Saturday, June 12, 2021

හුළඟේ යන ගැසට්

සිරිමාවෝ ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ හාල් පොලු මිරිස් පොලු වලටය. ජේ ආර් ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ කළු ජූලිය සම්බන්ධයෙනි. ප්‍රේමදාස භීෂණයට ප්‍රසිද්ධ අතර චන්ද්‍රිකා දූෂණයට ප්‍රසිද්ධ වූවාය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමග බැඳී තිබෙන්නේ ඩුබායි මැරියට් හෝටලය රත්තරං අස්සයන් සහ ලම්බෝගිනිය. ඒ අතර සිරිසේන ආණ්ඩුව ප්‍රසිද්ධ වූයේ රනිල් සම්බන්ධයෙනි - ඒ ආණ්ඩුව කරගෙන ගියේ රනිල් විසින් වන අතර සිරිසේන කළේ හාමිනේගේ කෙහෙල් කොළයේ බත්පත කා ඔතා දුන් පත්තරයක් බලාගෙන සිටීම පමණි. ඒ ආණ්ඩුවේ පිය සටහන් අතර මහ බැංකු කොල්ලය සහ පාස්කු ප්‍රහාරය තිබේ. එය පරාජය කර පැමිණි මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව ප්‍රසිද්ධ කුමකටදැයි ඇසුවොත් දැනට දිය හැකි පිළිතුර ගැසට් වලට යන්නයි.

ගැසට් ගැසීම, ඒවා ආපසු හරවමින් නැවත ගැසට් ගැසීම සහ නැවත අකුරක් දෙකක් වෙනස් කරමින් නැවත නැවතත් ගැසට් ගැසීම ගැන අමතක කළහොත් ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව (පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය) ගැසට් එකක් ගසා තිබේ. මෙහි අඩංගු කරුණු ගැසට් එක නොගැසුවත් වලංගු විය යුතු කරුණු බව අපේ අදහස වුවත් ගෑස් සමාගම් වල ඉහළ පුටු රත් කරන මොළ වලට මතක් කර දීම පිණිස ගැසට් එකක් ගැසීමත් වැදගත්ය.



මේ ගැසට් පත්‍රයේ ගෑස් සමාගම් විසින් කරමින් සිටින මංකොල්ලය ගැන වචනයක්වත් අඩංගු නැත, ගැසට් පත්‍රයේ එසේ අඩංගු විය යුතුද නැත. ප්‍රශ්නය වන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර මෙතෙක් කාලයක් අළෙවි කරමින් සිටි අළෙවි කරුවන් වෙත ඒවා හිඟයකින් තොරව නිකුත් කළ යුතු බවට විධානයක් මෙහි අඩංගු නොවීමයි. ගැසට් පත්‍රය තමන්ගේ විධානය නිකුත් කරන්නේ ඒවා මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට ය. මෙය නිශ්චිත විධානයක් නොවේ. මක් නිසාද යත් තිබිය යුතු දේ අවසන් වී තිබිය හැකි නිසාය. වෙළෙන්දා ඊයේ තිබුණා අද ඉවරයි කීවොත් මේ විධානයෙන් වැඩක් නැත.

නිශ්චිත මොහොතක කිසියම් වෙළෙඳ සැලක 12.5 kg ගෑස් නැති වීම ඉඩක් සාමාන්‍ය තත්වය යටතේත් තිබේ. එවැනි අවස්ථා වල අප කරන්නේ වෙනත් තැනකින් මිලදී ගැනීම මිස වෙළෙන්දාට නඩු දැමීම නොවේ. ගැසට් පත්‍රයේ ප්‍රශ්නය ඉහත කී සාමාන්‍යයෙන් විය හැකි තත්වය සමාගම විසින් හිතා මතාම සැළසුම් සහගතව කරන්නට මෙයින් ඉඩ විවර කර තිබීමයි. ඇත්ත වශයෙන් අපේ අත්දැකීම එයයි. අප ප්‍රදේශයේ අප සාමාන්‍යයෙන් මිලදී ගන්නා කිසිම තැනක 12.5 kg ටැංකි පසුගිය මාසය පුරාම නොලැබුණු බවයි වෙළෙන්දන්ගේ උත්තරය.

එසේම මෙකී විධානය උල්ලංඝණය කළහොත් විපාකය කුමක්ද යන්න මෙහි සඳහන් වන්නේ නැත. එහි අර්ථය පාරිභෝගික සේවා අධිකාරිය තමන්ගේ ඇඟ බේරා ගැනීම පිණිස මිස ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සහිතව මේ ගැසට් එක ගසා නැති බවයි.

වෙළෙඳ සැල් හිමියන්ගෙන් අපට ලැබුණ ආරංචි අනුව ලිට්‍රෝ සමාගමට එරෙහිව උක්ත කරුණ අරභයා නඩුවක් පවරා තිබේ. නඩුව පවරා තිබෙන්නේ කවුරුන්ද යන්න නොදනිතත් මෙය කවුරු හෝ පිංවතෙක් විසින් කළ යුතුව තිබුණු කාරියෙකි. ඔහුට හෝ ඒ සංවිධානයට ජය වේවා !



සටහන: හුළං හොරු ගැන කතාව මෙතෙකින් නිමි.

13 comments:

  1. ප්‍රශ්නය: මා ගෝඨාභයට චන්දය දුන්නේ ඇයි?
    පිළිතුර: හුලඟේ යන ගැසට් ගස්සවා ගැනීමටය.

    අනේ පව් ය

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය වෙනුවට සම්මජාතියේ ජනාධිපති වීමට හැකියාවක් නැති හාල් කෑලි වලට ඡන්දය දුන් අයගේ වේදනාව තේරුම් ගත හැක.
      මට ඔයා ගැන දුකයි !

      Delete
    2. චන්දෙ දිනපු නැති උන් ගැන කියල වැඩක් නෑනේ. උන් පරාදයිනේ. (ආයේ කවද දිනයිද දන්නෙත් නෑ. ඒක වෙනම කතාවක්)
      පරාදවෙච්චි උන් පිටින් දාල කතාව ශේප් කරගන්න ඔබ වැනි අයගේ වේදනාව නම් තේරුම් ගත හැක
      ඔරකල් වලින් ඒ අයි වලින් වියත්තු වගේ රට ගොඩදානවා කිව්වම චන්දෙ දීල ඇවිත් දැන් වැඩේ කෙලවුනාම
      අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියා කියා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද නේද?
      උඹ පව් බන්

      Delete
    3. Jagath Pathirana කීවා මෙන් ගෝඨාභයට ඡන්දය දීම ගැන මා තවමත් සතුටින්.

      ඒ ගැන ඔබලා "උඹ පව් බන්" කියමින් ස්වයං වින්දනයක් ගන්නට දරන උත්සාහය පිළිබඳ මා ගේ අනුකම්පාව හිමි වේ. මේ රටේ සෑම කෙනාටම තමන් ඡන්දය දුන්නේ කවර පක්‍ෂයකට වුවත්, ඡන්දය නොදුන්නේ වී වුවත්, අන්‍යයන්ට අවහිරයක් බාධාවක් නොවන තාක් කැමති ආකාරයකින් වින්දනය ලැබීමට හැකියාව තිබිය යුතු බව අපගේ අදහසයි.

      Delete
    4. මට ඔයා ගැන දුකයි !
      අන්න එකත් ස්වයං වින්දනයක්මය.
      ඔබේ එම අයිතියට මම ගරුකරමි

      Delete
    5. ගරු කළ යුත්තාට ගරු කිරීම හොඳ සිරිතක් !

      Delete
  2. මට තියෙන්නේ සුළු ජාතික විඤ්ඤානයක්. මම චන්දේ දෙන්නේ ආර්ථිකය දියුණු කරගන්න නෙමෙයි.
    මම දේශ පාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරනවා. නමුත් ඤන්දේ දෙන්නේ ඒවා ගැන හිතලා නෙමෙයි.

    ඝෝඨාට චන්දේ දීම ගැන මට ජිවිත කාලෙටම සතුටුයි.

    හලේලුයා!!!!

    ReplyDelete
    Replies
    1. ආර්ථිකය ද්වීතියයි.
      මා ඡන්දය දෙන්නේ ද ආර්ථිකය ගැන සිතා නොවේ. ඡන්දය දුන් පසු බලයට පත් ආණ්ඩුවට බලපෑම් කර ආර්ථික ප්‍රතිපත්ති සකසා ගැනීමයි ක්‍රමය. ඉහත ලිපියත් ඒ ප්‍රතිපත්තියේම පියවරක්.

      Delete
    2. අනේ උඹයි මායි ආණ්ඩු වලට කරන බලපෑම

      Delete
    3. තනි පුද්ගලයෙක් වශයෙන් නම් කළ හැකි බලපෑමක් නැත. ඔබට බලපෑමක් කිරීමට අවශ්‍යතාවයක් ඇත්නම් මෙවැනි ලිපි හැකි පමණින් බෙදා ගන්න. මොකුත්ම නොකර හොචෑ ගෑමෙන් පලක් නැත.

      Delete
    4. 'හොචෑ ගෑම' කෙසේ වෙතක් කවුරු කොච්චර බ්ලොග් ලියුවත් මෙතුවක් කල් ආණ්ඩුව කලෙත් කරන්නේත් ඔවුන්ට ඕනෑ දේ පමණය.
      එයාවත් තේරුම් ගන්නේ නැත්තේ අනේ මන්ද මට නම් කියන්නට තියෙන්නේ මටත් ඔයා ගැන දුකයි ! කියන එක පමණය

      Delete
    5. 'හොචෑ ගෑම' කෙසේ වෙතක් කවුරු කොච්චර බ්ලොග් ලියුවත් මෙතුවක් කල් ආණ්ඩුව කලෙත් කරන්නේත් ඔවුන්ට ඕනෑ දේ පමණය.

      මෙන්න මේක ඇත්තය. නමුත් ආණ්ඩුව කියා තනි ඒකකයක් නැත. ඇත්තේ තීරණ වලට බලපෑම් කළ හැකි තනි පුද්ගලයන් රොත්තකි. ඒ ඒ පුද්ගලයාගේ බලපෑම් කිරීමේ හැකියාව සමාන නැත. උදාහරණයක් ලෙස බැසිල් රාජපක්‍ෂ මේ ආණ්ඩුවේ තීරණ වලට කරන බලපෑම වෙන කිසිම ශ්‍රී ලංකික පුරවැසියෙකුට කළ හැකිය කියා මම නොසිතමි.

      නමුත් තමන්ට හැකි පමණින් නීතියේ සීමාව තුල හැකි ක්‍රමවේද වලින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම පුරවැසියෙකු විසින් කළ යුතුය. ඔබලා කරන්නේ ඊටත් අකුල් හෙළීමයි, එනම් අන්‍යාකාරයෙන් ආණ්ඩුවට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ සැළසීමයි. බලාගෙන යන විට බයියන් වහලුන් ආදී වශයෙන් කෙරෙන අපවාද වල නියම උරුමක්කාරයන් ඔබලාය.

      ...

      Delete
    6. ...
      තවත් දෙයක් කිව යුතුය. බ්ලොග් ලිවීමේ පරමාර්ථය ආණ්ඩුවට බලපෑම් කිරීම නොවේ. නමුත් 2010 පමණ සිට ඒ ඒ ආණ්ඩු විසින් ගත් ප්‍රතිපත්ති තීරණ අපගේ සිත් ගත්තේ නැත. ඒ තත්වය 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සිට සීමාව ඉක්මවා ගියේය. දෙතිස් කතාව ආණ්ඩු වල තීන්දු තීරණ ගැන කතා කිරීමට පටන් ගැනීම බොහෝ කරුණු කාරණා වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයකි. නමුත් එය අප සතුටින් කරන දෙයක් හෙවත් වින්දනයක් ලබන දෙයක් නොවේ.

      අප විසින් ආණ්ඩු විවේචනය කිරීම නැවැත්විය හැක්කේ ආණ්ඩුවටම පමණි. ඔබලා මේ අයුරින් ඉදිරිපත් කරන විවේචන වලින් අපගේ අදහස් තව පැහැදිළි කිරීමට අවස්ථාව හිමි වේ. ඒ ගැන ස්තූතියි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !