Friday, November 16, 2018

මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...

සුන්දර නිහතමානි ද මැල් සුන්දර මිනිසෙකි.
කිසිවෙකුට අපහාසයක් නොකොට කිව යුතු දේ කෙළින්ම කීමේ ප්‍රයෝගය ඔහු දනී. මේ හැකියාව ඇති පුද්ගලයන් අතලොස්ස අතරින් තමාගේ ස්‌වාධීන මතය හංගාගෙන මේ කියවන්නේ කියවන පාඨකයාගේ මතය බව ඔහුට ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති පුද්ගලයින් අතිශය දුර්ලභය. රටේ සිදු වන්නේ හෝ සිදු නොවන්නේ හෝ කුමක් වුව උපේක්‍ෂාවෙන් ඒ දෙස බලා අප මුවගට මදහසක් ගෙන දීම සැමට කළ හැකි කර්තව්‍යයක් නොවේ.

එසේම සමාජය පිළිබඳ ඔහුගේ 'ඉව' තියුණුය. බුද්ධිමතුන් ලෙස සමාජයේ වැජඹෙන, නිසරු වදන් බෙනෙමින් ජනමාධ්‍යයේ අරක්-ගෙන අපට දේශනා දෙන ගොම්-බිජ්ජන් ගේ බොල් හඬවල් මෙන් නොව මානි ගේ ඉදිරිපත් කිරීම් සෘෂි භාෂිතයක් මෙන් ඉදිරි දැක්මකින් යුක්තය. මානිගේ තීරුවේ අද පළ වන ලිපියක් අදට වඩා වැදගත් වන්නේත් වටිනාකම වැඩි වන්නේත් තව වසරකින් හෝ කිහිපයකිනි.

පහත දැක්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර මස මානිගේ තීරුවකි. උපුටා ගැනීම facebook පිටුවෙනි. බැඳිය පහළින්.





මහින්දයි, මෛත්‍රීයි එකතු වුණොත්...


දේශපාලනය ගැන උනන්දු කවුරුත් මේ දවස්වල විමසිලිමත් වන්නේ මහින්දයි, මෛත්‍රීයි එකතු වේද කියාය. අනේ අනේ අනේ කිසිම දෙයක් ඉස්තිර නැති මේ ලෝකයේ මේ දෙන්නත් එකතු වුණොත් ඊළඟට වෙනවා ඇත්තේ මොනවාද?<br />

මානි හිතන කතාව

අදින් හරියටම අවුරුද්දකට පසු (2018 දෙසැම්බර් 3 වැනිදා) ලන්ඩනයේ පාසලක්.

ගුරුවරිය පන්තියට ඇතුල් වෙයි.

අද මම ඔය ළමයින්ට උගන්වන්න යන්නේ ලෝකයේ ජනගහනය අඩුම රට ගැන. ඉන්දියන් සාගරයේ පිහිටා තියෙන මේ රට 1815 ඉඳන් 1948 දක්වා අපේ රටට යටත් වෙලයි තිබුණේ. අපි ඒකට කිව්වෙ සිලෝන් කියලා.

මෙහිදී ළමයෙක් තම කොම්පියුටරයෙන් ඔළුව උස්සා බලයි.

ටීචර්, විකිපීඩියාවල තියෙන්නෙ ගිය අවුරුද්දෙ ඒ රටේ කෝටි දෙකකට වැඩි ජනගහනයක් තිබුණ කියලනෙ.

ඔව්, ඒ සමූහ හෘදයාබාධ හා සමූහ දිවිනසා ගැනීම් ඇතිවෙන්න කලින්.

ඒ මොකක්ද ටීචර් ඒ කතාව?

මෙහිදී ගුරුවරිය 2017 දෙසැම්බරයේ සිලෝන්වල දේශපාලන පසුබිම ගැන ළමයින්ට විස්තරයක් කරයි.

ඔන්න ඉතින් මහින්දයි, මෛත්‍රීයි එකතු වෙන්න යනව කිව්වම සිලෝන්වල ලොකු කැළඹීමක් ඇතිවුණා ගුරුවරිය කියා සිටියාය. බලවත් කම්පනය නිසා රටපුරා මිනිස්සු තොග වශයෙන් හාට් ඇටෑක් හැදිල මැරෙන්න ගත්තා. ඒ වගේම මිනිස්සු හෝල් සේල් දිවි නසාගන්න පටන් ගත්තා.

කම්පනේට හාට් ඇටෑක් හැදීම තේරුම් ගතෑකිනෙ ටීචර්, ඒත් දිවිනසා ගත්තෙ මොකටද?

සිලෝන්වල මිනිස්සු අපි වගේ ‍නෙවෙයි ළමයිනේ ලැජ්ජ බයට හැදිච්ච ජාතියක් ගුරුවරිය කියා සිටියාය. මහින්දයි, මෛත්‍රීයි එකතු වෙනවයි කිව්වහම ඒ මිනිස්සුන්ට මාර විදියට ලැජ්ජ හිතුණා. මෙහෙම නවනින්දාවක් වුණාට පස්සෙ කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ කියල හිතල තමයි තොග වශයෙන් දිවි නසා ගත්තෙ.

ඉස්සෙල්ලම ඕක පටන් ගත්තෙ කොහොමද ටීචර්?

මහින්ද දවසක් කියල තිබුණනෙ ඕන නම් යූඑන්පියට යන්න කියන්න, අපේ ජනාධිපතිව අපි බලාගන්නම් කියල ගුරුවරිය කියා සිටියාය. මහින්ද මෛත්‍රීට අපේ ජනාධිපති කිව්වම තමයි මිනිස්සුන්ට ඉස්සෙල්ලම කම්පනය හැදුණෙයි, ලැජ්ජ හිතුණෙයි. කොයි වෙලාවක හරි මෛත්‍රීත් යූඑන්පිය ගිය දෙන් අපේ මහින්ද මාව බලගනියි කියයිද කියල මිනිස්සුන්ට බය හිතුණා.

ඊට පස්සෙ?

දෙගොල්ලො එකතු වෙන්න සාකච්ඡා කරනව කියපු ගමන් මහින්ද එක්ක නැගිටින්න හිටපු අයටත් ඒක දරාගන්න බැරිවුණා, මහින්දව පරද්දන්න එකතු වෙච්ච අයටත් ඉවස ගන්න බැරිවුණා ගුරුවරිය කීවාය. දවසකට මිලියන ගාණකට හාට් ඇටෑක් හැදෙන්නයි, මිලියන ගාණක් සුයිසයිඩ් කරගන්නයි පටන් ගත්තා.

මයි ගෝඩ් ටීචර් අන්තිමේ මොකක්ද කෝටි දෙකක් මිනී වලට කරේ? වැළලුවද? පිච්චුවද? කුණුවෙන්න ඇරියද?

ඉන්දියාවෙයි, චීනෙයි දෙකේම අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ‍පොර කෑවා මිනී පුච්චන කොන්ත්‍රාත්තුව ගන්න ගුරුවරිය කීවාය. පස්සෙ බොහොම අමාරුවෙන් එකඟතාවකට ආවා. මහින්දගෙ කට්ටිය චීනෙට දුන්නා. මහින්දට විරුද්ධ කට්ටියගෙ මිනී ඉන්දියාවට දුන්නා.

එතකොට ටීචර්, කවුද ඒ තීරණේ ගන්න ඉතුරු වෙලා හිටියෙ?

ළමයි එක හඩින් ඇසූහ. ඇයි රටේ ඔක්කොම මළේ නැද්ද?

නෑ, නෑ, රට ජනශුන්‍ය වුණේ නෑනෙ, ටික දෙනෙක් ඉතුරු වුණානෙ ගුරුවරිය කියා සිටියාය. අර දෙන්න එකතු වෙනව කිව්වට සමහරුන්ට කම්පනයක් ඇතිවුණෙත් නෑ, ලැජ්ජ හිතුණෙත් නෑ, ඉතින් ඒ කට්ටිය ඉතිරි වුණා.

ඔක්කොම කී දෙනෙක් ඉතිරි වුණාද ටීචර්?

225 ක්.



පොඩ්ඩක් එහා මෙහා උනත් මේ දේම දැන් සිදු වෙමින් නොපවතීද ?


4 comments:

  1. 225ට ලැජ්ජ නැති වුනාට, මාර කළබැගෑනියක්නෙ පෙන්නන්නෙ... මොකද හිතන්නෙ මේ ගැන?

    ReplyDelete
    Replies
    1. රනිල් සුමන්තිරන් සහ අනුර කුමාරට බාර දුන් කොන්තරාත්තුව තවම අවසන් නැති බැවින් මේ කලබගෑනිය මෙලෙසම පවතිනු ඇත. අද දැන ගන්නට ලැබුණු පරිදි අභියාචනාධිකරණය විසින් අග්‍රාමාත්‍ය සහ අමාත්‍ය තනතුරු වල ක්‍රියා කිරීම අත්හිටුවා නියෝගයක් දී ඇත.
      http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=100208
      ඒ අනුව දැන් ලංකාවේ විධායකය ජනාධිපතිවරයා පමණකි. ව්‍යවස්ථාදායකය අක්‍රිය ය. අධිකරණය පමණක් 100% ක් සක්‍රිය ය.

      Delete
  2. ඇත්තටම මේ මනුස්සයාට පේන කියන්න පුලුවන්ද ? මේ කපේට සිදු වෙන්නේ නෑ කියළා හිතුන දෙයක් තමයි වුණේ.

    ReplyDelete
    Replies
    1. මානි පේන කියන්නෙක් නොවන ,මුත් ඕනෑම සංසිද්ධියක් වෙත ඔහු හෙළන දෘෂ්ඨි කෝණය සුවිශේෂය.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !