![]() |
| මේ කුක්කා කාගේද |
කොච්චර ජනප්‍රියද කියනවනම්, පාරේ සෙල්ලම් කරන ළමයි එතුමා දුර එනකොට ඉක්මනට හැංගෙනවා. හැංගිමුත්තන් සෙල්ලම නෙවෙයි, එතුමාගේ දේශනාවක් අනිවාර්යයෙන් ලැබෙන නිසා.
එතුමාගේ දේශනා ගම් ගානක ප්‍රසිද්ධයි. ඉරිදා උදේට එතුමා පූජාව පවත්වනකොට දේව මන්දිරය පුරවල සෙනග. මහළු උදවිය එතුමාගේ දේශනාවට කැමති කාගෙන්වත්වත් හිරිහැරයක් නැතිව නිදා ගන්න ලැබෙන නිසා කියලයි ඒ පූජාවට සහභාගී නොවන ඈයෝ කියන්නේ. ඒත් ඕව කඩාකප්පල් කාරයින්ගේ කතා... ඒ මිනිස්සු කොහොමද ඒක කියන්නේ එක දවසක්වත් පූජාවට සහභාගී වෙන්නැතුව.
මේ කියන්න යන්නේ ඩයස් පියතුමා දවසක් ළමයි රංචුවක් එක්ක ඇති කර ගත් කතාවක් ගැන.
