Thursday, February 20, 2020

ශ්‍රී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා

පසුගිය නොවැම්බර 27 දින ලියා පල කළ "මහමැතිවරණය සහ රටේ අනාගතය" ලිපියට අප මිත්‍ර "නයනේ - සිතුවිළි" දැමූ අදහසට ප්‍රතිචාර වශයෙන් අප දැමූ දිගු පිළිතුරේ කොටසකි පහත උපුටා දැක්වෙන්නේ.

...
මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ ආණ්ඩුවේ නොමැති තත්වය යටතේ මුස්ලිම් මනුෂ්‍යයන්ට දැන් කෙළින්ම පොහොට්ටුව වෙත මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ. එය කළමනාකරණය කර ගැනීම ඒ පක්‍ෂය සතුය.

එහෙත් නැවතත් බැසිල් විශ්වාස නැත. සෛන්දමරද ප්‍රදේශයට නගර සභාවක් දෙන බව පොරොන්දු දුන්නේ මේ වල් බූතයා ය.

හොඳ වෙලාවට මුස්ලිම් මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත. දැන් ඊළඟ මැතිවරණයේදී මූ ගොස් සෛන්දමරද ප්‍රදේශයට පළාත් සභාවක් දෙමිය කියන්නටත් ඉඩ තිබේ. එසේ පොරොන්දු දී ගන්නා ඡන්ද අවශ්‍ය ද? කළ යුත්තේ සුදුසු මානසික තත්වයක මුස්ලිම් මිනිසුන් ඒ ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීමයි.

...

November 28, 2019 at 7:48 PM


පසුගිය සතියේ ගැසූ ගැසට් පත්‍රයකින් ආණ්ඩුව විසින් අපගේ රෙද්ද කඩා දැම්මේය. දැන් අපට සමාජයට මුහුණ දීමට හැකියාවක් නැත. ආණ්ඩුව විසින් ඒ ගැසට් පත්‍රය මගින් රෙද්ද කඩා දැමුණු එකම පුද්ගලයා අප නොවුණත්, දශකයකට වඩා මදක් වැඩි සිංහල බ්ලොග් ඉතිහාසය තුල ආණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා බවට පත් වීමට අපට සිදු වී තිබේ.

අදෝ !



යට දැක්වෙන්නේ ඒ ගැසට් පත්‍රයෙන් රෙද්ද ගැළවුණු අප වැනිම තවත් මහතෙකුගේ ශෝකාලපයයි.


Friday, February 14, 2020

වැලන්ටෛන්ලා බෞතිස්ම කිරීම හෙවත් උන්ගේ "අපේ හතේ පොත"

ඉඳහිට හෝ පල වන දෙතිස් කතා කියවන පාඨක සමූහයාට මැතිවරණයක් ලැබෙන නව වසරක් මුලින්ම පතමි. මේ කතා කරන්නට යන්නේ වැලන්ටෛන් දිනය ගැන නොවේ. මේ කියන්නට යන්නේ කිව යුතු නැතිව තිබුණු කතාවකි. "හතේ අපේ පොත" පහුගිය ආණ්ඩුව ගානේ හතේ ළමයින්ට දුන් පොතකි. අපේ සල්ලි (ඔව්, බදු සල්ලි) මේවාට වැය වී නැතුවා විය හැක. එබැවින් "නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ" යන පදනමින් මෙය කතිකා නොකළ යුතු මාතෘකාවක් බවයි අප සිතුවේ.

ආණ්ඩු කරන්නේ අප කියන දේ ම නොවේ, එසේම අප කිහිප දෙනෙක් විරුද්ධ වූවැයි කියා ආණ්ඩුවක් තමන් කරන දේ නවතන්නේ ද නැත. හැරත් ඔය කියන "ලිංගික අධ්‍යාපනය" ළමයි කොහොම හරි කවදා හරි ඉගෙන ගනිති. ඒවා වැළැක්විය හැකි / යුතු දේ ද නොවේ. පසුගිය ආණ්ඩුවේ විරුද්ධ විය යුතු මීට වඩා බරපතල ගැටළු දහසක් තිබියදී මේ පොතක් ගැන වද වීම අවශ්‍යද? ඒ අප සිතූ සැටියි.

එක්තරා ස්වාමින් වහන්සේ නමක් ආණ්ඩු මාරුවෙන් පසු ඒ ගැන හඬක් නගා facebook හි රැල්ලක් ඇති වීමෙන් පසුත් අප සිතුවේ මේ අනවශ්‍ය කලබැගෑනියක් බවයි. එහෙත් අප වැරදි බව පසක් කළේ පහත සංවාදයයි.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !