Showing posts with label දිවයින. Show all posts
Showing posts with label දිවයින. Show all posts

Sunday, August 21, 2016

ව්‍යවස්ථා සම්පාදනය outsource කරමුද ?

අද ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව පසුගිය ලියමනේදී අප පහත ප්‍රකාශය කළෙමු.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.

සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.





Saturday, October 31, 2015

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"

ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා බ්‍රිතාන්‍යයේ රාජනීතිඥයෙකි. ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ලංකා තානාපති ලෙස සේවය කළ ෆෙඩ්රික් ද සිල්වාගේ පුතණුවන් වන ඔහු ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍ය ධුරය දරණ ලද ජෝර්ජ් ඊ ද සිල්වා ගේ මුණුපුරෙකු ද වේ. ඔහු යුගෝස්ලාවියාවේ කත්‍රිනා කුමරිය ආවාහ කරගෙන සිටී.
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියෙරාලියොන් රාජ්‍යයේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබඳ සෙවීම සඳහා ප්‍රධාන විමර්ශක ලෙස පත් කරන ලද්දේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ය. අපරාධ පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින මුල් පෙළේ නීතිඥයෙකු වන ඔහු එහි ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් බෙල්ග්‍රේඩ්හිදී අගමැති වොයිස්ලාව් කුෂ්තුනිට්සා (Vojislav Koštunica) වෙත යුධ අපරාධ චෝදනා පිළිබඳව අනතුරු අඟවා එම රජය අවනත කර ගැනීම සඳහා නියෝජිතත්වය ලබා දෙන ලද්දේ ඩෙස්මන්ඩ් ද සිල්වා ය.

යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !