Monday, September 30, 2019

ගම් මට්ටම්-බිම් මට්ටම්-තම්මැට්ටම් ජනාධිපති

ඔය අපේක්‍ෂක කම දීපං ලමේකුට
එක්සත් ජාතික පාක්‍ෂිකයන් පුල පූලා බලා සිටි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය දා නම් කෙරිණ.

ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආර්යාවගේ ප්‍රේමනීය ස්වාමි පුරුෂයා වූද, එක්සත් ජාතික පක්‍ෂයේ එම ධුරය වැඩිම කාලයක් දැරූ නියෝජ්‍ය නායකයා වූද, ගම් මට්ටම් බිම් මට්ටම් තම්මැට්ටම් ස්වකීය පරචිත්ත විජාණනඥාණයෙන් හා බාහු බලයෙන් ඌර්ධවපාතනය කළා වූද, දුගී දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සදාවන්දනිය නායක තුමා වූ ද, ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය™ ලෝකයට මුල් වරට හඳුන්වා දුන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ උදාගම් පිළිබඳ අමාත්‍ය සදා ලෝක පූජිත ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස උතුමාණෝ ය.




එතුමාගේ නොවරදින ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට මුළු රටම ලක ලැහැස්ති වී සිටියත් පොඩි පරහකට තිබෙන්නේ වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මනස කියැවීමට පවා සමත් උමන්දාවේ මහෞෂධ පඬි තුමාට නොදෙවෙනි ප්‍රඥා සමූහයක් ඇතිව වැඩ වදාරණ උත්තම පඬි රුවනක් වන අජිත් කොලොඤ්ඤ ආචාරී තුමා සහ තවත් ඔහුටම නොදෙවැනි උතුම් ඥාණ ඇති පඬි රුවන් දුසිම් ගණනක් විසින් තම තමන්ගේ තුන් කල් දකින ණුවන් මෙහෙයවා සතර ලෝකයම බලා මෙවර ජනාධිපතිවරණය දිනන අපේක්‍ෂකයා යැයි මහත් උජාරුවෙන් ඉදිරිපත් කර තිබෙන මහේෂ් සේනානායක ගරු හිටපු හමුදාපති තුමාය. අස්වැසිල්ලකට තිබෙන්නේ සුද්දන් විසින් සිලෝන් කොළනියට ප්‍රජාතන්ත්‍රවාදය නම් භූතාත්මය පටවන සඳ සර්වජන ඡන්ද බලය නම් මහා බලවත් ප්‍රපංචයක් වෙන් කළ නොහැකි ලෙස ඈඳා තිබීමයි.

මේ කියන සර්වජන ඡන්ද බලය යටතේ සෑම පුරවැසියෙකුටම (හෙවත් රටවැසියෙකුටම) ලැබෙන්නේ එක ඡන්දය අයිතියකි. භාවිතා කරන්නාගේ තරාතිරම නොබලා එකී සෑම ඡන්දයකම අගය (හෙවත් වටිනාකම) එක සමාන වේ. රටම එක ඡන්ද කොට්ඨාශයක් ලෙස සැළකෙන ජනාධිපතිවරණයකදී උක්ත කරුණ විශේෂයෙන් බලාත්මක වේ. සුද්දන් විසින් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එකතු කර දමා ගිය කළු පැල්ලම වන සර්වජන ඡන්ද බලය නමින් හැඳින්වෙන මේ දුර්ගුණය හේතුවෙන් අර ප්‍රඥාවන්තයන් දුසිම් ගණන විසින් තමන්ගේ ප්‍රඥාව පරිදි මේ රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වැළකී තිබේ. ඒ අපේ කතාවේ කතානායක (පාර්ලිමේන්තුවේ කථානායක නොවේ) ගරු සජිත් ප්‍රේමදාස මැතිදුන්ගේ වාසනා මහිමය නිසා සිදු වූවකි.

ලාංකික දේශපාලනයේ සත්‍යවාදී භාවයේ ප්‍රතිමුර්තිය වන ගරු ධීවර සෞඛ්‍ය ඇමති නැව්පති සුවපති රාජිත සේනාරත්න මහතාගේ අනාගත වාක්‍යය අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේවත් නැත (මේ බව සැක නොකළ යුත්තේ යහපාලන අධිකරණයේ සහ ක්‍රමවේදයේ ස්වාධීනත්වය ගැන සොලිසිටර් ජනරාල් වරුන් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ සුහද ගම්ලත් යන අයගේ චරිත සහතික ඇති බැවිණි). රනිල් වික්‍රමසිංහගේ අපේක්‍ෂාවේ අපේක්‍ෂකයාගේ අපේක්‍ෂාව ද පැහැදිළි ය. ඒ රාජපක්‍ෂලාට හැකි තාක් මඩ ප්‍රහාර එල්ල කිරීමයි. ඒ මිස ජනාධිපති වීමේ අපේක්‍ෂාවක් ඌට නැත. ආණ්ඩුවේ කෙරුවාව හේතුවෙන් විදෙස් ශ්‍රමිකයින් ද ලංකාවට කරන ප්‍රේෂණ නවතා ඇති මේ කාලයේ නාගයා ද උන්ගෙන් මුදල් හදල් ටිකක් එකතු පැහදු කර ලංකාවට ගෙන ඒමෙන් රට වෙනුවෙන් තම යුතුකම ඉටු කර රඟ මඩලින් බැස යනු ඇත.

ඉහත සමාලෝචනය අනුව සිදු විය හැක්කේ නොවැම්බර 17 ගරු සජිත් ප්‍රේමදාස ජනාධිපති වශයෙන් ජලනි ආර්යාව ඉදිරියේ දිවුරුම් දීමත්, මිනිත්තු පහකින් රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් ජනාධිපති ප්‍රේමදාස ඉදිරියේ දිවුරුම් දීමත්, සදා ලෝක පූජිත සජිත් ප්‍රේමදාස උදාගම් පිළිබඳ ඇමති වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමත්, හේෂා විතානගේ ජම්පර පිළිබඳ ඇමති වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමත් ය. ඉන් පසුව නොවැම්බර 18 දා උත්සව ශ්‍රීයෙන් ජම්පර පිළිබඳ ඇමති ගෝඨාභයට ජම්පර අන්දවනු ඇත.



මේ අතර වෙනත් ලෝකයක නොවැම්බර 18 දා ලංකාවේ ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය සොහොයුරු පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂට උපන් දිනයට සුභ පතා කේක් කෑල්ලක් (ඔව්, කිරිබත් නෙවෙයි) කවනු ඇත. ප්‍රසිද්ධියේ කිරිබත් කන තරමේ සිංහල කමක් මහින්ද රාජපක්‍ෂගෙන් මිස අනෙක් රාජපක්‍ෂලාගෙන් බලාපොරොත්තු විය යුතු නැත.

2 comments:

  1. ලසන්ත මරපු දවසේ හවස දෙක වෙනකොට ඉල්ලා අස්වෙන බව රාජිත කිව්වම එපා එපා මමත් ලසන්ත මරපු කෙනා හොයනවා කියලා මහින්ද උත්තර දුන්බව ඔය කතාවෙම කියවුනා.ලසන්ත මියගොස් දහ අවුරුද්දක් ගතඋනා. මහින්ද රාජිත රනිල් යන තිදෙනාටම ලසන්තගේ මිනීමරුවා තාම හොයාගන්න බෑ. ලසන්ත කියන්නේ කවුද? කියලා ඇහුවෙ ගොටාභය මහත්තය විතරයි.පැරදුනාම දැනගන්න පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක්!

    ReplyDelete
  2. Ano, Lasntha is one person (I do not agree with any killings), just have a look at the tamilnet.com (still active) to see the numbers of how both sides killed civilians.

    JVP+Premadasa killed 60,000, CBK did not investigate even Vijaya killing. It is easy to say Gota or SF did kill Lansantha, but where is the evidence?

    As for S.Premadasa as a President, how can you trust a country with a person who has not earn a single cent doing a job?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !