Friday, December 7, 2018

නඩුව කල් ගියා

ජනාධිපති සිරිසේන විසින් ස්වකිය බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුලින් තම මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි විදෙස් අරමුදල් මත ක්‍රියාත්මක වන නොරාජ්‍ය සංවිධාන සහ ලංකාවේ දේශපාලන පක්‍ෂ කිහිපයක්, ඊනියා ස්වාධින මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් සාමාජිකයෙක් සහ තවත් අය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය දින නියමයක් නොමැතිව කල් ගියේය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතිය
ඒ අතර හිටපු අගමැති සහ මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන මොළකරු ලෙස සැළකෙන රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරෙන නාට්‍යයේ පොතේගුරු නොහොත් වික්‍රමසිංහගේ කීකරු ජඩසූරිය යන ආදර නාමයෙන් හැඳින්වෙන පාර්ලිමේන්තුවේ කතානායක තැන්පත් කරුණාරත්න ජයසූරිය සහ සහචරයින් විසින් දියවන්නා රංග පීඨය ඒකාලෝක කරමින් මහජන මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින් මහජනතාවට නාට්‍ය රසය බලෙන් කවමින් සිටී. තම නාට්‍යය සජීවී විකාශය නොකළ බවට චෝදනා කරමින් ජනමාධ්‍ය ප්‍රධානීන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගෙන්වා තර්ජනය කිරීම එහි නවතම පරිච්චේදයයි. මේ නාට්‍යයේ නිෂ්පාදනය තානාපති කාර්යාල කිහිපයකිනි, පිටපත රචනා කරන්නේ සුමන්තිරන් ය. අප එය මුදල් ගෙවා නැරඹිය යුතුය. වෙන නාට්‍ය මුදල් නොගෙවා නො-නරඹා සිටිය හැකි මුත් තානාපති-සුමන්තිරන්-වික්‍රමසිංහ-ජයසූරිය සහ සුනඛ නළු AK දිසානායක ඇතුළු පිරිවර විසින් පෙන්වන මේ නාට්‍යය නොබැලුවත් මුදල් ගෙවිය යුතුය.

උඩ පින්තූරය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. එහි දැක්වෙන්නේ වර්තමාන (මේ වන විට විසුරුවීම අත්හිටවා ඇති) පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතියයි.



ඒ රූපයට අනුව:
  1. එක්සත් ජාතික පක්‍ෂය ලෙස නම සඳහන් වන එක්සත් ජාතික පෙරමුණ සතු ආසන ගණන 106 කි.
  2. එක්සත් ජනතා නිදහස් සංධානය සතු ආසන 95 කි.
  3. දෙමළෙන් නම සඳහන් වන ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සතු ආසන 16 කි.
  4. ජනතා විමුක්ති පෙරමුණ සතු ආසන 6 කි.
  5. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සතු ආසන එකකි.
  6. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතු ආසන එකකි.
පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන 225 කි. ඒ අනුව සරල බහුතරය වෙනුවෙන් ආසන 113 ක් ද විශේෂ බහුතරය වෙනුවෙන් ආසන 150 ක් ද අවශ්‍ය වේ.


හොඳයි, මා ප්‍රශ්නයක් අසන්නම්.

වර්තමාන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයා කවුරුද ?



No comments:

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !