයට දිනපතා අණ්ඩ දැමූ ආකාරය වේ.

මෙවර අයවැය අමුතුම තාලේ එකකි. ජුන්ටාධිපතිට අවශ්‍ය වන්නට ඇත්තේ 'ෆුල් සූට්' එකක් බවට සැකයක් නැතත් ඉදිරිපත් කරන ලද්දේ කොට කලිසමකි. මේක ටයිඩ් එකක්ද තුන්කාලක් ද නැතිනම් දෙපැත්ත කැපූ රනින් ෂෝටක් ද එසේත් නැත්නම් වෙනම එකක් දැයි අයවැය ඉදිරිපත් කළ පිස්සු බහුබූතයා දන්නේ නැත. හරිහැටි සිංහලවත් නොදන්නා මේ හාදයා වාහන ගැනවත් අඩු තරමින් දන්නේ නම් හීලියම් කාර් වලට බදු සහන දෙන්නට කතා කරන්නේ ද නැත.

කොහොමින් කොහොමින් හරි ඉදිරිපත් කර ගත් අයවැය ජනතාවට ගින්දර සමග විහිළු සපයන්නක් වීම හේතුවෙන් ගමරාළට එයට අත නොදා සිටීමට නොහැකි විය - නැතිනම් ගමයාට ඒකත් ආතල් එකක් ලෙස පෙනෙන්නට ඇත. කළින් සිටි 'සොඳුරු ඒකාධිපතියා' ප්‍රශ්නයක් ඔඩු දුවන තෙක් නිසොල්මනේ සිට අවසන් මොහොතේ අත දමා ලකුණු දා ගන්නා අයුරු මේ ගමයා ද නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ වැඩේ නැගලාම ගියේය. ගමයාගේ අණ්ඩ දැමීම කෙළවර වූයේ කොට කළිසම අමුඩ ලේන්සුවක් වීමෙනි.

මේ අමුඩ ලේන්සුව ජෝකෙක් හෙවත් ලංකට් එකක් ලෙස දුටු කවුන්සිලේ හරක් පට්ටිය තප්පු ලා එය තුනෙන් දෙකක් දී පාස් කළහ. ඒ අයවැයට අණ්ඩ දැමීමේ පුරාවෘත්තයයි. සම්මත වූ අයවැයේ ඇත්තේ කවරක්දැයි දන්නෝ වෙත්ද ?


කළ හොඳ පස්සෙන්


ගමරාළ දිව්‍ය ලෝකයේ සිටි මේ වසරට ඔහු අලියාට හොඳට සැළකිය. එසේම අනෙක් සත්තුන්ට ද මදි නොකියන්නට සළකමින් ඇත. කොටියාට අවුරුදු 100 පමණ තර්ක-වාද කර අවුරුදු 30 ක් කැරළිගසා ලබා ගත නොහැකි වූ දේ දීමට සියල්ල සුදානම් ය. ඔටුවාට ද අවශ්‍ය දේ රටේ සතර දිග්භාගයෙන්ම ලැබෙමින් පවතී. නරින්ට ඕනෑ දේවල් ලැබෙන බවට කිසි සැකයක් නැතුවා පමණක් නොව 2001-2004 කාලයේ තිබූ පරාක්‍රමය එළෙසින්ම පෙන්වමින් සිටී.

එහා රටේ වඳුරු හමුදාව 'සීපා' වෙනුවට වෙනත් නමකින් ගෙනෙන පොරොන්දුවක් පසුපස සඟවා මෙරට ආක්‍රමණය කරනු ඇත. සීපා නොව මොන නමින් ආවත් එන්නේ "හනුමා" බව ගමරාළ දැන ගත යුතු අතර දැන්වත් සිහි එළවා නොගත්තොත් මේ හනුමා මොන මොනවා නොකරාවි දැයි කිව නොහැක. 'සීපා' නම් හනුමා වෙත සුදු හුණු ගාන නූතන විභීෂණ ලා ජනමාධ්‍ය ලෝකයේ පමණක් නොව බ්ලොග් ලෝකයේ ද පහල වන්නේ නිකං ම නොවේ.

ජෙනිවා කවුන්සිලේ චෝදනා කුණු කූඩයට විසි කර දැමිය යුතු මුත් ගමරාළට ඒවා ගැන වගේ වගක් නැත. ලඟදි ඉන්දියාවේ පුවත් පතකට මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි කියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ මං දන්නෙවත් නෑ නොවැ, හිටං යැයි කියනු ඇති බවට සැකයක් නැත.

එසේ කියා ගිරාඳුරුකෝට්ටේ හෝ මහවිලච්චියේ හෝ දහම් පාසැලක තෑගී බෙදා දීමට ගොස් ඕකුන්ට මඩු වලිගෙන් තලන්න කතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.


ඉතිං එයාකාර වැඩ කරන ගමරාළ ගේ මීළඟ වසර වෙනුවෙන් මොනවා පතන්නද ? මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හොඳ ගොන් මාතෘකා ලෙස බ්‍රා-සිරාට තනපටවල් සහ තවත් එවැනි දේවල් වැඩි වැඩියෙන් ලැබෙන ප්‍රීතිමත් වසරක් වේවා කියා පතමුද ?

Tuesday, November 24, 2015

පොඩි එකාගේ ළියුම...!

කලකට ඉස්සර පොඩි එකාගේ ලියුම නමින් ඉරිදා පත්තරයක අපූරු භාෂා ශෛලියකින් ලියැවුනු ලිපි පෙලක් තිබූ බව යලි මතකයට නැගුනේ ඊයේ පෙරේදා කවුන්සිලයේ ඉදිරිපත් කෙරුනු අපූරු අය වැය ප්‍රකාශනයෙනි.

"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.

එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......

එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.



Tuesday, November 10, 2015

අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ

කපිලවස්තු පුර සුදොවුන් රජුට පුතෙක් ඉපදී පස් දිනකින් නම් තැබීමේ මගුල එළඹින. ඊට වේද වේදාන්ත ඥානයෙන් පරිපූර්ණ, අංග ලක්‍ෂණ විද්‍යාවන් දන්නා, ප්‍රඥාව ඇති බමුණන් එකසිය අට දෙනෙකුන් ගෙන්වන ලදී. මොවුනතරින් ප්‍රධාන වූ රාම ධජ ලක්ඛණ මන්තී කොන්ඩක්ඤ භෝජ සුයාම සුදත්ත යන බමුණන් අට දෙනා ළදරු කුමරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අසූවක් අනුව්‍යංජන ලක්‍ෂණ දුටහ.
www.telegraph.co.uk
ඔවුනතරින් වැඩිමහල් බමුණෝ සත්දෙන මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයි කියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයි කියමින් එක් ඇඟිල්ලක් පෑහ.

මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.

පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.

මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.


නම් තැබීම


සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.

අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.





Monday, August 31, 2015

WG Grace & IO Sirisena

ක්‍රිකට් ක්‍රීඩාව ගැන බිංදු මාත්‍රයක්වත් දන්න කෙනෙක් නම් WG ග්‍රේස් ගැන අහල නැති වෙන්න බෑ. එතුමා ජන්ම දායාදය ලබල තියෙන්නේ ඒරොප්පේ (England), පාතාන්තය (Downend) කියන ගමේ.
W.G.ග්‍රේස්, පිත්ත අතැතිව
ඒ 1848 දී, ඒ කියන්නේ එතුමාගේ නෑදෑයෝ මෙහෙ අපේ මානව හිමිකම් රකින්න, අපිට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා දෙන්න පුරන්අප්පු (මොරටුවේ ෆ්‍රැන්සිස්), ගොංගාලේගොඩ බණ්ඩා (පෑලියගොඩ ඩේවිඩ්) ඇතුළු පිරිස දඩයම් කරන කාලේ. ඒ කාලෙත් අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කරලා තිබිල තියෙන්නේ අපේම උන්, බලං යනකොට. ඒත් ඒක වෙනම කතාවක්. අද කතාව WG ග්‍රේස් උත්තමය ගැනයි.





Friday, January 16, 2015

ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?

ජෙනරල් සරත් ෆොන්සේකා
ලංකාවේ වඩාත් ජනාදරයට පත් හමුදා නිලධාරියා ඔහුය. සක්‍රිය සේවයේ යෙදී සිටියදීම ඉහලම නිලයෙන් පුද ලද එකම නිලධාරියා ඔහුය. සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැරුණු කොට 'සෙන්පති' යන නාමයෙන් ජාතියක් විසින් හෘදයාංගමව හඳුනා ගන්නා ලද සහ ජාතික වීරයෙක් ලෙස රටේ පොදු ජනතාව වෙතින් පිදුම් ලැබූ යුධ හමුදා නිලධාරියා ඔහුය. ඒ එදා 2009 මැයි මස 18 වැනි දින, ඉන්දිරා ගාන්ධිගේ ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව එක්ව තමිල්නාඩුවේ දී නිෂ්පාදනය කර මෙරට ආක්‍රමණය කිරීමට එවූ, දෙමළ ආක්‍රමණික හමුදාව නන්දිකඩාල් කලපුවේ දී නින්දා සහගත පරාජයකට ලක් කිරීමට ඔහුගෙන් ලද දායකත්වය නිසාය.



Friday, November 21, 2014

අයියෝ සිරිසේන (යාවත්කාලීන...)

අයි...යෝ සිරිසේන !!! කියා ඒ කාලේ නෝන්ඩියට කීවේ අපේ මාමය. පොඩි උන් වූ අපට මේ හරුපේ තේරුණේ නැත. සිරිසේන මාමා ගමේ කාගේත් හිත දිනාගෙන නොහිටියත් කාටවත් වැඩි කරදරයක් නැතුව තමාගේ පාඩුවේ සිටි සාමාන්‍ය මිනිහෙකි. වෙන කාටවත් පල් කරන්න අහක ඉන්න සිරිසේන මාමාගේ නම ඈඳා ගන්නේ ඇයි?
අයියෝ සිරිසේන...
"අයියෝ සිරිසේන !" කියා කීම කාලයාගේ ඇවෑමෙන් නැතිව ගියේය. පල් කිරීම, කිච කිරීම, නෝන්ඩි කිරීම සේම තව බොහෝ වචන ද පැමිණ නැතිව ගියේය. කරදඬු උස් මහත් වී අපද ගජ ඉලන්දාරින් වුවත්, අයියෝ සිරිසේන ! යන්නේ අරුත අප මෙතෙක් වටහාගෙන සිටියේ නැත. ඒ කතාව මතු සම්බන්දයි.




Saturday, June 7, 2014

කැතම ළමයා



ලස්සන උනහපුළුවක්
මනුෂ්‍යප්‍රාණීන් අලංකාර කිරීම පිණිසම නිමවා ඇති මෘදුකාංගයක් වෙයි. එය පින්තූර කඩේ යන අරුතැති Photoshop නමින් හැඳින්වේ. මේ වර්ගයේ එකම මෘදුකාංගය එයම පමණක් නොවුණත් ලෝකයේ ප්‍රධාන පෙළේ වෘත්තීය රැවටිලිකාරයින් විසින් කළු ගැහැණුන් සුදු කිරීම, සුදු ගැහැණුන් නෙත්කළු කිරීම, තප්පදෝරු කල්දේරම් හුරුබුහුටි කොකා කෝලා බෝතල් බවට පරිවර්තනය කිරීම පමණක් නොව ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතිව හබල් දුරේක්‍ෂයෙන් ගත් චන්ද්‍ර ඡායාරූපයක මට්ටමේ වල ගොඩැලි හා ආවාට සහිත මුහුණක් සස ජාතකයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සස රූපය ඇඳීම පිණිස විශ්වකර්මයා ලවා මට්ටම් කෙරුණු, කැටපත් පවුර සේ සුදිලෙන, සඳ මෙන් පෙනෙන සේ සකස් කිරීමටත් භාවිතා කරන්නේ මෙයයි.

අපේ අද කතාව පොටෝ කඩේ ගැන නෙමේ.


Sunday, October 20, 2013

නීතිඥ මහතාගේ ආධාරය



ලංකාවේ දේශපාලනඥයන් වැඩි දෙනෙක් නීතිඥයන් වෙන්නේ මක් නිසාද කියා මොහොතකටවත් සිතුවාද?

මේ අය රැකියාව වශයෙන් ඒ වෘත්තියේ යෙදුනත් නැතත් සුදුසුකමක් වශයෙන් නීති විභාගය සමත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට එය අතවශ්‍ය වන නිසාම නොවේ. බරහිර රටවල නම් මන්ත්‍රීවරු නීති සම්පාදනයේ යෙදුනත්, ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කාර්‍යභාරය අත එසවීමෙන් ඔබ්බට ගමන් නොකරන බැවිනුත්, ඒ අත එසවෙන්නේත් තමන්ගේ හෘදය ශාක්ෂිය අනුව නොව පක්‍ෂ තීන්දුව අනුව වන බැවිනුත් .......... මේ ගැන කතා කරයි නම් බොහෝ දේ කතා කළ හැක.

ඒ නිසා මන්ත්‍රී වරු පසෙක තබා නීතිඥවරු ගැන කතා කරමු.

නීතිඥ මහතාගේ ආධාරය

දැන් කාලේ දායක සභාවල් උනත් හරිම දියුණුයි. භාවිතා කරන්නේ පරිගණක තාක්‍ෂණය. දායකයින්ට පන්සල් එන්න වෙලාවක්වත් නැති මේ කාලේ දායක සභාව දායකය වෙතට යන එක තමයි නිවැරදි ක්‍රමය කියල එයාලට හිතෙන්න ඇති. අනිත් එක, පන්සල් පවා වෙනස් වෙලා ස්වාමින් වහන්සේලා සීලය පරදුවට තියලා පේස්-බුකියේ ඔට්ටු සෙල්ලං කරන මේ අබුද්දස්ස කාලේ දායක සභාවල් ගැන කවර කතාවක්ද !

අපේ පන්සලෙත් දායක සභාව වාර්ෂික අය වැය වාර්තාව සපයන්න කලින් හොයල බලනවා එක එක දායකයා කොහොමද ආධාර කරලා තියෙන්නේ, පහුගිය අවුරුද්දට කී පාරක්, කීයක් ආධාර කරලා තියෙනවද... කියලා. ඔන්න එහෙම පරීක්‍ෂා කරලා බලන භාණ්ඩාගාරිකතුමාට පරිගණක දිව්‍යරාජයා පෙන්නුම් කරනවා ප්‍රදේශයේ ලොකුම නමගිය නීතිඥ මහත්තයා සත පහකින්වත් ආධාර කරලා නෑ කියලා.

Thursday, September 19, 2013

බොරු කීම පාපයක්



මේ කුක්කා කාගේද
ඩයස් පියතුමා ගැන නොදන්න ළමයෙක් නෑ, ඒ තරමට එතුමා ළමයින් අතර හරි ජනප්‍රියයි !

කොච්චර ජනප්‍රියද කියනවනම්, පාරේ සෙල්ලම් කරන ළමයි එතුමා දුර එනකොට ඉක්මනට හැංගෙනවා. හැංගිමුත්තන් සෙල්ලම නෙවෙයි, එතුමාගේ දේශනාවක් අනිවාර්යයෙන් ලැබෙන නිසා.

එතුමාගේ දේශනා ගම් ගානක ප්‍රසිද්ධයි. ඉරිදා උදේට එතුමා පූජාව පවත්වනකොට දේව මන්දිරය පුරවල සෙනග. මහළු උදවිය එතුමාගේ දේශනාවට කැමති කාගෙන්වත්වත් හිරිහැරයක් නැතිව නිදා ගන්න ලැබෙන නිසා කියලයි ඒ පූජාවට සහභාගී නොවන ඈයෝ කියන්නේ. ඒත් ඕව කඩාකප්පල් කාරයින්ගේ කතා... ඒ මිනිස්සු කොහොමද ඒක කියන්නේ එක දවසක්වත් පූජාවට සහභාගී වෙන්නැතුව.

මේ කියන්න යන්නේ ඩයස් පියතුමා දවසක් ළමයි රංචුවක් එක්ක ඇති කර ගත් කතාවක් ගැන.

Tuesday, August 13, 2013

බ්‍රසීලයේ වෙළෙන්දා



බ්‍රසීලය වනාහී වර්ග ප්‍රමාණය අතින් ද ජනගහනය අතින් ද ලෝකයේ පස් වැනි විශාලම රාජ්‍යයයි. ලෝකයේ විශාලම නිවර්තන වැසි වනාන්තරය වන ඇමසන් මේ රාජ්‍යයේ ඉතා වැඩි කොටසක්, එනම් 65% පමණ වසා සිටී. නාගරික ජනගහනය 80% ඉක්මවා සිටියත් කෘෂිකර්මය නැගී එන ජීවිකාවෘත්තියකි. ඇමසන් වනය ආශ්‍රිත පෙදෙස් වල වන වැස්ම ඉවත් කිරීමත්, මහාපරිමාණ ගොවිපොලවල් ඇරඹීමත් ජනයා පදිංචි කිරීමත් සැළසුම් සහගතව කෙරේ.

බ්‍රසීලේ පිටිසර ගොවි කම්කරුයෝ අමුතුම සැට් එකක්, එකෙක්වත් සෙරෙප්පු දාන්නේ නෑ
මේ ජනයා බොහෝ දුරට නූගත්තුය. සනීපාරක්ෂාව ගැන එතරම් තැකීමක් නැත. මල පහ කිරීමෙන් පසු දෑත් නොසෝදයි. පාවහන් භාවිතයක් නැත. ආර්ථික අතින් ශක්තිමත් වුවත් ඉහත හේතු නිසා කොතරම් සුලභ කලත් මේ ජනයා අතර පාවහන් ජනප්‍රිය කළ නොහැක. බ්‍රසීලයේ නව ජනාවාස පාවහන් වෙළෙඳාමට යෝග්‍ය වෙළෙඳපොලක් නොවේ.


ඔන්න ඔය විදියටයි ඒ වෙළෙඳපොළ විශේෂඥයා තමන්ගේ වාර්තාවේ සටහන් කළේ.

Tuesday, July 16, 2013

මල්වාරේ

"මචං නියම සොෆ්ට්වෙයා එකක් හම්බුනා. මේකෙන් වැඩ ගන්න උඹ දන්නවද?"
පරිගණක සාක්‍ෂරතාව උගත් කමක් විදියට සළකපු කාලයක් තිබුණා. ඒත් ඒ ඉස්සර. දැන්නම් ඔය කියන සාක්‍ෂරතාවය නැති එකෙක් තමයි හොයා ගන්න බැරි. තව ටික කාලෙකින් ඕක නැති උන්ට ඉල්ලුම වැඩි වෙන්නත් ඉඩ තියෙනවා... අර මංගල යෝජනා වල 'සුරා සූදුවෙන් තොර' කියලා දානවා වගේ. ඇයි දෙයියනේ මුන් දැන් කාලේ සාක්‍ෂරතාවය කියල කොරන දේ වල හැටියට ඕක නැති එකමයි හොඳ කියලා 'සත් ගුණවත්' දෙමව්පියන්ට නොහිතුනොත් තමයි පුදුමේ.

මගෙත් යාළුවෙක් ඉන්නවා... මිනිහ ඔය පරිගණක, මෘදුකාංග, ජංගම දුරකථන, අන්තර්ජාලය ඔය වගේ මෙකී නොකී සියලු දේ ගැන අහන්නේ මගෙන් තමා. මගෙන් ඇහුවට, මිනිහ මගෙන් අහන ප්‍රශ්න වලට මම දන්න උත්තරයක්‌ නම් නෑ. එයාම තමයි හරි උත්තරේ තෝරාගෙන මටත් කියලා දෙන්නේ. අපි දෙන්නගේ වැඩි හරියක් 'පරිගණක පාඩම්' යන්නේ දුරකථන කතා බහෙන් තමා.

Wednesday, June 19, 2013

සුන්දරිය සහ තිරිසනා ගැන තවත් කතාවක්‌ නොවේ !

සුද්දාගේ නම ටාසන් නම් සුද්දීට අපිට ජේන් කියන්නට ඇහැකි. උගේ නම රෝමියෝ නම් ඈට ජුලියට් යැයි කියන්නට තිබුණා. ඒත් මේ සුද්දගේ නම අපි දන්නේ නෑ. ඒ නිසා සුද්ද ම කියමු, නමෙන් වැඩක් නෑ නොවැ.

සුද්ද හිටියේ යාල අද්දර, මේ සුද්දන් රට කරන කාලේ නිසා ඒ හැටි දියුණුවක් නෑ ඔන්න. කැලේ තමයි ලංකාව පුරාම. දියුණුව කියන්නේ කැලේ කපල මොනවා හරි කරන එක නිසා සුද්ද යාල ආවේ ඒ වැඩේට. මිනිහට යස බංගලාවක් තිබුන කැලේ අද්දරම, ලොකු වත්තක් මැද්දට වෙන්න.

ඒ කාලේ කැලේ වට කර වැටවල් බඳින සිරිතක් තිබුනේ නෑනේ. ඉතිං කැලේ වැසියොත් ගමේ වැසියොත් කලවමේ තමයි ජීවත් උනේ, ගමේ මිනිස්සු අකුලේ රිංගනවා, කැලේ සත්තු ගම් වදිනවා. කවුරුත් තමන්ගේ සීමාව දැනගෙන හිටිය නිසා කාටවත් වැඩි කරදරයක් නෑ.

ඔය අතරේ තමයි සුද්ද හදිසියේ එංගලන්තේ ගියේ. ගමේ මිනිස්සුනම් කිව්වේ පෙලවාසියක් කර ගන්ට ගියා කියලයි. ඒ ගැන නෝක්කාඩු කියන්න ගමේ කවුරුත් උන්නේ නෑ, සුද්දගේ චරිතේ හොඳයි. කොහොම හරි ඕං සුද්ද ගිහිං මාස ගානකට පස්සේ සුද්දයි සුද්දියි දෙන්නම ආවලු නැවෙන්. ගමේ සමහර ඇත්තොත් ගාලු ගියාලු මේ දෙන්නව පිළිගන්න.

කොහොමින් කොහොමින් හරි සුද්ද සුද්දිව කැන්දන් ආව කියමුකෝ බංගලාවට.

එදා රෑ...

එදා රෑ තමයි වැඩේ.

සුද්ද ඉතිං පුරුදු කාරයනේ. මූ ගොර ඇද ඇද නිදි නැවේ ආව මහන්සියටත් එක්ක. සුද්දී එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා, සුද්දගේ අත අරගෙන පටලවා ගන්නවා, සුද්දව කොට්ටෙ වෙනුවට තියා ගන්නවා... මොනඃ ! නිදි දෙව්දුව සුද්දී ළඟටවත් එන්නේ නෑ, එක්කෝ එයාත් සුද්ද වගේම කොහේ හරි වැටිලා නිදි.

හඳ එළියත් පායලා තියෙනවා... එළියේ එක එක රෑහි හඬවල් ඇහෙනවා... එංගලන්තේ වගේ නැතත් ඇඟ කීරිගැහෙන හීන් හුළඟක් බාගෙට ඇරිලා තියෙන ජනේලේ පොලු අතරින් එනවා. ඇඳ ළඟ තියෙන කනප්පුව උඩ ලස්සනට හදල තියෙන පළතුරු වට්ටියේ ලොකු කෝලිකුට්ටු ඇවරියක්ම හඳ එළියෙන් දිලිසෙනවා සුද්දිට පේනවා. එයා නිදි නැතිව ඇඳේ එහෙට පෙරළෙනවා, මෙහෙට පෙරළෙනවා. සමහර විට නැවේ ඇවිත් තෙහෙට්ටුව නිසා වෙන්න ඇති. ඒ අතරේ තමයි කවුරු හරි කෙනෙක් (සතෙක්?) ජනේලේ අයිනේ බරට අඩිය තිය තියා ඇවිදිනවා සුද්දිට ඇහුණේ. අපොයි, එයාව බය කරන්න ඔය සද්ද වලට බෑ.

එයා හිමීට නැගිට්ටා. හවුස් කෝට් එක දා ගත්තා, බරාඳය දිගේ ගිහිං ලොකු දොර ඇරගෙන බලාගෙන ඉන්නවා ජනේලේ පැත්ත දිහා. ඔන්න එතකොට තමයි ලොකු පර්වතයක් වගේ දෙයක් හඳ එළියේ හෙලවෙනවා එයා දැක්කේ. සුද්දි තේරුම් ගත්තා මේ නම් අලිය බව. සුද්ද අස්සයෙකුටත් වඩා ලොකු මේ වගේ සතෙක් ගැන එංගලන්තේදී කියනවා එයා අහල තිබුණා, ඒත් දැක්කේ අදයි.

අලිය ටික ටික ජනේලේ ලඟට ලං උණා. විදුලියක් වැදුන වගේ එක පාරටම දැහැනෙන් නැගිට්ට සුද්දි ඉක්මනට දොර වහල දුවගෙන ගියේ කාමරේට. අලිය ජනේලෙන් හොඬවැල ඇතුලට දානවත්, අර කනප්පුව උඩ තිබුණු ලොකු කෝලිකුට්ටු ඇවරිය ඒකෙන් පටලව ගන්නවත් ඊට පස්සේ ඒක කටට යවනවත් සුද්දි පැහැදිලිවම දැක්ක. අලිය ඒක කාල යන්න ගියත්, සුද්දිට ඉස්පාසුවක් නෑ මේ දැක්ක දේ කාට හරි කියා ගන්නකම්. දෙයියනේ අවුරුදු විසි ගානක් එංගලන්තේ ඉඳල හීනෙන්වත් හිතපු දෙයක්ද මේ ලංකාවේ හිටපු එක රෑකට දැක්කේ... තව මොන මොනවා දකින්න ලැබෙයිද ඉදිරියට...

සුද්දි පත්තු කළා ලාම්පුව, ගියා සුද්දගේ ලියන මේසේ ලඟට, ගත්ත ලියන කඩදාසියක්, ඔන්න ලියනවා අම්මට ලියුමක්...

ආදරණිය අම්මා වෙතටයි,

දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි ගාලු වරායෙන් ලංකාවට සැපත් උනා...

අපි එංගලන්තේ ඉන්නකොට එයා අලියා ගැන කතා කළා අම්මාට මතකද? මම අද අලියෙක් දුටුවා. ඌනම් මහා පුදුමාකාර සතෙක්. ලොකු පර්වතයක් වගේ මූ අද රෑ පැද්දි පැද්දී ආවා අපේ ජනේලේ ලඟටම. මම බලන් හිටියා.

මූ ඇවිත් උගේ අර දිගම දිග වලිගය අපේ ජනේලෙන් බංගලාව ඇතුලට දැමුවා. දමා අර කනප්පුව උඩ තිබූ රස කෝලිකුට්ටු ඇවරිය ඒ දිග වලිගෙන් ඔතා ගත්තා. අම්මා කිවුවාට විශ්වාස කරන එකක් නෑ මූ ඒ යස කෙහෙල් ඇවරිය වලිගෙන් ඔතාගෙන ඊළඟට කළ දේ. දෙයියන්ගේ නාමෙට මා විශ්වාස කරන්න, අම්මේ, එයා කියල තියෙන්නේ ඇත්තම තමා. අලියා ඇත්තටම දෙවියන් වහන්සේගේ පුදුම මැවිල්ලක් ...
හ්ම්... ලියුමනම් තව ඉවර නෑ, ඒත් කතාව ඉවරයි.

Sunday, March 10, 2013

පොලිස් කතා දෙකක්

මේ දෙතිස් කතා නිතර කියවන සහෘදයෙක් අප වෙත එවූ කතාවක්. මේ කතාව වෙනසක් නොකරම ඉදිරිපත් කරන්නේ මේ කතාවම සුළු වෙනසක් සහිතව අපද අසා ඇති නිසායි. අප අසා ඇති කතාවද මේ සමගම දක්වමු. පළමුව ඉදිරිපත් කරන්නේ අප මිතුරු සිතුවිළි ලියා එවූ කතාවයි. දෙවනුව ඒ කතාව අප අසා ඇති ආකාරයයි.

රහස් පොලිසිය හාවා ඇල්ලූ හැටි

ඔන්න ඔස්ට්‍රේලියාවේ තිබුනාලු බොහෝම සරුසාර කැරට් වගාවක්. මේ කැරට් වත්තේ අයිතිකාර මහත්තයා බොහෝම වෙ හෙස මහන්සියෙන් මේක බලාකියාගෙන ඉන්නවාලු. හිටි ගමන් දවසක් උදෙ බලන කොට කොහේද යන වල් හාවෙක් මේකට වැදිලා කැරට් වගාවේ පැත්තක්ම විනාස කරලාලු, දැන අපේ ගොවි මහත්තයාට බොහෝම දුකයි. ඒත් මොනවා කරන්නද වැටවල් එහෙම හදලා ආරක්ශාව වැඩි කලාලු.

පහුවදා බලන කොට මූ අයෙමත් රිංගලා. තවත් කොටසක් හානි කරලා. මේ විදියට සතියක් යනකොට අක්කර ගානක කැරට් කොටුවෙන් භාගයක් විතර ඉවරයි. දැන් අපේ ගොවි මහත්ත්යාට හොඳටම කේන්තියි. ගොවිමහත්තයා මොකද කලේ. දැම්මා ඉන්ටර්නෙට් එකේ දැන්වීමක් ලෝකේ තියෙන සියළු රහස් පරීක්ශන කණ්ඩායම් වලට මේකව හොයලා දුන්නොත් විශාල තෑග්ගක් දෙනවා කියලා.

දන් වැඩේ පත්තු උනා. KGB, රෝ, CIA මෙකී නොකී හැම සංවිදානයකින්ම කණ්ඩායම් එව්වා. වැඩේ හරි ගියේ නැහැ මොකද හාවා නියම වැඩ කාරයෙක් ඌ බේරුනා. හැබැයි තවමත් රෑට රෑට කොටුවට වැඩේ දෙනවා. ඊට පස්සේ ගොවි මහත්තයා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියට විශේෂ කැඳවීමකුත් කර්න ගමන් ලංකාවේ CID එකටත් පොඩි මතක් කිරීමක් එව්වලු.

ස්කොට්ලන්ඩ් යාර්ඩ් කාරයෝ වැඩේ භාරගත්තා ඒගොල්ලෝ ඇවිල්ලා දවසක් කැලේට රිංගලා ඉඳලා එලියට ආවේ හාවවත් කන් කෙටියෙන් අල්ලගෙන. ඊට පස්සේ මූ කොහොමද මේ තරම් වැඩකාරයෙක් උනේ කියලා බලන්න උන් හාවවත් අරගෙනම ආයේ එංගලන්තයටම ගියා.

ඊට සතියකට විතර පස්සේ අපේ කට්ටිය "CID" කවදත් සුපුරුදු පරිදි ප්‍රමාද වෙලා ඔස්ට්‍රේලියාවට ලඟා උනා කියමුකෝ. දැන් ගොවි මහත්තයාට ප්‍රෂ්නයක් හාවා ඇල්ලුවා කියලා ලංකාවට දන්නලත් නැහැ. ආපු එවුන් හරවලා යවන්නත් බැහැ. අනිත් කාටවත් අල්ලන්න බැරි උන එකේ මුනුත් හාවා අල්ලන එකක් නැහැ ඔහේ හොයලා ආපුදෙන් කියලා හිතලා මේගොලන්ටත් කැලේට යන්න ඉඩ හැරියා.

අපේ කට්ටියත් මුළු දවසක් කැලේ ඇතුලේ හිටියා. හැන්දෑ වෙනකොට මෙන්න කට්ටිය එලියට එනවා සිංහ ලීලාවෙන්. ගොවි මහත්තයා පුදුම වෙලා බලාගෙන ඉන්නවා.

අපේ කට්ටියගේ පිටිපස්සෙන් තඩි වලහෙක් එනවා වටේ ඉන්න හැමෝටම වැඳ වැඳ අනේ මම තමයි කැරට් කාපු හාව මම ඇත්ත කියන්නේ මට ගහන්න එපා කියලා.

කොහොමද අපේ කට්ටියගේ වැඩ?


ඉන්දීය රහස් පොලිසියේ වික්‍රම

එක එක රටවල විවිධ තරඟ සංවිධානය කරනවනේ... ඔන්න ඉන්දියාවත් සංවිධානය කළාලු තරඟාවලියක්, නිකං දුවන පනින එකක් නෙමේ, මේක රහස් පරීක්‍ෂණ තරඟාවලියක්. ඉන්දියාව ඉතිං ඒ සම්බන්ධයෙන් කප් ගහපු රටක්නේ... හැමෝම දන්නවනේ අර බොම්බේ බෝම්බ සිද්ධිය, තුවක්කු ගත්ත කොල්ලෝ දුසිම් බාගයක් සතියක් විතර යනකං මුම්බායි නගරෙන් පැත්තක් අධි ආරක්ෂක කලාපයක් කරන් නටපු විගඩම... ත්‍රාසය-භීතිය සහ හාස්‍යය කැටි කර ගත් ප්‍රවෘත්ති විශේෂාංගය...

ඉතිං, ඉන්දීය ආරක්‍ෂක අංශ ඒ අතින් හරි දියුණුයි. IPL වගේ ලෝක මට්ටමේ ක්‍රීඩා තරඟාවලියක් අවුරුදු පතා සංවිධානය කරන, අඟහරු වලට චන්ද්‍රිකාවක් යවන්න ලක ලෑස්ති වෙන ඉන්දියාවට ඕක මොන කජ්ජක්ද.

තරඟාවලියට ලෝකේ හැම රටකින්ම වගේ තරඟකාරයෝ ආවා. ලෝකේ පිළිගත් රහස් පරීක්‍ෂණ සංවිධාන වලින් විතරක් නොවෙයි සමහර පෞද්ගලික රහස් පරීක්‍ෂකයොත් මේකට සහභාගී උනා, මොකද දිනුවොත් කාගේ බිස්නස් ද සරු වෙන්නේ. තරඟාවලියේ වැදගත්ම තරඟය උනේ නිදහසේ ඉන්න භයානක මිනීමරුවෙක් අල්ලා ගන්න එකයි. වීරප්පන් මළාට ඒ වගේ උන් ඉන්දියාවේ බොහෝමයි. කාගේත් අවධානය දිනා ගත් මේ තරඟෙට අවසානයට සුදුසුකම් ලැබුවේ කණ්ඩායම් තුනයි.

MI6, CIA සහ RAW ඒ කණ්ඩායම් තුනයි. මුල් කණ්ඩායම් තුන අනෙක් තරඟකරුවන් අභිබවා දස්කම් දැක්වීම නිසාත් රෝ සංවිධානය සත්කාරක රට නියෝජනය කරන නිසාත් තමයි තෝරා ගත්තේ, එහෙම නැතුව කොහොමද ප්‍රේක්ෂකයෝ රඳවා ගන්නේ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ මේක නොබැලුවොත් ලබන අවුරුද්දේ තරඟාවලිය තියන්න වෙන්නේ නෑ.

කාගේත් අවදානේ තිබුනේ කවුද මේ භයානක මිනීමරුවා කියන එකයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයත් දුර දිග හිතල බලල තමයි මේ මිනිමරුවම තෝරා ගත්තේ... මොකද, ඇල්ලුවට පස්සේ මිනිමරුවගේ සැප දුක අහන්න ලොකු තැන් වලින් ඇමතුම් එන්න පුළුවන්නේ... මේක ඉන්දියාව.

ඔන්න මිනීමරුවා ගැන තියෙන හොඩුවාවල් ඔක්කොම අර කණ්ඩායම් තුනට ලැබෙන්න සැලැස්සුවා. දැනට තියෙන ඉඟි අනුවනම් මේ මිනීමරුවා ගිරි වනොද්යානේ හැංගිලා ඉන්න තඩි සිංහයෙක්. එයාට දේශපාලන සම්බන්ධකම් නෑ. ඒත් ගැටළුව වෙන්නේ මහා විශාල වනාන්තරයක් වන ගිරි වනෝද්‍යානය ඇතුලේ එක සිංහයෙක් හරියටම අඳුනගෙන අල්ල ගන්නේ කොහොමද කියන එකයි.

මුලින්ම අවස්ථාව ලැබුනේ MI6 කණ්ඩායමට. ඒ අය සත්ත්ව සහ ශාක ගැන විශේෂඥයෝ පිරිසක් සමග කැලයට ඇතුල් උනා. මේ අය මාස තුනක් පුරා කැලේ පීරලා හැම ගහක-ගලක් ගානේ හොයලා සත්තු පහරපු ගොම ගොඩවල්-වතුර වලවල්-මැරුණු සතුන්ගේ සිරුරු හැම දෙයක්ම පරීක්‍ෂා කරලා අන්තිමට සවිස්තර වාර්තාවක් දුන්නා. ඒකෙ අන්තිමට තියෙනවා "ගිරි වනයේ සිංහයන් නැති බව ලැබී ඇති සාක්‍ෂි අනුව නිගමනය කරමු.". දෙවෙනි වාරය ලැබුනේ CIA එකට.

එයාල කළේ වෙනස් වැඩක්. එයාල මුලින් ඒ පැත්තේ අබිලින් වගේ සෙට් එකක් කුලියට ගත්තා. දැන් එනවා දිනපතා පුවත්. සිංහයා අතන... සිංහයා මෙතන... රාත්‍රියේ සිංහ ප්‍රහාරයක්... මුත්‍රා කිරීමට නිවසින් පිටතට ගිය සුරූපී තරුණිය සිංහයාට බිලි... සිංහයා දුටු ඉස්සන් ගොවියෙක් සිහි නැති වී වැටේ... අද්භූත ආලෝකයක් සමග ගමන් කරන සිංහයෙක්... සිංහයින්ගෙන් ප්‍රවේශම් වන ආකාරය... සිංහයාගෙන් තමන් ගලවා ගන්නා ලෙස බල කරමින් ගිරි නුවර වැසියෝ උද්ගොෂණයේ... සිංහයා අපිට එපා කියමින් තමිල්නාඩු තරුණයෙක් ගිනි තබා ගනී...

මේක ටික දවසක් නැගලා යන්න ගත්තා... නිකං ග්‍රීස් යකා සහ පිටසක්වල එළි වගේ. ඇසින් දුටු ශාක්‍ෂි සීමාවක් නැතුව එන්න පටන් ගත්තා. සති දෙකකින් පස්සේ සිංහයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශයට පත් කළා. ආරක්ෂක ලේඛම් සපත කළේ සිංහයා කුමන පරිත්‍යාගයක් කර හෝ නිතිය හමුවට පමුණුවන බවටයි. සති තුනකට පස්සේ ගිරි වනයට ගුවන් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා. හතර වෙනි සතිය අවසානයේ ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ සිංහයාට සාධාරණය ඉටු කළ ඇමරිකානු විරුවන්ට ප්‍රණාමය පුද කෙරුණු බවයි. ප්‍රහාර වලින් මිය ගිය සතුන් හා ඉන්දියානුවන් වෙනුවෙන් සමාව ඉල්ලීම අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් විසින් පුවත්පත් හමුවක් ලබා දෙමින් ප්‍රකාශ කළ අතර, රාජ්‍ය ලේකම් වරිය ප්‍රකාශ කළේ ඉදිරියටත් ඇමරිකානු රජය ඉන්දීය රජය සුහද සම්බන්දතාවයක් පවත්වාගෙන යන බවත් එය තහවුරු කිරීම පිණිස ආසියාවේ විශාලම සුපිරි පහසුකම් සහිත වැසිකිලි පද්ධතිය ගිරි වනය ආශ්‍රිතව පිහිටුවීම පිණිස සිය රජය මුල්‍යාධාර සපයන බවයි.

මේවා මෙහෙම වෙද්දිත් රෝ සංවිධානය අවධාරණය කළේ සිංහයාගේ මරණ පරීක්ෂණය නොපැවැත්වුණු නිසා සිංහයා මල බව තමන් විශ්වාස නොකරන බවයි. සිංහයා ඇල්ලීම පිණිස තමන් සුදානම් බව ඔවුන් ප්‍රකාශ කළ නිසා සංවිධායකයින් ඔවුන්ටත් අවස්ථාවක් ලබා දුන්නා සිංහයා ඇල්ලීමට.

උදේ කැලයට ඇතුල් වූ ඉන්දියා රහස් ඔත්තු සේවා කණ්ඩායම රාත්‍රිය වන තුරුත් ආපසු නොපැමිණි නිසා සංවිධායකයින්ට සිදු උනා ගැලවීමේ හමුදාව කැඳවීමට. ගැලවීමේ හමුදාව ඔන්න කොහොමින් කොහොමින් හරි අර රෝ සෙට් එක හොයා ගත්තයි කියමුකෝ...

වලහෙක් ඉන්නවලු කකුලෙන් එල්ලලා එක ගහක අත්තක. රෝ සෙට් එක වට වෙලා නෙලනවලු වලහට... "කියපිය, තෝ නේද සිංහයා... තෝ නේද තරුණිය කැලේට ඇදන් ගියේ... තෝ නේද ගොවියාව බය කරලා මාරු උනේ... තෝ නේද අද්භූත එළි පත්තු කළේ... කියපිය, තෝව අද කම්බස් කරනවා... !!!"

වලහත් "ඔව්, බුදු රාලාමි... ඔව්, ඔව්, මම තමයි රාලාමි... මම තමයි සිංඑහා රාලාමි... මං තමයි රාලාමි තරුණිය කෑවේ... මං තමයි රාලාමි..." කියා කියා පාපොච්චාරණය කරනවලු.


ඔයාල හිතන විදියට කාටද තෑග්ග දෙන්න ඕනේ?
  • MI6 නම් රහස් පොලිස් හිස් තැනක් MI6 ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.
  • CIA නම් රහස් පොලිස් හිස් තැනක් CIA ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.
  • RAW නම් රහස් පොලිස් හිස් තැනක් RAW ලෙස ටයිප් කර ප්‍රතිචාර කොටසට යවන්න.

Wednesday, February 13, 2013

අන්ධයා සමග යන සුනඛයා

බොහෝ රටවල නොයෙක් කටයුතු සඳහා පුහුණු කළ සත්තු යොදා ගැනෙති. මිනිසාට ජිවිත අවදානමක් ඇති කටයුතු වල සිට මිනිසාගේ ස්වභාවික සංවේදන අවයව වලට ගෝචර නොවන ක්‍ෂේත්‍ර වල කටයුතු දක්වා පුළුල් පරාසයක සතුන්ගේ සේවය අවශ්‍ය වේ. ලංකාවේ පෙරහැරවල් වලට ගාම්භීරත්වයක් ඇති කිරීමට අලි ඇතුන් යොදා ගන්නා අතර මැලේසියාවේ පොල් කැඩීමට වඳුරන් පුහුණු කෙරේ. එක්සත් ජනපදය මුහුදේ අතුරා ඇති සතුරු බෝම්බ සොයා ගැනීමට මුහුදු සිංහයන් පුහුණු කරන අතර නාවික හමුදා අභ්‍යාස වලදී සැලෙන ඉලක්ක (moving targets) ලෙස ඩොල්පින් සහ සීල් සතුන්ට ප්‍රහාර එල්ල කරති. ඉන්දියාවේ නයි නටවති. තායිලන්තයේ තඩි පිඹුරෝ ළමයි බලා ගනිති. පරවියෝ පණිවුඩ ගෙන යති, සුනඛයෝ පොලිසියේ රාජකාරි කරති.

යට දැක්වෙන කතාව අන්ධ මනුෂ්‍යයන්ට සහය පිණිස පුහුණු කෙරුණු බල්ලෙකු ගැන හද කකියවන කතාවකි.


අන්ධ මනුෂ්‍යයෙක් දිනක් තම මග පෙන්වන සුනඛයාත් සමග මහමග ගමන් කරමින් සිටියා. කාර්‍යබහුල වෙලාව... දහස් ගණනක් වාහන නලා හඬවමින් ක්‍ෂණයෙන් දෙදෙනා පසු කර යද්දී මේ බල්ලා අර අන්ධයාත් ඇදගෙන පාර මැද්දට පැන්නා. අසරණ අන්ධයාට කොයින්ද විකල්පයක් ! නොඉවසිලිමත් රියදුරන්ගේ නලා හඬ, හදිසි තිරිංග යෙදීමෙන් රිය සක පෝලෝ මත ඇතිල්ලී නගන අමිහිරි හඬ තත්පර ගණනාවක් පුරා නැගුනා. හදිසියෙන් යන ගමන අතරමග අන්ධයෙක් යට කර පොලිසි ගානේ තපින්න උනොත් එදා දවසම පමණක් නොව ඉදිරි දින ගණනාවක්ම උසාවි ගානෙත් තපින්න වන බව සියළු රියදුරන් දන්නා කරුණක්.

තත්පර ගණනක අරගලයකින් පසු, ඉවසීමේ රතු කට්ට පිනූ රියදුරන්ගේ අසභ්‍ය වචන වර්ෂාවෙන් තෙමි තෙමී, ඇස් ඉදිරිපිට රඟ දැක්වෙන ත්‍රාසජනක ජවනිකාව ඇරුනු කටවල් වලින් බලා සිටින පදිකයන්ගේ රත් වූ මොළ තුලට සිහිල් රුහිරු ධාරාවක් යවමින්, නිර්භීත සුනඛයා සිය අන්ධ ස්වාමියාත් රැගෙන නිරුපද්‍රිතව අනෙක් පස පදික වේදිකාවට සැපත් වුනා. පැමිණි ගමන් කලිසම් සාක්කුවට අත යැවූ ඔහු එළියට ගත්තේ ලොකු විස්කෝතුවක්... බලු විස්කෝතුවක්!

විස්කෝතුව දුටු බල්ලා අමන්දානන්දයට පත් වී නගුට වනන්නත් එහෙ මෙහේ පනින්නත් පටන් ගත්තත් මේ සියල්ල දෙස බලා සිටි පදිකයෙක් බල්ලාටත් වඩා විස්කෝතුව ගැන වද වන බව පෙනුනා.

"තමුසෙට අමු කැවිලද ඕයි... මේ බල්ලා තව පොඩ්ඩෙන් තමුසෙව බස් එකකට යට කරවනවා... තමුසෙට මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා, විඳවලා... බිස්කට් නෙමේ, මූට දෙන්න වටින්නේ බලු වෑන් එකක් ගෙනැල්ලා..." ඒ අමුත්තා තම උද්‍යෝගය පිට කළා.

"අඃ !" අන්ධ මනුෂ්‍යයා ඒ හඬ ඇහුනු දිශාවට හිස හැරෙව්වා.

"මම මේ හොයන්නේ මුගේ ඔළුව කොයි පැත්තේද කියලා..." ඔහු කට හඬ අවදි කළා.

"මට ඕනේ මුගේ පස්ස පැත්තට හොඳවයින් පයින් පාරක් දෙන්න !!!"

ඒ බල්ලා පවු නේද?

Friday, January 4, 2013

ලම්බෝර්ජිනී සහ රේල්ලුව


පුතණ්ඩියගෙ හිතේනම් රට යන්න කිසි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මේ යන විදියටත් මුගේ දාංගලේ හැටියටත් කොහෙන් ගිහිං කොහේ නතර වෙයිද කියන්න බැරි නිසා අපුච්චා පුතණ්ඩියව රට පැටෙව්වේ වැඩිදුර ඉගෙන ගන්න යන බවට රට්ටුන්ට බොරු කියලා.

සතියකින් මෙන්න එනවා රට ලියුමක්. ලියුමක් කිව්වට email එකක්. අපුච්චා ඕව කියවන්න දන්න එකක්යැ. ඒවාට තමා ලේකම්ලා ඉන්නේ.

ආදර පියේ,
ලන්ඩන් නම් පට්ට ආතල්, ලංකාව වගේ පීචං නෑ, සිරා බඩු. දවසක් දෙකක් ගියා මට වැඩ ටික අල්ලා ගන්න, දැන්නම් ඔක්කොම හොයා ගත්තා. මම මෙහෙට කැමතියි, මං ගැන බය වෙන්න එපා.
පූංචි අවුලකට තියෙන්නේ මම විතරක් ලම්බෝර්ජිනි එකේ එනනකොට, අනිත් උන් ඔක්කොම එන්නේ රේල්ලුවේ. මට නිකං අවුල් වගේ. වෙනනම් කිසි ප්‍රශ්නයක් නෑ.

මීට,
සුදු පුතා.
අපුච්චා පොළොවේ අඩි හැප්පුවා... එහෙම ලජ්ජා වෙන්න දෙන්න පුළුවන්ද මගේ කොල්ලට, එයා තමන්ටම මුණු මුණු ගා ගත්තා.

"ලියපන් මෙහෙම!"

ගෝරනාඩුව අහපු ලේකමා ගැහි ගැහි ලියන්න ගත්තා.
ආදර සුදු පුතා වෙත ලියා දන්වන වගනම්,

උඹේ ලියමන අම්මයි මායි කියවා බොහෝ දුක් උනෙමු. අපේ පරම්පරාවේ එකෙක්වත් කිසි දේකට ඔහොම ලැජ්ජා වී නැත.
මම උඹේ නමට ලස්ස දෙසීයක් ඩොලර් වලින් දාන්නම් හෙටම, මොකෝ අපේ සල්ලියැ. උඹ වහාම ගිහිං ගනං වැඩිම තැනින් ගනිං රේල්ලුවක්, උඹේ නමටම, අපේ මූනේ දැලි නොගා.

උඹට රත්නත්තරේ සරණයි, කාලි දේව මෑණියන්නේම පිහිටයි.

මේ වගත් එසේම,
උඹේ ඩැඩී - හැඩි දැඩී
එහෙම ලියපු ලේකමා ඒ ලියමන තැපැල් කළා, ඒ කියන්නේ email එක send කළා.

Tuesday, December 11, 2012

නීලදන්ත පාෂාණ මූසිකය

පුංචි රටක් වුවත් ශ්‍රී ලංකාව වසර තුන් දහසකට ආසන්න ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියයි. මෙවන් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති වෙනත් ජාතියක් මේ මිහිමත නැත.

ජනප්‍රවාද මුලාශ්‍ර අනුව මේ ඉතිහාසය වසර දස දහසකටත් එහා දිවෙයි. බලි තරු රාවණ ඈ හෙළ රජ වරුන් ගැන කියැවෙන කතා මෙන්ම ඒ කතා හා ඇඳුනු ස්ථාන, ශාක හා සත්ත්ව නාම ආදිය අදද භාවිතයේ පවතී. කිසියම් හෝ සත්ත්‍යයක් නැතොත් ඒවා මෙපමණ කාලයක් අප ඇසුරේ එසේ රැඳී තිබීමට හැකියාවක් නැත.

රාවණා රජ සමයේ හෙළයෝ ගුවන් විමන් වලින් ආකාශයෙන් ගමන් ගිය බවටත්, න්‍යෂ්ටික ආයුධ වලින් සතුරාට එරෙහිව සටන් කළ බවටත් රාමායනය දෙස් දෙයි. එතෙකුදු වුවත් එකී හෙළයින් පරිගණක තාක්ෂනය භාවිත කළ බවට මෙතක් සාක්ෂි ලැබී තිබුනේ නැත. දුම්බර කඳු වැටිය ආශ්‍රිතව රාවණ විද්‍යාත්මක පරීක්ෂණ වල යෙදුනු දේශීය පර්යේෂකයින් පිරිසක් විසින් එවැනි හෝඩුවාවක් සොයා ගැනීම පිලිබඳ ලොමු දැහැගැන්වෙන පුවත අප අද, එනම් 2012 දෙසැම්බර් මස 11 වන දින, ලොව කැළඹු මෙක්සිකානු මායාකාරයින් විසින් පුරෝකථනය කළ ලෝක විනාශයට හරියටම දින දහයකට පෙර, ඔබ වෙත මෙසේ හෙළි කර සිටිමු.

නීලදන්ත පාෂාණ මූසිකය
ඒ අපූර්ව සොයා ගැනීම වූ කලී තනි කළුගලින් නිමැවූ පරිගණක මවුසයකි (රූපය බලන්න - උපුටා ගැනීම: ලක්දසුන් වෙබ් අඩවිය). මේ ප්‍රදේශ වල ගැමියන් කියන්නේ මේ පාෂාණ මූසිකය රාවණ රජ සමයට අයත් බවයි. මූසිකය සම්බන්ද සම්බන්දිත තතක් (wire) මෙතෙක් කළ කැනීම් වලදී හමු වී නැති නිසා මෙය අතත්‍ය (wireless) තාක්ෂනය සහිත මූසිකයක් බව පර්යේෂකයෝ අනුමාන කරති. එවැනි අතත්‍ය තාක්ෂණයක් පුලස්ති සෘෂි වරයා විසින් සොයාගෙන තිබුණු බවත් ඒ තාක්ෂනය නීලදන්ත අඳුන ලෙස හැඳින්වූ බවත් අඳුන්පොත (මේ වැදි ජනයා විසින් භාවිතා කරන හඳුන්පොත නොවේ) නම් පැරණි පුස්කොල පොතේ දැක්වේ.

පාෂාණ මූසිකය ගැන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ පිළිබඳව සොයා බැලීමට දුම්බර අඩවියට විද්වත් කණ්ඩායමක් යැවීමට දෙතිස්කතා වෙබ් අඩවිය කටයුතු යොදාගෙන යයි. වැඩිදුර විස්තර ලැබුණු වහාම ඔබ වෙත ඉදිරිපත් කිරීමට දෙතිස්කතා සුදානම්.
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !