වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක් |
෴
වික්‍රමසිංහ මාධ්‍යයට පියෙකු සේ ඔවදන් දෙන අවස්ථාවක් |
A.සුමන්තිරන් ගරු මන්ත්‍රීතුමා |
පාර්ලිමේන්තුවේ පක්‍ෂ සංයුතිය |
වික්‍රමසිංහගේ ඊනියා විශ්වාසභංගය |
කිසිවෙක් විසින් නව්‍ය ආර්ථික අවස්ථාවක් උදා කර ගැනීම රටකට සම්පතකි. දුගී ඉන්දියාව විසින් තම රටේ තරමට නිපදවා ගත් වාහනය තෙසකරියයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් මේ කාරණය උදෙසාම තනා ගත් වාහනය kei car ලෙස හඳුන්වයි. පසුගිය දින වල රජය විසින් 50% පමණ ප්‍රතිශතයකින් බදු මුදල් වැඩි කරන ලද්දේ මේ කාර් රථ උදෙසා වේ.තෙසක රිය ගැන වැඩිදුරටත් කතා කරමු.
රාජපක්‍ෂ රජය විසින් ලංකාවේ මහාමාර්ග වල ගුණාත්මක භාවය විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට පළමුව ත්‍රිරෝද රථ නමින් හඳුන්වන ඉන්දීය නිෂ්පාදනය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැළකිය යුතු භූමිකාවක් ඉටු කළේය. විශේෂයෙන් ඉන්දීය සංක්‍රමණිකයන් වෙසෙන කඳුරට ප්‍රදේශ වල බස් රථ නොදුවන මං මාවත් වල මේ රථ විසින් කළේ ජනතා සේවයකි.
එහෙත් මහා මාර්ග පද්ධතියේ සිදු වූ වෙනසට සමගාමීව ඉන්දීය නිෂ්පාදිත ත්‍රිරෝද රථ ජපානයේ නිෂ්පාදිත සූක්‍ෂම රථ (kei car) විසින් ආදේශ වීම වේගයෙන් සිදු වෙමින් පැවතිණි. තෙසකරිය යනු කිසි සේත්ම ආරක්‍ෂාකාරී වාහනයක් නොවේ. පැයට කිලෝමීටර 20 - 30 මිස ඊට වඩා වේගයෙන් යා හැකි, යා යුතු මාර්ගයක මේ වාහන ධාවනය කරවීම අනෙක් වාහන වලට කෙරෙන අසාධාරණයකි. මේවායේ නිත්‍යානුකූල වේග සීමාව 40 kmph ලෙස නිර්ණය කිරීම අහඹුවක් නොවේ.
අනෙක් අතින් තෙසක රිය එහි නඩත්තු වියදම් හා එය නියෝජනය කරන සමාජ මට්ටම හේතුවෙන් ලාංකික සමාජය විසින් ප්‍රතික්ෂේප කෙරෙමින් පැවතිණි. AMW සමාගම පිළියන්දල පිහිටි එක්ලස් කරන කම්හලක් දැනටමත් වසා දමා ඇති බව මාගේ මිතුරෙක් කළ ප්‍රකාශය සත්‍යයක් බව සිතමි. රජය විසින් පැනවූ බදු ද ඊට එක හේතුවකි. මේ ආණ්ඩුව සේම පසුගිය ආණ්ඩුවද ත්‍රිරෝද රථ වල බදු ඉහළ දැමීය.
ඉහත කාරණා අනුව තෙසක රියේ මගී ප්‍රවාහනය කිරීම පිණිස අවම වයස් සීමාවක් පැනවීමට උත්සාහ කිරීම අනවශ්‍ය කර්තව්‍යයකි. තෙසකරිය මහමගින් ඉවත් වෙමින් පවතී නම් එය බලෙන් ඉවත් කිරීමට දහදිය හෙළිය යුත්තේ ඇයි ?
මේ කියන්නේ සිරස ගැන පමණක් නොවේ |
වැගන් R හොඳම නෑ ... කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් හොඳාආආආයි ! |
විජේකලා මහත්මිය සිය වර්තමාන නායකයාට තත්වය පැහැදිළි කරමින් |
සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.මේ ඇත්තද?
මේ තරම් බොරුවක් ... |
ඕන්න කැපුවා... | Source: srilankabrief . org |
මම දෙකක් කියන්නයි හදන්නේ, හිටං ! |