Saturday, July 31, 2021

1,000,000 DOLLARS යනු රුපියල් වලින් කීයක්ද?

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුන ... ?


මේ කෙටි පණිවිඩය මාගේ පෞද්ගලික දුරකථන අංකයට ලැබුණේ අද සන්ධ්‍යා යාමයේ.

යවන්නාගේ අංකය +94 070 451 6188.

UR PHONE NUMBER IS SELECTED AS WINNER OF 1,000,000 DOLLARS IN THE B.M.W. PROMO. TO GET YOUR PRIZE EMAIL YOUR NAME,ADDRESS,PHONE, TO EMAIL: bestmatch21@hotmail.com


ඉතිරිය මෙය කියවන ඔබ සැමගේ විමසිල්ලට ඉතිරි කරන්නටයි වඩා සතුටු.

එසේ වුවත් වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් තව ටිකක් ලියමි ෴


Phishing: Phishing is a cybercrime in which a target or targets are contacted by email, telephone or text message by someone posing as a legitimate institution to lure individuals into providing sensitive data such as personally identifiable information, banking and credit card details, and passwords. globally.

The information is then used to access important accounts and can result in identity theft and financial loss.


Source: https://www.phishing.org

අපගේ සමීපතමයන්ට සහ ඔවුන්ගේත් සමීපතමයන්ට මෙවැනි පණිවිඩ ලැබුණු අවස්ථා ගැන දන්නා මුත් අපට කෙළින්ම මෙවැන්නක් ලැබුණේ අද ය. ඔබට එවැන්නක් ලැබුණොත් කළ යුතු පළමුවැන්න සිත පාලනය කර ගැනීමයි. අප සියලු දෙනාම රාග මෝහ සහිත සත්ත්වයෝ ය. ඉඳින් මෙය අපට එවූ තැනැත්තා කෙලෙස් නැසූ රහතෙක් හෝ වෙස්සන්තරාදී බෝසතෙක් වීමේ ඉඩකඩ අඩුය.

විය හැකි හොඳම දේ ඔබට කිසිවක් වියදම් නොවීමයි. නමුත් ඊට වඩා නරක දේ නම් අර මස් කට්ටක් කටින් ගෙන ඒදණ්ඩෙන් එතෙර වීමට ගිය බලුහාමිට සිදු වූ දේ ඔබට සිදු වීමයි. මෙසේ මෙවැනි මුදලක් නිකංම ලැබීමට ඔබ පිං කර නැත.

සිත පාලනය කර ගැනීම අපහසුනම් සුදුසු තැනකට පැමිණිලි කිරීම කළ යුතු දෙවැන්නයි. ඔබට මෙවැනි මුදලක් නිත්‍යානුකූල මාර්ගයකින් හිමි වී තිබේනම් පැමිණිලි කළ පමණින් එය අහිමි වන්නේ නැත. මේ සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කළ හැක. පැමිණිළි කළ පසු සිදු වන්නේ කුමක්දැයි දැනට කිව නොහැක.

පැමිණිලි රපොර්තු කිරීමට: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය : පැමිණිළි පිටුව



8 comments:

  1. Meka eththakindha mage nomberyak select vela thiya Ava kiyala msg ekak evilla thibuna

    ReplyDelete
  2. Matath message ekak awa mokedhe keranne

    ReplyDelete
  3. මේ ලිපියෙන් කියවන්නාට දෙන පණිවිඩය වන්නේ එවැනි කෙටි පණිවුඩ ලැබුණු විටක කළ යුතු දේ ගැන අදහසකි.
    කළ යුත්ත යථාර්තයට මුහුණ දීමයි. නොකළ යුත්ත ගොනා සේ ප්‍රතිචාර දැක්වීමයි. යථාර්තය නම් මේ අයුරින් ධන සම්භාරයක් හිමි කර ගැනීමට ඔබ පිං කර නැති බවයි.

    මේ වන විටත් ප්‍රතිචාර දක්වා ඇතිනම් දැන් ඒ ගැන අඬා දොඩා පලක් නැත. මෙතැනින් එහාට කළ යුත්ත නම් ගිය දේ අමතක කර ඉදිරිය ගැන සිතීමයි. නොකළ යුත්ත ගොන් රජා සේ ඒ පසුපස්සේ හඹා යාමයි.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !