Thursday, November 1, 2018

ලීච්ඡවීසිංහ ට සිදු වූ දේ...

ලීච්ඡවී පාලනයක් පවත්වාගෙන ගිය වික්‍රමසිංහ ධුරයෙන් පහ කර අදට දින කිහිපයකි. "මා තවමත් අගමැති ය, මා මේ මැදුරෙන් යන්නේ නැත"යි පිස්සුවෙන් දොඩවමින් ඔහු තවමත් අරලිය ගහ මන්දිරයේ හොල්මනක් සේ ඇවිදියි. ඔහු ආං බාං කර ගැනීමට මෛත්‍රී මහත්මියටවත් හැකියාවක් නැත.

එසේ තිබියදී ව්‍යවස්ථාව අනුවම රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ හැකි බව නැවත නැවත පෙන්වා දෙමින් ඒ සම්බන්ධව රට දැනුවත් කිරීමට අඛණ්ඩවම කටයුතු කළ විද්වතෙක් හා සංවාදයකට යොමු වෙමු.



අප පරිශීලනය කරන blog අඩවි අතරින් ව්‍යවස්ථාව පරිශීලනය කරමින් ජනාධිපති තීරණය වැරදි බව ප්‍රකාශ කළේ ඉකොනොමැට්ටා තුමාය. ඔහුගේ ලිපිය මෙතැනින් කියැවිය හැක.





දේශපාලන අර්බුදය කොයිබටද? (පළමු කොටස) - ඉකොනොමැට්ටාගේ බොජුන්හල

ඔහුගේ තර්කය වූයේ, උක්ත අනුව්‍යවස්ථාව "අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය" නම් අනු මාතෘකාව යටතේ යෙදෙන බැවින් අමාත්‍ය මණ්ඩලය තුලට අග්‍රාමාත්‍ය වරයා ඇතුළත් නොවන බවත් අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීම යටතේ අග්‍රාමාත්‍යවරයා වෙනස් කළ නොහැකි බවත් ය.

ඉකොනොමැට්ටා හා අප අතර වූ කෙටි සංවාදය පහත උපුටා දැක්වේ.

  1. 42 අනුව්‍යවස්ථාවේ මාතෘකාව "අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය" ලෙස යෙදීම කරණ කොටගෙන අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට අයත් නොවන භුතාර්ථයක් බවට පත් වේ නම්, එකී අනු මාතෘකාව "අමාත්‍ය මණ්ඩලය" නම් ප්‍රධාන මාතෘකාව යටතේ පෙනී සිටීම විසින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය තුලට නැවත අන්තර්ග්‍රහණය කෙරෙන්නේය. එනයින් ඉකොනොමැට්ටා විසින් "චතුස්කෝටික" උපමාවෙන් ගෙන එන තර්කය පුස්සක් වන්නේය.

    අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අග්‍රයාය - හේ ඉන් කොටසක් ම වන්නේය. බාහිර අංගයක් නොවන්නේය. අග්‍රාමාත්‍යයා අනෙක් අමාත්‍යවරුන් මෙන් මන්ත්‍රීවරුන් අතුරෙන් ම තෝරා ගත් තැනැත්තෙක් මිස ජනාධිපතිවරයා මෙන් ඉන් පරිබාහිර තැනැත්තෙක් නොවන්නේය.

    උක්ත කරුණ හේතුවෙන්, 43.3 අනුව්‍යවස්ථාවේ සඳහන් කෙරෙන ආකාරයෙන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, විෂය සහ කාර්‍ය වෙනස් කිරීම යටතේ අග්‍රාමාත්‍ය වරයා ඉවත් කළ හැක්කේය. එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් නොවන්නේය.
    ---

    අමාත්‍ය මණ්ඩලය යනු මෙහිදී වියුක්ත භුතාර්ථයකි. එනම් සිතේ පහල කරගත යුතු දෙයකි. ඇසට පෙනෙන කනට ඇසෙන අයුරින් සැබවින්ම පවත්නේ නැති දෙයකි. ජනාධිපති කාර්‍යාලය විසින් අනෙක් අමාත්‍යවරුන්ගේ ඇමති ධුර ද අහෝසි වන බවට ගැසට් කිරීමෙන් පසු හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තෙල් සංස්ථාවට රිංගා මිනී මරන්නේත්, මංගල සමරවීර රුපවාහිනී සංස්ථාවට පැන හූ හඬට ලක් වන්නේත් වියුක්ත භුතාර්ථයක් ස්පර්ශ කරන්නට හැකි යයි හටගත් සිතුවිල්ලෙනි.

    සිදු වූ දේ නැවත කීවොත්,
    43.3 අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති වරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරයි. එහිදී වෙනස් වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධුරයට වෙනත් කෙනෙක් පත් කරනු හා සමගම, පෙර පසු නොවීම, එතෙක් ධුරය දැරූ අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයට එකතු වේ.
    පසුව සිදු වූ දේ විස්තර කළ යුතු නැත.

    එසේ වුවත් ගරුතර ඉකොනොමැට්ටා තුමා විසින් පවසන පහත කරුණ පිළිබඳ අපගේ අනුමැතිය හිමි වේ.
    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි."

    මේ ගැන මා මගේ අඩවියේ ද අදහස් දැක්වීමක් කළා.
    ලිච්ඡවී පාලනයක අවසානය !
    ReplyDelete
    Replies
    1. //එකී අනු මාතෘකාව "අමාත්‍ය මණ්ඩලය" නම් ප්‍රධාන මාතෘකාව යටතේ පෙනී සිටීම විසින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය තුලට නැවත අන්තර්ග්‍රහණය කෙරෙන්නේය.//
      තාර්කික ලෙස බැලුවොත් ඔබ කියන දෙය හරි. එසේ තිබියදී මේ කෙටි ටයිටලය ගැන සඳහන් කළේ මා දන්නා තරමින් අධිකරණය මගින් අර්ථදැක්වීමේදී අනුව්‍යවස්ථාවක/පණතක කෙටි ටයිටලයට නෛතික වටිනාකමක් තිබෙන නිසා. එක් එක් අනුව්‍යවස්ථාව (කෙටි ටයිටලයද සහිතව) වෙනම කොටසක් සේ සැලකෙනවා. ප්‍රධාන මාතෘකාවට එවැනි වැදගත්කමක් තිබේද කියා මා දන්නේ නැහැ.

      //අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අග්‍රයාය.//
      අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයාය. මේ තර්කය අනුව ගත්තොත් ජනාධිපතිවරයාද අමාත්‍ය මණ්ඩලයේ කොටසකි. එසේනම් තවත් ඇමතිවරුන් 28කට වඩා පත් කළ නොහැකිය.

      //එහිදී වෙනස් වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධුරයට වෙනත් කෙනෙක් පත් කරනු හා සමගම, පෙර පසු නොවීම// මට නිවැරදියි කියා පෙනෙන දෙය වෙනුවෙන් මිසක් එක් මතයක් වෙනුවෙන් දිගින් දිගටම තර්ක කරන්න අවශ්‍ය නැහැ. අගමැති ඇමති මණ්ඩලයේ කොටසක්ය කියන එක නිවැරදි වීමට යටත්ව, මේ එකවර සිදුවීම කියන තර්කයට පදනමක් තිබෙනවා. ප්‍රායෝගිකව බැරිවුවත්, නෛතිකව එකවර දේවල් කිහිපයක් කළ හැකියි.

      කොහොම වුනත් අවසාන වශයෙන් මෙය අර්ථදැක්වීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අප සියල්ලන්ටම පෙනෙන දෙයට වෙනස් අයුරකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථදැක්වීමක් කළත් අවසානයේ බලාත්මක වන්නේ එයයි.
    2. * මා ත්. නමුත් එසේ නොවීමට හේතුවක් ද නොපෙනේ.

      * ඒ ව්‍යවස්ථාවේ කියැවෙන දේය. එය නිවැරදිය. මා මෙහි සඳහන් කළේ වචනාර්ථයයි. අමාත්‍යවරු (සමානයන්) අතර අග්‍රයා අග්‍ර අමාත්‍ය වරයාය. ජනාධිපතිවරයා අනෙක් ඇමති වරුන් හා සමාන නොවේ. ජනාධිපති තෙමේම අමාත්‍ය මණ්ඩලයට (ව්‍යවස්ථාවෙන්) පත් වේ. අග්‍රාමාත්‍යයා ඇතුළු අමාත්‍යවරු ජනාධිපතිවරයා විසින් තෝරා පත් කර ගැනෙති.

      ජනපති හා අගමැති හැරුණු කොට අමාත්‍ය මණ්ඩලය 28 බව මාගේත් අදහස වේ. ගණන් ගැනීමේදී මේ දෙදෙනාත් සමග ගණන් කළ යුතුය. යම් හෙයකින් ජනපති කිසිදු අමාත්‍ය ධුරයක් නොදරන්නේනම් තත්වය මා අධ්‍යයනය කර නැත.

      * මේ දෙක එකවර සිදු වේ.

      * එසේය.
      Delete
අගමැති ඉවත් කිරීම පිළිබඳව අප මතය අවසන් වශයෙන් මෙහිදී ගෙනහැර දක්වමු.

බොහෝ දෙනෙක් සිතා සිටින්නේ එක්සත් ජනතා නිදහස් සංධානය ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම නිසා අගමැති තනතුර පුරප්පාඩු වූ බවයි. අපගේ අදහස අනුව එසේ වන්නේ නැත.

ජාතික ආණ්ඩුව සැදෙන්නේ මහමැතිවරණයෙන් වැඩිම ආසන ගණනක් දිනා ගත් පක්‍ෂය හෝ කණ්ඩායම වෙනත් පක්‍ෂ හා කණ්ඩායම් එකක් හෝ කිහිපයක් සමග එක්ව තනන ආණ්ඩුවකි. මුස්ලිම් කොංග්‍රසය තනිව තරඟ කොට පාර්ලිමේන්තු නියෝජනයක් දිනා ගත් පක්‍ෂයකි. එහි නායකයා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටියත් (මෙය අපට හරියටම මතක නැත) මුස්ලිම් කොංග්‍රසය හා තවත් එවැනි කණ්ඩායම් (ඇත්නම් ඒවා) ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන තාක් ජාතික ආණ්ඩුව බල පැවැත්විය යුතුය. එක්සත් ජනතා නිදහස් සංධානය පමණක් ඉවත් වීමෙන් එය බිඳෙන්නේ නැත.

අපගේ අදහස අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් කිරීමට ඇති බලතල යටතේ ක්‍රියා කිරීමෙන් අග්‍රාමාත්‍යවරයා හා අනෙක් අමාත්‍ය ධුරයන් වෙනස් කර ඇත. එය ව්‍යවස්ථානුකූල ය.


එසේම,

ස්වාධීනව කටයුතු කළ යුතු යයි උපකල්පනය කෙරෙන කථානායක තැන තම පක්‍ෂ නායකයාගේ උපදෙස් පරිදි තම තනතුර වෛශ්‍යා වෘත්තියේ යොදවා නම් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුය. ජනාධිපති විසින් ගන්නා විධායක තීන්දු වල නීතිමය තත්වය නීතිපතිගෙන් විමසා බැලීම ඔහුගේ කාර්‍යයක් නොවේ. අගමැති පත් කිරීම ජනාධිපතිගේ කාර්‍යයකි. පත් කෙරෙන අගමැතිට පාර්ලිමේන්තුවේ දී පහසුකම් සැළසීම කථානායකගේ වගකීම වේ.

කථානායක තැන එසේ කටයුතු නොකෙරෙන්නේ නම් පාර්ලිමේන්තුව තුලදී ම ඔහුට හොම්බට ඇන ආරක්ෂාකාරීව රෝහල්ගත කිරීමත්, දෙවනුව විශ්වාසභංගයක් ගෙනැවිත් කථානායක තනතුරෙන් ඉවත් කිරීමත් වෙන කථානායක කෙනෙක් පත් කර ගැනීමත් පිළිවෙලින් සිදු කර ගත යුතුය. කථානායකට විශ්වාසභංගයක් ගෙන ඒමට පළමු නව සභානායකවරයෙක් පත් කළ යුතුය. වර්ථමාන කථානායක එම ධුරයට නිගාවක් වන්නේ වන සේ ම ඊට වඩා වර්තමාන සභානායක තැන ප්‍රජාතන්ත්‍රවාදයට හානියකි - ඕනෙ ගොනෙකුට සභානායක කම් කරන්න හැකි බව පෙන්වූ නියම ගොං බිජ්ජෙකි.

ඔහු පාර්ලිමේන්තු සංකීර්ණය තුලම බිම දමා නහයෙන් කටින් ලේ එන තුරු අතින් පයින් පහර දුන්නත් ප්‍රජාතන්ත්‍රවාදයට නම් සිරීම් තුවාලයක්වත් වන්නේ නැත. නමුත් එසේ වීම රටේ හොඳ නමට කැළලකි - නැතත් ගොනෙකුට වුව එසේ පහර දීම පාප කර්මයකි. එසේ හෙයින් තව දෙසතියකින් පමණ පාර්ලිමේන්තුවේදී සිදු වීමට නියමිත බල හුවමාරුව සාමකාමී අයුරින් සිදු වේවා යි පතමු.

ඊට පෙර ඊළඟ දිනය හෝ දෙක ඇතුලත පෙට්‍රල් මිල රුපියල් 117 දක්වා අඩු වේවා යි නව මුදල් ඇමතිවරයාට සුභාෂිංශන එක් කරමින් ම ප්‍රාරර්ථනා කරමු.

1 comment:

  1. එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමේ බලපෑම ඔබ කීවාට වඩා වෙනස්ය.
    2015 අගෝස්තු මතිවරණයේ ප්‍රථිපලය පහත අයුරුය
    එක්සත් ජාතික පක්ෂය 106
    එ ජ නි ස 95
    දෙ රා ප 16
    ජ වි පෙ 6
    මුස්ලිම් ඛොන්. 1
    ඊ පී ඩී පී 1

    මෙයින් දෙමළ පක්ෂය හා ජවිපේ විපක්ෂයේ සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හැර අන් සියල්ලෝම සිටියේ රජයේය.

    එජනිස ය ඉවත් වීමෙන් පසු ඊපීඩීපී සාමාජිකයාද ඉවත් වීමෙන් එජාපයට අයත් නොවන සාමාජිකයෙකු හවුල් ආණ්ඩූවේ ඉතිරි වන්නේ එකම එක මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී වරයෙකි.

    අනෙක් මුස්ලිම් කොන්ග්‍රසුවන් හා බදුදීන් ගේ පිරිස එජාපයෙන්ම ඡන්දය ඉල්ලා පත් වූ එජාප මන්ත්‍රී වරුන්ය.


    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !