සතියකින් මෙන්න එනවා රට ලියුමක්. ලියුමක් කිව්වට email එකක්. අපුච්චා ඕව කියවන්න දන්න එකක්යැ. ඒවාට තමා ලේකම්ලා ඉන්නේ.
ආදර පියේ,අපුච්චා පොළොවේ අඩි හැප්පුවා... එහෙම ලජ්ජා වෙන්න දෙන්න පුළුවන්ද මගේ කොල්ලට, එයා තමන්ටම මුණු මුණු ගා ගත්තා.
ලන්ඩන් නම් පට්ට ආතල්, ලංකාව වගේ පීචං නෑ, සිරා බඩු. දවසක් දෙකක් ගියා මට වැඩ ටික අල්ලා ගන්න, දැන්නම් ඔක්කොම හොයා ගත්තා. මම මෙහෙට කැමතියි, මං ගැන බය වෙන්න එපා.
පූංචි අවුලකට තියෙන්නේ මම විතරක් ලම්බෝර්ජිනි එකේ එනනකොට, අනිත් උන් ඔක්කොම එන්නේ රේල්ලුවේ. මට නිකං අවුල් වගේ. වෙනනම් කිසි ප්‍රශ්නයක් නෑ.
මීට,
සුදු පුතා.
"ලියපන් මෙහෙම!"
ගෝරනාඩුව අහපු ලේකමා ගැහි ගැහි ලියන්න ගත්තා.
ආදර සුදු පුතා වෙත ලියා දන්වන වගනම්,එහෙම ලියපු ලේකමා ඒ ලියමන තැපැල් කළා, ඒ කියන්නේ email එක send කළා.
උඹේ ලියමන අම්මයි මායි කියවා බොහෝ දුක් උනෙමු. අපේ පරම්පරාවේ එකෙක්වත් කිසි දේකට ඔහොම ලැජ්ජා වී නැත.
මම උඹේ නමට ලස්ස දෙසීයක් ඩොලර් වලින් දාන්නම් හෙටම, මොකෝ අපේ සල්ලියැ. උඹ වහාම ගිහිං ගනං වැඩිම තැනින් ගනිං රේල්ලුවක්, උඹේ නමටම, අපේ මූනේ දැලි නොගා.
උඹට රත්නත්තරේ සරණයි, කාලි දේව මෑණියන්නේම පිහිටයි.
මේ වගත් එසේම,
උඹේ ඩැඩී - හැඩි දැඩී
හිඃ හිඃ හී !
ReplyDeleteබඩ අල්ලන් හිනා උනා... නියමයි.
හැබැයි කොල්ලෝ අන්තිම චුට්ටක් අඩුයි නේද කතාවේ??? ඒ චුට්ටත් තිබුනනම් එළම එළ කිරි.
ම්හ්... මොනවද අඩු? මම දන්න කතාවේ තියෙන්නේ මේ ටික තමයි.
Deleteහරි හරි... ඔය කතාවේ චරිත වල නම්-ගම් නෑනේ... කතාව කොච්චර තාත්විකද කියනවානම් මම හිතෙන්ම චරිත වලට නම් දාගෙනයි කියෙව්වේ. මම අඩුයි කිව්වේ, "නම් ගම් මනඃකල්පිතයි" කියන කෑල්ල. ඒත් ඉතිං නම්-ගම් නැති කතාවකට එහෙම ලියන්න බෑනේ.
Deleteසිතුවිළි, ඒ පරණ කථාව කියවීමටත් අපි කැමතියි.
ඒකනේ...
DeleteThis comment has been removed by a blog administrator.
Deleteපරන කථාවකට අලුත් චරිත අදේශ කරලා!!!
ReplyDeleteකථාවනම් පංකාදු පහට ගැලපෙනවා.
අපේ සල්ලිත් ඔය වගේ තමයි රෝල් වෙලා යන්නේ. ඒ ගැන දුකක් දැනුනේ නැද්ද කාටවත් ?
ReplyDeleteෂ් ෂ් ... කාටවත් ඇහෙයි !
Delete