Wednesday, February 14, 2018

පළාත් පාලන මැතිවරණයේ පසුවදන

අපේක්‍ෂා කළාට වඩා ඉතා හොඳින් පළාත් පාලන මැතිවරණය නිමාවට පත් විය. සිදු වෙමින් පවතින පෙරළිය ගැන එදින අපරභාග 8:30 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ඇතුළු බොහෝ ඉහළ තැන් සමග හොඳ සම්බන්ධතා ඇති කලා ලෝකයේ පුද්ගලයෙක් හරහා අපට දැන ගන්නට ලැබිණි.

මේ තරම් බොරුවක් ...
මෙවර මැතිවරණය පැවැත්වුණු ක්‍රමවේදය අනුව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණනය ද කළ හැකිව තිබිණි. ඒ ප්‍රතිඵලය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත එවීමෙන් අනතුරුව පරීක්‍ෂා කර පරිගණක පද්ධතියට ඇතුල් කළ යුතුව තිබිණි. පරිගණක ක්‍රමවේද සහ ඒ ආශ්‍රිත පද්ධති සම්බන්ධ හොඳම දැනුම සහ වසර ගණනාවක අත්දැකීම් ඇති කොළොඹ විශ්ව විද්‍යාලය වෙනුවට මේ භාරදූර කර්තව්‍ය කැලණියට පැවරීම හේතුවෙන් හෝ ඇමති මංගල ඇමති චම්පක ඇමති රාජිත ආදීන් අරලියගහ මන්දිරයට වී නීතිපති සහ හමුදාපති ගෙන්වාගෙන හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රාදේශීය සභා වල බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් හෝ ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කිරීම කල් ගියේය. පසුදා පහන් වන තුරුත් යන්තම් ප්‍රකාශයට පත් කර ගත්තේ ප්‍රතිපල පහක් හෝ හයකි.

රාත්‍රියේ ජනමාධ්‍ය වලට මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමට වටලා ගැනීමට සිදු වන්නේත් කොමසාරිස්ට ප්‍රමාදයට හේතු දක්වමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට සිදු වන්නේත් මේ ආණ්ඩුවට ලක්ෂණික වැඩ-බැරි භාවය හේතුවෙනි.




Wednesday, February 7, 2018

අපට ආතතිය ගෙනෙන මැකෝගේ ආතල් එක

අද රැයින් ඇරඹෙන්නේ මැතිවරණයේ නිහඬ කාල සීමාවයි. සමස්ථයක් ලෙස ගත් කල සැළකිය යුතු ගට්ඨනයකින් තොරව මේ කාලය ගත විය. මැතිවරණයත් ඒ අයුරින්ම පැවැත්වේය යනු අපගේ අපේක්‍ෂාවයි.
ඕන්න කැපුවා... | Source: srilankabrief . org

මේ මැතිවරණය ආණ්ඩු මාරු කරන, අගමැති වෙනස් කරන මැතිවරණයක් නොවේ. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය එවැනි බොහෝ දේ කිරීමට අවශ්‍ය උත්තේජනය සපයා දෙනු ඇත. පවත්නා පාර්ලිමේන්තුව තවත් වසරකට වඩා කාලයක් මෙසේම පැවතිය යුතුව තිබෙන අතර එය වෙනස් කිරීමට මැතිවරණයෙන් පසුවද කිසිවෙක් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැක. එහෙත් කැබිනට් සංශෝධනයක් නම් විය හැක. ඊනියා ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති බැවින් මේ පක්‍ෂ දෙකම තමන්ගේ කේවල් කිරීමේ බලය උරගා බලන්නේ මේ මැතිවරණයේදීය.





Monday, February 5, 2018

ඔවුන් ඔබට සඟවන දෙය - 3

සෙනසුරාදා නීතිපති දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් "මහබැංකු කොල්ලයට" සැක කරුවන් ලෙස නම් කළේය.

ඉරිදා, එනම් නිදහස් දින, පාන්දර රහස් පොලීසිය කොල්ලුපිටියේ සහ ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇලෝසියස් සහ පලිසේන අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා 5 වැනිදා (අද) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ වනාහී බන්ධනාගාර බැඳුම්කරයේ මෙතෙක් කතාවයි.





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !