Friday, November 8, 2024

ට්‍රම්ප් සමග නැගිටිමු

මා ඇමරිකානුවෙකු නොවේ. එපමණක් නොව ලෝක දේශපාලන සන්දර්භයේදී ඇමරිකා ක්‍රියා කලාපය ගැන පැහැදීමක් ද නැත.

එහෙත් ලංකාවේ බයියෙකු වන මට ඇමරිකාවේ බයියන්ගේ නායකයා වන ට්‍රම්ප්පච්චි ගේ මේ ජයගෙන එන්නේ ආශ්වාදයකි, ඔහුගේ ජය මග  අවුරන්නට ස්ථාපනය (the establishment) නොකළ දෙයක් නැත.

ලංකාවෙන් ගිය මා දන්නා හිටපු සිංහලයින් (දැන් ඇමරිකානුවන්) හැම දෙනාම පාහේ සහය දැක්වූයේ මොළේ මැරුණු, ඒ නිසා ගෙදර යතුරවත් බාර දෙන්නේ නැති, ලංකාවේ ටිල්වින් සිල්වා වැනි, බෛඩාන ජ්‍යෙෂ්ට පුරවැසි අපේක්‍ෂකයාටය. ඔහු තරඟයෙන් ඉවත් වූ පසු ඒ අය වඩා  උද්‍ය්යෝගයෙන් සහය දැක්වූයේ ඊටත් වඩා සිහියක් නැති, ලංකාවේ හරිනි අමරසිංහ වැනි, මළ හෝන්තුවක් වන කළු ජාතිකයෙක් ලෙස ළඟ දී self identify කර ගත් කමලා දේවි මහත්මියට ය.

පරාජිත අපගේ මිත්‍රයන්ට සාතිශය සංවේගය !

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උප ජනාධිපති වෙන්ස් මහතා යටතේ ඇමරිකාව නැවත ආත්මාභිමානයක් ඇති රටක් වනවාට සැකයක් නැත. විලියම් ක්ලින්ටන් - බැරක් හුසේන් සහ ජොනතන් බෛදාන ආදීන් යටතේ පිළිකාවක් සේ ඇමරිකා දේශයේ ආත්මය තුලට කිඳා බැස ඇති සංස්ථාපන බූවල්ලාගේ අඬු සහ ඒවා පෝෂණය කරන මානව විරෝධී ස්වභාව විරෝධී විෂ මතවාද මුලිනුපුටා දැමීමට ඉදිරි වසර දෙක පුරා එක්සත් ජනපද වල කොංග්‍රසයේ මණ්ඩල දෙකේම බහුතර බලය ඇති ජනරජ පක්‍ෂයටත් ට්‍රම්ප්පච්චිටත් ශක්තිය ධෛර්‍යය ලැබේවා !!

3 comments:

  1. ඔව්වා බොරු නෝනා

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් දෙතිස්,ඔව්. ඕය රිපබ්ලිකන් එකේ වෙනසට ට්‍රම්ප් මරු. නමක් දැම්ම. We are the party of common sense කියලා. ඔය අන්ත අපතවාදී වොක් සීන් එක නිසා වෙන්න ඕන, ඒ වගේම පසුගිය ඇමෙරිකන් ඩිමොක්‍රටික රජය විසින් බලහත්කාරයෙන් ලංකාව තුල පිහිටවනු ලැබූ ශ්‍රී ලංකාවේ මාලි*මා ආණ්ඩුවට කුමක් වේදැයි බලා සිටිමු. ට්‍රම්ප් ගේ පාලනය යටතේ මාලි*මාවට බලහත්කාරයෙන් රට පාලනය කිරීමට සහයෝගය ලැබේයයි සිතිය නොහැකි​යි.

    කෙසේ වුණත් මගේ නම් අවංක ප්‍රාර්ථනය මෙවර මාලි*මාවට 113 නම් අනිවා ලැබෙන්න කියලා..නැත්තං තව අවුරුදු පහක් ඥං පචං ස⁣ද්දෙ අහගෙන ඉන්න කන්දොස්කිරියාවෙන් ගැලවෙන්ඩ බැරි වෙනවා..හැබැයි ලංකාවේ බක පණ්ඩිත මීගව හැත්ත පාර්ලිමේන්තුවට මාලි*මාවේ උන් 130-140 ක් දුන්නොත් නම් වග විනාසයක්..වැලි දාලාම ඇරගන්න පුලුවන් ගොඩක් අංශ වලින්..එක අතකට ඒම වෙන එකත් හොඳයි..කියු`බන් මොඩල් එකේ ආතල් එක අරගෙනම ඉවරයක් වෙන්ඩ පුලුවන් ලංකාවෙ බහුතර අමු ගොන් ගොබ්බ හැතිකරේට..

    ඒ වගේම 113 නැති උනොත් අනුරට සුම"න්ති°රන්ලගෙ පිහිට තමා..එහෙම උනොත් දෙ|ම'ළ බෙ"දු,ම්වාදීන්ගෙ කල්ල මරේ... මං නං දැන් ඔය ඒ,කීය භා*වය,ෆෙ"ඩරල්,13 ප්ල'ස්, ඉ•ඩම් බලʼතල,පො|ලි॰ස් බල॰තල වගේ දේවල් ගැන කිසිම තැකීමක් නෑ.. ලංකාවේ ඉන්න බහුතරයක් උන්ට ඕවා ගැන මෙලෝ වගේ වගක් නැත්තං රටින් පිට ඉන්න අපි අහවල් එකකට ඕවා ගැන හිතල වද වෙනවද? ඕවා ගැන කතා කරලා
    "තොට රණऽවිරු॥ගාය සනීපද?" වගේ වචන අහගන්නෙ මොකටද? උඹලට හොඳ නම් අපිට මොකෝ..🙂 ඕක තමයි මගේ අදහස

    ඔය ලංකාවේ මාʼලි`මාවේ දූෂණ විරෝධී බොරු ආතල්, හොරු අල්ලන ගොන් ආතල් ටික බලාගෙන, බිහිවෙන්නට නියමිත මාලි॰මා` පාර්ලිමේ`න්තු මොන්ටිසෝරියෙ හුරතල් වැඩ ටිකත් බලාගෙන ඊලඟ අවුරුදු පහ කාලා බීලා පොඩි හාන්සියක් දාගෙන ආතල් එකේ ඉන්න තමයි ලෑස්ති වෙන්නෙ..

    මම බැල්කනියෙ හැමෝක් එකකුත් ගැට ගහගත්තා..😁

    ReplyDelete
  3. මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ මතය මොකක්ද?
    රටම ජවිපෙට වෙලා නෑනේ.
    නුවර එලිය නම් ඇල්ලුවා.
    යාපනේ උඩ කෑල්ල අරන් තියෙනවා. අනිත් හරිය වාර්ගික පක්ෂ වලටම ගිහින්.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !