Thursday, October 10, 2024

අනුරනිල්

දිවංගත ආචාර්‍ය නලින් ද සිල්වා විසින් ඊනියා අරගලය හඳුන්වන ලද්දේ "පරගලය" නමිනි. ඒ එහි මහමොළකරුවන් පරදේශක්කාරයන් වන්නේය යන අර්ථයෙනි.

ඔහුට සැළකිය යුතු මට්ටමක සම්බන්ධතා තිබිණි. ඊටත් වඩා කිසියම් තනි තනි සිද්ධි ගෙන එකට අමුණා ඒවායේ රටාවක් දැකීමටත් ඒ රටාව උපයෝගී කරගෙන (රටාව පැහැදිළි කිරීම පිණිස) කතාවක් ගෙතීමටත් ඔහුට හැකියාවක් විය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයන්ගේ අභාවය - මරණය විසින් හෝ ස්වයං නිර්ණිත නිහඬ බව විසින් - වර්තමායේ රටේ අවාසනාවයි.


රනිල් වික්‍රමසිංහයන් විසින් ජනතවි මුක්ති පෙරමුණ යන නමින් අවඥාවෙන් හැඳින්වුන පක්‍ෂය කෙරේ කිසියම් කලෙක අපට ලැදියාවක් තිබිණි. ඒ පක්‍ෂයේ පත් වූ පළමු අමාත්‍යවරුන්ගෙන් අතුරින් කෙනෙකුට සහ තවත් අයට මනාප ලකුණු කළ ඉතිහාසයක් අපට වෙයි. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංශ කතා කරන දර්ශණ පෙළකට පහළින් සැකිළි (cartoon) බූරුවෙක් තප්පු ලන ආකාරය පුනර්රූපණය කරමින් ස්වකීය ජනමාධ්‍ය නිදහස සංකේතාත්මකව ප්‍රදර්ශණය කිරීමට සිරස රූපවාහිනිය කටයුතු කළ සමයයි.

එදා සිට අද දක්වා බොහෝ දේ වෙනස් වී තිබේ.

මෙයින් ප්‍රධානම සහ සංවේදීම කරුණ වන්නේ ඉහත නම කී පක්‍ෂයේ ප්‍රතිපත්තිමය වශයෙන් සිදු වූ පරිභ්‍රමණයයි. පරිභ්‍රමණයේ තරම කොතෙක්ද කීවහොත්, ඒ අංශක කීයකින් ද යන්න අප තබා ඒ පක්‍ෂයේ බල කණු වත් දන්නේ නැත. සැක නම් පසුගිය වසර දෙකේදී හඳුන්නෙත්ති සහෝදරයා සහ ලාල් කාන්තා සහෝදරයාගේ කතා අසා බලන්න.


ජනතා විමුක්ති පෙරමුණ පළමුව තමන් ම දර දිය ඇද පිහිටුවා ගත් ආණ්ඩුවෙන් ඉවත් විය. දෙවනුව සෝමවංශ අමරසිංහ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කර ඒ වන විට වැඩි ආකර්ෂණයක් නැතිව සිටි පුද්ගලයෙක් පක්‍ෂ නායකත්වයට පත් කෙරිණ. මෙහි හැරවුම් ලක්‍ෂය විමල් විරවංශ ප්‍රමුඛ පිරිසක් පක්‍ෂයෙන් ඉවත් වී පක්‍ෂය දෙකඩ වීමයි. පහත ඇත්තේ ඒ ගැන විකිපීඩියාවේ ඇති විස්තරයයි.


ඒ දෙකඩ වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමයෙන් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂයේ අනු ඛණ්ඩයක් බවට පත් විය. 2010 ජනාධිපතිවරණයේ සරත් ෆොන්සේකා ඉදිරිපත් කර හොඳම පරාජිතයා කිරීමට වඩාත්ම ඇප - කැප වූයේ මේ පක්‍ෂයයි.

වැසිකිළි තුල මුදල් ගණුදෙණු සහ ප්‍රකෝටි ගණන් විදෙස් අරමුදල් ගැන චෝදනා - ප්‍රති චෝදනා සහ කට කතා පැතිරිණ. පොදු මහජනතාවට විවෘත නැති රහස් සංවිධානයක් වන මේ පක්‍ෂයේ අභ්‍යන්තරයේ සිදු වන වෙනස පිළිබඳව අපට දැනෙන සංඥාව වූයේ පක්‍ෂ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඇති වූ රැඩිකල් වෙනසයි. ඉතා ලාභදායි පෝස්ටර මත පමණක් රඳා පැවතුණු ඒ පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය විද්‍යුත් නාලිකා හසුරුවන ජාතික සහ ප්‍රධාන පෞද්ගලික ජනමාධ්‍ය වල පිටු ගණන් පැය ගණන් වැය කරමින් කරන මහා ප්‍රචාරක කෙළියක් බවට පත් කෙරිණි.

2015 දී මෛත්‍රිපාල සිරිසේන රූකඩ ජනාධිපතිවරයා පත් කර ඔහු පසුපස සිට රටේ පාලනය කොල්ල කෑ "වික්‍රමසිංහ ජුන්ටාවේ" ප්‍රධාන හවුල්කාරයෙක් වූයේ මේ පක්‍ෂයේ නායකයා ය. ප්‍රජාතන්ත්‍රවාදය යන නාමය විහිළුවක් කරමින් ආණ්ඩුවත් විපක්‍ෂයත් යන දෙකම එකම කණ්ඩායමක් විසින් ග්‍රහණයට ගත්තේ මේ ජුන්ටාව රට කරවන සමයේ ය. රටේ ආරක්ෂාව ගැන බලා ගැනීමේ වගකීම දරන ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ අකර්මණ්‍ය කර ඒවා දේශපාලන දඩයම් සඳහා යොදා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප පාස්කු දින බෝම්බ ප්‍රහාර වලට ගොදුරු වී මු. ඒ ලේ මේ හාදයන් ගේ අත් වල ද ගෑවී නැතැයි කිව නොහැක.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂය කොහොමත් ක්‍රියා කරන ලද්දේ ඥාණක්කාගේ ආශිර්වාදය මත බව කිසිවෙකුට රහසක් නොවීය. කොල්ලුපිටියේ පිහිටි එතුමියගේ දේවාලයෙන් 2015 ට පෙර සහ 2015 ට පසු පිට වුණු දේව වාක්‍ය විමසිල්ලෙන් බැලුවහොත් මේ බව පසක් වනු ඇත. ජනරජයේ පාර්ලිමේන්තුව එකී දේවාලයේ පිං කැටයෙන් නඩත්තු වන මට්ටමට වැටී, තීන්දු දෙන අධිකරණය දේව උදහසට ලක් වේදෝ නොවේදෝ යන දෙගිඩියාවට පත් වන තත්වයකි තිබුණේ. කොල්ලුපිටියේ ඥාණක්කා ක්‍රියාත්මක වූයේ ලංකාවේ ආණ්ඩුකාරයා මෙනි. මේ බව 2018 පාර්ලිමේන්තු නාඩගමෙන් පසක් විය. ලංකාව පූර්ණ යටත් විජිතයක් බවත් යටත් විජිත හේරත් සහ ඔහුගේ පක්‍ෂය මේ පාවා දීමේ නරඹන්නන් නොව ඊට සක්‍රියව දායක වූ තුප්පහි නිලමේලා බවත් සැකයකින් තොරව ඔප්පු විය.

2019 දී සිදු වූයේ සිංහලයා තමන් වෙනුවෙන් එකට එකතු වී පසුබැසීම වෙනුවට සටන් කිරීමට තීරණය කිරීමයි. 1815 දී තමන්ට වැරදුණු බව දැනගත් සිංහලයෝ 1818 දී පාවා දීමට එරෙහිව අරගලයක් කළෝ යම් සේ ද 2015 දී තමන් රැවටුණ බව සක් සුදක් සේ වැටහුණ සිංහලයෝ තමන්ට පෙනෙන නායකයා වටා එක් රැස් වූහ. නමුත් 1818 සහ 2019 යන අවස්තා දෙකෙහිදීම පර-සතුරෝ ඉතා ගැඹුරට රාජ්‍ය දේහය තුලට කිඳා බැස සිටියහ. ඔවුන්ගෙන් යැපෙන තුප්පහි නිලමෙලා සෑම තැනකම මුල් බැසගෙන සිටියහ. 1818 දී කැප්පෙටිපොළ නිළමේට තමන්ගේ හිස අහිමි වී ගියත් 2019 දී ගෝඨාභය ට හිස ඉතිරි වූයේ තමන් බලයට පත් කළ සිංහලයා වෙනුවෙන් ක්‍රියා කිරීම පැත්තකට දමා සතුරන්ට නොබෝ දිනකින් යටත් වීම නිසා බව අපගේ අවංක අදහසයි.

මහජන ඡන්දයෙන් කිසි දා ජනාධිපති විය නොහැකි රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය. ඊළඟ ජනාධිපතිවරණය ඔහුට ජය ගත නොහැකි නම් ඒ වෙනුවට ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සුදුසු කෙනෙක් තෝරා ගෙන ඉදිරියට ගෙන ආ යුතුය. තවමත් ප්‍රසිද්ධියට පත් කර නැති ජනාධිපතිවරණ වියදම් ලේඛණ වල කවරක් සඳහන් වුවත් නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ සිට පසුගිය දා නිමාව දුටු ජනාධිපතිවරණය දක්වා ප්‍රචාරය උදෙසා වැඩිම වියදමක් දරණ ලද්දේ කවුරුන් විසින් ද යන්න රටට රහසක් නොවෙයි. කිසිම වැදගත් කමක් කතා කිරීමේ හැකියාවක් නැති කටට එන එන බොරු කියන පසු අවස්ථා වල තමන් එසේ කීවේ නැතැයි කිසිම ලැජ්ජාවක් නැතිව ප්‍රකාශ කරන පුද්ගලයෙක් ආකර්ශනීය සන්නාමයක් බවට පත් කිරීම සහ 3% සිට 42% මට්ටමක් දක්වා ඔසවා තැබීම සුළුපටු කර්තව්‍යයක් නම් නොවේ. නමුත් වසර තුනක් පුරා අඛණ්ඩව ජනමාධ්‍ය මගින් කරගෙන ගිය මොළ සේදීමේ මෙහෙයුමේ සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ ගොබෙල්ස් මළත් න්‍යායය අදත් ජීවමාන බවයි. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් උගන්ඩාවේ ඉතියෝපියාවේ බලුකිස්තානයේ සහ මොල්ටාවේ සඟවා තැබූ අරමුදල් කොපමණ වියදම් වූයේ දැයි අපට නුදුරු අනාගතයේ දැන ගැනීමට හැකි වනු ඇත.

ඡන්දය දා, "රට අනුරට" යැයි දිවයින පුරා පෝස්ටර අලවා තිබිණි. රට අනුරට ම වී දැන් සුමාන තුනකි. මේ සුමාන තුනට සිදු වූ එකම වෙනසනම් ඇමති වරයා විසින් බිත්තර  වලින් ගසා කෑ කොමිස් මුදල එක වරම නැති වීම නිසා බිත්තර මිල ක්‍ෂණිකව පහල යාමත් පසුව  සහෝදර වරුන් ඉදිරිපත්මි වී එම කොමිස්ස් මුදල පක්‍ෂ අරමුදලට බැර කර වෙළෙඳ පොළේ බිත්තර මිල ස්ථාවර කිරීමත් පමණි. මේ බව අප දැන ගත්තේ ඒ පක්‍ෂයේ ප්‍රචාරක අංශයෙනි.

මෙතෙක් සිදු වූ පෙළ ගැසීම් විමසා බැලූ විට පෙනී යන්නේ ඡන්දයකින් ජය ගත නොහැකි රනිල් වෙනුවට පොඩි රනිල් කෙනෙක් ආදේශ වී ක්‍රියාවලිය වෙනසකින් තොරව ඉදිරියට ගලා යාන බවයි. ලොකු රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම එයට බාධකයක් විය හැකි සජිත් නමැති විචල්‍යයේ බලපෑම ශූන්‍ය කිරීම පිණිස බව පෙනෙයි. දැන් සියළු දෙනා සතුටිනි - හැමෝටම වඩා සතුටින් සිටින්නී කොල්ලුපිටිය මහ දේවාලයේ ඥාණක්කාය.

අපි පොඩි රනිල් හෙවත් අනුරනිල් ඉදිරියට ක්‍රියා කරනු ඇති ආකාරය බලා සිටිමු.

9 comments:

  1. කොල්ලුපිටිය මහ දේවාලයේ ඥාණක්කාය?

    ReplyDelete
  2. Well said. Agree with you 100% and this is comprehensive analysis. Great job. hats off to you for your courage to post this with such bravery.

    ReplyDelete
  3. ද්වේශ සහගතව ලියපු ලිපියක් කියල පැහැදිලියි...

    ReplyDelete
  4. සම්පුර්ණයෙන්ම ඇත්ත ලියලා තියෙන දේවල් වලට බොහෝ දුරට එකඟයි.

    ReplyDelete
    Replies
    1. අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක වියදම් තවම ප්‍රසිද්ධ වූයේ නැත.

      ඒවා ප්‍රසිද්ධ කළත් කල් ගිය පළාත් පාලන මැතිවරණයේ සිට කළ වියදම් ඒ ලේඛණ වල ඇතුළත් නොකෙරෙනවා පමණක් නොව ආදායම් මූලාශ්‍ර ද ප්‍රසිද්ධ කෙරෙන්නේ නැතුවාට මෙන්න කැට.

      Delete
  5. දෙතිස්,

    අර ඒ කාලේ ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවේ අය විසින් දැඩි ලෙස සමාජ ගත කළ ඩොලර් බිලියන ගණනක උගන්ඩා කතාවට දැන් ලංකාවේ වගේම පිටරට ඉන්න ලාංකික අයත් ගොඩක් දෙනා හොඳටම හිනා වෙනවා. අර ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවේ කලුතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මේ ගැන විදිකාවේ කෑගසා කියපු බොරු කතාව චාටර් වෙච්චි නිසා සමාව ඉල්ලන වීඩියෝ එකකුත් දැක්කා

    නමුත් මට මතකයි 2022 මට මෙල්බන් නගරයේ පන්සලකදී මුණ ගැසුණු අයෙක් කිව්වෙ මහින්ද ප්ලේන් තුනක උගන්ඩාවට සල්ලි අරන් ගියා කියලා. ඔහු රුපියල් බිලියන ලොකු ගණනක අගයකුත් කිව්වා.

    මමත් එය විශ්වාස කරපු බව අඟවලා ඇහුවෙ අරන් ගියේ 'රුපියල්' නෝට්ටුද 'ඩොලර්' නෝට්ටුද කියලා. මොකද ඔහු කීවේ 'රුපියල්' බිලියන ගණනක මුදලක් නිසා. ඔහු එකපාරටම 'රුපියල්' කියලා පස්සෙ ආයෙ හිමින් සැරේ ෂේප් එකේ 'ඩොලර්' කියලා කිව්වා. උගන්ඩාවට රුපියල් ගෙනිහින් වැඩක් නෑ කියල ඔහුටම කල්පනා වෙන්න ඇති.

    ඒ වෙලාවෙ මම ඒක බොරුවක් කියලා තර්ක කරන්න ගියා නම් සමහර විට ඔහු මට පන්සල ඇතුළෙදිම ගහනවා. ඔහු තමන් කියපු කතාව තරයේ විශ්වාස කරපු බව පෙනුනා. ඔහු ඕස්ට්‍රේලියාවෙ පරිගණක වෘත්තිකයකු ලෙස සේවය කරන අයෙක්. ඕන්න ඕකයි තත්ත්වය 😪

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !