Showing posts with label ත්‍රස්තවාදය. Show all posts
Showing posts with label ත්‍රස්තවාදය. Show all posts

Thursday, February 20, 2020

ශ්‍රී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා

පසුගිය නොවැම්බර 27 දින ලියා පල කළ "මහමැතිවරණය සහ රටේ අනාගතය" ලිපියට අප මිත්‍ර "නයනේ - සිතුවිළි" දැමූ අදහසට ප්‍රතිචාර වශයෙන් අප දැමූ දිගු පිළිතුරේ කොටසකි පහත උපුටා දැක්වෙන්නේ.

...
මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ ආණ්ඩුවේ නොමැති තත්වය යටතේ මුස්ලිම් මනුෂ්‍යයන්ට දැන් කෙළින්ම පොහොට්ටුව වෙත මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ. එය කළමනාකරණය කර ගැනීම ඒ පක්‍ෂය සතුය.

එහෙත් නැවතත් බැසිල් විශ්වාස නැත. සෛන්දමරද ප්‍රදේශයට නගර සභාවක් දෙන බව පොරොන්දු දුන්නේ මේ වල් බූතයා ය.

හොඳ වෙලාවට මුස්ලිම් මිනිසුන් ගෝඨාභයට ඡන්දය දුන්නේ නැත. දැන් ඊළඟ මැතිවරණයේදී මූ ගොස් සෛන්දමරද ප්‍රදේශයට පළාත් සභාවක් දෙමිය කියන්නටත් ඉඩ තිබේ. එසේ පොරොන්දු දී ගන්නා ඡන්ද අවශ්‍ය ද? කළ යුත්තේ සුදුසු මානසික තත්වයක මුස්ලිම් මිනිසුන් ඒ ප්‍රදේශ වලින් ඉදිරිපත් කිරීමයි.

...

November 28, 2019 at 7:48 PM


පසුගිය සතියේ ගැසූ ගැසට් පත්‍රයකින් ආණ්ඩුව විසින් අපගේ රෙද්ද කඩා දැම්මේය. දැන් අපට සමාජයට මුහුණ දීමට හැකියාවක් නැත. ආණ්ඩුව විසින් ඒ ගැසට් පත්‍රය මගින් රෙද්ද කඩා දැමුණු එකම පුද්ගලයා අප නොවුණත්, දශකයකට වඩා මදක් වැඩි සිංහල බ්ලොග් ඉතිහාසය තුල ආණ්ඩුවේ ගැසට් පත්‍රයකින් රෙද්ද කඩා දැමුණු පළමු බ්ලොග් රචකයා බවට පත් වීමට අපට සිදු වී තිබේ.

අදෝ !



යට දැක්වෙන්නේ ඒ ගැසට් පත්‍රයෙන් රෙද්ද ගැළවුණු අප වැනිම තවත් මහතෙකුගේ ශෝකාලපයයි.


Tuesday, June 4, 2019

රතන හිමිගේ අපවත් වීම හෙවත් අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න

අතුරලියේ රතන හිමි දින හතරක මාරාන්තික අඛණ්ඩ උපවාසය අවසන් කළේය.

ඒ නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වීම බාර දීමත් ආණ්ඩුවේ මුස්ලිම් වාර්ගික මන්ත්‍රීවරුන් හැත්ත බුරුත්ත පිටින්ම තමන් දරමින් සිටි ඇමති, නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වීමත් හේතුවෙන් බවයි සැල.


ඒ අය අස් වූ නිසා රතන හිමි උපවාසය අවසන් කළේද නැතිනම් උපවාසය අවසන් කිරීම නිසා අර කී පිරිස ඉල්ලා අස් වූයේ දැයි අපට තවම පැහැදිළි නැත. රතන හිමිගේ ඊනියා උපවාසය අවසන් කිරීමේ තොරතුර අපට ලැබුණේ මුලිනි. එහෙත් මුලින් වූ සිද්ධිය එය යැයි එක හෙළා පැවසීමට එය ප්‍රමාණවත් හේතුවක් නොවේ.

එසේ වුවත් අතුරලියේ රතන යනු කවරාකාර අවස්ථාවාදියෙකුදැයි සෑහෙන කාලයක සිට දන්නා අපට ඔහුගේ මේ රංගනය සහ එය අධ්‍යක්‍ෂණය කළ තිර රචනය ලියූ ගස් ගොබිලන් ගැන දැන ගැනීමට වෙනත් අංජනම් බැලීමක් අවශ්‍ය නැත.



Friday, May 17, 2019

මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?

පෙර ලිපියෙන් අප විස්තර කළේ මුස්ලිම් කාන්තාවන් විසින් භාවිත කෙරෙන නොයෙක් ආකාරයේ හිස් ආවරණ ගැනයි. ඉන් සමහරක් විසින් එය පළදින්නාගේ මුහුණ ද ආවරණය කරයි. මෙය මහජන ආරක්‍ෂාවට තර්ජනයක් බව පැහැදිළි කළ අප මෙකී මුහුණු ආවරණ සම්බන්ධව ස්ථිර තහනමක් පැනවිය යුතු යැයි යෝජනා කළෙමු.


හිස් ආවරණ ගැන එවැනි ස්ථිර තහනමක් යෝජනා නොකළත් ඒ සම්බන්ධව ද යම් සීමා කිරීම් තිබිය යුතුය. උදාහරණයක් ලෙස ගිණි අව්වේ කිසියම් හිස් ආවරණයක් පැළඳ පැමිණෙන කෙනෙක් ගොඩනැගිල්ලක් තුල එය පැළඳ සිටීම අවශ්‍ය නැත. අප අයත් සංස්කෘතියට අනුව ගොඩනැගිල්ලක් තුල හිස් ආවරණ පැළඳ සිටීම අන් අයට අපහාසයකි. එසේ නොවන්නේ එකී හිස් වැසුම ස්වකීය නිලය හෝ තත්වය හඟවන නිල ඇඳුමේ කොටසක් වන්නේනම් පමණි.




Wednesday, May 15, 2019

මුස්ලිම් කාන්තාවන්ගේ `නින්ජා` හිස් ආවරණ

පසුගිය පාස්කු ඉරිදා කතෝලික පල්ලි ඉලක්ක කරගෙන එල්ල වූ "පිරිසිදු" ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රහාරයෙන් පසු මුහුණ ආවරණය කෙරෙන පැළඳුම් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරිණ. මේ අතිශය ප්‍රමාද වී ගැනුණු තීරණයකි. මනුෂ්‍යාත්මභාවයක් ලැබ මෙළෝ උපන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හැඟීම් රහිත රෙදි පොට්ටනියක් මට්ටමට, එනම් තිරිසන් ආත්මභාවයකටත් අන්ත අසරණ භාවයකට, පත් කිරීම මේ ඊනියා වස්ත්‍රයෙන් කෙරේ. කිසි පැකිලීමක් නැතිව අරාබිකරයේ මිනිසුන් ගැහැණුන් ගල් ගසා මරන්නේ මේ ඉලව් රෙද්දේ පිහිටෙන් තමා.
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණ
මනුෂ්‍ය අනන්‍යතාවය සඟවන මේ වස්ත්‍ර තහනම් කිරීම කළ යුතුව තිබුණේ 2009 දී ම ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එය දැඩි ප්‍රතිරෝධයකින් තොරව කළ හැකිව තිබියදීත් කළේ නැත. දැන් සිරිසේන විසින් ද මෙය තහනම් කර තිබෙන්නේ හදිසි නීතිය යටතේය. හදිසි නීතිය දීර්ඝ නොකළ විටෙක මේ තහනම ඉබේ අහෝසි වනවා ඇත. එසේ වන්නට ඉඩ නොතබා මෙය සාමාන්‍ය නීතියෙන් තහනම් කිරීම කාලීන අවශ්‍යතාවයකි.




Tuesday, May 7, 2019

ඉස්ලාම් ත්‍රස්තවාදය සහ කතෝලික දේශපාලනය

මේ ලිපිය ලිවීම ඇරඹෙන්නේ ප්‍රහාරයෙන් සතියකට පසුය. එය ආරම්භ කළේ මෙලෙසිනි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ප්‍රශස්ථ අයුරින් තම රාජකාරිය ඉටු කරනු පසුගිය සතිය පුරාම දිස් විණි. ඒ සම්බන්ධව අපගේ හදපිරි උත්තමාචාරය ඒ උතුමන්ට හිමි වේ. එසේම ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම්, ත්‍රස්තවාදීන්ගේ අඹුවන්ගේ (බහු වචන !) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, එසේම බේබද්දෙක් පාරේ ටෙලිෆෝන් කණුවක හැප්පුනත් සිංහල බෞද්ධයාට වරද පටවන කුරුඳුවත්තේ මුහන්දිරම්ලාගේ බෑගිරි ගෑම් ද පසුගිය සතිය පුරාම අසන්නට ලැබුණේ නැත. උන්ගේ මුඛ පූට්ටු කිරීම වෙනුවෙන් මරාගෙන මැරුණු මුස්ලිම් සහෝදරවරුන්ට අපගේ විප්ලවීය ආචාරය හිමි වේ.

වඩාත්ම පුදුමය උනුත් එකයි මුණුත් එකයි අපි තමයි සදාචාරාත්මක දේශපාලනේ කරන්නේ රට හදන්න අපට දෙන්න යනාදී නොයෙක් සටන් පාඨ දෙසමින් සියල්ලේ වරද රාජපක්‍ෂ නාමයට ඌනනය කරන්නට වෙර දරන රතු සීනු කාඩරයන්ගේ නිහඬතාවයයි. තමන්ගේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයා අහිංසකයෙකු බව කීම හැර වෙනත් ප්‍රකාශයක් ඒ පක්‍ෂයෙන් අපට ඇසුණේ නැත. නායකතුමා සහෝදරයා තාම රටද ?

දැන් මේ වන විට ඉහත කී සෑම කණ්ඩායමක් ම දුඹුටු ගසා දමා ඇඳවල් යටින් එළියට බැස සිංහල බෞද්ධයාට විරුද්ධ නොයෙක් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී නැත. ඒ ගැන කතා කිරීම පසෙක තබා වෙනත් දෙයක් කතා කරමු.



Wednesday, April 24, 2019

මරුවා සමග වාසේ

හෙවත් ආණ්ඩුව ත්‍රස්තවාදීන් අතට පත් වීම


මා සිතන අන්දමට, පාස්කු ඉරිදා කතෝලිකයන්ගේ දින දර්ශණයේ වැදගත්ම දිනය වේ.
ප්‍රහාරයෙන් පසු
බෞද්ධ දින දර්ශණයේ වැදගත්ම දිනය වෙසක් පුර පසළොස්වක බවට විවාදයක් නැත්තේ සිද්ධාර්ථයන්ගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යයම එදිනට සැමරෙන බැවිණි. මේ සිද්ධි වෙන වෙන දින වල සිදු විණි නම් වඩාත් වැදගත් දිනය කවරක් විය හැකිව තිබිණිද?
මා සිතන අන්දමට බෞද්ධයාට වඩා වැදගත් වන්නේ බුද්ධත්වය ලැබූ දිනයයි.

කතෝලිකයන්ට ඒ හා සමාන වැදගත් දිනයක් ඇත්නම් ඒ ජේසු ස්වාමිදරුවන් මරණයෙන් උත්ථානය වූ දිනය වේ.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !