මහාචාර්යය, ආචාර්ය, විශේෂඥ වෛද්‍ය, ...
ගෑණියෙක් පිරිමියෙක් කොරාන්ටයි පිරිමියෙක් ගෑණියෙක් කොරාන්ටයි ඉතරයිකියලාය. මීට අවුරුදු හතළිස් පහකට පෙර ඒ බැරි උනත් ඇමරිකාවේ සහ යුරෝපයේ දැන් දැන් එයත් සිදු වේ. සිදු වෙනවා පමණක් නොව ගෑණු බවට පත් වූ පිරිමි ගෑණු ක්‍රීඩා ඉසව් වලින් ජය කෙහෙළි නංවන පුවත් මැවේ. මේ වසරේ ප්‍රංශ ඔලිම්පික් උළෙලේ දී ආන්දෝලනයට ලක් වූ බොක්ෂින් ක්‍රීඩිකාවන් දෙදෙනා අප පාඨකයන්ට මතක ඇතැයි සිතමි.
අපේ රටේ හාල් පොල් සහ ලුණු ප්‍රශ්න මෙන් ඒ රටවල "ගෑණියක් යනු කවුරෙක්ද" who is a woman යන ප්රශ්නය ඔඩු දුවා ඇති ප්රශ්නයකි. ඊට පිළිගත්නි වැරදි පිළිතුර වන්නේ "තමන් ගැහැණියක් යැයි හඳුන්වා ගන්නා තැනැත්තෙක්" who identifies as a woman යන්නයි. වෙන මොන උත්තරයක් දුන්නත් පත් වන්නේ කොරෝනා එන්නත නොගැසූ කෙනෙකුගේ තත්වයටයි. එය එක්තරා ආකාරයක බලවත් කල්ලිවාදයකි.
ජනාධිපති ට්‍රම්ප් යටතේ මේ පිස්සන් බැඳ තබනු ඇති බවට අපට විශ්වාසයක් තිබේ. දැන් ලංකාවට....
ඇමරිකානුවන් තරම් ලංකාවේ අප වාසනාවන්ත නැත. මාලිමා ආණ්ඩුව යන්නෙත් අර පාරේම බවට ඡන්දයට පෙරම සිටීම එළිපිට කියැවිණි. එහෙත් මහින්දෝදය විද්‍යාගාර වලින් facebook, tiktok යන්නට ඉගෙන ගත් පරම්පරාවට වැදගත් වූයේ පාර්ලිමේතුව උගතුගෙන් පිරවීමයි.
අද මාළිමාව යන්නේ ඇමරිකාවේ බෛදාන සහ කමලාදේවිය ගිය පාරේ බව මතක් කර දෙන්නී පනස් පස් හැවිරිදි ආචාර්ය හරිනි මෙනෙවියයි. මේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති තනතුර ඈ අතේ තිබීම අග්‍රාමාත්‍ය තනතුර ඈ අතේ තිබීමට වඩා භයානකය. ඈ යටතේ පාසැල් පෙළ පොත්ව නිකුත් කරන්නේ නම් දෙමාපියන් අවදියෙන් සිටිය යුතුය. වසර පහකින් දහයකින් පාසැල් වලින් පිට වන දරුවන් අමරසූරිය දරුවන් (කන්නංගර දරුවන් මෙන්) වීම භයංකාර නැත්ද.
ආචාර්ය හරිනි හැරුණු කොට මේ අදහස් තදින්ම මතු කරන්නේ ලාල් කාන්තා මහතාය, එහෙත් එහෙන් මෙහෙන් අහුලාගෙන මිස හරිහැටි අධ්‍යයනය කර ප්‍රකාශ නොකරන බැවින් දෝ ඔහුගේ අදහස් ව්‍යාකුලය. නමුත් ඊනියා උපාධි මිස මොළ නැති කවන්ධ 159 සිටින පාර්ලිමේන්තුවක ඕනෑම දෙයක් සිදු විය හැකි බැවින් අප අප රට තිබෙන තත්වය ඉතා භයානක ය.
2015-2019 යහපාලන ආණ්ඩුවේම දිගුවක් වන අනු-රනිල් නොහොත් පොඩි රනිල් ආණ්ඩුව ජයම්පති වික්‍රමරත්න ගේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව නැවතුන තැනින් ආරම්හ කරන බව ප්‍රකාශ කර තිබෙයි. අනෙක් අතින් අපේ රටේ දරු පරපුර අනාගත පොන්නයින් කිරීමේ ව්‍යාපෘතිය කිසි ප්‍රසිද්ධියක් නැතුව ඉදිරියට ඇදෙයි (ඔව්, මේ කොරැහේ කිඹුලන් දැකීමක් තමා).
මේ තත්වය යටතේ කතානායකගේ නැති ආචාර්ය උපාධිය ගැන වෙහෙසීම, අනෙක් ඇමතිලා ගේ සහතික ගැන කාලය මිඩංගු කිරීම වඩා බරක් තැබිය යුතු ප්‍රශ්න නොවේ. පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවන්නට කතා කළ අයට තිබෙන්නේ හොර සහතික නම් හෝ හොර සහතිකවත් නැතිනම් හෝ ඒවා කතා නොකළ යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. මෙයින් අදහස් කරන්නේ වඩා වැඩි වැදගත් කමක් ඇති ප්‍රශ්න කෙරේ අවධානය අඩු නොකර ගත යුතු බවයි.
පිරිමි අවයව කිසිත් නැතිවම "මා පිරිමියෙක්ය" කීමෙන්ම පමණක් ඇමරිකාවේදී කෙනෙකුට පිරිමියෙකු ලෙස පිළිගැනීමක් ලැබේනම්, "මා ගැහැණියකය" කියා කීමෙන් පමණක් පිරිමි අවයව ඇති කෙනෙකුට ගෑණු තරඟ වල ගෑණු පරදා පදක්කම් දිනිය හැකිනම් මොන උපාදියක්වත් නැතිව, සමහර විට රස්සාවකුත් නැතිව, සමහර විට නමට රස්සාවක් තිබෙන මුත් ඒ රස්සාවේ දිග පළල වත් දන්නේ නැති, රස්සාවක් උපන් තේකට කර නැති, සමහර විට පක්ෂ අරමුදලින් යැපෙන රැල්ලට ගහගෙන ආ පොල් ලෙලි සදිසි මාලිමා මන්ත්‍රීවරු තමන්ට ජන්මයෙන්මො එන හීනමානය නිසා හෝ වෙනයම්න හේතුවක් නිසා හෝ මොන ආචාර්ය මහාචාර්ය කම් ගසා ගත්තත් අපිට මොකද !
No comments:
Post a Comment