Friday, September 24, 2021

මනුෂ්‍ය මරණ සහ ජඩමාධ්‍ය

පිළිගත් ජනමාධ්‍ය විසින් මනුෂ්‍ය මරණයක් වාර්ථා කරන ආකාරය සම්බන්ධයෙන් සම්මතයක් තිබේ. ජනමාධ්‍ය වල සම්මතය තිබියේවා සාමාන්‍ය සමාජයේ වුවත් මරණයක් ගැන කතා කරන ක්‍රමයක් තිබේ. ප්‍රේමදාස මරණය ප්‍රභාකරන් මරණය වැනි සුවිශේෂ අවස්ථා හැරුණු විට මේ සම්මතය රැකී තිබිණි. තමන් කැමති නැති කෙනෙකු, නැතිනම් තමන්ට කරදරයක් වී සිටින කෙනෙකු මළ අවස්ථාවක තව කෙනෙක් සතුටට පත් වේ නම් එයට වරදක් කීම යුතු නැත. එහෙත් ඒ සතුට රතිඤ්ඤා දල්වා රබන් ගසා සමරයි නම් ඒ මිනිස් කම නොවේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මිය යන විට කොවිඩ් සැදී තිබිණි. අභාවප්‍රාප්ත "අහිකුන්ඨික" සුනිල් මහතා මිය යන විට එම රෝගයෙන් "පූර්ණ" සුවය ලබා වැඩි දිනක් ගත වී තිබුණේ නැත. ඌරුවරිගේ වන්නියාආර්‍යාව වකුගඩු රෝගයකින් කළුරිය කරන විට ඈටත් මෙකී රෝගය වැළඳී තිබුණු බව කියත්. මේ සියළු දෙනාටම පෙර ලංකාවේ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ උස්තාද් පකීර් කෙනෙක් වන මහාරාජා මුදලාලි දිවංගත විය. ඒ ද මේ රෝගයෙනි.

ඊයේ පෙරේදා "ස්වයංජාත" වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහතා කොළොඹ පෞද්ගලික රෝහලකදී මිය ගියේය. ඔහුටත් මේ රෝගය වැළඳී තිබුණු බව අසන්නට ලැබිණි. නමුත් අපේ අවධානයට ලක් වන්නේ ඔහුගේ මරණය ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණු ආකාරයයි.

ඉහත ප්‍රවෘත්තිය පල වන්නේ දිවයින පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ ය. එහි ප්‍රථම වාක්‍යය ප්‍රවෘත්තිය යි. එමෙන් දෙගුණයක් පමණ දිග දෙවන වාක්‍යය ප්‍රභාත් විතාන නමැත්තාගේ ගොබ්බ කමේ ප්‍රකාශනයයි. මේ දිවයින පුවත්පතේ නිල මතය ද?



Friday, August 27, 2021

බලුකරුණාවතිය, මල්ලිකාව සහ අනාගමේ බුදුන්

බලුකරුණාවතී ඉස්සර කළේ රෙදි ජාවාරමකි. ඈට කුරුඳුවත්තේ පැත්තේ ලොකු රෙදි කඩයක් තිබිණි. ජාවාරම නැගලාම යන කාලයේ තව තව හන්දි වල කඩ දැම්මත් ඒවායින් එතරම් වගතුවක් නොවුණා පමණක් නොව හොඳට තිබුණු කුරුඳුවත්තේ කඩේ වෙළඳාමටත් එයින් වූයේ අලාභයකි. සීයට අරං දාහට විකුණන බලුකරුණාවතී ගේ කුරුඳුවත්තේ රෙදි කඩයට නිතර ආවේ ගියේ කෑ ගහන සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ නෝනා මහතුන් ය. ඒ ඈයින්ට මේවායේ ගාන කීයක් වුණත් ගාණක් නැත. නමුත් හන්දි ගානේ ඒ නමින්ම කඩ ඇරෙද්දී කුරුඳුවත්තේ පමණක් තිබෙන කාලයේ මෙන් නොව එක එක ඇච්චෝ බැච්චෝ ඒ කඩ වලින් රෙදි ඇරං අඳින්නට පටන් ගැනීම හේතුවෙන් අර සල්ලිකාර නෝනා මහතුන්ට අර කඩයේ තිබුණු "ගතිය" නැත්තටම නැති වී ගියාහු ය. හැමෝම අඳින්නේ ඒක නම් සීයේ කෑල්ලට දාහක් ගෙවන්නේ ඇයි.

විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.

විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.

අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.

අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම් කෙරුම් ය.




Saturday, July 31, 2021

1,000,000 DOLLARS යනු රුපියල් වලින් කීයක්ද?

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුන ... ?


මේ කෙටි පණිවිඩය මාගේ පෞද්ගලික දුරකථන අංකයට ලැබුණේ අද සන්ධ්‍යා යාමයේ.

යවන්නාගේ අංකය +94 070 451 6188.

UR PHONE NUMBER IS SELECTED AS WINNER OF 1,000,000 DOLLARS IN THE B.M.W. PROMO. TO GET YOUR PRIZE EMAIL YOUR NAME,ADDRESS,PHONE, TO EMAIL: bestmatch21@hotmail.com


ඉතිරිය මෙය කියවන ඔබ සැමගේ විමසිල්ලට ඉතිරි කරන්නටයි වඩා සතුටු.

එසේ වුවත් වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් තව ටිකක් ලියමි ෴


Sunday, June 13, 2021

හුළං සහ තෙල්

හුළං සොරුන් ගැන කතාව මෙතෙකින් නිමි'යි පසුගිය ලිපිය අවසන් කළෙමු. එසේ ලියා තබා නිදා ගන්නටත් පෙර ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. අප මුළින් සංවාදයට ගත් පිසින වායු ටැංකි මගඩිය සමාගමේ ක්‍රියාවක් වුවත් ද්‍රව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුවේම ක්‍රියාවකි.

ද්‍රවිකෘත ඛණිජ වායු (LPG) සමාගම් ඔවුන්ගේ 18 L හොර ටැංකි එළියට දමන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ කාලයේ සිටම එකී ව්‍යාපාරය පාඩු පිට පවත්වාගෙන යන බව සමාගම් විසින් ප්‍රචාරය කරන්නට යෙදිණි. සමාගම් පාඩු පිට පවත්වාගෙන යා යුතු නැත. කළ යුත්තේ මිළ වැඩි කිරීමයි. මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දිය යුතුය. එතැනට ගිය විට තවදුරටත් ඒ තීරණය ව්‍යාපාරික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවට පත් වෙයි. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වලින් ප්‍රමාණය සටහන් කර මහජනයාගේ ඇසට වැලි ගැසීමට සමාගමට සිදු වන්නේ මෙකී ස්තර දෙකෙහි මූලික අභිප්‍රායන් අතිපිහිත නොවන බැවිණි. පසුගිය ලිපියේ සඳහන් කළ ගැසට්ටුවේ ලාමක ටිං ටිං ගතියට හේතුව එයයි. සැමට තේරෙන අයුරින් කීවොත් මෙහිදී යොදාගෙන තිබෙන්නේ අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලෝ කරගෙන යන්න යන කුප්‍රකට යහපාලන+රතන ක්‍රමවේදයයි.



Saturday, June 12, 2021

හුළඟේ යන ගැසට්

සිරිමාවෝ ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ හාල් පොලු මිරිස් පොලු වලටය. ජේ ආර් ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ කළු ජූලිය සම්බන්ධයෙනි. ප්‍රේමදාස භීෂණයට ප්‍රසිද්ධ අතර චන්ද්‍රිකා දූෂණයට ප්‍රසිද්ධ වූවාය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමග බැඳී තිබෙන්නේ ඩුබායි මැරියට් හෝටලය රත්තරං අස්සයන් සහ ලම්බෝගිනිය. ඒ අතර සිරිසේන ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ රනිල් සම්බන්ධයෙනි - ඒ ආණ්ඩුව කරගෙන ගියේ රනිල් විසින් වන අතර සිරිසේන කළේ හාමිනේගේ කෙහෙල් කොළයේ බත්පත කා ඔතා දුන් පත්තරයක් බලාගෙන සිටීම පමණි. ඒ ආණ්ඩුවේ පිය සටහන් අතර මහ බැංකු කොල්ලය සහ පාස්කු ප්‍රහාරය තිබේ. එය පරාජය කර පැමිණි මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රසිද්ධ කුමකටදැයි ඇසුවොත් දැනට දිය හැකි පිළිතුර ගැසට් වලට යන්නයි.

ගැසට් ගැසීම, ඒවා ආපසු හරවමින් නැවත ගැසට් ගැසීම සහ නැවත අකුරක් දෙකක් වෙනස් කරමින් නැවත නැවතත් ගැසට් ගැසීම ගැන අමතක කළහොත් ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව (පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය) ගැසට් එකක් ගසා තිබේ. මෙහි අඩංගු කරුණු ගැසට් එක නොගැසුවත් වලංගු විය යුතු කරුණු බව අපේ අදහස වුවත් ගෑස් සමාගම් වල ඉහළ පුටු රත් කරන මොළ වලට මතක් කර දීම පිණිස ගැසට් එකක් ගැසීමත් වැදගත්ය.



Tuesday, June 1, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 3 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. ඒ කතාව අවසන් කෙරුණේ ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ටැංකිය පාරිභෝගික අපගෙන් ලබාගෙන ඊටම කිලෝ ග්‍රෑම් 9 ක් පමණක් පුරවා රුපියල් 100 ක් අඩුවෙන් අපට විකුණන්නේය යන නිගමනයට එමිණි.

අද එතැන් සිට.

ඉවරද ?


කතාව මෙතැනින් ඉවර වන්නේ නැත. සමාගම විසින් 12.5 kg ටැංකි වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම ක්‍රමානුකූලව කෙරේ. මා මුහුණ දුන් අත්දැකීමට මුහුණ දෙන වැඩි දෙනෙක් 18 L ටැංකියක් ගෙදර ගෙන යනු ඇත. ඔවුන්ට නැවත කිසිදා 12.5 ටැංකියක් ලැබෙන්නේ නැත. සමාගම එකතු කරගෙන යන සෑම ටැංකියක්ම අළුතින් පින්තාරු කර 18 L ලියා හුළං අඩුවෙන් ගසා නැවත එවනු ඇත. මාස දෙක තුනකින් වෙළෙඳ පොළේ ඉතුරු වන්නේ 18 L ටැංකි පමණි.



Monday, May 31, 2021

සමාජවාදාගම සිංහලයාට කරන විනාශය

ලංකාවේ බොහෝ දෙනාට ධනවාදය පිළිබඳ විවේචන තිබේ. සමාජවාදය ආගමක් වශයෙන් අදහන අයවළුනුත් මෙරට සිටී. සමාජවාදාගම අදහන සමහර විශ්වවිද්යාලවාසී / නේවාසිකාගාරවාසි භික්ෂූන් වහන්සේලා පවා මෙරට වැඩ වසන අතර උන් වහන්සේලා සමහර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලදී පොලිස් ප්‍රහාර හමුවේ තාප්ප සහ වැටවල් මතින් එර්දි වන්නේ (සෘද්ධි නොවේ) මුගලන් සාමින් පවා විලියෙන් අඹරවමිනි.


මෙවැනි එක්තරා සාමින් කෙනෙක් අද දින (නැතිනම් ඊයේ රාත්‍රියේ) කෝවිද රෝගය වැළඳී අභාවයට පත් වූ බව දැන ගන්නට ලැබුනේ අපේ හිත මිතුරු අසල්වැසි පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙකුගේ fb පණිවුඩයකිනි. ඒ මන්ත්‍රී තුමාට අර භික්‍ෂුව සටන් සගයෙකි - එසේ නොවේනම් අප මිතුරු මන්ත්‍රී තුමා අර භික්‍ෂුවගේ සටන් සගයෙකි.

අභාවයට පත් භන්තේ බද්දේගම සමිත සහෝදරයාට දෙතිස් කතාවේ විප්ලවීය ආචාරය !




Sunday, May 30, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 2 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. අද ලියවෙන්නේ එහි ඉතුරු කොටසයි.

ඊළඟට මොකද උනේ ?


ලිට්‍රෝ සමාගමේ උණු-අංකය හෙවත් හැමෝම දන්නා අයුරින් හොට්-ලයින් එක 0 112 505 808 වෙයි. නිවසට පැමිණි මා ටැංකිය ඉවත් කිරීමෙන් පසුව කළේ ඒ අංකයට ඇමතුමක් ගැනීමයි.


Saturday, May 29, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 1 කොටස

මේ කියන සිද්ධිය සිදු වූයේ (අද) සෙනසුරාදා ය. එදින දහවල ආහාර පිසිමින් සිටින'තුර උඳුන නිවී ගියේය. මෙය ඕනෑම මධ්‍යම පංතියේ නිවසෙක ඕනෑම අවස්ථාවක සිදු විය හැකි සාමාන්‍ය සිද්ධියකි. අනවශ්‍ය අවදානම් නොගැනීම මූලික ප්‍රතිපත්තිය කර ගත් ගෘහ මූලිකයෙකුගේ පාලනයේ පවතින ඕනෑම නිවසක සිදු වන අයුරින් අප නිවසේද සිදු වූයේ හුළං (සාමාන්‍ය සිංහලෙන් කීවොත් "ගෑස්") ටැංකිය උඳුනෙන් ගළවා අනෙක සවි කිරීමයි.

ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic
ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic

අප නිවසේ භාවිතයට හුළං ටැංකි දෙකක් වෙයි. එකක් රජයට අයත් ලිට්රෝ සමාගමේ 12.5 kg ප්‍රමාණයේ නිල් පැහැ එකකි, අනෙක ලාෆ්ස් සමාගමේ කහ පැහැ කුඩා ප්‍රමාණයේ එකකි. අවසන් වී තිබෙන්නේ නිල් පැහැ ටැංකියයි. කහ පැහැ ටැංකිය සවි කර උඳුන අවුළුවා ගත්තත් ගැටළුවක් වෙයි. එය අවුරුදු කාලයේ කැවුම් පිසීම ඇතුළු වෙනත් පිසීම් සඳහා භාවිතා කර තිබුණු බැවින් එහි වායුව තව කොපමණ දින ගණනකට ප්‍රමාණවත් දැයි පැහැදිළි නැති වීමයි. ඒ හේතුවෙන් හිස් හුළං ටැංකිය රැගෙන ආණ්ඩුවේ සංචරණ සීමා තිබියදීම පාරට බැස්සෙමි.

පාරේ කුමන පැත්තකට හැරුණත් අප සාමාන්‍යයෙන් වායු ඉන්ධන මිළදී ගන්නා වෙළෙඳ සැල් දෙකක් කිලෝ මීටර බාගයක පමණ දුරින් හමු වේ. මේ දෙකින් මේ දිනයේ විවෘතව තැබීමට වඩාම ඉඩ ඇති වෙළෙඳ සැලට ගියෙමි. හුළං හොරුන් ගැන කතාව දිග හැරෙන්නේ එතැන් සිටයි.



Friday, January 8, 2021

මනුෂ්‍ය නොවන දැනුම්

දැනුම් ගැන කතාව දිග එකකි; බොහෝ දෙනෙකුට ඇත්තේ දැනුම් ගැන කතා නොව, දැනුම ගැන කතාවකි. ඒ වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මේ කතාව මනුෂ්‍ය නොවන දැනුම් ගැනය.

ආචාර්‍ය නලින් ද සිල්වා ලංකාවේ පහල වූ අග්‍රගණ්‍ය මට්ටමේ බරහිර විද්‍යා උගතෙකි; ඔහු තමන් විසින් එසේ හඳුන්වා නොගැනීම වෙනම කාරණයකි. විද්‍යාවේ දර්ශනය ගැන ඔහු සරල සිංහලෙන් කියන (බොහෝ විට ලියන) දේ අනෙක් බටහිර උගතුන්ට නොතේරීම ආචාර්‍ය සිල්වා ගේ අඩුපාඩුවක් නොවේ. මා ඔහුගේ ලිපි සහ ඔහුට පිළිතුරු ලියන අයගේද ලිපි දශක තුනකට වඩා ඈත කළෙක සිට පරිශීලනය කර ඇති බැවිනුත් ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරා ඇති බැවිනුත් ඔහු කියන දේ යම් තරමකින් තේරෙයි. එපමනෙකින් මා ඔහුගේ ගෝලයෙක් යැයි ගම්‍ය නොවෙයි. ඔහු හා මා එකඟ නොවන තැන් බොහෝ වෙයි. එහෙත් මේ කතාව ආචාර්‍ය සිල්වා හා මා දරන මත ගැනත් නොවෙයි.





ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !