Sunday, December 15, 2024

Preferred pronouns

මහාචාර්‍යය, ආචාර්‍ය, විශේෂඥ වෛද්‍ය,  ...

එදා ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කළේ මේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට බැරි ගෑණියෙක් පිරිමියෙක් කොරාන්ටයි පිරිමියෙක් ගෑණියෙක් කොරාන්ටයි ඉතරයි කියලාය. මීට අවුරුදු හතළිස් පහකට පෙර ඒ බැරි උනත් ඇමරිකාවේ සහ යුරෝපයේ දැන් දැන් එයත් සිදු වේ. සිදු වෙනවා පමණක් නොව ගෑණු බවට පත් වූ පිරිමි ගෑණු ක්‍රීඩා ඉසව් වලින් ජය කෙහෙළි නංවන පුවත් මැවේ. මේ වසරේ ප්‍රංශ ඔලිම්පික් උළෙලේ දී ආන්දෝලනයට ලක් වූ බොක්ෂින් ක්‍රීඩිකාවන් දෙදෙනා අප පාඨකයන්ට මතක ඇතැයි සිතමි.

Friday, November 8, 2024

ට්‍රම්ප් සමග නැගිටිමු

මා ඇමරිකානුවෙකු නොවේ. එපමණක් නොව ලෝක දේශපාලන සන්දර්භයේදී ඇමරිකා ක්‍රියා කලාපය ගැන පැහැදීමක් ද නැත.

එහෙත් ලංකාවේ බයියෙකු වන මට ඇමරිකාවේ බයියන්ගේ නායකයා වන ට්‍රම්ප්පච්චි ගේ මේ ජයගෙන එන්නේ ආශ්වාදයකි, ඔහුගේ ජය මග  අවුරන්නට ස්ථාපනය (the establishment) නොකළ දෙයක් නැත.

ලංකාවෙන් ගිය මා දන්නා හිටපු සිංහලයින් (දැන් ඇමරිකානුවන්) හැම දෙනාම පාහේ සහය දැක්වූයේ මොළේ මැරුණු, ඒ නිසා ගෙදර යතුරවත් බාර දෙන්නේ නැති, ලංකාවේ ටිල්වින් සිල්වා වැනි, බෛඩාන ජ්‍යෙෂ්ට පුරවැසි අපේක්‍ෂකයාටය. ඔහු තරඟයෙන් ඉවත් වූ පසු ඒ අය වඩා  උද්‍ය්යෝගයෙන් සහය දැක්වූයේ ඊටත් වඩා සිහියක් නැති, ලංකාවේ හරිනි අමරසිංහ වැනි, මළ හෝන්තුවක් වන කළු ජාතිකයෙක් ලෙස ළඟ දී self identify කර ගත් කමලා දේවි මහත්මියට ය.

පරාජිත අපගේ මිත්‍රයන්ට සාතිශය සංවේගය !

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උප ජනාධිපති වෙන්ස් මහතා යටතේ ඇමරිකාව නැවත ආත්මාභිමානයක් ඇති රටක් වනවාට සැකයක් නැත. විලියම් ක්ලින්ටන් - බැරක් හුසේන් සහ ජොනතන් බෛදාන ආදීන් යටතේ පිළිකාවක් සේ ඇමරිකා දේශයේ ආත්මය තුලට කිඳා බැස ඇති සංස්ථාපන බූවල්ලාගේ අඬු සහ ඒවා පෝෂණය කරන මානව විරෝධී ස්වභාව විරෝධී විෂ මතවාද මුලිනුපුටා දැමීමට ඉදිරි වසර දෙක පුරා එක්සත් ජනපද වල කොංග්‍රසයේ මණ්ඩල දෙකේම බහුතර බලය ඇති ජනරජ පක්‍ෂයටත් ට්‍රම්ප්පච්චිටත් ශක්තිය ධෛර්‍යය ලැබේවා !!

Thursday, October 10, 2024

අනුරනිල්

දිවංගත ආචාර්‍ය නලින් ද සිල්වා විසින් ඊනියා අරගලය හඳුන්වන ලද්දේ "පරගලය" නමිනි. ඒ එහි මහමොළකරුවන් පරදේශක්කාරයන් වන්නේය යන අර්ථයෙනි.

ඔහුට සැළකිය යුතු මට්ටමක සම්බන්ධතා තිබිණි. ඊටත් වඩා කිසියම් තනි තනි සිද්ධි ගෙන එකට අමුණා ඒවායේ රටාවක් දැකීමටත් ඒ රටාව උපයෝගී කරගෙන (රටාව පැහැදිළි කිරීම පිණිස) කතාවක් ගෙතීමටත් ඔහුට හැකියාවක් විය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයන්ගේ අභාවය - මරණය විසින් හෝ ස්වයං නිර්ණිත නිහඬ බව විසින් - වර්තමායේ රටේ අවාසනාවයි.
෴

රනිල් වික්‍රමසිංහයන් විසින් ජනතවි මුක්ති පෙරමුණ යන නමින් අවඥාවෙන් හැඳින්වුන පක්‍ෂය කෙරේ කිසියම් කලෙක අපට ලැදියාවක් තිබිණි. ඒ පක්‍ෂයේ පත් වූ පළමු අමාත්‍යවරුන්ගෙන් අතුරින් කෙනෙකුට සහ තවත් අයට මනාප ලකුණු කළ ඉතිහාසයක් අපට වෙයි. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ කතා කරන දර්ශණ පෙළකට පහළින් සැකිළි (cartoon) බූරුවෙක් තප්පු ලන ආකාරය පුනර්රූපණය කරමින් ස්වකීය ජනමාධ්‍ය නිදහස සංකේතාත්මකව ප්‍රදර්ශණය කිරීමට සිරස රූපවාහිනිය කටයුතු කළ සමයයි.

එදා සිට අද දක්වා බොහෝ දේ වෙනස් වී තිබේ.
෴

Sunday, September 22, 2024

"වහලුන්" විසින් වහල් හිමියා තෝරා ගැනීම

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා වරණයේ ප්‍රතිඵල දැන් නිකුත් කෙරෙමින් පවතී.

මෙවර 3% කාටද ?

ඊයේ රාත්‍රියේ සිට මේ වන තෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව නිරීක්‍ෂණය වන්නේ 2019 වන විට 69 ලක්‍ෂයක් යැයි ලංකාවේ උ.බු. ඡන්ද දායකයින් සහ ඔවුන්ගේ නායක සහෝදරවරුන් විසින් ගණනය කර "වහලුන්" ලෙස නාමකරණය කර සිටි පොදුවේ "බයියන්" නමින් හැඳින්වූ අයවළුන් ස්වේච්චාවෙන් තමන්ගේ වහල් හිමියා ලෙස වෙනත් කෙනෙක් තෝරා ගැනීමට තීන්දු කර තිබෙන බවයි.

රූපාන්තරණය වූ ඒ වහලුන්ට දෙතිස් කතාවේ සුභාශිංසන !

Wednesday, March 13, 2024

කුමන්ත්‍රණ : ගෝඨාභය එළිදැක්වූ පොතෙන්

කුමන්ත්‍රණ යන වචනයේ සාඩම්බර හිමිකරුවා විමල් විරවංශ හිටපු අමාත්‍ය තුමාය. එය ඒ මහතා ජනතවි මුක්ති පෙරමුණේ © 2005 Ranil Wickramasinghe ප්‍රචාරක ලේකම් ධුරය දරන කාලයේ අත්පත් කර ගත් වත්කමකි. තමන්ට පැහැදිළි කළ නොහෙන යම්කිසි සංසිද්ධියක් - හේතු පැහැදිළි නැති සිදු වීමක් - අනුගාමිකයින්ට පැහැදිළි කිරීම පිණිස ඒ මහතා සහ ඒ මහතා ඒ කාලයේ නියෝජනය කළ සංවිධානය බොහෝ විට මේ වචනය යොදා ගත්තේ භෞතික විද්‍යාඥයන් "අඳුරු" යන වචනය යොදා ගන්නා අන්දමිනි.

විරවංශ මහතා නියෝජනය කළ ඒ සංවිධානය අර වචනය දැන් පාවිච්චි කරන්නේ නැතුවා පමණක් නොව, ඒ සංවිධානය ද අලුත් හැවකින් සැරසී සිටියි. දැන් ඒ අය ආශ්‍රය කරන්නේ නිර්ධන පංතිය නොවේ. මේ ගමන දළ වශයෙන් දශක එකහමාරකට වඩා පැරණි ය. විමල් විරවංශ කැඩී වෙන් වීම පළමු වරට එය එළිපිට දර්ශනය වූ අවස්ථාවයි. එදා සිට අද දක්වා අලුතින් ඡන්ද නාම ලේඛණයට එකතු වූ නම් කොපමණද, එම නාම ලේඛණයෙන් ඉවත් වූ නම් කොපමණද. මෙය අඩු වශයෙන් මිලියන තුනක් මිස ඊට අඩු වීමේ හැකියාවක් නැත.

මේ අදහස් ගොන්න අපට ආවේ හිටපු ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ විසින් එළි දැක්වූ කුමන්ත්‍රණ පොත හේතු කොටගෙනය.

යට දැක්වෙන්නේ ඒ ග්‍රන්ථය එළි දැක්වීම අරභයා හේමන්ත රන්දුණු මහතා විසින් දිවයින පුවත්පතට සම්පාදනය කළ ලිපියකි.


Monday, January 1, 2024

2024


 
නව වසරේ ලැබූ ප්‍රථම ජය සාමකාමීව සමරන්න.

Thursday, November 9, 2023

2023 ICC ලෝක කුසලානය - ii

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික අදියරේ වට අටක් අද අවසාන විය. අද වන විට කණ්ඩායම් ශ්‍රේණිගත වී සිටින්නේ පහත අයුරිණි.
තරඟ වට 8 ක් අවසන කණ්ඩායම් පෙළ ගැස්ම
තව එක වටයක් පමණක් ඉතිරි වී තිබෙන මේ මොහොතේදී නිරීක්ෂණය කළ හැකි නිරීක්ෂණය වන්නේ කණ්ඩායම් තුනක් ස්ථිර වශයෙන්ම මීළඟ වටයට තේරී තිබෙන අයුරත්, තවත් කණ්ඩායම් සතරක් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අහිමි කරගෙන සිටින බවත් ය. අවාසනාවට අප ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ පසුව කී කණ්ඩායම් සතර අතරටය.

නවසීලන්තය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් තුනෙන් එකක්  පමණක් ඉදිරි දින කීපය තුල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

Tuesday, October 10, 2023

2023 ICC ලෝක කුසලානය

මෙවර ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අප අසල්වැසි භාරතයේ නගර දහයක දී පැවැත්වේ. ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ලංකාව මේ තරඟාවලියේ මූලික වටයේදී එකිනෙකා හමු වනු ඇති අතර එක තරඟයකට දෙක බැගින් වෙන් කෙරෙන ප්‍රසාද ලකුණු වැඩිම ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා වූ, ප්‍රසාද ලකුණු සම වූ අවස්ථාවක වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා වූ, එයත් සම වූ අවස්ථාවක දළ ලකුණු වේගය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම අනුව ඉහලින්ම වැජඹෙන කණ්ඩායම් සතර අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් පුර්ව තරඟ දෙක ජයග්‍රහණය කරන පිල් දෙක අතර අවසන් මහා තරඟය පැවැත්වෙයි. ලකුණු සම වන අවස්ථාවක සුපිරි පන්දු වාර ක්‍රමය යොදා ගැනේ.෴


Sunday, March 19, 2023

අනේ දුකමයි ගෑණු හින්දා

මා වැනි බිළින්දා

වර වර ළඟට කැන්දා

දුක් සැප කුමන්දා


Friday, September 24, 2021

මනුෂ්‍ය මරණ සහ ජඩමාධ්‍ය

පිළිගත් ජනමාධ්‍ය විසින් මනුෂ්‍ය මරණයක් වාර්ථා කරන ආකාරය සම්බන්ධයෙන් සම්මතයක් තිබේ. ජනමාධ්‍ය වල සම්මතය තිබියේවා සාමාන්‍ය සමාජයේ වුවත් මරණයක් ගැන කතා කරන ක්‍රමයක් තිබේ. ප්‍රේමදාස මරණය ප්‍රභාකරන් මරණය වැනි සුවිශේෂ අවස්ථා හැරුණු විට මේ සම්මතය රැකී තිබිණි. තමන් කැමති නැති කෙනෙකු, නැතිනම් තමන්ට කරදරයක් වී සිටින කෙනෙකු මළ අවස්ථාවක තව කෙනෙක් සතුටට පත් වේ නම් එයට වරදක් කීම යුතු නැත. එහෙත් ඒ සතුට රතිඤ්ඤා දල්වා රබන් ගසා සමරයි නම් ඒ මිනිස් කම නොවේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මිය යන විට කොවිඩ් සැදී තිබිණි. අභාවප්‍රාප්ත "අහිකුන්ඨික" සුනිල් මහතා මිය යන විට එම රෝගයෙන් "පූර්ණ" සුවය ලබා වැඩි දිනක් ගත වී තිබුණේ නැත. ඌරුවරිගේ වන්නියාආර්‍යාව වකුගඩු රෝගයකින් කළුරිය කරන විට ඈටත් මෙකී රෝගය වැළඳී තිබුණු බව කියත්. මේ සියළු දෙනාටම පෙර ලංකාවේ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ උස්තාද් පකීර් කෙනෙක් වන මහාරාජා මුදලාලි දිවංගත විය. ඒ ද මේ රෝගයෙනි.

ඊයේ පෙරේදා "ස්වයංජාත" වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහතා කොළොඹ පෞද්ගලික රෝහලකදී මිය ගියේය. ඔහුටත් මේ රෝගය වැළඳී තිබුණු බව අසන්නට ලැබිණි. නමුත් අපේ අවධානයට ලක් වන්නේ ඔහුගේ මරණය ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණු ආකාරයයි.

ඉහත ප්‍රවෘත්තිය පල වන්නේ දිවයින පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ ය. එහි ප්‍රථම වාක්‍යය ප්‍රවෘත්තිය යි. එමෙන් දෙගුණයක් පමණ දිග දෙවන වාක්‍යය ප්‍රභාත් විතාන නමැත්තාගේ ගොබ්බ කමේ ප්‍රකාශනයයි. මේ දිවයින පුවත්පතේ නිල මතය ද?



Friday, August 27, 2021

බලුකරුණාවතිය, මල්ලිකාව සහ අනාගමේ බුදුන්

බලුකරුණාවතී ඉස්සර කළේ රෙදි ජාවාරමකි. ඈට කුරුඳුවත්තේ පැත්තේ ලොකු රෙදි කඩයක් තිබිණි. ජාවාරම නැගලාම යන කාලයේ තව තව හන්දි වල කඩ දැම්මත් ඒවායින් එතරම් වගතුවක් නොවුණා පමණක් නොව හොඳට තිබුණු කුරුඳුවත්තේ කඩේ වෙළඳාමටත් එයින් වූයේ අලාභයකි. සීයට අරං දාහට විකුණන බලුකරුණාවතී ගේ කුරුඳුවත්තේ රෙදි කඩයට නිතර ආවේ ගියේ කෑ ගහන සල්ලි තියෙන ඉහළ පැලැන්තියේ නෝනා මහතුන් ය. ඒ ඈයින්ට මේවායේ ගාන කීයක් වුණත් ගාණක් නැත. නමුත් හන්දි ගානේ ඒ නමින්ම කඩ ඇරෙද්දී කුරුඳුවත්තේ පමණක් තිබෙන කාලයේ මෙන් නොව එක එක ඇච්චෝ බැච්චෝ ඒ කඩ වලින් රෙදි ඇරං අඳින්නට පටන් ගැනීම හේතුවෙන් අර සල්ලිකාර නෝනා මහතුන්ට අර කඩයේ තිබුණු "ගතිය" නැත්තටම නැති වී ගියාහු ය. හැමෝම අඳින්නේ ඒක නම් සීයේ කෑල්ලට දාහක් ගෙවන්නේ ඇයි.

විෂ්ණු දෙයියන්ටත් නරක කාලේ බටකොළ කන්නට සිදු වූ බව මේ කියවන ඇත්තන් හොඳින් දන්නා කාරණයකි. කාලයක් මේ සක්වළ මහා ධනවතා ලෙසින් වැජඹුණු ඔරුමිත්තනාඩුවේ විලියොන් ගේට්ටු මැතිඳා ඔය හැටි පෝසතෙක් උනේ රේන්ද විකුණලා ය. උන්නැහේ තමන් මූලික වී තැනූ කුදුමුදු (Microsoft) සමාගමේ කවුළු (Windows) සහ කන්තෝරු (Office) වල රේන්දයෙන් (License) ගජ පෝසතෙක් උනත් එයින් යා හැකි දුර ආ පසු සියල්ල අතහැර තෙල් බෙහෙත් කාරයෙක් වී ලෝකෙට තෙල (Vaccine) බෙදමින් යන්නේ නැද්ද? දිනෙන් දින දියුණු වන මනුෂ්‍යයන් ක්‍රියා කරන්නේ ඒ අයුරිණි. සාමාන්‍ය මිනිසුන්ට ඇති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය සැපයීම එකකි; සාමාන්‍ය මිනිසුන්ට නැති අවශ්‍යතාවයක් හඳුනාගෙන එය බලෙන් සැපයීමට ලෝක සංස්ථාපනය (Establishment) මෙහෙයවීම වෙනම එකකි. පළමුවැන්න බොහෝ දෙනෙකුට ඇති හැකියාවකි. දෙවැන්න බලුකරුණක්කා සහ විලියොන් මුත්තා වැනි මේ කපේදී දුර්ලභව පහළ වන කූඨ සත්ත්වයින්ට පමණක් පහළ වන විශේෂ හැකියාවකි.

විලියොන් මුත්තා ලෝකෙට තෙල බෙදමින් යන අතර බලුකරුණක්කා දැන් විකුණන්නේ බල්ලන් ය. ඒ ද දඩාවතේ යන බල්ලන් ය. මේ ජාවාරමට මූලික ප්‍රාග්ධනයක්වත් අවශ්‍ය නැත. ලාභ නොලබන ආයතනයක් ලෙස ලියාපදිඤ්චි කර ඇති බැවින් ආණ්ඩුව බදු ගසන්නේද නැත. රෙදි ජාවාරම කළ කාලයේ මෙන් විගණන ආදියත් එතරම් අවශ්‍ය නැත. සල්ලි එනවාය සල්ලි යනවාය වෙන්නේ මොනවාද බලුකරුණක්කා දන්නවා ඇත.

අද කතාව බලුකරුණක්කා ගැනවත් විලියොන් මුත්තා ගැනවත් නොවේ.

අද කතාව සත්තු ඇති කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දෙසා වදාරා ඇති / දෙසා වදාරා නැති කරුණු සම්බන්ධයෙනි. මීට ප්‍රස්තුත වූයේ නුවර පෙරහැරේ අලි කුලප්පුව දැක කුලප්පු වූ අනාගම් ශ්‍රාවක-ශ්‍රවිකාවන්ගේ කියුම් කෙරුම් ය.




Saturday, July 31, 2021

1,000,000 DOLLARS යනු රුපියල් වලින් කීයක්ද?

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුන ... ?


මේ කෙටි පණිවිඩය මාගේ පෞද්ගලික දුරකථන අංකයට ලැබුණේ අද සන්ධ්‍යා යාමයේ.

යවන්නාගේ අංකය +94 070 451 6188.

UR PHONE NUMBER IS SELECTED AS WINNER OF 1,000,000 DOLLARS IN THE B.M.W. PROMO. TO GET YOUR PRIZE EMAIL YOUR NAME,ADDRESS,PHONE, TO EMAIL: bestmatch21@hotmail.com


ඉතිරිය මෙය කියවන ඔබ සැමගේ විමසිල්ලට ඉතිරි කරන්නටයි වඩා සතුටු.

එසේ වුවත් වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් තව ටිකක් ලියමි ෴


Sunday, June 13, 2021

හුළං සහ තෙල්

හුළං සොරුන් ගැන කතාව මෙතෙකින් නිමි'යි පසුගිය ලිපිය අවසන් කළෙමු. එසේ ලියා තබා නිදා ගන්නටත් පෙර ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. අප මුළින් සංවාදයට ගත් පිසින වායු ටැංකි මගඩිය සමාගමේ ක්‍රියාවක් වුවත් ද්‍රව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුවේම ක්‍රියාවකි.

ද්‍රවිකෘත ඛණිජ වායු (LPG) සමාගම් ඔවුන්ගේ 18 L හොර ටැංකි එළියට දමන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ කාලයේ සිටම එකී ව්‍යාපාරය පාඩු පිට පවත්වාගෙන යන බව සමාගම් විසින් ප්‍රචාරය කරන්නට යෙදිණි. සමාගම් පාඩු පිට පවත්වාගෙන යා යුතු නැත. කළ යුත්තේ මිළ වැඩි කිරීමයි. මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දිය යුතුය. එතැනට ගිය විට තවදුරටත් ඒ තීරණය ව්‍යාපාරික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවට පත් වෙයි. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වලින් ප්‍රමාණය සටහන් කර මහජනයාගේ ඇසට වැලි ගැසීමට සමාගමට සිදු වන්නේ මෙකී ස්තර දෙකෙහි මූලික අභිප්‍රායන් අතිපිහිත නොවන බැවිණි. පසුගිය ලිපියේ සඳහන් කළ ගැසට්ටුවේ ලාමක ටිං ටිං ගතියට හේතුව එයයි. සැමට තේරෙන අයුරින් කීවොත් මෙහිදී යොදාගෙන තිබෙන්නේ අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලෝ කරගෙන යන්න යන කුප්‍රකට යහපාලන+රතන™ ක්‍රමවේදයයි.
෴


Saturday, June 12, 2021

හුළඟේ යන ගැසට්

සිරිමාවෝ ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ හාල් පොලු මිරිස් පොලු වලටය. ජේ ආර් ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ කළු ජූලිය සම්බන්ධයෙනි. ප්‍රේමදාස භීෂණයට ප්‍රසිද්ධ අතර චන්ද්‍රිකා දූෂණයට ප්‍රසිද්ධ වූවාය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමග බැඳී තිබෙන්නේ ඩුබායි මැරියට් හෝටලය රත්තරං අස්සයන් සහ ලම්බෝගිනිය. ඒ අතර සිරිසේන ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ රනිල් සම්බන්ධයෙනි - ඒ ආණ්ඩුව කරගෙන ගියේ රනිල් විසින් වන අතර සිරිසේන කළේ හාමිනේගේ කෙහෙල් කොළයේ බත්පත කා ඔතා දුන් පත්තරයක් බලාගෙන සිටීම පමණි. ඒ ආණ්ඩුවේ පිය සටහන් අතර මහ බැංකු කොල්ලය සහ පාස්කු ප්‍රහාරය තිබේ. එය පරාජය කර පැමිණි මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රසිද්ධ කුමකටදැයි ඇසුවොත් දැනට දිය හැකි පිළිතුර ගැසට් වලට යන්නයි.

ගැසට් ගැසීම, ඒවා ආපසු හරවමින් නැවත ගැසට් ගැසීම සහ නැවත අකුරක් දෙකක් වෙනස් කරමින් නැවත නැවතත් ගැසට් ගැසීම ගැන අමතක කළහොත් ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව (පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය) ගැසට් එකක් ගසා තිබේ. මෙහි අඩංගු කරුණු ගැසට් එක නොගැසුවත් වලංගු විය යුතු කරුණු බව අපේ අදහස වුවත් ගෑස් සමාගම් වල ඉහළ පුටු රත් කරන මොළ වලට මතක් කර දීම පිණිස ගැසට් එකක් ගැසීමත් වැදගත්ය.



Tuesday, June 1, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 3 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. ඒ කතාව අවසන් කෙරුණේ ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ටැංකිය පාරිභෝගික අපගෙන් ලබාගෙන ඊටම කිලෝ ග්‍රෑම් 9 ක් පමණක් පුරවා රුපියල් 100 ක් අඩුවෙන් අපට විකුණන්නේය යන නිගමනයට එමිණි.

අද එතැන් සිට.

ඉවරද ?


කතාව මෙතැනින් ඉවර වන්නේ නැත. සමාගම විසින් 12.5 kg ටැංකි වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම ක්‍රමානුකූලව කෙරේ. මා මුහුණ දුන් අත්දැකීමට මුහුණ දෙන වැඩි දෙනෙක් 18 L ටැංකියක් ගෙදර ගෙන යනු ඇත. ඔවුන්ට නැවත කිසිදා 12.5 ටැංකියක් ලැබෙන්නේ නැත. සමාගම එකතු කරගෙන යන සෑම ටැංකියක්ම අළුතින් පින්තාරු කර 18 L ලියා හුළං අඩුවෙන් ගසා නැවත එවනු ඇත. මාස දෙක තුනකින් වෙළෙඳ පොළේ ඉතුරු වන්නේ 18 L ටැංකි පමණි.

෴

Monday, May 31, 2021

සමාජවාදාගම සිංහලයාට කරන විනාශය

ලංකාවේ බොහෝ දෙනාට ධනවාදය පිළිබඳ විවේචන තිබේ. සමාජවාදය ආගමක් වශයෙන් අදහන අයවළුනුත් මෙරට සිටී. සමාජවාදාගම අදහන සමහර විශ්වවිද්යාලවාසී / නේවාසිකාගාරවාසි භික්ෂූන් වහන්සේලා පවා මෙරට වැඩ වසන අතර උන් වහන්සේලා සමහර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වලදී පොලිස් ප්‍රහාර හමුවේ තාප්ප සහ වැටවල් මතින් එර්දි වන්නේ (සෘද්ධි නොවේ) මුගලන් සාමින් පවා විලියෙන් අඹරවමිනි.


මෙවැනි එක්තරා සාමින් කෙනෙක් අද දින (නැතිනම් ඊයේ රාත්‍රියේ) කෝවිද රෝගය වැළඳී අභාවයට පත් වූ බව දැන ගන්නට ලැබුනේ අපේ හිත මිතුරු අසල්වැසි පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙකුගේ fb පණිවුඩයකිනි. ඒ මන්ත්‍රී තුමාට අර භික්‍ෂුව සටන් සගයෙකි - එසේ නොවේනම් අප මිතුරු මන්ත්‍රී තුමා අර භික්‍ෂුවගේ සටන් සගයෙකි.

අභාවයට පත් භන්තේ බද්දේගම සමිත සහෝදරයාට දෙතිස් කතාවේ විප්ලවීය ආචාරය !

෴


Sunday, May 30, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 2 කොටස

අප සතුව තිබෙන්නේ ලිට්‍රෝ (මීට පෙර ෂෙල්) සමාගමෙන් මිලදී ගත් කිලෝ ග්‍රෑම් 12.5 පිසින හුළං (ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායු) ටැංකියකි. එය පසුගියදා අවසන් වූ අතර පුරුදු ලෙසින් එය මාරු කර ගැනීමට ගොස් (ඔව්, සංචරණ සීමා තිබියදීම තමා) සිදු වූ ඇබැද්දිය මීට පෙර සටහන් කෙරිණි. අද ලියවෙන්නේ එහි ඉතුරු කොටසයි.

ඊළඟට මොකද උනේ ?


ලිට්‍රෝ සමාගමේ උණු-අංකය හෙවත් හැමෝම දන්නා අයුරින් හොට්-ලයින් එක 0 112 505 808 වෙයි. නිවසට පැමිණි මා ටැංකිය ඉවත් කිරීමෙන් පසුව කළේ ඒ අංකයට ඇමතුමක් ගැනීමයි.


Saturday, May 29, 2021

හුළං හොරුන්ගේ කතා වස්තුව - 1 කොටස

මේ කියන සිද්ධිය සිදු වූයේ (අද) සෙනසුරාදා ය. එදින දහවල ආහාර පිසිමින් සිටින'තුර උඳුන නිවී ගියේය. මෙය ඕනෑම මධ්‍යම පංතියේ නිවසෙක ඕනෑම අවස්ථාවක සිදු විය හැකි සාමාන්‍ය සිද්ධියකි. අනවශ්‍ය අවදානම් නොගැනීම මූලික ප්‍රතිපත්තිය කර ගත් ගෘහ මූලිකයෙකුගේ පාලනයේ පවතින ඕනෑම නිවසක සිදු වන අයුරින් අප නිවසේද සිදු වූයේ හුළං (සාමාන්‍ය සිංහලෙන් කීවොත් "ගෑස්") ටැංකිය උඳුනෙන් ගළවා අනෙක සවි කිරීමයි.

ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic
ගෑස් මිල | 2021-මැයි-30 | මූලාශ්‍රය: https://www.litrogas.com/domestic

අප නිවසේ භාවිතයට හුළං ටැංකි දෙකක් වෙයි. එකක් රජයට අයත් ලිට්රෝ සමාගමේ 12.5 kg ප්‍රමාණයේ නිල් පැහැ එකකි, අනෙක ලාෆ්ස් සමාගමේ කහ පැහැ කුඩා ප්‍රමාණයේ එකකි. අවසන් වී තිබෙන්නේ නිල් පැහැ ටැංකියයි. කහ පැහැ ටැංකිය සවි කර උඳුන අවුළුවා ගත්තත් ගැටළුවක් වෙයි. එය අවුරුදු කාලයේ කැවුම් පිසීම ඇතුළු වෙනත් පිසීම් සඳහා භාවිතා කර තිබුණු බැවින් එහි වායුව තව කොපමණ දින ගණනකට ප්‍රමාණවත් දැයි පැහැදිළි නැති වීමයි. ඒ හේතුවෙන් හිස් හුළං ටැංකිය රැගෙන ආණ්ඩුවේ සංචරණ සීමා තිබියදීම පාරට බැස්සෙමි.

පාරේ කුමන පැත්තකට හැරුණත් අප සාමාන්‍යයෙන් වායු ඉන්ධන මිළදී ගන්නා වෙළෙඳ සැල් දෙකක් කිලෝ මීටර බාගයක පමණ දුරින් හමු වේ. මේ දෙකින් මේ දිනයේ විවෘතව තැබීමට වඩාම ඉඩ ඇති වෙළෙඳ සැලට ගියෙමි. හුළං හොරුන් ගැන කතාව දිග හැරෙන්නේ එතැන් සිටයි.

෴

Friday, January 8, 2021

මනුෂ්‍ය නොවන දැනුම්

දැනුම් ගැන කතාව දිග එකකි; බොහෝ දෙනෙකුට ඇත්තේ දැනුම් ගැන කතා නොව, දැනුම ගැන කතාවකි. ඒ වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මේ කතාව මනුෂ්‍ය නොවන දැනුම් ගැනය.

ආචාර්‍ය නලින් ද සිල්වා ලංකාවේ පහල වූ අග්‍රගණ්‍ය මට්ටමේ බරහිර විද්‍යා උගතෙකි; ඔහු තමන් විසින් එසේ හඳුන්වා නොගැනීම වෙනම කාරණයකි. විද්‍යාවේ දර්ශනය ගැන ඔහු සරල සිංහලෙන් කියන (බොහෝ විට ලියන) දේ අනෙක් බටහිර උගතුන්ට නොතේරීම ආචාර්‍ය සිල්වා ගේ අඩුපාඩුවක් නොවේ. මා ඔහුගේ ලිපි සහ ඔහුට පිළිතුරු ලියන අයගේද ලිපි දශක තුනකට වඩා ඈත කළෙක සිට පරිශීලනය කර ඇති බැවිනුත් ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යාව විෂයක් වශයෙන් හදාරා ඇති බැවිනුත් ඔහු කියන දේ යම් තරමකින් තේරෙයි. එපමනෙකින් මා ඔහුගේ ගෝලයෙක් යැයි ගම්‍ය නොවෙයි. ඔහු හා මා එකඟ නොවන තැන් බොහෝ වෙයි. එහෙත් මේ කතාව ආචාර්‍ය සිල්වා හා මා දරන මත ගැනත් නොවෙයි.
෴




Tuesday, November 10, 2020

පිනට ඉන්ජෙක්ෂන් ගැසීම හෙවත් ගිලන්පස පූජාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වියදමින් ලංකාවේ මහජනතාවගෙන් පහෙන් එකකට කාවිද රෝගය සඳහා එන්නත් ලබා දීමට යන බවට අද (නොවැ 9) පුවත් පල විය. මෙහි සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරුණු නිවේදනය පහත දැක්වේ.
ගිලන්පස පූජා

මේ රෝගය රෝගයක්මද යන්න ගැනත්, ඒ රෝගය නිර්ණය කරන ක්‍රමය ගැනත් විශ්වාසයක් නැති බව අප සඳහන් කර වැඩි දිනක් ගත වූයේ නැත. දැන් අමුතුවෙන් සඳහන් කළ යුතු එකම දෙය වන්නේ මේ දෙනවාය කියන එන්නත ගැනත් අපගේ කිසි විශ්වාසයක් නැති බවයි.

පෙර ලිපියේ අප සඳහන් කළ එක ඡේදයක් මෙහිදී නැවත දක්වමි.
රෝග ලක්‍ෂණ සමූහයකට බය හිතෙන නමක් දෙයි; ඊට පසු ජනමාධ්‍ය කාරිය කරවන රාළලා බවට පත් වෙයි. මහජනයා බියපත් වේ, ආණ්ඩු වික්‍ෂිප්ත වේ, බිල් ගේට්ස් වැනි ධන කුවේරයෝ අප වැනි සොච්චම් රටවල් එක්කෝ test lab බවට පත් කර ගනී, නැතිනම් වෙනත් කොන්දේසි දහසක් සමග වෛද්‍ය ආධාර ප්‍රදානය කරයි. පසුගිය දා නෑගම් ආ පොම්පි මාමා වෙන්ටිලේටර සිය ගණනක් දී ගියේ නැද්ද (ඒවායේ වියදම ඇමරිකානු බදු ගෙවන්නන්ගෙනි - ආදායම ඒවා නිෂ්පාදනය කළ, එරට ආණ්ඩුව සමග සම්බන්ධතා ඇති ධන කුවෙරයන්ටය)? කෙසේ වුවත් අවසානයේ වාසිය ගන්නේ කොහෙවත් යන පර බල්ලෙකි. අප මේවාට අසු වී රටේ දෛනික පැවැත්ම කඩාකප්පල් කර ගත යුතුද? නැත. බ්‍රැන්ඩික්‍ෂ් මුදලාලි කළ දේ වැරැද්දක් නොකියමි. ඔහුගේ කිසි සේවිකාවක් මෙකී රෝගයෙන් මළේ නැත.
මේ ගැන කිව යුතු සියල්ල ඉහත යටින් ඉරක් ගැසූ එක වාක්‍යාංශයකින් පවසා තිබේ. ඉඳින් මේ ගැන තවදුරටත් කිව යුතුව තිබෙන්නේ එක දෙයකි; කොහොමත් හොඳ දේ බෙදන හැන්ද අතේ තබාගෙන සිටින අයම ඒ එන්නත් ලක්‍ෂ හතළිහත් (රටේ ජනගහනය කෝටි දෙකකැයි සැළකීමෙන්) ගසා ගත්තාවේ. අපට බලෙන් (ජීවත් වන පළාත පදනම් කරගෙන, වයස පදනම් කරගෙන ආදී වශයෙන්) දෙන හෙවත් ස්ව-කැමැත්ත පදනම් කර නොගෙන දෙන එන්නත් අවශ්‍ය නැත. එසේම එවැනි එන්නතක් ලබා ගන්නා අයගෙන් මිස ලබා නොගන්නා අයගෙන් මෙහි වියදම අය කර ගැනීමටත් අප විරුද්ධය. WHO එක හෝ ඊට අනුග්‍රහ දක්වන ප්‍රකෝටිපති දානපති මහතුන් බෙහෙත නොමිලේ දෙන්නේ වී නමුත් ඒවායේ ප්‍රවාහන වියදම්, ගබඩා කර තැබීමේ වියදම්, එන්නත් කිරීමේ වියදම් බදු ගෙවන්නන්ගේ මුදලින් වැය නොවන බව කිව හැකිද ? මෙවැනි එන්නතක තිබිය හැකි අතුරු ආබාධ ගැන වග කියන්නේ කවුද ? අතුරු ආබාධ පැයකින් දෙකකින් නොඑන බවත් සිහියේ තබා ගමු.
෴


ඊටත් වඩා වැදගත් කතාවක් අද දෙරණ biz විසින් වාර්තා කළේය.



ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !