Sunday, September 22, 2024

"වහලුන්" විසින් වහල් හිමියා තෝරා ගැනීම

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා වරණයේ ප්‍රතිඵල දැන් නිකුත් කෙරෙමින් පවතී.

මෙවර 3% කාටද ?

ඊයේ රාත්‍රියේ සිට මේ වන තෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව නිරීක්‍ෂණය වන්නේ 2019 වන විට 69 ලක්‍ෂයක් යැයි ලංකාවේ උ.බු. ඡන්ද දායකයින් සහ ඔවුන්ගේ නායක සහෝදරවරුන් විසින් ගණනය කර "වහලුන්" ලෙස නාමකරණය කර සිටි පොදුවේ "බයියන්" නමින් හැඳින්වූ අයවළුන් ස්වේච්චාවෙන් තමන්ගේ වහල් හිමියා ලෙස වෙනත් කෙනෙක් තෝරා ගැනීමට තීන්දු කර තිබෙන බවයි.

රූපාන්තරණය වූ ඒ වහලුන්ට දෙතිස් කතාවේ සුභාශිංසන !


ඒ අයුරින්ම 69 ලක්‍ෂයක ජනවරමක් කොල්ලුපිටියේ ඤානක්කාට පාවා දී කුමන්ත්‍රණ ගැන පොතක් ලිවීම පිණිස ජනාධිපති මැදුරේ පස්සා දොරෙන් පැන ගිය හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන අනුප්‍රාප්තිකයා 52% ප්‍රතිශතයෙන් 3% දක්වා පසුබැස ඇති බව දෙවනුව නිරීක්‍ෂණය වේ.

එහි අර්ථය දැන් කුප්‍රකට සීයට තුනේ උ.බු. ඡන්ද දායකයන් සිටින්නේ නාමල් රාජපක්‍ෂ සමග බවද?

4 comments:

  1. @ දෙතිස්

    සම්පූර්ණ ඇත්ත කතාව. ඇයි 76 වසරක තට්ටු මාරු වලව් දේශපාලනය, උනුත් එකයි මුනුත් එකයි, හොරු ඇල්ලීම, හොරකම නැතිකිරීම වගේම 88/89 වගේ සටන්පාඨ ගොඩක් ඒවාට

    සරල බහුතරය නැති ජනාධිපති කෙනෙක් පත් වෙලා ඊලගට අස්තාවර ආංඩුවක් හැදිලා ලෙසටම රටටම කෙල වෙන හැඩක් තියෙන්නේ. මතකනේ ඉස්සර අපි පොඩි කාලෙ අනූ ගණන්වල අග වගේ තිබුණේ, කුඩා දේශපාලන පක්ෂ කීපයක නායකත්වය දැරු එස් තොණ්ඩමන්, අෂ්රොෆ්, හකීම් වගේ තමන්ට ජනතාවගෙන් ලැබුණ ඡන්ද/ආසන මුදල් සහ තනතුරු වෙනුවෙන් ආණ්ඩු හදන පක්ෂ වලට වෙන්දේසි කරන බ්‍රෝකර්ලාගේ අල්ලේ නැටවෙන ගොබ්බ රූකඩ ආණ්ඩුවක් හැදෙයි.

    ReplyDelete
  2. ඇති යාන්තං. මං හිතුවේ උඹලා මැරිලා ඇති කියලා.

    ReplyDelete
  3. ලංකාව වැනි වැඩවසම් සිංහල බෞද්ධ ගෝත්‍රික බහුතරයක් විසින් ගෝත්‍රික සංස්කෘතියක් නඩත්තු කරන රටක වලව්හිමි රදළයන්ගේ බලය බිඳගෙන සමාජයේ පහළම මට්ටමෙන් පටන්ගෙන දිළිඳු පැල්පතක උපන් එකෙකුට, රජ කිරුළක් පළඳින්නට ලෙහෙසියෙන් වරම් ලැබෙන්නේ නැත.

    ඉතිහාසය ගත්තම සර්වබලධාරී දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම්වු දෙව් සමිඳාණන් වහන්සේව, බෙත්ලෙහෙමේ ගවහලක, දිව්‍ය වරමින් ගැබ්ගත් කන්‍යාවියක කුසින් උපද්දවා, ගව ඔරුවක සතප්පවා මිනිස් සංහතියට ඉගැන්වූ පාඩම් බොහෝ ගණනක් අතර, ‌මෙන්න මේ කාරණය, එනම්, පැල්පතක උපන් එකා, මේ ලෝකයේ රජ වෙන්නට පැතීම, මතු නොව, 'මිහිපිට නොවේ ය' කියා සථප කල රාජ්‍යයක රජාය කියා ගැනීම පවා, කස පහර ගස්සා, කටු ඔටුණු පළඳා, එල්ලුම් ගහත් කරේ තියාගෙන ගොස්, කන්දක් මුදුනේ කුරුසියක ඇණ ගැසී, 'පියාණනි, ඔබ මා අත් හැරියේ මන් ද?' කියා අවසාන හුස්ම පොද හෙලන්නට තරම් වරදක් බව, සහසුද්දෙන් පැහැදිලි කරලාම ඔප්පු කර පෙන්නීම, වැදගත්ම එක වන්නේ ය.

    ඒ නිසාම එහෙව් කතාවක සුලමුල හිතද්දී, බෙත්ලෙහෙමේ නත්තල් රෑ උපන්නා වූ ලස්සණ බිළිඳෙක් මල් වගේ කියා අපි ගයන බිළිඳා නැලවූ කන්නි මරියාවන්ගේ හිතේත්, 'රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ...' කියා නිකමට හෝ ගැයෙන්නට නැද්දැයි අපේ සිත්වලට දැනෙන්නට ඕනෑ යි අද මම සිතමි. ‌

    ඒ නිසාම ඒ ගවලෙනේ උපන් පුතාගේ ධර්මය රෝමයේ සිංහාසනාරූඨ වෙන්නේ, තවත් කල්ප ගණනක් ලේ හලා සාන්තුවර ප්‍රාණ පරිත්‍යාගශීලීන් ගණනාවකගේ ජීවිත පූජා කිරීම් වලිනුත් පසුවය.

    නමුත් එයත් සාමයේ පණිවිඩය රජ මැදුරකට යාමක් ද නැත්නම්, රජ පරපුර, ටියුන් එක මාරු කර, ජනතාවගේ කන් වලට වංචාවේ අම බිඳු වැක්කිරීමක් ද කියාත් සැක සිතෙයි. මන්දයත්, තවමත් අපේ අම්මලා, මාලිනීගේ ගීතයේ තාලයටම දරුවන් නලවන නිසාවෙනි.

    එදා බලසම්පන්න රෝම අධිරාජ්‍යයේ අණසකට යටවූ දෙවියන් වහන්සේගේ තෝරාගත් දරුවන් වූ ඊශ්‍රායෙල් ජනතාව, නත්තල් දිනවල බෙත්ලෙහෙමට දේව සඥාව වූ වල්ගා තරුව පායන කාලයේ සිටියේත් දියසෙන් කුමාරයා උපදින කල් ය. අපේ රටේ අපි වෝටබරිස් කුමර කුමරියන් කිහිප දෙනෙක් හඹා ගොස්, බිංදුවටම වතුර හිඳී කාන්තාර වූ රටක සිට, කාන්තාරයක කඹුරන ගෑණු පිරිමි ඩොලර් එවන තුරු බලා ඉන්නා අවදියකට සේන්දු වී සිටියෙමු. දියසෙන් කුමාරයා වෙනුවට, අනුන්ගේ බබෙක් අරන් වැල් පාලමේ යනවායි පාරම් බාන ගෲෂාට ඇඳගෙන කරළියට ගොඩවී කෝනංගි නැටුම් නටන මහලු සොම්බියකු වූ කපටි නළුවකුගේ දෙබස් ට්‍රාන්ස්ලේට් කරමින් අග මුල හොයාගන්නට අර අඳිමින් සිටියෙමු.

    ඔය අතරේ නත්තල කියන නමකින් අප සමරන මේ ඓතිහාසික උපන්දින සාදයේ හංගා තියන සැබෑ රහස ගැනත් කල්පනා කල යුතුම කාලයක් අපට පැමිණ තියේයැයි මම සිතමි.

    දෙදහස් වසරකට පෙර එදා බෙත්ලෙහෙමේ උපන් ‌දියසේන කුමරුන් උපන්නේ රජ මැදුරක් තබා, හරි හමන් නගරයක්වත් නොවුනු, ගම් මණ්ඩියක, ගව හලකයි. දේව ආශිර්වාදය ලැබුණ බඩ දරු අම්මෙක් එක්ක, රාජ අණ නිසා, නම ගම රෙජිස්ටර් කරන්නට ගිහින්, ඉන්න හිටින්න හරි හමන් තැනක් හොයා ගන්නට බැරුව, තම බිරිඳ කුළුඳුලේ දරුවා ප්‍රසූත කරන්නට ගවහලක ගාල් කල වඩුවෙකුට දාවයි.

    දෙවියන් වහන්සේගේ නිබඳවම ආශීර්වාද ලත් විශාල ලෙස දේව භාෂිතයෙන් පෝෂණය වූව ද, ඊශ්‍රායෙල් ජාතිය, ඒ කුමාරයා අඳුනාගත්තේ නැත. අන්තිමේ, ගැලවීමේ පණිවිඩය, සිංහාසනාරූඨ වූයේ රාජකීයත්වයේත්, පාලනාධිකාරයේත් අවියක් ලෙසයැයි ඉතිහාසය සාක්ෂි දරයි.

    තෝරුගත් ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් වහන්සේගේ වරම් ලැබ අළුතෙන්ම රටක් හදා දෙන්නට තරම් සුන්නද්ධූලි වූ ඊශ්‍රායලය, අදටත් යුද්ධයක ය. ලබන්නාවු නව 2025 වසර, 2006 න් පසු පලස්තීනයේ මාරාන්තිකම වසර වියහැකි යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

    මේ නිසාම ලාංකීය අපේ ආදරණීය ‌සොයුරු සොයුරියනි.... ගැලවුම් කරුවා නිවැරදිව හඳුනා ගැනීම ඉතාම වැදගත් ය...!

    ReplyDelete
  4. ලංකාව වැනි වැඩවසම් සිංහල බෞද්ධ ගෝත්‍රික බහුතරයක් විසින් ගෝත්‍රික සංස්කෘතියක් නඩත්තු කරන රටක වලව්හිමි රදළයන්ගේ බලය බිඳගෙන සමාජයේ පහළම මට්ටමෙන් පටන්ගෙන දිළිඳු පැල්පතක උපන් එකෙකුට, රජ කිරුළක් පළඳින්නට ලෙහෙසියෙන් වරම් ලැබෙන්නේ නැත.

    ඉතිහාසය ගත්තම සර්වබලධාරී දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම්වු දෙව් සමිඳාණන් වහන්සේව, බෙත්ලෙහෙමේ ගවහලක, දිව්‍ය වරමින් ගැබ්ගත් කන්‍යාවියක කුසින් උපද්දවා, ගව ඔරුවක සතප්පවා මිනිස් සංහතියට ඉගැන්වූ පාඩම් බොහෝ ගණනක් අතර, ‌මෙන්න මේ කාරණය, එනම්, පැල්පතක උපන් එකා, මේ ලෝකයේ රජ වෙන්නට පැතීම, මතු නොව, 'මිහිපිට නොවේ ය' කියා සථප කල රාජ්‍යයක රජාය කියා ගැනීම පවා, කස පහර ගස්සා, කටු ඔටුණු පළඳා, එල්ලුම් ගහත් කරේ තියාගෙන ගොස්, කන්දක් මුදුනේ කුරුසියක ඇණ ගැසී, 'පියාණනි, ඔබ මා අත් හැරියේ මන් ද?' කියා අවසාන හුස්ම පොද හෙලන්නට තරම් වරදක් බව, සහසුද්දෙන් පැහැදිලි කරලාම ඔප්පු කර පෙන්නීම, වැදගත්ම එක වන්නේ ය.

    ඒ නිසාම එහෙව් කතාවක සුලමුල හිතද්දී, බෙත්ලෙහෙමේ නත්තල් රෑ උපන්නා වූ ලස්සණ බිළිඳෙක් මල් වගේ කියා අපි ගයන බිළිඳා නැලවූ කන්නි මරියාවන්ගේ හිතේත්, 'රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ...' කියා නිකමට හෝ ගැයෙන්නට නැද්දැයි අපේ සිත්වලට දැනෙන්නට ඕනෑ යි අද මම සිතමි. ‌

    ඒ නිසාම ඒ ගවලෙනේ උපන් පුතාගේ ධර්මය රෝමයේ සිංහාසනාරූඨ වෙන්නේ, තවත් කල්ප ගණනක් ලේ හලා සාන්තුවර ප්‍රාණ පරිත්‍යාගශීලීන් ගණනාවකගේ ජීවිත පූජා කිරීම් වලිනුත් පසුවය.

    නමුත් එයත් සාමයේ පණිවිඩය රජ මැදුරකට යාමක් ද නැත්නම්, රජ පරපුර, ටියුන් එක මාරු කර, ජනතාවගේ කන් වලට වංචාවේ අම බිඳු වැක්කිරීමක් ද කියාත් සැක සිතෙයි. මන්දයත්, තවමත් අපේ අම්මලා, මාලිනීගේ ගීතයේ තාලයටම දරුවන් නලවන නිසාවෙනි.

    එදා බලසම්පන්න රෝම අධිරාජ්‍යයේ අණසකට යටවූ දෙවියන් වහන්සේගේ තෝරාගත් දරුවන් වූ ඊශ්‍රායෙල් ජනතාව, නත්තල් දිනවල බෙත්ලෙහෙමට දේව සඥාව වූ වල්ගා තරුව පායන කාලයේ සිටියේත් දියසෙන් කුමාරයා උපදින කල් ය. අපේ රටේ අපි වෝටබරිස් කුමර කුමරියන් කිහිප දෙනෙක් හඹා ගොස්, බිංදුවටම වතුර හිඳී කාන්තාර වූ රටක සිට, කාන්තාරයක කඹුරන ගෑණු පිරිමි ඩොලර් එවන තුරු බලා ඉන්නා අවදියකට සේන්දු වී සිටියෙමු. දියසෙන් කුමාරයා වෙනුවට, අනුන්ගේ බබෙක් අරන් වැල් පාලමේ යනවායි පාරම් බාන ගෲෂාට ඇඳගෙන කරළියට ගොඩවී කෝනංගි නැටුම් නටන මහලු සොම්බියකු වූ කපටි නළුවකුගේ දෙබස් ට්‍රාන්ස්ලේට් කරමින් අග මුල හොයාගන්නට අර අඳිමින් සිටියෙමු.

    ඔය අතරේ නත්තල කියන නමකින් අප සමරන මේ ඓතිහාසික උපන්දින සාදයේ හංගා තියන සැබෑ රහස ගැනත් කල්පනා කල යුතුම කාලයක් අපට පැමිණ තියේයැයි මම සිතමි.

    දෙදහස් වසරකට පෙර එදා බෙත්ලෙහෙමේ උපන් ‌දියසේන කුමරුන් උපන්නේ රජ මැදුරක් තබා, හරි හමන් නගරයක්වත් නොවුනු, ගම් මණ්ඩියක, ගව හලකයි. දේව ආශිර්වාදය ලැබුණ බඩ දරු අම්මෙක් එක්ක, රාජ අණ නිසා, නම ගම රෙජිස්ටර් කරන්නට ගිහින්, ඉන්න හිටින්න හරි හමන් තැනක් හොයා ගන්නට බැරුව, තම බිරිඳ කුළුඳුලේ දරුවා ප්‍රසූත කරන්නට ගවහලක ගාල් කල වඩුවෙකුට දාවයි.

    දෙවියන් වහන්සේගේ නිබඳවම ආශීර්වාද ලත් විශාල ලෙස දේව භාෂිතයෙන් පෝෂණය වූව ද, ඊශ්‍රායෙල් ජාතිය, ඒ කුමාරයා අඳුනාගත්තේ නැත. අන්තිමේ, ගැලවීමේ පණිවිඩය, සිංහාසනාරූඨ වූයේ රාජකීයත්වයේත්, පාලනාධිකාරයේත් අවියක් ලෙසයැයි ඉතිහාසය සාක්ෂි දරයි.

    තෝරුගත් ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් වහන්සේගේ වරම් ලැබ අළුතෙන්ම රටක් හදා දෙන්නට තරම් සුන්නද්ධූලි වූ ඊශ්‍රායලය, අදටත් යුද්ධයක ය. ලබන්නාවු නව 2025 වසර, 2006 න් පසු පලස්තීනයේ මාරාන්තිකම වසර වියහැකි යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

    මේ නිසාම ලාංකීය අපේ ආදරණීය ‌සොයුරු සොයුරියනි.... ගැලවුම් කරුවා නිවැරදිව හඳුනා ගැනීම ඉතාම වැදගත් බව අප මේ මොහොතේ කිවයුතුමය...!

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !