Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts

Wednesday, March 13, 2024

කුමන්ත්‍රණ : ගෝඨාභය එළිදැක්වූ පොතෙන්

කුමන්ත්‍රණ යන වචනයේ සාඩම්බර හිමිකරුවා විමල් විරවංශ හිටපු අමාත්‍ය තුමාය. එය ඒ මහතා ජනතවි මුක්ති පෙරමුණේ © 2005 Ranil Wickramasinghe ප්‍රචාරක ලේකම් ධුරය දරන කාලයේ අත්පත් කර ගත් වත්කමකි. තමන්ට පැහැදිළි කළ නොහෙන යම්කිසි සංසිද්ධියක් - හේතු පැහැදිළි නැති සිදු වීමක් - අනුගාමිකයින්ට පැහැදිළි කිරීම පිණිස ඒ මහතා සහ ඒ මහතා ඒ කාලයේ නියෝජනය කළ සංවිධානය බොහෝ විට මේ වචනය යොදා ගත්තේ භෞතික විද්‍යාඥයන් "අඳුරු" යන වචනය යොදා ගන්නා අන්දමිනි.

විරවංශ මහතා නියෝජනය කළ ඒ සංවිධානය අර වචනය දැන් පාවිච්චි කරන්නේ නැතුවා පමණක් නොව, ඒ සංවිධානය ද අලුත් හැවකින් සැරසී සිටියි. දැන් ඒ අය ආශ්‍රය කරන්නේ නිර්ධන පංතිය නොවේ. මේ ගමන දළ වශයෙන් දශක එකහමාරකට වඩා පැරණි ය. විමල් විරවංශ කැඩී වෙන් වීම පළමු වරට එය එළිපිට දර්ශනය වූ අවස්ථාවයි. එදා සිට අද දක්වා අලුතින් ඡන්ද නාම ලේඛණයට එකතු වූ නම් කොපමණද, එම නාම ලේඛණයෙන් ඉවත් වූ නම් කොපමණද. මෙය අඩු වශයෙන් මිලියන තුනක් මිස ඊට අඩු වීමේ හැකියාවක් නැත.

මේ අදහස් ගොන්න අපට ආවේ හිටපු ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ විසින් එළි දැක්වූ කුමන්ත්‍රණ පොත හේතු කොටගෙනය.

යට දැක්වෙන්නේ ඒ ග්‍රන්ථය එළි දැක්වීම අරභයා හේමන්ත රන්දුණු මහතා විසින් දිවයින පුවත්පතට සම්පාදනය කළ ලිපියකි.


Friday, August 27, 2021

බලුකරුණාවතිය, මල්ලිකාව සහ අනාගමේ බුදුන්

බලුකරුණාවතී ඉස්සර කළේ රෙදි ජාවාරමකි. ඈට කුරුඳුවත්තේ පැත්තේ ලොකු රෙදි කඩයක් තිබිණි. ජාවාරම නැගලාම යන කාලයේ තව තව හන්දි වල කඩ දැම්මත් ඒවායින් එතරම් වගතුවක් නොවුණා පමණක් නොව හොඳට තිබුණු කුරුඳුවත්තේ කඩේ වෙළඳාමටත් එයින් වූයේ අලාභයකි. සීයට අරං දාහට විකුණන බලුකරුණාවතී ගේ කුරුඳුවත්තේ රෙදි කඩයට නිතර ආවේ ගියේ කෑ ගහන සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ නෝනා මහතුන් ය. ඒ ඈයින්ට මේවායේ ගාන කීයක් වුණත් ගාණක් නැත. නමුත් හන්දි ගානේ ඒ නමින්ම කඩ ඇරෙද්දී කුරුඳුවත්තේ පමණක් තිබෙන කාලයේ මෙන් නොව එක එක ඇච්චෝ බැච්චෝ ඒ කඩ වලින් රෙදි ඇරං අඳින්නට පටන් ගැනීම හේතුවෙන් අර සල්ලිකාර නෝනා මහතුන්ට අර කඩයේ තිබුණු "ගතිය" නැත්තටම නැති වී ගියාහු ය. හැමෝම අඳින්නේ ඒක නම් සීයේ කෑල්ලට දාහක් ගෙවන්නේ ඇයි.

විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.

විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.

අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.

අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම් කෙරුම් ය.




Monday, May 31, 2021

සමාජවාදාගම සිංහලයාට කරන විනාශය

ලංකාවේ බොහෝ දෙනාට ධනවාදය පිළිබඳ විවේචන තිබේ. සමාජවාදය ආගමක් වශයෙන් අදහන අයවළුනුත් මෙරට සිටී. සමාජවාදාගම අදහන සමහර විශ්වවිද්යාලවාසී / නේවාසිකාගාරවාසි භික්ෂූන් වහන්සේලා පවා මෙරට වැඩ වසන අතර උන් වහන්සේලා සමහර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලදී පොලිස් ප්‍රහාර හමුවේ තාප්ප සහ වැටවල් මතින් එර්දි වන්නේ (සෘද්ධි නොවේ) මුගලන් සාමින් පවා විලියෙන් අඹරවමිනි.


මෙවැනි එක්තරා සාමින් කෙනෙක් අද දින (නැතිනම් ඊයේ රාත්‍රියේ) කෝවිද රෝගය වැළඳී අභාවයට පත් වූ බව දැන ගන්නට ලැබුනේ අපේ හිත මිතුරු අසල්වැසි පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙකුගේ fb පණිවුඩයකිනි. ඒ මන්ත්‍රී තුමාට අර භික්‍ෂුව සටන් සගයෙකි - එසේ නොවේනම් අප මිතුරු මන්ත්‍රී තුමා අර භික්‍ෂුවගේ සටන් සගයෙකි.

අභාවයට පත් භන්තේ බද්දේගම සමිත සහෝදරයාට දෙතිස් කතාවේ විප්ලවීය ආචාරය !




Monday, October 20, 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට සහ එහි සාම්ප්‍රදායික පරිණාමයට ඉතා දැඩි බලපෑම් කළ තනි පුද්ගලයෙක් වේ නම් ඒ 1989 වසරේ මළවුන්ගේ මාසයේ එක් කරුමක්කාර දවසක මූසල රාත්‍රියක කාත් කවුරුවත් නැති පාළු කනත්තක දී ඌර්ධවපාතනය වූ, හෙළයේ අසිරිමත් විප්ලවවාදියා ලෙස ඔහුගේ කණවැන්දුම් දේශපාලන ව්‍යාපාරයේ සගයන් විසින් හඳුනා ගැනෙන, රෝහණ විජේවීරයන්ය.

ලංකා විශ්ව විද්‍යාලට කිසිදා ශිෂ්‍යයෙක් ලෙස ඇතුලත් නොවූ, රුසියාවේ තමන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයෙන් ද දොට්ට දැමුණු විජේවීරගේ විප්ලවය ආරම්භයේ සිට කනත්ත කරා යොමු වූවක් වුනත් මීට වෙනස් මගක් ගත් පුද්ගලයෙක් ද විය. රෝහණ බටහිර ධනවාදයට එරෙහිව බටහිර ම සමාජවාදය සරණ ගියේය. ඔහු පමණක් නොව බොහෝ දෙනා එකල ඒ මග ගිය මුත් ඉන් සමහරු වාසිය දුටු සැණින් බොරු ගෝසාව අතහැර තමන් එතෙක් පට්ට ගැසූ ධනවාදී ප්‍රවාහයේ කප්පිත්තන් බවට පත් වී සූරා කෑමේ උපරිමය ප්‍රදර්ශනය කළෝය. තවත් සමහරු අපට නොපෙන්වුවත් තමන්ගේ බටහිර වෙසෙන ධනවාදී ස්වාමින් වෙනුවෙන් මෙරටේ පය ගසාගෙන සිටිමින් තවමත් අර බොරු ගෝසාව පවත්වාගෙන යති.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වාගේ ඡායාරූපය
ආචාර්ය නලින් ද සිල්වා
මේ බොරු සමාජවාදී අපතයන් ගැන කතා කිරීම එලොවටත් මෙලොවටත් පලක් නැති දෙයක් (හෙවත් අපලයක්) වන නිසා ඔවුන් හැර දමා දමා, දීර්ඝ කාලයකට පෙර ඒ මගින් ඉවත් වී ස්වාධින මාවතකට පැමිණ, ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර, තවමත් ඒ මග ගමන් කරන භූමි පුත්‍රයෙකු ගැන කතා කරමු. ඒ රජරට වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඇතැයි කියා පවසන ලෝකයේ එකම විශ්ව විද්‍යාල ආචාර්ය වරයා වන, විශ්‍රාම ලත් මහාචාර්ය, කැළණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ආචාර්ය නලින් ද සිල්වා ය.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !