Sunday, June 3, 2018

ආධාර

. ආධාර .

ආධාර එකතු කිරීම ගැන කතා කරමු.

8 comments:

  1. අතපාල ඉල්ලන එක ලේසි නෑ. එහෙම ඉල්ලන්නේ බැරිම හින්දා වෙන්න ඕනා.. ඔන්න ඔය න්‍යාය උඩ මමනම් ආධාර ඉල්ලන අයට පුළුවන් විධිහට කීයක් හරි දෙනවා.. ඒ පුද්ගලයා මාව රවට්ටනවනම් ඉතින් ඒක උගේ වැඩක්...

    ReplyDelete
    Replies
    1. අතපෑම පහසු නැති බව දනිමි. එහෙත් එය පුරුදු අය සිටී. අත පෑමට පුරුදු වීම කොහෙත්ම නරක දෙයක්ද නොවේ. පුරුදු තැනැත්තාට නැති වන්නට දෙයක් නැති අතර ඇති කර ගැනීමට බොහෝ දේ තිබේ.

      අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. ආධාර කිරීම අර්ජුන් ඇලෝසියස්ගේ වැඩක් - ආධාර ගැනීම මැති-ඇමතිවරුන්ගේ වැඩක් !

    ඇලෝසියස් පැත්තකින් තියන්න. එයාගේ මාම, අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සල්ලි නොගත්ත කෙනෙක් මේ රටේ ඉන්නවද? පපුවට තට්ටු කරලා, සාක්කුවට අත දාල බලන්න, සල්ලි කොලේ නම ගහල ඇති.

    ReplyDelete
    Replies
    1. මහේන්දරන්ගේ මුදල් අපේ සාක්කු වල නැත. අපේ සාක්කුවේ ඇති මුදල් නෝට්ටුවේ ඔහුගේ නම හණ ගසා ඇත්නම් ඉන් කියැවෙන්නේ අප උපයන මුදලින්, අප ඉතිරි කරන අපේ නිත්‍යානුකූල මුදලින් වැඩිම ප්‍රමාණයක් ගසා කෑමට ඔහු වග කිව යුතු බවයි. ඔහුගේ නම සමග ඇති අනෙක් නමින් නියෝජනය කරන්නේ මහදවල් මංකොල්ලයට සම්බන්ධ අනෙක් හොර රංචුවයි.

      Delete
  3. ආධාර ගැන මොනවා කථා කරන්නද?
    රජය ආධාර මත යැපෙද්දී ජනතාව උපයාගෙන කති , මිලදී ගන්නා සෑම භාණ්ඩයකට හෝ සේවාවකට ම 50% ඉක්මවූ බදු මුදලක් රජයට ගෙවති.
    මැති ඇමති වරුන්ද ඉහල නිළධාරීන්ද බදු රහිත පරිභෝජනය භුක්ති විඳිති.
    රටේ එදිනෙදා පැවැත්ම ලෝකයෙන් ලැබෙන ණය හෝ ණය නොවන ආධාර මත රඳා පවතී

    ReplyDelete
    Replies
    1. 1956 බණ්ඩාරනායක ආණ්ඩුවෙන් පසු ලංකාවේ සෑම ආණ්ඩුවක්ම විදෙස් ණය / ආධාර මත යැපිණ. මෙය නැවත්වීමට යන්තම් හෝ උත්සාහයක් දරණ ලද්දේ 1970 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පමණි. ජයවර්ධන ආණ්ඩුව විසින් දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන් මෙය ආපසු හැරවීම අපහසු තත්වයට ඔඩු දිවීය. දැන් ආණ්ඩු විසින් ගන්නා විදෙස් ණය ගැන කතා කිරීම අප වැනි හුදියන් විසින් නොව ඉකොනොමැට්ටා වැනි කෙතේ ප්‍රවීණයන් විසින් කළ යුතු කාරියකි.

      Delete
    2. මේ තුච්ඡ ආණ්ඩුව බලයට පැමිණි ගමන් රජයේ සේවකයාට රු.10,000 ක පඩි වැඩි වීමක් දෙන ලදී. පැහැදිලි මැතිවරණ අල්ලසක් වන එහි අනිවාර්‍ය ප්‍රතිවිපාක වශයෙන් රජයේ වියදම බිලියන ගණනකින් වැඩි විය. මහබැංකු මංකොල්ලය සිදු උනත් නැතත් බදු වැඩි වීම සිදු විය යුතුව තිබෙන්නේ රජයේ සේවකයන්ට මාස්පතා ගෙවන මේ අල්ලස ගෙවීමට ජුන්ටාධිපති වික්‍රමසිංහට ඔහුගේ හාම්පුතුන් ඩොලර් වලින් ආධාර නොකරන හෙයිණි.

      Delete
    3. 1956 දී හරක් බැලු උන්ටද පාර්ලිමේන්තු ඒමට තරම් රැල්ල බලවත් විය. 1977 දී එයම නැවත සිදු විය. ජීනියස් කෙනෙක් ලෙස හැඳින්විය හැකි ජූනියස් රිචඩ් විසින් මේ අපතයින්ගේ දින රහිත ඉල්ලා අස් වීමේ ලිපි ලබා ගැනීම ඉතාම සුදුසු කර්තව්‍යයක් වන්නේ මේ සන්ධර්භය යටතේය. එසේ රැල්ලට පාර්ලිමේන්තු පැමිණි හිඟන්නන් ගරු මන්ත්‍රීවරුන්ගේ මට්ටමට නගා සිටුවීමට රිචඩ් ගත් පියවරයන් අතර එකක් පමණි විවිධ දීමනා හා පර්මිට් (වාහන ආනයන බලපත්‍ර සෙල්ලම). මන්ත්‍රී වරුන්ට නීතිඥ උපාධිය ලබා දීම හා 1978 ව්‍යවස්ථාව මගින් සමානුපාතික නියෝජනය ඇති කිරීම තවත් වැදගත් පියවරයන් දෙකකි.

      වෛද්‍යවරු සහ රජයේ ඉහළ නිලධාරීන් ඒ වරප්‍රසාදය එක් එක් මට්ටම් වලින් භුක්ති විඳීම ඒ ඒ පංති විසින් දරණ සිවිල් බලයේ සංකේතයකි.

      එහෙත් අප ඉහත කතාවෙන් (ඇත්තෙන්ම කතාවක් නැත - ඇත්තේ පින්තූරයක් පමණි - පින්තූරය වචන දහසක කතාවක් කියයි) කතා කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනම කතාවකි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !