Saturday, January 26, 2013

ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක

යටත් විජිත පාලනයේ අතුරු ඵලයක් ලෙස අප අද භාවිතා කරන රෝමානු-ක්‍රිස්තියානි හෙවත් ජූලියන්-ග්‍රෙගරියන් කැලැන්ඩරයට අනුව දුරුතු පොහොය වසරේ ප්‍රථම පුන් පෝ දිනය වේ. මේ පොහෝ දිනයේදී සිදු වූ ප්‍රධානම ශාසනික කාර්යය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයයි.
මහියංගණ චෛත්‍ය රාජයා
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය අවසන් කර පංච වග්ගිය ශ්‍රමණ වරු, යසකුලපුතු හා ඔහුගේ යහළුවන් සිව් පනස් දෙනා යන ප්‍රථම රහත් සැට නම ධර්ම ප්‍රචාරයේ යවා උරුවෙල් දනව්වට යන අතර මග හමු වූ භද්‍ර වග්ගිය කුමාර වරුන් තිස් දෙනාත් පැවිදි කර ධර්ම ප්‍රචාරයේ යවා (වැඩි විස්තර) උරුවෙල් කාශ්‍යප නම් ජටිලයාගේ අසපුවට වැඩියහ. එසේ වැඩම කර දෙමාසයක්‌ පමණ කල් ඔහුගේ අසපුවේ වැඩ සිටිමින් නොයෙක් දහස් ගණන් ප්‍රාතිහාර්යය දක්වා ඔහු දමනය කිරීමට උත්සාහ ගත්හ. උරුවෙල් කාශ්‍යපයා තමන් රහත්ය යන මානයෙන් දැපුනෙකි. නාගයින් දමනය කිරීම, දර පැලීම වැළැක්වීම, ඉබේම දර පැලීම, ගිනි ගැනීම වැළැක්වීම, ඉබේම ගිනි ඇවිලවීම, කාශ්‍යපයා ගේ සිත දැන ගැනීම ආදී නොයෙක් ප්‍රාතිහාර්යය තමන් ඉදිරියේ දක්වා ලූවද "ශ්‍රමණ භවත් ගෞතමයන් ඒ ඒ ප්‍රාතිහාර්යයේ සමත්ය. එහෙත් අප පමණක් රහත්ය" යැයි ප්‍රකාශ කරමින් වෙසෙයි.

ප්‍රාතිහාර්යයෙන් ඔහු දමනය කළ නොහෙන බව දුටු බුදු රජාණන් වහන්සේ "කාශ්‍යපය, තොප රහත් නොවෙයි, තොප රහත් වීම කුමක්දැයි දන්නෙත් නොවෙයි, රහත් වන මග දන්නේත් නොවෙයි, එය දන්නෝ නම් අපමයැ"යි පවසා ඔහු විසින් ආරාධිතව දහම් දෙසා ඔහු රහත් කරවුහ. තම පිරිවර පන්සියය සමග උරුවෙල් කාශ්‍යපයා ජටා ගඟ දියේ දමා පැවිදි විය. මෙසේ ගඟේ ගසාගෙන යන ජටා මඩුලු දුටු උරුවෙල් කාශ්‍යපයන්ගේ දෙසොයුරන්, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප, තම පිරිවර පන්සියය ද රැගෙන පැමිණ පැවිදි වී රහත් වුහ.

උරුවෙල් කාශ්‍යපයා ප්‍රාතිහාර්යය පෑමෙන් දමනය කිරීමට නොහැකි වුවද, ඒ වන විට ලංකාද්වීපයට අධිගෘහිතව සිටි යක්ෂ සමුහයා දමනය කිරීමට සෘද්ධි ප්‍රාතිහාර්යය සමත් විය. එදා අළුයම මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදු රජාණන් වහන්සේට බිම්තැන්නට එක්රැස් වුනු යක්ෂ සමුහයා පෙනිණි. බුදුසසුන ස්ථිරව පිහිටන පින් බිමට අනුග්‍රහ පිණිස බුදු රජාණන් වහන්සේ අහසින් ලක්දිව් වැඩියහ. වැඩම කර යක්ෂ සමාගමය මත්තෙහි වැඩ සිටිමින් වැසි, කුනාටු, ගිනි ජාලා මවා පාමින් ඒ යක්ෂ සේනාව බිය ගන්වා ලොමු දැහැ ගැනුම් ඇති කරවා ඔවුන් දමනය කළහ. එසේ කර උන්ට දහම් දෙසූහ.

ඒ දහම් ඇසූ සුමන දිව්‍ය රාජයා සෝවාන් විය. පූජා වස්තුවක් ඉල්ලූ සුමන සමන් දිව්‍ය රාජයාට බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු මිටක් ලැබිණි. එය නිදන් කර හෙතෙම මහියංගණ දාගැබ බැඳවූහ. පසුකාලීනව නොයෙක් වැඩිදියුණු කිරීම් වලට ලක් වූ ඒ චෛත්‍ය රාජයාණන් වහන්සේයි අද දක්වා මහවැලි ගංතෙර බිම්තැන්නේ වැඩ සිටින්නේ. එදා බුදුරදුන් සියැසින් දැකගෙන බණ අසා ගත් යක්ෂයින්ගෙන් පැවතෙන පරම්පරාවල්ය අද හූරා, කැකුලා කියමින් පොරෝ කෙටියක් කරේ තබාගෙන දෙස්-විදෙස් සංචාරකයින්ට අත පාන්නේ.

කැළණි විහාරස්ථානය රාත්‍රියට විදුලි ආලෝකයෙන් බබලන අයුරු...
බුදුරජාණන් වහන්සේ එදා දුරුතු පෝ දින ලක්දිව නැගෙනහිර පෙදෙසේ මාවැලි ගඟ අසබඩ පිහිටි මහියංගනයට වැඩම කළ නමුදු අද දුරුතු පෝ දින සිංහලයින් වැඩි වශයෙන් ඇදෙන්නේ බස්නාහිර පෙදෙසේ පිහිටි, සම්බුදු හිමි පාපහස ලත්, වෙනත් විහාරස්ථානයකටයි. ඒ කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි රජමහා විහාරස්ථානයයි. වාර්ෂිකව පැවැත්වෙන කැළණි මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය. "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" යන ජන ගීය අදහන සිංහලයෝ වසරේ මුල්ම පෝය ලෙස සැළකෙන දුරුතු පෝ දිනට කැළණියට එක් රැස්ව බොහෝ පින් සහ බොහෝ පව් රැස් කර ගනිති.

මේ පොහෝ දින මේ අය පව් නොව පින් රැස් කර ගනීවා !

36 comments:

  1. යක්කු ගිරි දිවයිනට පලවා හැරි බව නොකියා "... යක්ෂ සමාගමය මත්තෙහි වැඩ සිටිමින් වැසි, කුනාටු, ගිනි ජාලා මවා පාමින් ඒ යක්ෂ සේනාව බිය ගන්වා ලොමු දැහැ ගැනුම් ඇති කරවා ඔවුන් දමනය කළහ. එසේ කර උන්ට දහම් දෙසූහ ..." සේ සඳහන් කරන්නේ ඔබ ඒ කතාව නොපිළිගන්නා නිසාද?

    මේ ලිපිය නැවත විවේකීව කියවිය යුතුයි. ඔබ දැන් සුවෙන් යැයි අනුමාන කරමි.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයාJanuary 28, 2013 at 7:29 PM

      ඔබ එම කතාව පිළිගන්නවාද?

      මේ සම්බන්ද වැදි නායක තුමාගේ පැහැදිලි කිරීමක් අද දින LCN අඩවියේදී කියවීමි. ඔබ එය දුටුවාද? එම ප්‍රකාශය පිලිබඳ අදහස් කේ ගෙන් අදහස් ඇසුවෙමි. ඔබත් පැහැදිලි කරනවානම් අගය කරමි.

      Delete
    2. සිතුවිළිJanuary 28, 2013 at 9:34 PM

      ජෝසප්,
      බුදුන් විසින් යක්ශයන් පළවා හැරියාද යන කරුන ගැන ඔබගේ දැක්මත් කෙටියෙන් හෝ පැහැදිලි කළහොත් අගෙයැයි මාද සිතමි.

      Delete
    3. වැද්දන් තමන් යකුන් යැයි කියා ගැනීම නිවැරදි යැයි මම නොසිතමි. මේ දඹානේ ගුණවර්ධන හරහා වැද්දන් තුලට ඇතුල් කෙරුණු බටහිර නිර්මාණය කෙරුණු කතාන්තරයක් (හෙවත් ප්‍රවාදයක්) මිස වැදි (ජන) කතාවක් විය නොහැකියි. වැද්දන් කවුදැයි සෙවීමට පෙර අප "අප" කවුදැයි සෙවිය යුතුයි. අප කවුදැයි අපට පෙන්වන්නේ අපේ වංශ කතාය. අපේ වංශ කතා කියන්නේ බුදුරජු යකුන් ගිරි දිවයිනට පලවා හැරි බවත්, වැද්දන් පැවතෙන්නේ විජයගෙන් බවත්ය.

      දැන් අපි මේ කතා දෙකේ පරස්පරය දෙසට හැරෙමු. බුදුරදුන් බාගෙට වැඩක් කළ බවක් අසා තිබේද? මෙතැන බාගෙට වැඩක් කර තිබේ. බුද්ධත්වයෙන් පළමු වර්ෂයේම යකුන් ගිරි දිවයිනට පලවා හැරි නමුත්, ඉන් පසුත් තව දෙවරක් ලංකාවට වැඩම කළ නමුත්, තමන් වහන්සේ පිරිනිවන් පානා දිනයේ විජය ලංකාව 'සොයා ගන්නා' විට යකිනියක් කපු කටිමින් සිටී; යක්ෂ පුරයක රජ මගුලක් පැවැත්වේ. එක්කෝ පළමු කතාව බොරු විය යුතුයි. නැතිනම් දෙවන කතාව බොරු විය යුතුයි.

      මා සිංහලයෙක් ලෙස සිතීමට කැමති අපේ වංශ කතා සංගත වන බවමයි. ඒ නිසා මහියංගනයට වැඩම කල බුදු රජු තේජෝ කසින සමාපත්තියට සමවැදී ගිනිදළු මවා යක්ෂයන් බිය කොට මහවැලි ගඟෙන් එතෙර වූ (අද ගල් ඔය කඳු වැටිය ලෙස අපට ඉගැන්වෙන) කඳුරටට පලවා හරින්නට ඇත. එසේ කිරීමෙන් 'අනාගත' රුහුණු රට යකුන්ගෙන් තොර කරන්නට ඇත. මහියංගනය රුහුණු රටේ මායිමකි; දුටුගැමුණු රජු සොළී යුද්ධය ඇරඹුවේ එතැනිණි. ඉතුරු කොටස් ඔබලාට ගලපා ගත හැකියැයි සිතමි.

      මේ සන්ධර්භය තුල වන්නියාගේ කතාවට සානුකම්පිත ඉඩක් විවර කළ හැකි බව සිතමි.

      Delete
    4. සිතුවිළිJanuary 29, 2013 at 12:07 PM

      බුද්දත්වයේ අප පිළිගන්නා ගුනාංග හා බුදුන් විසින් යම් ජන කොටසක් ඔවුන්ගේ නිජ භූමියෙන් බියකොට පලවා හැරියා යන කරුනු දෙක එකිනෙක ගැලපෙන්නේ කෙසේදැයි ඔබට යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

      Delete
    5. සිතුවිළිගේ ප්‍රශ්නය මූලික උපකල්පන දෙකක් මත පදනම් වේ.

      1. යක්ෂයින් යනු "යම් ජන කොටසක්" බව.
      2. වර්තමාන මහියංගනය ඔවුන්ගේ "නිජ භූමිය" බව

      ඔය දෙක ගැන එකඟත්වයක් නැතිව ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැක.

      මා මගේ කලින් ප්‍රතිචාරය ඇරඹුවේ "වැද්දන් තමන් යකුන් යැයි කියා ගැනීම නිවැරදි යැයි මම නොසිතමි." කියායි; එය අවසන් කළේ "මේ සන්ධර්භය තුල වන්නියාගේ කතාවට සානුකම්පිත ඉඩක් විවර කළ හැකි බව සිතමි." කියායි.

      කෙලින්ම කියතොත් මා වැද්දෙකු නම් වන්නියා ගේ කතාව පිළිගනිමි. එමගින් වැද්දන්ට විජයට එහා ගිය ඉතිහාසයක් ලබා දෙයි. මා සිංහලයෙක් නිසා වන්නියාගේ අදහසට ගරු කරමි. එහෙත් මා පිළිගන්නේ වැද්දන් විජයගෙන් (සහ කුවේනියගෙන්) පැවතෙන බව මිස යකුන්ගෙන් පැවතෙන බව නොවේ.

      Delete
    6. සිතුවිළිJanuary 29, 2013 at 3:41 PM

      අප සොයා යන්නේ සත්ත්‍යයනම්,
      ප්‍රශ්නයක් විග්‍රහ කළ යුතු වන්නේ නිරපේක්ශවයි
      එනම් මා කවුද යන්න මත පිහිටා නොවෙයි.

      යකුන් යන්න ජන කොටසක් යන මාගේ කීම පසෙක ලා සත්ත්ව කොටසක් කියමු.
      නිජ භූමිය යන්න ඔවුන් රැඳී සිටි ඉසව්ව කියමු.

      දැන් බුද්ධත්වය හා බැඳි මාගේ මුල් ප්‍රශ්නයට අළුතින් පිළිතුරක් දෙන්න.

      Delete
    7. සිතුවිළිJanuary 29, 2013 at 4:19 PM

      මාගේ ප්‍රශ්නයෙහි වර්ථමාන වැදි ජනයා, බුදුන් කල විසූ යක්ශයන්ගෙන් පැවත එන බවට ඉඟියක් හෝ නොවූ බවද කරුනාකර සලකන්න.

      Delete
    8. පොඩි ළමයාJanuary 29, 2013 at 6:40 PM

      ඔබට ස්තුතියි.

      සිතිවිලි අසා ඇති ප්‍රශ්න සමග තවත් දෙයක් අසන්නට කැමතියි පහසු වෙලාවක පිළිතුරු ලබා දෙන්න.

      1. "වැද්දන් තමන් යකුන් යැයි කියා ගැනීම නිවැරදි යැයි මම නොසිතමි"
      ඔබ මෙසේ කියන්නේ ඇයි? වැදී නායකයාට අනුව යක්ෂ කියන්නේත් ඔවුන්ගේ පැරැන්නෝ. ඔබගේ මතය තහවුරු කිරීමට මුලාශ්‍ර සැපයිය හැකිද?

      2. "මේ දඹානේ ගුණවර්ධන හරහා වැද්දන් තුලට ඇතුල් කෙරුණු බටහිර නිර්මාණය කෙරුණු කතාන්තරයක් (හෙවත් ප්‍රවාදයක්) මිස වැදි (ජන) කතාවක් විය නොහැකියි".

      මෙය කියවන විට එකවර මගේ මනසේ ඇදුනේ ටිල්වින් සිල්වාවයි (සමා වන්න ඔබට අපහාස කිරීමට කිසි සේත් අදහස් නොකලෙමි, ඔවුන් කට අරින්නේ බටහිර ගැන කියගෙන නොවැ)

      මෙම ප්‍රකාශ දෙකට ඉතා හොද පිළිතුරක් වන්නිල ඇත්තන්ගේ ප්‍රකාශයෙන් උපුටා ගත හැකි යයි සිතමි.

      "ඇගේ මීපැණි තවරා පුළුන් අලවාගෙන උස් රිටි අතින් ගෙන චෛත්‍ය වටේ හා සමන් දේවාලය වටේ නටමින් රිටි අහසට ඔසවා පොළවේ ගසමින් කඩා දමමින් නටනවා. ඒ විතරක් නොවෙයි සමන් දෙවියන් අපේ ගෝත‍්‍රකයන්ය නොදන්වා බුදුන් වහන්සේට ආරාධනා කිරීමට විරුද්ධත්වය පෑව එක නිරූපණය කරන්න වැදි නායකයා විදියට මම ඊතලයකින් සමන් දේවාලයට තුළට විඳින අයුරු මෙහිදී නිරූපණය කරනවා".

      මේවා ඔබ කියන පරිදි බටහිරින් පැමිණ වැදි ජනයාගේ මනස තුලට ඇතුළු කල හැකිද? ඉතින් මේවා හුදෙක් වැදි (ජන) කතා නොවී ප්‍රවාද වන්නේ යයි ඔබ තර්ක කරන්නේ කුමන පදනමක් මතද?

      3. "අපේ වංශ කතා කියන්නේ බුදුරජු යකුන් ගිරි දිවයිනට පලවා හැරි බවත්, වැද්දන් පැවතෙන්නේ විජයගෙන් බවත්ය".

      වැද්දන් පැවත එන්නේ විජයගෙන් නොව ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් බව අසා ඇත්තෙමි. ඔබත් මෙය විශ්වාස කරනවාද? ලේ නෑයන් අතර විවාහ සාර්ථක නොවන බව නවීන විද්‍යාව පවා පිළිගනී. එසේනම් විජයගේ දරුවන්ගෙන් වැදි ජනතාව පැවත එනවා යයි පැවසීම ප්‍රශ්නයක් නොවේද?

      ඉතිරි කොටස කියවන විට ඇතිවී ප්‍රශ්න සිතිවිලි විසින් අසා ඇති නිසා ඔබ ඔහුට ලියන පිළිතුර මමද බලාපොරොත්තු වෙමි.

      ඔබගේ දැනුම අප හා බෙදා ගැනීම පිළිබඳව මාගේ ප්‍රශංසාව පිළිගන්න.

      Delete
    9. "අප සොයා යන්නේ සත්ත්‍යයනම්, ප්‍රශ්නයක් විග්‍රහ කළ යුතු වන්නේ නිරපේක්ශවයි එනම් මා කවුද යන්න මත පිහිටා නොවෙයි."
      --- මේ කරුණ ගැන මගේ එකඟත්වයක් කිසි සේත්ම නැත. අප දහම් කරුණු ඉගෙන ගන්නා විට නිධාන කතාව ඉගෙන ගන්නේ ඇයි? නිධානයෙන් තොරව දහම තේරුම් රහිත වන නිසාය. ඉතිහාසයද එසේය. නිරපේක්ෂ සත්ත්‍යයක් කියා දෙයක් ලෝකයේ නැත. ඕනෑම කෙනෙක් තමන්ට සත්ත්‍යයයැයි වැටහෙන දෙයකි, "නිරපේක්ෂ" සත්ත්‍යය ලෙස ගන්නේ. හොඳයි, ඔබ නිරපේක්ෂ සත්ත්‍යයක් කියා දෙයක් ඇතැයි සිතනවාද? එය "සොයා යන" විට සම්භ වුනොත් ඒ "නිරපේක්ෂ සත්ත්‍යය" බව හඳුනා ගන්නේ කෙසේද?
      ------------

      "යකුන් යන්න ජන කොටසක් යන මාගේ කීම පසෙක ලා සත්ත්ව කොටසක් කියමු. නිජ භූමිය යන්න ඔවුන් රැඳී සිටි ඉසව්ව කියමු."
      --- දැන් ඔබේ ප්‍රශ්නය "යකුන් එළවීම නිවැරදිද" නේද? හොඳයි, මා ලියූ පිළිතුරේ යකුන් ලංකාවෙන් පළවා හැරි බවට වන කතාව පිළිගන්නා බවක් තිබුනේ නෑ නේද? මෙන්න මා ඒ ගැන ලියූ කොටස.

      "මහියංගනයට වැඩම කල බුදු රජු තේජෝ කසින සමාපත්තියට සමවැදී ගිනිදළු මවා යක්ෂයන් බිය කොට මහවැලි ගඟෙන් එතෙර වූ කඳුරටට පලවා හරින්නට ඇත. එසේ කිරීමෙන් 'අනාගත' රුහුණු රට යකුන්ගෙන් තොර කරන්නට ඇත."

      ඉතින් මෙතැන යකුන් තම තමන්ගේ ගෙවල් වලට හරවා යැවූ බව මිස (වන්නියත් කියන්නේ ඔය ටිකමයි) 'නිජබිමෙන් පන්නා හැරීමක්' වැනි 'මානව හිමිකම් කඩ කිරීමක්' සිදු වී නැත.
      ------------

      "මාගේ ප්‍රශ්නයෙහි වර්ථමාන වැදි ජනයා, බුදුන් කල විසූ යක්ශයන්ගෙන් පැවත එන බවට ඉඟියක් හෝ නොවූ බවද කරුනාකර සලකන්න."
      --- එසේ සැළකුවෙමි!

      Delete
    10. පොඩි ළමයාට,

      1. ඔය ප්‍රශ්නය සී නිවුස් හි ඇසුවානම් මගේ ක්ෂණික ප්‍රතිචාරය "උඹ වැදි නායකයාගේ මූලාශ්‍ර ඉල්ලුවාද?" යන්නයි. ඒත් මේ වෙන තැනකි. හොඳයි, මගේ මූලාශ්‍රය අපේ වංශ කතාය. මහාවංශය අපට කියන්නේ විජයට දාව කුවේණිය ලැබූ දරුවන්ගෙන් මොවුන් පැවතෙන බවයි. යක්ෂයෝ වනචාරියෝ නොවූහ. ඔවුහු දියුණු ජන කොටසක් වූහ. k සඳහන් කරන "කුවේණිය නම් "යක්ෂණිය" කපු කටිමින් සිටීමත්, එකළ සිරසවත්තුපුරයේ මගුල් සැණකෙළියත්" මගින් මහාවංශය කියන්නේ මෙකී යක්ෂයන් විජයට වඩා කිසි සේත් දියුණුවෙන් පහල නොසිටි බවයි. වැද්දෝ මගුල් සැණකෙළි කෙලිත්ද, වැද්දියෝ කපු කටිත්ද?
      ------------

      2. "...ඒ විතරක් නොවෙයි සමන් දෙවියන් අපේ ගෝත‍්‍රකයන්ය නොදන්වා බුදුන් වහන්සේට ආරාධනා කිරීමට විරුද්ධත්වය පෑව..." මෙහි ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඇත.

      "අපේ ගෝත්‍රිකයන්" යනු වැදි වචනයක් නොවේ. ඇයි මෙතුමා අපේ රැහේ ඇත්තන් නොකියා අපේ ගෝත්‍රිකයින් කියන්නේ? එසේ කියන්නේ කවුරු හෝ වැද්දන් ගැන නොදන්නා කෙනෙක් උගැන්වූ කතාවක් පුනරුච්චාරණය කරන නිසයි. ඔබ සිතන වනචාරී වැද්දන් අද නැත. අද සිටින්නේ ප්‍රේමදාස ජනපතිදුන් දුන් රූපවාහිනිය බලා සිරිත්-විරිත් ඉගෙන ගන්නා, පාසැල් යන, ජංගම දුරකථන දරන, සංගීත සංදර්ශන වල නටන, සංකර නාමමාත්‍රික වැද්දන්ය. උන් කියන සියළු කතා වැදි කතා ලෙස සළකතොත් උන්ට වඩා අපි වැද්දන් විය යුතුය.

      සමන් දෙවියන් බුදුරදුන්ට ආරාධනා කළ බවක් ද අපේ වංශකතා වල නැත. මුන් මොනයම් හෝ හේතුවකට () සමන් දේවාලය තුලට ඊතලයක් විදිනු විය හැකියි. එහෙත් අර කී 'බටහිර ප්‍රවාදය' විසිනි ආරාධනාව යන හේතුව මීට දී ඇත්තේ. වර්තමාන වැද්දන් එකල යක්ෂ නම් ගෝත්‍රයක් බව කීමත්, මෙකී වැද්දන් 'ආදිවාසින්' ලෙස නම් කිරීමත්, දැන් කියන මේ කතාවත් හුදෙකලා සිද්ධි නොවේ. මේ අර අදින්නේ සිංහලයින්ගේ රට වැද්දන්ට ලියා දී උන්ට රට රැක ගත නොහැකි බැවින් පහසුවෙන් අනිත් උන්ට පැහැර ගැනීමටයි. ඒ නිසා මේ උත්සාහයන් ලත් තැනම ලොප් කළ යුතුයි.
      ------------

      3. "වැද්දන් පැවත එන්නේ විජයගෙන් නොව ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් බව අසා ඇත්තෙමි. ඔබත් මෙය විශ්වාස කරනවාද?" යන ප්‍රශ්නයට "විජයගේ දරුවන් දෙදෙනා පැවතෙන්නේ කාගෙන්ද" කියා ඇසිය හැකියි. විජයගේ දරු දෙදෙනා පැවතෙන්නේ විජයගෙන් තමයි. මා දරු දෙදෙනාගෙන් නොකියා විජයගෙන් යැයි කීවේ "සිංහලයා පැවතෙන්නේ විජයගෙන්ය" යන බලවත් මිත්‍යාවට පහරක් ගැසිය යුතු නිසයි. මතක තබා ගන්න... සිංහලයින් සැදෙන්නේ යක්ෂ - නාග - දේව යන ස්වදේශීය ජන කොටස් දඹදිවින් පැමිණ සිටි ශාක්‍ය වංශිකයන් ප්‍රමුඛ රජ පෙළපතක් යටතේ පණ්ඩුකාභය රජ සමයේදී එක් රැස් වීමෙනි. මෙසේ කියන්නේ අපේ වංශකතාය. ඒවා අපි පිළිගනිමු.

      "ලේ නෑයන් අතර විවාහ සාර්ථක නොවන බව නවීන විද්‍යාව පවා පිළිගනී" යන්න තකතීරු මෝල් තර්කයකි. එවැනි බටහිර (නවීන) විද්‍යා ප්‍රවාදයක් (තියරියක්) නැත. බටහිර වෛද්‍ය විද්‍යාව පුරෝකථනය කරන්නේ ජානමය වශයෙන් ප්‍රචාරණය වන, රෝගයකට තුඩු දිය හැකි, කිසියම් ලක්ෂණයක් දරන දෙදෙනෙකුගේ එක් වීමෙන් ඇති වන ජනිතයාට එකී රෝගය ඇති වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි. මේ සම්භාවිතාව වැඩි වන්නේ එවැනි ලක්ෂණ දරන මාතෘ-පිතෘ යුවලක් සම්බන්ධයෙන් පමණි. කිසි දෙයක් තේරුම් ගැනීමට උත්සාහ නොකරන අපේ ගිරා වෛද්‍ය වරු නෑනා-මස්සිනා විවාහ වලින් අංගවිකල, මන්දබුද්ධික දරුවන් ඇති වන බව අපෝහනය කර ආන්දෝලනයක් උපදවා පොරවල් බවට පත් වූහ. ලංකාවේ බොහෝ කොට සිදු වී ඇත්තේ මෙවැනි විවාහයි. ඉන්දියාවේ නම් මාමා විසින් ලේලිය (අක්කාගේ දුව) ආවාහ කර ගැනීමත් ඇත.
      මේ කරුණු සළකා බලන්න.

      1. වැද්දන් පැවතෙන්නේ විජයගේ (සහ කුවේනියගේ) දරුවන්ගෙන් බව කී විට ඒ දෙදෙනාගෙන් පමණක් බව ගම්‍ය නොවේ. පරම්පරා කිහිපයක් ගත වන විට අනෙක් යකුන් හා මිශ්‍ර වීම අනිවාර්යයි. එහෙත් වැද්දන්ට අනන්‍යතාවය ලබා දෙන්නේ විජයයාය.
      2. සිංහලයන් පැවතෙන්නේ සිංහබාහුගෙන් බව කියැවේ. මින් ගම්‍ය වන්නේ සියළු සිංහලයින් සිංහබාහුගෙන් පැවතෙන බව නොවේ. එහෙත් සිංහලයාට අනන්‍යතාවය ලබා දෙන්නේ සිංහබාහු සහ වඩා නිවැරදිව කියතොත් සිංහයාය. සිංහයාගේ දරු දෙදෙනා -> විජය ගේ සොහොයුරා -> ඔහුගේ පුත් පඬුවස්දෙව් -> උන්මාද චිත්‍රා -> පණ්ඩුකාභය.
      3. ශාක්‍ය වංශය ඇරඹෙන්නේ සහෝදරයන් සිව් දෙනෙක් සහෝදරියන් සිව් දෙනෙක් හා සහවාසයෙනි. (වැඩිමහළු සහෝදරිය වෙනත් රජෙක් හා වාසය කිරීමෙන් කෝලිය වංශය ඇති විය)
      4. ලිච්ජවී වංශය ඇති වීම ගැනත් ඔවැනි කතාවක් ඇත.

      කෙසේ වෙතත් සහෝදරිය ආවාහ කර ගැනීම දඹදිව චාරිත්‍රයක් මිස සිංහල චාරිත්‍රයක් නොවේ. පණ්ඩුකාභය රජ සමයේ සිංහල ජාතිය ඇති වූ පසු මේ සිරිත සිංහලයෙන් තුරන් විය. නෑනා-මස්සිනා විවාහය සිංහලය පිළිගනී. ඒවා අසාර්ථක වන බව කියන වෛද්‍යවරු අර්ජුන-සමදරා විවාහය ගැන කියන්නේ කුමක්ද?

      Delete
    11. සිතුවිළිJanuary 30, 2013 at 10:59 AM

      ජෝසප්
      කලෙකින් ඔබගෙන් කරුනු සහිත දීර්ග පැහැදිලි කිරීමක් දුටුවා.
      මා වෙත ඔබ දුන් පිලිතුරු වලින්.
      1, නිරපේක්ශ සත්ත්‍යය යන්න ඔබ සලකන්නේ තර්කය පදනම්වනම්, ඔව් ඔබ හා මා එකඟයි, ඔබ අවසන එලැඹෙන සත්ත්‍යය යමකට සාපේක්ශයි අඩුම ගනනේ අසත්ත්‍යයට සාපේක්ශයි. එහෙත් ඔබ යමක් කෙරෙහි අවබෝදයක් ලබනා විට එය සාපේක්ශ නැහැ. මෙය ගැඹුරු භාවනාමය අත්දැකීම් තුලින්ම ලැබිය යුත්තක් මිස වචනයෙන් පැහැදිලි කළ හැක්කක් නොවෙයි. බුද්ධාගම ලොජිකල් කියා කියන අය වටහා ගන්නේ සාපේක්ශ සත්ත්‍යයක් තමයි.

      2/ යකුන් කොහේ සිට කොහේට පලවා හැරියාදැයි මාගේ පැනනය නොවුනි.
      බිය කොට පලවාහැරියා යන්න අප පිලිගන්නා බුද්ධත්වය හා ගැලපේද යන කරුන පමණක් මාගේ ප්‍රශ්නය විය.

      බුදු රදුන් සම්බන්ධව මෙවැනි මතයක් හමුවන එකම තැන වංශ කථා සාහිත්ත්‍යය බව මා අසා ඇත (දන්නා දෙයක් නොව අසා ඇති දෙයක් පමණි )
      ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් විසින් යමෙකු හෝ කණ්ඩායමක් බියවද්දා පලවා හැරියායැයි කියවෙන තැනක් වෙත්ද? ඒ කුමක්ද?
      බිය වද්දා පලවා හරිනවානම් පුරිස දම්ම සාරතී ගුණය යනු කුමක්ද?
      ප්‍රභාකරන් ද නිනිසුන් මැරුවාට අමතරව බිය වද්දා පළවා හැරි තැන් මෑත ඉතිහාසයේ බොහෝ වෙනවා නේද?

      මෙය මට ගැටළුවකි. මා දකිනා බුදුන් වෙතින් එවැන්නක් සිදුවිය නොහැකියැයි මට සිතේ.
      ඔබගේ මතය නිශේදනය කිරීමට උත්සහයක් නොව, කාගේත් යහපටහ් උදෙසා කරුනු පැහැදිලි කිරීමක් පමණි. ඔබ කැමතිනම් නැවත පිළිතුරක් දිය හැක.

      ඔබ පොඩි ළමයා වෙත දී ඇති පිළිතුරෙහි ඇති කුමන්ත්‍රනය ටිල්වින් සිල්වාගේ බටහිර කුමන්ත්‍රන වලට බොහෝ එහා ගිය අරුත්ක් ඇති බව මා පිලිගනිමි.
      යක්ශ ගෝත්‍රයෙන් පැවත එන්නන් වැද්දන් ලෙස හුවා දැක්වීම මගින් ද්‍රෝහීන් උත්සහ කරන්නේ සිංහලයාද, දෙමලාද මුසල්මානුවාද එක ලෙසම මේ රටට පිටින් පැමිණි ආක්‍රමනිකයන් බව පෙන්වීමටත් එමගින් අද ඔවුන් සියළු දෙනාටම සම අයිතිවාසි කම් ලැබිය යුතුයැයි කීමටත්ය.
      කොටින්ම සිංහලයාගේ අයිතිවාසිකම් බිඳදැමීමට වැද්දන් අද එන් ජ්ජී ඕ කාරයින්ට පොරෝ කෙටියක් වෙමින් එන බවක් පෙනෙන්නට ඇත. එහෙත් සැබෑ ලෙසම පණ්ඩුකාබය රජුගේ සිට ඉදිරියට පැවති සිංහල රාජ වංශය සිව්හෙලය එක් වීමෙන් හට ගැනුනක් මිස විජය කියන පුද්ගලයාගේන් ඇරඹුනක් නොවෙයි යන්නට වංශ කථාම සාක්ෂි සපයයි.
      සිංහලයාගේ ඇරඹුම ගැන අප කරනා මේ සාකච්චාවේදී නම් ප්‍රියන්ත "ඇනොනිමස් වන් ඔරිග්" සතුව හොඳ අදහස් ඇතැයි සිතිය හැක.

      Delete
    12. සිතුවිළි,

      නිරපෙක්ෂ සත්ත්‍යය ගැන ඔබ කුමක් කියූවත් මා කියන්නේ එවැනි දෙයක් නැති බව පමණි. එවැනි දෙයක් ඇත්නම් එය 'නිරපේක්ෂ සත්ත්‍යය' බව හඳුනා ගන්නේ කුමන ලක්ෂණ ඇසුරෙන්ද යන ප්‍රශ්නය වලංගුයි. මගේ පිළිතුර තව ටිකක් පැහැදිලි කළොත්:

      * අප පිළිගන්නා සම්මුතිය තුල ඇත්තේ සාපේක්ෂ සත්ත්‍ය වේ.
      * පරමාර්ථ සත්ත්‍යය (දුක්ඛ,සමුදය,නිරෝධ,පටිපදා) නිරපේක්ෂ යැයි ගත හැකි වුවත් එය "සොයා" යා යුතු නැත. එය සොයාගෙන ඇත. සොයා යාමේ මග (අරිය පරියේෂණය) ප්‍රසිද්ධයි.

      ඔබට දෙයක් කියමි. මා කවුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර මතය අප කරන කියන සිතන සියළු දෑ රඳා පවතින්නේ. ඔබට ඉන් මිදී ගිය නොහැක.

      මෙහි කිසිදු අයුරක 'තර්කයක්' නැත.
      ------------

      බුදුරදුන් උරුවෙල් කස්සපයාගේ ගිනිහල් ගෙයි සිටි නාගයා දමනය කිරීම ගැන ඔබේ මතය කුමක්ද? මහියංගනයේ යකුන් දමනය කිරීම නොගැලපේනම් අර නයාගේ ගෙදරට රිංගා ඌට වද දීම හරිද? ආලවකයා නිවසේ නැති අතරේ එහි රිංගා ඒ යකාව තුන් යම් රැය මුළුල්ලේ වෙහෙසීම හරිද? ඔබ උදාහරණ ඉල්ලූ නිසාය මේ දුන්නේ. මෙතැන වටහා ගත යුතු දෙයනම් මෙකී සිද්ධි ඇත්ත වශයෙන් සිදු වුනාද එසේ සිදු වුනානම් එය හරිද යන්න නොවේ. එකී සිද්ධි එසේ සිදු වුනු බවට වාර්තාගත වී ඇත. එකී වාර්තා එසේ ලියවුනේ ඇයි, එයින් බලාපොරොත්තු වූ අරමුණ කුමක්ද යන්නයි අප අවබෝධ කර ගත යුත්තේ. අන්න එතැනදීයි k ඉදිරිපත් කරන යක්ෂයින් ලවා ලක්දිව බුදුරදුන්ට පූජා කරවා ගැනීම වැදගත් වන්නේ. මේ කතාවේ මා මෙතෙක් නොදැන සිටි හරය එය බව සිතමි. මා ඉදිරිපත් කළ රුහුණු රට නිදහස් කර ගැනීමේ ප්‍රවාදයට වඩා මේ කතාව වැදගත්ය.
      ------------

      පණ්ඩුකාභයගේ කාලයේ සිංහලය ඇරඹුන බව මගෙත් අදහසයි. එහෙත් ඇනෝ අංකල් සිතා සිටින්නේ වසර 30,000 පෙර සිට මෙය පැවතෙන බවයි. එහිත් වැරද්දක් නැත. පණ්ඩුකාභය කාලයේ මේ ජන කොටස් එක් වුවත් එක් වීමට පෙරත් මෙකී ජන කොටස් දියුණු ශිෂ්ඨාචාරයක් සහිතව සිටි නිසයි. එහෙත් ඔහු බුදු දහම ගැන කියන බයිලා ගැනනම් කතා නොකර සිටීමටයි මම කැමති.

      Delete
    13. සිතුවිළිJanuary 30, 2013 at 2:41 PM

      ජෝසප්
      සම්මුතිය තුළ ඇත්තේ සාපේක්ශ සත්ත්‍යයයි, ඔව් මා එකඟයි.
      පරමාර්ථ සත්ත්‍යය සාපේක්ශ වන්නේ නැහැ. චතුරාර්‍ය සත්ත්‍යය සොයා යා යුතු නැත එය සොයාගෙන ඇත- ඔබ දකින සැටිය නිවැරදියි, එහෙත් ඒ දැක්ම පවතින්නේත් සම්මුති තලයේයි.
      එය සොයා යායුතු මගද ප්‍රසිද්ධයි ඔබ ඒ මග දන්නේ සම්මුති වශයෙන් මිස ප්‍රත්‍යක්ශ වශයෙන් නොවෙයි නේද?
      චතුරාර්‍ය සත්ත්‍යය අවබෝධය පිළිබඳ මෙලෙස කථා කිරීමම මා දකිනා නොහොබිනා කමකි, මන්ද එය අපගේ දැක්මෙන් තව දුරින් පිහිටා තිබීමයි.
      ඉන් මෙහා සලකමු.
      මා යනු කුමක්දැයි කෙනෙකු විමසුවහොත් ඔබගේ පිළිතුර කිමක් වේවිද?
      මෙවැන්නක් ගැඹුරින් විමර්ශනය කිරීමේදී පවා ඔබ තුල නිරපේක්ශ අවබෝධයක් වැඩේ. අන්න එය තමා අවබෝධය. එය වදනින් විස්තර කළ නොහැක.

      මේ ලඟදී මා විසින් මා යනු කුමක්දැයි විමසන ලෙස (කවුදැයි නොව ) යක් පැටියාට දුන් පිළිතුරකත් ලීවා.

      මා විසින් බොහෝ විට ක්‍රියාත්මක කොට ඇති ක්‍රියා කාරකමක් වූ මෙය ඔහුට කීමෙන් පසු එම දිනයේම රාත්‍රියේ මා එය නවත වරක් ක්‍රියාත්මක කලා. එදා මා ලත් අත්දැකීම වූයේ මා යනු කුමක්දැයි පහදා ගැනීම නොව, මෙතෙක් නොදුටු වෙනත් දැක්මකින් මා තුළින් පටිච්ච සමුප්පාදය දැකීමයි.

      එසේ දකිනා දේ හොඳින් නැවත නැවත විමසා බලන විට ඒ අවබෝධයය් කිසිවක් හා නොගැටෙන එමෙන්ම නොඇලෙන බවත් එම නිසාම කිසිවකට සාපේක්ශ නොවනා බවත් වැටහෙනවා.

      මෙවන් දේ වචනයෙන් ප්‍රකාශ කිරීමට යාම අනුවන කමක් බව මට සිහි ගැන්වූයේද ඔබමයි මා එය දැන් හොඳින් දනිමි.
      මෙය මුල් ප්‍රශ්නයට අදාල නොවුනද අතුරු මාතෘකාවක් ලෙස පැනය මතු වූ බැවින් ලීවෙමි.

      පුරිස ධම්ම සාරතී ගුනය ගැන ඔබ දුන් උදාහරන සමග එය නැවත විමසා බැලිය යුතු තැනකට මා පත් වුනි.

      තව සිතා ඒ ගැන වැදගත් යමක් වේ නම් නැවත කියන්නම්.

      Delete
  2. යක්කු කියන්නෙත් ජන වර්ගයක් මිස, සිතුවම් වල දකින යකුන් නොවෙයි යැයි මා සිතමි.පලවා හරිනවාට වඩා දමනය කිරීම බුදු දහමේ ප්‍රතිපත්තියයි.

    ReplyDelete
    Replies
    1. ඔව් - යක්කු දල දිග "යක්කු" වගේ සෙට් එකක් වෙන්නේ ඉන්දියාවේදී. ලංකාවේදී යක්කු කියන්නේ මිනිස්සු තමයි. එකම වචනේ, තේරුම වෙනස්.

      Delete
  3. පොඩි ළමයාJanuary 28, 2013 at 7:23 PM

    කේ.

    මමද ඔබගේ අසනීප ගතිය මග හැරී ඇති සිතමි.

    ඔබ අද දින LCN හි මෙම පුවත දුටුවාද? “හැම දුරුතු පෝය දිනකම මගේ සිත රිදෙනවා – වන්නිල ඇත්තෝ” එතුමා මේ කතා කරන දෙයම ඔබ ඔබගේ ලිපියේ ලියා තිබෙනවා නේද?

    "බුදුසසුන ස්ථිරව පිහිටන පින් බිමට අනුග්‍රහ පිණිස බුදු රජාණන් වහන්සේ අහසින් ලක්දිව් වැඩියහ. වැඩම කර යක්ෂ සමාගමය මත්තෙහි වැඩ සිටිමින් වැසි, කුනාටු, ගිනි ජාලා මවා පාමින් ඒ යක්ෂ සේනාව බිය ගන්වා ලොමු දැහැ ගැනුම් ඇති කරවා ඔවුන් දමනය කළහ. එසේ කර උන්ට දහම් දෙසූහ."

    මේ සම්බන්ද ඔහුගේ පැහැදිලි කිරීම පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?

    http://lankacnews.com/sinhala/main-news/89376/

    "....... යක්ෂ කියන්නේත් අපේ පැරැන්නෝ. ඒ ගෝති‍්‍රකයන් මිස දිග දත් තියෙන මිනී මස් කන අමනුස්සයෝ නොවෙයි.මොකද අදටත් අපි ඒ අය අදහනවා. ඉතින් මේ බුදුන් වහන්සේට වඩින්න දුන්නේ නැති උනාම ගින්දර මවා පාලා දමනය කරලා යක්කු පිටසක්වළ ගලින් එහාට එලෙව්වා කියල දේශනා කරන එක නම් අපි පිළිගන්නේ නැහැ. එදා අපේ ගෝති‍්‍රකයන් බොහොම බලවත්, බුද්ධිමත්, ඉතින් කොහොමටත් අපේ පළාතට අවසර නැතිව කවුරුහරි පිටතින් කෙනෙක් ආවොත් විරුද්ධ වෙනවා සිදුවුණේ ඒකයි.

    ඊට පස්සේ බුදු හාමුදුරුවෝ අහසේ සිට බුදු රැස් විහිදලා පෙන්නුවම අපේ අය දැනගත්තා ඒ ශ්‍රේෂ්ඨයෙක් බව, එහෙම නැතිව ගිනි ජාලා මැව්වේ නැහැ. පස්සේ උන්වහන්සේගෙන් බණ අහලා මහවැලි ගෙඟන් ඒගොඩ වෙලා එම ගෝති‍්‍රක පිරිස අපි ජීවත් වුණ කඳුවලටම යන්න ගියා. අදත් මහියංගණ රජ මහා විහාරස්ථානයේ සහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර දවසට අපි එය නිරූපණය කරනවා."

    ReplyDelete
  4. සිතුවිළිJanuary 28, 2013 at 9:04 PM

    බුදුන් යක්ෂයින් පලවා හැරියා කියන කථාව පිළිබඳව වැදි නායක වන්නියලැත්තන්ගේ මතයත්, මේ කථාව තුලින් කේ මතුකරන මතයත් බොහෝ දුරට සමානතාවයක් දරනා බව මමත් දුටිමි.
    එසේම බුද්ධත්වය පිළිගන්නා කෙනෙකු බුදුන් විසින් ජන කොට්ටාශයක් බියකොට උන්ගේ භූමියෙන් පළවා හැරියා කියන කථාව පිළිනොගනු ඇත.

    එසේම බෞද්ධයන් දුරුතු පොහොයට කැළණියට රැස්ව බොහෝ පින් මෙන්ම බොහෝ පව්ද රැස් කරගන්නා බවට වූ කේ ගේ අදහස හොඳින් විමසා බැලිය යුත්තකියි සිතමි.

    කේ, මවිසින් ලිපිය ඉල්ලා සිටියේත් ඔබ එය අගය කරනවාදැයි ඇසුවේත් විහිළුටයි. ඔබට අපහාසයකට හෝ අවමානයකටනම් නොවේ. කෙසේ වෙතත් ඔබගේ සෞඛ්‍යය තත්වය දැන් යහපත් අතට හැරී ඇතැයි සිතමි. අසනීප මැඩගෙන බොහෝකොට සාකච්චාවට බඳුන් වන මාතෘකාවකින් අදහස් පල කිරීම ගැන ඔබට බොහෝ පින්.

    ReplyDelete
  5. පොඩි ළමයාJanuary 29, 2013 at 6:50 PM

    කේ,

    ඔබ තවමත් අසනීපයෙන්ද?

    ඔබ හැකි ඉක්මනින් පැමිණ අප හා අදහස් බෙදා ගන්නවානම් ඉතා සතුටු වෙමි.

    ReplyDelete
  6. ජොසෙෆ්,

    යකුන් ගිරි දිවයිනට පළවා හැරි බව නොකියා එළෙස කීවේ එවැනි මතයකුත් ඇති නිසායි.

    පූජාවලියේ (http://katha32.blogspot.com/2012/01/mahiyanganan.html) ඔබ කියන කතාව විස්තර කෙරේ. මෙහි එන ස්ථාන නාම අද පැවසෙන ඒවා නොවන නමුත් ඒ ඒ තැන් හඳුනා ගත හැක. මෙය යක්ෂයන්ගේ රැස්වීමක් හෙවත් වරිග සභාවක් විය යුතුයි. තම වරිගයට අදාළ තීන්දු තීරණ ගැනීම පිණිසයි එදා ඒ යක්කු මහියංගනයේ රැස් වී සිටියේ. බුදු රජාණන් වහන්සේ පැමිණ කුමක්ද කියුවේ...? "මටත් මේ රෙද්ද එලා ගන්න ඉඩ ටිකක් දෙන්න..." මුලින් අකමැති වුනත් දුම් දමා බය කිරීමෙන් පසු යක්කු ඉඩ ටිකක් දීමට එකඟ වුනා. ඒ ඉඩ දුන් යකුන්ට ඊළඟට සිදු වූයේ මුහුදට පැනීමටයි... වසර දෙදහසකට පසු පරංගින් පැමිණි විට එය නොවේද ප්‍රතිනිර්මාණය වූයේ...? මේ මා දකින එක පැත්තක්.
    ---

    පොඩි ළමයා හා සිතිවිළි,

    ඌරුවරිගේ වන්නියා හෙවත් වන්නිලැත්තෝ කියා ඇති කතාව ගැන මගේ විවේචනයක් නෑ. යක්කු ලංකාවෙන් මුළුමනින් ම එළවා නොදැමූ බවට ඔහු ඉදිරිපත් කරන අදහස සමග මමත් එකඟ වෙනවා. ගිරි දිවයින යනු "කඳුරට" ලෙස ගත්තොත් මුහුද යන්න "මහවැලි ගඟ" ලෙස ගත්තොත් ගඟින් මෙතෙර සිටි යකුන් එතෙරට යවා (ජොසෙෆ් ගේ නවමු අදහසක් වන) අනාගත රුහුණු රටට ඉඩ ලබා දීම පිණිස බුදුරදුන් උත්සාහ කළ බවට ප්‍රවාදයක් ගොඩ නංවන්න පුළුවන්. බුද්ධ ශාසනය බැබලුනේ අනුරාධපුරයේ වුවත්, සතුරු ආක්‍රමණ හමුවේ එය රැක ගැනීම සැම විටම කෙරුණේ රුහුණු රටින් වීම මේ අදහස තහවුරු කරයි. සිතුල්පව්ව සහ තිස්සමහාරාමය පසු කාලීනව (අනුරාධපුර පූර්ව යුගය) රහතුන් වහන්සේලා දොළොස් දහස බැගින් වැඩ සිටි මහ පුද බිම්.

    විජය කුමරු මෙහි එන විට කුවේණිය නම් "යක්ෂණිය" කපු කටිමින් සිටීමත්, එකළ සිරසවත්තුපුරයේ මගුල් සැණකෙළියත්, පණ්ඩුකාභයා ගේ කථාවත් (චිත්‍රරාජ - කාලවේල යක්ෂයින්, චේතියා යක්ෂණිය) අපට දෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් යක්ෂයින් ලංකාවෙන් පිටමන් කළ බවට වන වාර්තා අතිශයෝක්ති වර්ණනා බවයි. ඉහත කරුණු ජොසෙෆ් විසින් මනාව ස්පර්ශ කර ඇති බවයි මගෙත් අදහස. මේ තවත් පැත්තක්.

    එමෙන්ම, මා ඉදිරිපත් කළ පූජාවලිය උපුටනය කියෙව්වොත්, ඔබලාට පෙනේවි එහි අරමුණ යක්ෂයින් ලංකාවෙන් පලවා හැරීමට වඩා යක්ෂයින් ලවා ලංකාද්වීපය බුදුරදුන්ට පූජා කරවා ගැනීම බව. මේ කතාවේ මා දකින වැදගත්ම කරුණ එයයි.

    1) බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය -- යක්‍ෂයෝ ලංකාද්වීපය බුදුරදුනට පූජා කරති.
    2) දෙවන ලංකාගමනය -- නාගයෝ ලංකාද්වීපය බුදුරදුනට පූජා කරති.
    3) තෙවන ලංකාගමනය -- දෙවියෝ ලංකාද්වීපය බුදුරදුනට පූජා කරති.

    පසු කාලීනව සිංහලයන් බවට පත් වූයේ මෙකී කොටස් තුනට අයත් ජනතාවයි (මේවා ගෝත්‍ර යැයි කීම අපහාසයකි !). තම තම වරිගයේ පැරැන්නන් විසින් ලක්දිව බුදු රදුනට පුදා ඇත්නම්, වර්තමාන පරම්පරාව බුදුදහමට අනුගත කර ගැනීම පහසුවකි. මෙකී කතා අතිශයෝක්තියෙන් නිර්මාණය වන්නට ඇත්තේ ඒ නිසා යැයි නිගමනය කිරීම සාධාරණයැයි සිතමි. මේ මා දකින තුන් වන හා වැදගත්ම කෝණයයි.

    සියළු දෙනාගේම ප්‍රශ්න වලට පිළිතුරු දීමට උත්සාහ ගතිමි. ඔබලා හා සාකච්ඡාව සතුටකි. අසනීපය නම් දැන් සුවයි. ඒ ගැන ඇසුවාට ස්තුති කරමි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJanuary 30, 2013 at 8:09 AM

      බොහෝ කරුනු මනාව ස්පර්ශ කොට ජෝසප් විසින් අදහස් දක්වා ඇති බවට වන ඔබගේ කථාව ගැන මමද එලෙස සිතමි. මා දකිනා හැටියට යම් එක් කරුනක් එක් විටම බොහෝ කෝනයන් ඔස්සේ දැකීමෙහි හැකියාවක් ඔහු සතුය. එමෙන්ම ඔහු අදහස් දැක්වීමේදී ඒ ඒ කෝනයන්ගෙන් ඔහු දුටු දැක්ම ප්‍රකාශ කරනවා විනා දුටු කෝනය ප්‍රකාශ නොකිරීමද ඔහුගේ හැටියකි. එම නිසා ඔහු කියන්න වටහා ගැනීමට ඔහු යමක් දුටු කෝනය කියවන්නා විසින් ක්ශනයකින් වටහා ගත යුතුය. නැතහොත් ඇති වන්නේ මත ගැටුමකි.

      Delete
  7. මේ සාකච්ඡාවේ තම අදහස් ඉදිරිපත් කර ඇත්තේ ජොසෙෆ් හා මා පමණයි. අප දෙදෙනාගේ අදහස් සළකා බැලූ විට:

    1. බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළහ.
    2. මහියංගනයට වැඩම කල උන් වහන්සේ යක්ෂයින් ලක්දිවින් පලවා හැරියේ නෑ.
    3. බුද්ධ පරිනිර්වාණය වන විටත් ලක්දිව යක්ෂයින් සිටියා.
    4. වැද්දන් පැවතෙන්නේ විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙනි (මේ දෙදෙනාගෙන් පැවතෙන්නේ පුලින්දයන් බවයි මගේ මතකය. පුලින්දයන් යනු වැද්දන් බව ජනප්‍රිය විශ්වාසයයි. පුලින්දයන්ගේ ලක්ෂණ අද ප්‍රකට කරන්නේ වැද්දන්ය)
    5. සිංහලයා යනු යක්ෂ නාග සහ දේව යන තුන් කොටසේ එකතුවයි (රාවණ ලෝලීන් මීට රාක්ෂ යැයි තවත් කොටසක් එකතු කර ගනිති)
    6. සිංහලයා ඇති වුනේ පණ්ඩුකාභය රජ සමයේ වුවත්, සිංහලයා සිය සංකේතාත්මක අනන්‍යතාවය ලබා ගන්නේ ඊට පෙර ලාට රටේ සිටි සිංහයාගෙනි (සිංහබාහුගේ පියා)
    7. බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා අපේ පැරණි වංශකතාකරුවෝ ජනප්‍රවාද අතිශයෝක්තියට නැගුහ.

    ඉහත කරුණු උකහා ගත්තේ ඔහුගේ සියළු අදහස් පරිශීලනය කිරීමෙන්. මේ අදහස් සමග මම එකඟයි. අප දෙදෙනා එකඟ නොවෙන තැන් ගැන සෙවීමට පෙර... (ප්‍රධානම සහ කැපී පෙනෙනම වෙනසනම්, මගේ අදහස මේ සම්පූර්ණ නාට්‍යයේ යටි අරමුණ යකුන් ලවා ලක්දිව බුදුන්ට පූජා කර ගැනුම බවත්, ජොසෙෆ් ගේ අදහස රුහුණු රටේ අනාගත වැදගත් කම දුටු බුදුන් එය යකුන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළ බවත්ය. ඒ ගැන පසුව අවස්තාව ලදොත් කතා කරමු.)

    පොඩි ළමයා හා සිතිවිළි,

    * ඔබලා ඉහත කරුණු 7 සමග එකඟ වෙනවාද? ඒ ඇයි?
    * එකඟ නොවන්නේ නම් ඒ කවර කරුණු හේතු කොටගෙනද?

    ReplyDelete
    Replies
    1. සිතුවිළිJanuary 31, 2013 at 8:18 AM

      මිතුර "කේ"
      සාකච්චාව නැවතත් මගට යොමු කරගැන්ම අගය කරමි.
      මෙතෙක් මා මේ කරුනු ගැන මාගේ මතවාද ඉදිරිපත් කිරීමෙන් වැලකී ඔබගේත් මත ඉදිරිපත් කල ජෝසප් ගේත් මත පැහැදිලි කරගැන්මක යෙදුනි, පොඩි ළමයාත් එයම කලායැයි සිතමි.
      1, මා එය එසේයැයි සිතමි.
      2,කොතැනින් කොතැනටද යන්න නොව, පලවා හැරියා යන මතය මා පිළිනොගනිමි
      3, පැහැදිළිවම පිළිගත හැක
      4, වංශ කථා අනුව අප එසේ පිළිගත්තද, මා සිතන්නේ 2500 වසරක දීර්ඝ ඉතිහාසය තුල දියුනු සමාජයෙන් කොන්වූ හෝ පලා ගිය නොයෙකුත් මිනිසුන්ගේ බලපෑම් සහිතව විශාල වෙනස් වීම් වලට බඳුන් වෙමින් පැමිනි ජන කොටසක් විය හැකි වැද්දන් පැහැදිලි මූලයක් සහිත බව මට පිළිගැනීම අසීරුයි. මා සිතන හැටියට අද සිටින වැද්දන් බොහෝ සේ කලවම් උනු එහෙත් පැවැත්ම උදෙසා මීට සිය වසරකට පෙර පමණ දක්වාම එකම ජීවන රටාවක් පමණක් පවත්වාගත් ජන සමූහයක් ලෙසිනුයි. අද එම ජීවන රටාව හා භාශා භාවිතයද හුදු ආටෝපයක් පමණක් වී ඇත. මා දකිනා හැටියට අද ඔවුන් මූලික ජන ප්‍රවාහයට හැකි ඉක්මනින් මිශර විය යුතුයි.
      5, සිව් හෙලයක් ගැන කථා කරනා බැවින් මෙ පිළිබඳ මාගේ මතය පැහැදිලි නැත, මා රාවණා ලෝලියෙකු නම් නොවෙයි.
      6,සිංහලයා නොව මා සිතනායුරින් සිංහල රාජ වංශය ඇති වන්නේ පණ්ඩුකාභයගෙනි.
      ලාට රටේ සිංහයාගෙන් අනන්‍යතාවය ලබා ගැනීම විශ්මිත කථා පුවතට බැඳි ලොබ නිසා වූවක් විය හැක, මන්ද සිංහයාට ඇති නෑදෑ කම පණ්ඩුකාභය වන විට මව් පාර්ශවයේ ඤාති කමක් වන බැවිනි. එසේනම් කපිල වස්තු පුරයේ සුදොවුන් රජ පරපුරට ඇති මව් පස ඤාතීත්වය පණ්ඩුකාභයන්හට වඩා ලඟය. එහෙත් වංශ කථා කරුවාට සිදුහත් කුමරුට තිබූ ලේ ඤාතිත්වයට වඩා කොහේවත් සිටි සිංහයෙකු වැදගත් වූයේ මන්දැයි මට ගැටළුවකි.
      ලාට රටේ සිටි මිනීමරු සිංහයාට වඩා කපිලවස්තු පුරයේහි භිහි වූ ශාක්‍ය සිංහයා මට වැදගත්ය.
      7, ඔබගේ මේ මතය සාක්ශි සහිතව ඔප්පු කල හැක්කකි.

      ඔබගේ ප්‍රශ්න 7ට මා තුල ඇති පිළිතුරු මෙලෙසය.

      ඊට අමතරව, රුහුණු රට පිරිසිඳු කිරීම යන ජෝසප්ගේ මතයට වඩා යකුන් ලවා ලක්දිව සසුනට පූජා කර ගැනීමයන ඔබගේ මතයට මා ප්‍රිය කරමි.
      ( මා මෙහි කැඳවා පැමිනි ජෝසප්ට ඉන් අපහසුතාවයක් නොවේවියැයි සිතමි )

      Delete
    2. පොඩි ළමයාJanuary 31, 2013 at 8:55 AM

      කේ,

      මෙම දිනවල මදක් අවිවේකී බැවින් හැකි ඉක්මනින් පිළිතුරක් ලියන්නට උත්සහ කරන්නම්.

      Delete
    3. අංක 7 ට තව කොටසක් එකතු කරමි.

      අතිශයෝක්තියට නැගුනත් ඒවා "අපේ"ම වංශකතා වන බැවින් ඒවා එළෙසම "සම්මුති වශයෙන්" පිළිගත යුතුයි. අතිශයෝක්තිය සමගින් ඒ කතා වසර දෙදහසකට වඩා පැවතී ඇත. ඒවා එළෙසම ඉදිරි පරපුරටත් ගෙන යා යුතුය.

      ඒවා අතිශයෝක්ති කියා හෙලා දැකීමෙන් හානිය වන්නේ අපිටමයි.

      මේ ගැන ඔබ එකඟ බව දනිමි. සිතුවිළි එකඟ නොවන බවත් දනිමි; ඔහු ඒ බව කෙලින්ම කියා ඇත.

      Delete
    4. සිතුවිළිJanuary 31, 2013 at 8:13 PM

      ජෝසප් නැහැ මම ඔබගේ මේ මතය හා මා එකඟයි.

      Delete
    5. පොඩි ළමයාFebruary 4, 2013 at 7:57 PM

      කේ,

      අවිවේකී බව නිසා පිළිතුරු ප්‍රමාද වීම පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරමි.

      ඔබගේ පලවෙනි ප්‍රශ්නයට පිළිතුර.

      * ඔබලා ඉහත කරුණු 7 සමග එකඟ වෙනවාද? - ඔව්
      ඒ ඇයි? - ඒ අපේ වංශකතා වන බැවිනුත් වසර දෙදහසකටත් වඩා පැරණි ලිඛිත වංශ කතා බොරුය කියා ඔප්පු කරන්නට කෙනෙකුට හැකිනම් එසේ කරන්නට යාමෙන් අපේ කුණු අපම සොදාගත යුතු වන නිසාත්ය.

      විශේෂයෙන්ම, ලොව බලවත් අමෙරිකාවටත් ඇත්තේ වසර පන්සියයක් තරම් සුළු ලිඛිත ඉතිහාසයක් වන විට අපේ මුතුන් මිත්තන් ඇමෙරිකානුවන්ට වඩා ඉදිරි පරම්පරාව ගැන සිතා කටයුතු කොට තිබීම පිලිබඳ ආඩම්බර වීමට සිංහලයන් ලෙස අපට හැකි නිසාත්ය.

      * එකඟ නොවන්නේ නම් ඒ කවර කරුණු හේතු කොටගෙනද?

      මෙම ප්‍රශ්නයටනම් මාගේ පුංචි මනසට තට්ටුවක් දැමූ පමණින් හේතු විශාල ප්‍රමාණයක් සොයා ගත හැකි අතර ඉන් කිහිපයක් පහත පරිදිය.

      1. බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළහ.
      අසා ඇති පරිදි බුදුන් මහියංගනයට වඩින්නේ සමන් දෙවියන්ගේ අරාධනාවකට අනුවයි. මෙන්න මට පැටලෙන තැන.

      1. ඇයි දෙවිවරු සම්බන්ද කතා අපට ඉතිහාසයෙන් පමණක් අසන්නට ලැබෙන්නේ?
      2. දැන් මේ දෙවිවරු ඉන්නේ කොහිද?
      3. චූලෝදර මහෝදර සටන නවත්වන්නට ලක්දිවට පැමිණෙන්නට බුදුන් කෙනෙක් සිටියානම්
      සිරිමාවෝ-විජේවීර
      ජේ. ආර්.-විජේවීර
      ප්‍රේමදාස-ප්‍රභාකරන්
      චන්ද්‍රිකා-ප්‍රභාකරන්
      මහින්ද-ප්‍රභාකරන් දක්වා දිවගිය සටන් නිසා නැති වී ගිය ලක්ෂ සන්ක්යාත මිනිස් ජීවිත බේරා ගැනීමට මෙම දෙවිවරු මැදිහත් නොවුනේ මන්ද?

      මෙම ප්‍රශ්න ඇති වීමට මුල වන්නේ අප ජීවත් වන්නේත් බුදුන් ඉපදුනු ලෝකයේම වීමත් ඉන්පසු අඩු තරමින් ලෝක අවසානයක් ගැනවත් ඉතිහාසය සාක්ෂි නොදැරීමත් නිසාය.


      Delete
    6. පොඩි ළමයාට:
      බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළේ සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව බව මමනම් කිසි තැනක කියවා නැත. මේ ගමන කෙරෙන්නේ සම්පුර්ණයෙන්ම උන් වහන්සේගේ කැමැත්ත මතය. සමන් දෙවියන්ගේ ආරාධනයක් ගැන කතා කිරීමත් අපහාසයක් යැයි සිතමි. එබැවින් ඔබ ඒ අදහස අතහැර ලන්න, ඔබේ පැටලුම ලිහෙනු ඇත.

      දැන් ඔබේ නියම ප්‍රශ්න වෙතට:

      1. මෙය වැරදි වැටහීමකි. දෙවිවරු සම්බන්ධ කතා අදටත් අසන්නට ලැබේ. රජරට වකුගඩු රෝගය සම්බන්ධ කැලණිය විශ්ව විද්‍යාලයේ 'ආසනික් ප්‍රවාදය' උදාහරණයක් ලෙස දෙමි. ඒ ගැන හාංකවිසියක්වත් නොදන්නා බවනම් කියන්න එපා. දේව ආරුඪයෙන් ශාස්ත්‍ර කියන තැන් හා දේවාල බොහෝ ඇත. මේ බෞද්ධයින් අතරයි. ක්‍රිස්තු භක්තිකයින් හා ඉස්ලාමය අදහන්නන් සතිපතා (ඉරිදා/සිකුරාදා) ඔවැනි දේව කතා කතා සංස්කරණය කරති. හින්දුහු දිනපතා අළුත් දේව කතා ගොඩ නගති. ඒ ගැන විවෘතව දැකීම පමණි ඔබ කළ යුත්තේ.
      ---------------

      2. මේ ප්‍රශ්නයට ඒකාංශ පිළිතුරක් නැත. ඔබ පැනය විමසන්නේ කවර දෙවි වරුද යන්න මත පිළිතුර වෙනස් වේ.
      ---------------

      3. මේ ප්‍රශ්නය ඇසීමේ වැරද්දක් ඇත.

      ඔබ පටන් ගන්නේ "චූලෝදර මහෝදර සටන නවත්වන්නට ලක්දිවට පැමිණෙන්නට බුදුන් කෙනෙක් සිටියානම්..." ලෙසයි. ඔව්! චූලෝදර-මහෝදර යුද්ධය පමණක් නොව ශාක්‍ය-කෝලිය යුද්ධය නවත්තන්නටත්, විඩුඩභගේ කිඹුල්වත්පුර ආක්‍රමණය නවත්වන්නත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එහෙත් බුදු වරයෙක් ලොව පහල වන්නේ යුද්ද වැලැක්වීම පිණිස නොවේ.

      ඔබ අවසන් කරන්නේ "...නැති වී ගිය ලක්ෂ සන්ක්යාත මිනිස් ජීවිත බේරා ගැනීමට මෙම දෙවිවරු මැදිහත් නොවුනේ මන්ද?" ලෙසිනි.
      * දෙවිවරුන්ට එවැනි වගකීමක් ඇතැයි ඔබ සිතන්නේද? එසේ සිතීමට හේතු මොනවාද?

      ඔබ බෞද්ධයෙක් ලෙස දැන ගත යුතු මූලික කරුණක් නම් සත්ත්වයා තම තමන්ගේ කටයුතු ගැන බලා ගත යුතු බවයි. බුදු දහමේ දෙවියන් මිනිසාට ඉහළින් නැත. මිනිසා කෙරෙහි දෙවියන්ගේ ආධිපත්‍යයක් නැත. දෙවියන්ට මිනිසා ගැන වගකීමක් නැත. උපමාවකින් කීවොත්, ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදාව විසින් කරන යුධ අපරාධ ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවට ඇති වගකීමට වඩා වැඩි වගකීමක් සිරිමාවෝ-විජේවීර ගැටුමේ සිදු වූ මරණ ගැන ශක්‍ර දේවේන්ද්‍රයා අත නැත.

      ඔබ වෙනත් ශිෂ්ඨාචාර හා ඒවායේ පුරාවෘත, විශේෂයෙන් මහාභාරතය හා ඉලියඩ් යන වීර කාව්‍ය, අධ්‍යයනය කළොත් ඒවායේ මිනිසුන් හා එක්ව යුධ වදින හා මිනිස් කණ්ඩායමකට එරෙහිව යුධ වදින දෙවි වරු ගැන දැන ගත හැක. ඔවුහුද අප වැනිම කෙලෙස් සහිත සත්ත්වයෝය. යුධ වැදීම හා යුධ නිවාරණය සම්බන්දයෙන් අපට උපදෙස් දීමට රොබට් ඕ බ්ලේක්ට ඇති අයිතියට වඩා අයිතියක් දෙවියන්ට නැත.

      * එසේනම් රොබට් ඕ බ්ලේක් ලංකාවට අත දැමීමටත් දෙවියන් නොදැමීමටත් හේතුව කිම:
      රොබට් ඕ බ්ලේක්ගේ සහ ඔහු නියෝජනය කරන කොට්ඨාශයේ මනෝභාවයයි. තමන් වෙනුවෙන් ලෝකය මවා ඇති බව සිතන, තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් ලෝකය පවතින බව සිතන, ලෝකයේ අධිපති බව තමන් කෙරෙහි ඇතැයි සිතන, ලෝකය තම කැමැත්තට නතු විය යුතු බව සිතන සත්ත්ව කොට්ඨාශයකට බලය ලැබුණු විට සිදු වන සන්තෑසිය තමයි මේ...

      ලෝකය තබා තමාගේ කලේබරයවත් තමන් නතු කර ගත නොහැකි බව දන්නා ජන කොටසකට ඔබ අසන ආකාරයේ ප්‍රශ්නයක් ඇති විය හැකි නොවේ.

      Delete
  8. අපේ සිංහල කම හා ආගම අපිම නැති කර ගන්නවාට වඩා , මිට වඩා අවදානම් සහගතව ක්‍රියා කරනවා නම් මැනවි කියලා සිතෙන්නේ නැද්ද ඔබ සැම දෙනාටම?

    ReplyDelete
    Replies
    1. අවදානම් සහගතද නැත්නම් අවධානයකින් යුතුවද?

      Delete
  9. සිතුවිළිFebruary 3, 2013 at 8:13 AM

    "කේ"
    කැළණියට රැස් වන ජනයා බොහෝ කුසල් මෙන්ම අකුසල්ද රැස් ජර ගනී යන ඔබගේ මතය පිළිබඳවත් යමක් පැහැදිලි කරගනිමු.
    ඔබ කියන්න අදහස කැළණියට සීම වූවක් නොවන අතර බෞද්ධයාගේ පන්සල් ආස්‍රයේ සමස්ත වැරදි භාවිතය ඔබ මින් දැක්වූවාද?
    එසේනම් පොදු යහපත තකා මේ වඩා විමසිය යුතු කරුනක් නේද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් k ගේ ලිපියක උත්ප්‍රාසය කැටි කර මුදා හරින්නේ අවසන් වාක්‍යයෙන් වුවත් එය කතාවේ අපේක්‍ෂිත පණිවුඩය නොවීමේ ඉඩකඩක් ඇති බව මා නිරීක්ෂණය කර ඇත. ඔහු මීට පෙර 'බස් රථ සඳහා පෙරගෙවුම් තාක්ෂනය' ලිපියේදී මේ අදහස මම ඔහුට ඉදිරිපත් කළෙමි. ඔහු ඉන් මග හැර ගියේය. මෙතැනත් මා දකින්නේ එයයි. අවසන් වාක්‍යය නියම ලිපියට කිසි සේත් සම්බන්ධ නැති දෙයකි. ඔය අදහස සාකච්චා කළ යුතු දෙයක් නොවන බව මගේ අදහසයි. එය සාකච්චා කිරීමෙන් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැත.
      සිතිවිළි පෙන්වා දෙන වාක්‍යයේ උක්තය "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ යන ජන ගීය අදහන සිංහලයෝ"ය. ජනගී අදහන සිංහලයෝ තබා කිසිදු ජන වර්ගයක් නැත. මෙය ඔහු කතාව අවසන් කිරීම පිණිස යෙදූ සැරසිල්ලක් පමණි.
      පොඩි ළමයාගේ විග්‍රහය ගැන මම මිට වඩා උනන්දුයි.

      Delete
  10. සිතුවිළිට:

    ඔබ වැරදි උපුටනයක්‌ ගෙන ඇති බව ජොසෙෆ් කියා ඇත. ඔහු වැරදි නැත, එහෙත් ඔබත් වැරදි නැත. මා ලියා ඇත්තේ මෙසේය.

    "වාර්ෂිකව පැවැත්වෙන කැළණි මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ යන ජන ගීය අදහන සිංහලයෝ වසරේ මුල්ම පෝය ලෙස සැළකෙන දුරුතු පෝ දිනට කැළණියට එක් රැස්ව බොහෝ පින් සහ බොහෝ පව් රැස් කර ගනිති."

    කැළණියේ දුරුතු මාසයේ පෙරහැර පැවැත්වේ. කැළණිය මේ කාලයට එකම සැණකෙළියකි. මේවා ගැන ප්‍රචාරය කෙරෙන්නේ මිනිසුන් තව තව අද්දා ගැනීම පිණිසය. මතුපිටින් බැලූ විට මහා පින්කමකි. එහෙත් යටින් දිවෙන්නේ පස්-පව් ගංගාවකි.

    මා කියන්නේ කැළණි පන්සලේ හිමිවරු පව් කරන බව නොවේ. එහෙත්, උත්සව සංවිධානය යනු බොහෝ මිනිසුන් සම්බන්ධ වන බොහෝ මුදල් සංසරණය වන බොහෝ පව් සිදු වීමට අවශ්‍ය පරිසරය සපයන තෝතැන්නකි. මෙතැන තාවකාලික කඩ/ ලෑලි කඩ බෙදා දීමේ සිට අළුත්වැඩියා කිරීම් දක්වාත්, පිරිසිදු කිරීම් කිරීමේ සිට හිඟා කෑම දක්වාත් වැඩිපුර කර ගන්නේ පව්ය, අඩු තරමින් අකුසල්ය.

    වන්දනාවේ කියා එන මිනිස්සු ගැන බැලුවොත්, සමහරු එන්නේම පව් සිදු කර ගැනීම උදෙසාමය (උදා:බොරු හිඟන්නන්/ බොරු ආධාර එකතු කරන්නන්/ ගැට කපන්නන්/ සෙරෙප්පු හොරු/ අඟපසඟ ප්‍රදර්ශනය කරන්නියන් - ඒවා බැලීමට පැමිණෙන්නන්, සහකාරියක්-සහකරුවෙක් සොයා ගැනීමට පැමිණෙන්නන්, තාවකාලික වින්දනයක් සොයන්නන්, මත් ලෝලීන්, කෙළි ලෝලීන්, සිහිවටන මිලදී ගැනීම පිණිස සහ විනෝද ගමන් එන අය...). එවැනි අරමුණකින් නොඑන බහුතරය පවා මුලින් කී අයගේ ක්‍රියා කලාපය නිසා හිත නරක් කර ගැනීමෙන් (ද්වේශ උපදවාගෙන) පව් සිදු කර ගනී. මේ කාලයට සිදුවන ශබ්ද දූෂණය සහ පරිසර දූෂණය කොතෙක්ද!

    සියල්ල මෙසේ සිදු වන අතර "උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" කියා ජන ගීද කියති; එසේ කියා මහා හඬින් සිනාසෙති. මෙන්න මේවා ගැනයි මා ඉඟි කළේ.

    සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම්, කැළණිය අපේ ප්‍රස්තුතය වුවත් ලංකාව පුරාම සිදු වන්නේ මේ කටයුත්තම බවයි. මෙය කැළණියට ආවේනික නැත. එසේම බෞද්ධ සිද්ධස්ථාන වලට පමණක් ආවේනිකද නැත. අන්‍ය ආගමිකයින් ස්වකිය උත්සව අවස්ථා වල බෞද්ධයින්ට වඩා බොහෝ පව් රැස් කර ගනිති. ඒ අතින් නම් බෞද්ධයින්ට සතුටු විය හැක. එහෙත්...

    සැබෑ බෞද්ධයා විසින් කළ යුත්තේ අපිට වඩා අරුන් පව් කරනවා යැයි කියා සතුටක් ලැබීමද?

    ReplyDelete
    Replies
    1. හුදෙක් මිනිසුන් වන්දනා වේ යන්නේ පිං බලාපොරොත්තුවෙන් නොව "කේ" කියන ලද අභිමතාර්ථ වෙනුවෙන්ය කියන එකට මමත් එකගයි. හිත හොදින් වන්දනාවේ යන අපටද අවසානයේ ඉතුරු වන්නේ හිත කලකිරීමට පත් වීම නොවේද?

      Delete
    2. සිතුවිළිFebruary 6, 2013 at 5:12 PM

      ජෝසප් කියන අවසන් වැකිය හුදු සැරසිල්ලක් පමණි යන කාරනය "කේ" අරඹයා සත්ත්‍යය විය හැක. එහෙත් මා කේ ගේ මෙම වැකියෙහි අරුතක් දුටිමි. එය ප්‍රශනකළේ එබැවිනුයි.
      අන්‍යාගමිකයන් පින් නමින් බොහෝ පව් රැස් කිරීම සාකච්චා කිරීමෙන් පලක් නැතැයි සිතමි. නැති දෙවියෙකු ඇතැයි සිතා යාඥා කිරීමම මෝහය මූලිකව කරනු ලබන අකුසල් වැඩීමකි. ලෞකික සුඛ විහරනය පතා නොයෙකුත් දේ යැදීම තෘශ්නාව මූලිකව බැවින් අකුසල් වැඩීමකි. අනෙකෙකුට වඩා තමනට ඉල්ලිම හෝ අකෙකෙකුට අයහපත පැතීම ද්වේශය මූලිකව බැවින් අකුසල් වැඩීමකි. එය බෞද්ධයාගේ පන්සල් ගමන හා කොහෙත්ම සැසඳෙන්නේ නැත.
      කෙසේ වෙතත් දැන් දැන් ප්‍රථිශතාත්මකව සිහියෙන් පන්සල් ඇසුරු කරන්නන් වැඩි වෙමින් ඇති බවක් පෙනෙනවා. එහෙත් ඔබ කියා ඇති කණ්ඩායම් වල හැසිරීම නිසා ඔවුන්ද කලකිරීමටත් උකටලී බවටත් පත්වෙනවා.

      එසේම ගරුතර භික්ෂූන්ගේ අනුශාසනා මත පවතින මහා බෞද්ධ සංවිධාන මත් වතුරින් දුම්වැටියෙන් තොර සාද සංවිධානය කරනවා, ගීතයෙන් නැටුමින් කෑමෙන් බීමෙන් සප්පයම් වනවා. එහෙත් එවන් බොදු සංගම් වසරකට එකක්වත් අඩු ගනනේ තම සාමාජිකයන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයට යමක් කරනවාද.
      පොහොයට පන්සල් වැඳීමට එහා ගිය (වරක් වැන්දොත් කැළණියේ ) අධ්‍යාත්මික වර්ධනයකට පොදු බෞද්ධයා යොමුකරවීමක් පවතිනවාද?
      වරද පන්සල් යන බෞද්ධයාගේමද?

      Delete
  11. සිතුවිළිFebruary 5, 2013 at 8:35 AM

    මිතුර කේ සහ ජෝසප්,
    මෙයනම් පිළිතුරක් දිය යුතුම අදහසකි, කාලය බාධා බැවින් කමන්න.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !