Thursday, November 9, 2023

2023 ICC ලෝක කුසලානය - ii

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික අදියරේ වට අටක් අද අවසාන විය. අද වන විට කණ්ඩායම් ශ්‍රේණිගත වී සිටින්නේ පහත අයුරිණි.
තරඟ වට 8 ක් අවසන කණ්ඩායම් පෙළ ගැස්ම
තව එක වටයක් පමණක් ඉතිරි වී තිබෙන මේ මොහොතේදී නිරීක්ෂණය කළ හැකි නිරීක්ෂණය වන්නේ කණ්ඩායම් තුනක් ස්ථිර වශයෙන්ම මීළඟ වටයට තේරී තිබෙන අයුරත්, තවත් කණ්ඩායම් සතරක් මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අහිමි කරගෙන සිටින බවත් ය. අවාසනාවට අප ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ පසුව කී කණ්ඩායම් සතර අතරටය.

නවසීලන්තය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් තුනෙන් එකක්  පමණක් ඉදිරි දින කීපය තුල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

මීට ප්‍රථම ලිපියේ ඉදිරිපත් කළ කරුණු කිහිපයක් නැවත මතක් කිරීමට මෙය කාලය යැයි සිතමි.
මෙවර ලෝක කුසලාන තරඟාවලිය එතෙක් මෙතෙක් අවසන් වූ සියළුම තරඟාවලි වලට වඩා පිතිකරුවන් දස්කම් විස්කම් දක්වන තරඟාවලිය වනු ඇත. වේගවත්ම අර්ධ ශතකය, වේගවත්ම ශතකය, ඉණිමක ඉහලම ලකුණු සංඛ්‍යාව වැනි වාර්තා පමණක් නොව වැඩිම කණ්ඩායම් ලකුණු, වැඩිම තරඟ ලකුණු එකතුව, එක පන්දු යවන්නෙකු විසින් එක ඉනිමකදී ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව වැනි වාර්ථා තර්ජනයට ලක් වී ඇති බව පෙනේ.
ඉහත පරිච්චේදය පිළිබඳ අටුවා ටීකා අනවශ්‍යය.
අපට වඩා දුර්වල කණ්ඩායම් වශයෙන් අප සිතා සිටින ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් ඉන්දියාවේ පැවැත්වෙන මේ තරඟ වලදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ අවස්ථාව වැඩිය.

මේ කතාන්තරය සත්‍ය වීම අපේ ප්‍රාර්ථනාව නොවුණත් එසේ සිදු වීම අවාසනාවයි. ලංකාවට ඉතාම හොඳ අවස්ථාවක් තිබුණේ අප මුලින් කී පරිදි පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව සමග තරඟ වලදී පමණි.

ඉහත කී තරඟ සියල්ල පරාජය වූ අපට අබ්බගාත එංගලන්ත පිළ හමු වීම පූරුවේ වාසනාවකි.

දැන් සිටින තත්ත්ව අනුව සළකා බලන කළ අපට පෙනෙන්නේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවයි. ඒ සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම ඔස්ට්‍රේලියාව නොවී එංගලන්තය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

මේ අවසන් කතාවෙන් කී පරිදි ඉන්දීය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අවසන් පූර්ව තරඟ වලට සුදුසුකම් සපුරා සිටී. එංගලත්නය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙක අතරින් අප එංගලන්තයට වැඩි බරක් තැබුවත් ඒ වෙනුවට ඔස්ට්‍රේලියාව ඉදිරියට පැමිණියේය. අප බලාපොරොත්තු වූ අයුරින් නවසීලන්තය තේරෙනු ඇත්ද නැතිනම් පාකිස්ථානය හෝ ඇෆ්ගනිස්ථානය එතැනට එද්දැයි තවම දැන ගැනීමට තවම කල් වැඩිය.

දළ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්ථානයට එතරම් අවස්ථාවක් නැතත් අද තරඟයේ ලංකාව ක්‍රීඩා කරන ආකාරය අනුව පාකිස්ථානය කණ්ඩායමට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තමන්ගේ තරඟයේ සැළැස්ම සකස් කර ගත හැකි බව පෙනේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමත්, කුසල් ජනිත් ආරම්භක ස්ථානයේ ක්‍රීඩා කිරීමත්, කුසල් පෙරේරා කඩුළු රැකීම වෙන කිසිවෙකුට බාර දීමත්, පන්දු යවන විට දඟ පන්දු යවන්නන් මුල් පන්දු වාර 10 තුලම කැඳවීමත් යෝග්‍ය බව අපගේ විශ්වාසයයි. සවස් භාගයේ පන්දු යවන විට පින්න අභියෝගයක් වන මුත් පළමුව පහර දී ලකුණු 350 - 400 හැකිනම් ඊටත් වඩා ලබා ගැනීම ජයග්‍රහණයේ මාවතයි. නවසීලන්තය මුලින් පහර දුන්නොත් එංගලන්තය මෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී නොයනු ඇති අතර ලංකාව පසුව පන්දුවට පහර දුනහොත් පීඩනයක් යටතේ විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යා හැකි ෆකර් සමන් හෝ මැක්ස්වෙල් හෝ සමාන පිතිකරුවන් ද අපට නැත.

අනෙක් අතින්, ලංකාව අද නවසීලන්තයට පරාජය වුවහොත්, එසේම ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ඉන්දියාව හෝ බංගලාදේශය ඉදිරියේ ඔස්ට්‍රේලියාව හෝ පරාජය වුවහොත් ලංකාවට මීළඟ චැම්පියන් කුසලාන සහභාගිත්වය ද අහිමි වීමේ ඉඩකඩ පවතී.

අපේ ප්‍රාර්ථනාව එයම නොවුණත් කරුණු පෙළ ගැසෙන අන්දමට වැඩි ඉඩක් පවතින්නේ වර්ෂාවෙන් බාදාවක් නොවී තරඟය පැවතුණොත් ලංකාව මේ තරඟය පරාජය වීමටත්, පාකිස්ථානය එංගලන්තය ඉදිරියේ පරාජය වී එනයින් අවසන් පූර්ව වරම් අහිමි කර ගැනීමටත් ය.

එසේ නොවී, අද තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමටත්, මුලින් පන්දුවට පහර දී ශතක දෙකක් සහ එක ද්විත්ව ශතකයක් සමග ලකුණු 500  සීමාව ඉක්මවා යාමටත්, එසේම නවසීලන්ත පිළ ලකුණු 150 ට අඩුවෙන් දවා ගැනීමටත් අපගේ කණ්ඩායමට ශක්තිය සහ අයියනායක දෙයියන්ගේ ආශිර්වාදය ලැබේවා යි අපගේ ප්‍රාර්ථනයයි.

1 comment:

  1. මා ඔබේ ලිපිය දකින අද දිනය වන විට ක්‍රිකට් සම්බන්ධව විය යුතු සියල්ල සිදු වී, ක්‍රිකට් යනු අතීතයක් පම්ණක් වී ඇත.
    ඉතින් තවත් ක්‍රිකට් මොකටද? දෙතිස් කතා පසෙක තබා අපි දෙලොවට වැඩක් ඇති දෙයක් කතා කරමුද?

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !