Wednesday, October 25, 2017

අපි වෙමු ලෝ සුරුවෝ !

අරිසෙන් අහුබුදු ශූරීන් දිවමන්ව සිටියේ නම් ... නෑ එක්කෝ ඕනේ නෑ.


source: www.tribuneindia.com

ලංකාවේ අපට ක්‍රිකට් උන්මාදය වැළදෙන්නේ 1996 දීය. එදා සිට අද දක්වා "ක්‍රිකට්" යනු සැමගේ ම නොවුණත් බොහෝ දෙනාගේ ජීවිත වල අවියෝජනීය අංගයක් විය. පරණ ඇක්සයිස් පොතක ලකුණු පුවරුවක් සාදාගෙන තරඟයෙන් තරඟයට ලකුණු සටහන් තබා ගත් අතීතයක් අපටත් තිබිණි. පසුව එය Excel වලට ඇතුල් කර පවත්වාගෙන ගියේ පසුව වෙබ් අඩවියක් පල කරන බලාපොරොත්තුවෙනි. එයට නැවතීමේ තිත තැබුණේ cricinfo වෙබ් අඩවිය විසින් අපගේ නිර්මාණාත්මක අදහස පැහැර ගැනීම නිසාය.





එකල (1996-98) එක් දින තරඟයක ලංකාව පළමුව පහර දුන්නොත් ලකුණු 300 ඉක්මවා ලබා ගන්නා බවටත් පසුව පහර දුන්නොත් ලකුණු කීය වුවත් හඹා ගොස් ජයග්‍රහණය කරන බවටත් විශ්වාසයක් තිබිණි. ලෝකයාගෙන් පහර ලබමින් නින්දා විඳිමින් සිටි ලංකා ක්‍රිකට් විසින් ලෝකයට පාඩම් දීම ඇරඹිණ. එකින් එක ලෝක වාර්තා තම නම ඉදිරියේ ලියා ගැනීම ලංකාවේ පුරුද්දක් බවට පත් විය. මතක ඇති එවැනි වාර්තා කිහිපයක්:

  • ටෙස්ට්, එක්දින සහ ඕවර 20 තරඟ සියල්ලේම වැඩිම ලකුණු ලබා ගැනීම.
  • මේ වාර්තාවන්ගෙන් තවමත් අප සතු වන්නේ ටෙස්ට් වාර්තාව පමණි.

  • එක්දින සහ ඕවර 20 තරඟ වල අඩුම ලකුණු ලබා දීම.
  • ශ්‍රී ලංකාව හැර ලොව කිසිදු කණ්ඩායමක් සීමිත ඕවර තරඟ වලදී තම ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 40 ට අඩුවෙන් දවාගෙන නැත. ඉහත විස්තර කළ අවස්ථා දෙක ඇතුළු අවස්ථා හතරක ශ්‍රී ලංකාව මේ දස්කම දක්වා තිබේ.


  • ලකුණු සම්බන්ධතා
    • ටෙස්ට්: ඕනෑම කඩුල්ලක් සඳහා ලෝක වාර්තා පොතේ මුල් ස්ථාන දෙකම සටහන් වන්නේ ශ්‍රී ලංකාව නමිනි. පළමුවැන්න 1997 දී ඉන්දියාවට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය අතර ලකුණු 576 වාර්තාව වන අතර දෙවැන්න එය බිඳ හෙළමින් 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 624 ක වාර්තාවයි. ඕනෑම කණ්ඩායමක් විසින් වාර්තා කළ මීළඟ හොඳම සම්බන්ධතාවය ලකුණු 467 පමණි.
    • එක්දින: පළමු කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාවය 2006 දී එංගලන්තයට එරෙහිව ලකුණු 286 ක සම්බන්ධතාවය උපුල් තරංග සහ සනත් ජයසූරිය අතර
    • ඕවර 20: දෙවන කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාවය 2010 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 166 ක සම්බන්ධතාවය කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අතර

  • පන්දු යැවීම
    • ටෙස්ට්: කඩුලු 800 දවාගෙන මුත්තයියා මුරලිදරන් ඉදිරියෙන්ම සිටී. දෙවැනියට සිටින ෂේන් වොන් ලබාගෙන ඇත්තේ කඩුලු 708 ක් පමණි.
    • එක්දින: කඩුලු 534 දවාගෙන මුත්තයියා මුරලිදරන් ඉදිරියෙන්ම සිටී. කඩුලු 400 හෝ ඊට වැඩි ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති. අනෙකා චමින්ද වාස් ය.
    • ඕවර 20: කඩුලු 90 දවාගෙන ලසිත් මාලිංග මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටී.

පසු කාලීනව මේ තත්වය වෙනස් විය. ලජ්ජා සහගත පරාජයන් වැලක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම විය. ක්‍රීඩාව පිළිබඳ ප්‍රවීණයන්ගේ මතය වූයේ හසල අත්දැකීම් ඇති ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගැනීම සමග කණ්ඩායමේ තත්වය පවත්වාගත හැකි මට්ටමේ නවක ක්‍රීඩකයන්ගේ හිඟය මේ වෙනසට හේතුව බවය. එහෙත් යහපාලන බුද්ධිමතුන්ගේ මතය වූයේ ම.රා.™ මැච් බලන්නට යාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ඉරණම අත් වූ බවය.

දෙවැන්න විශ්වාස කළ ශ්‍රී ලංකාවේ සබුද්ධික මහජනතාව විසින් මරා ™ මැදමුලනටම පළවා හරින ලද අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ ගරු ජුන්ටාධිපති තුමාගේ බුද්ධිමත් භාවය හේතුවෙන් බව ප්‍රකාශ කෙරිණි. මේ තත්වය ඉදිරියට ගෙන යමින් පසුගිය සතියේ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් බිඳ දැමිය නොහැකි ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.

  • ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී පිහිටවූ ලෝක වාර්තාව
    • ලොව කිසිදු රටක් මේ තාක් කල් එක්දින තරඟ 5 කින් සමන්විත තරඟාවලි දෙකකට වැඩි ගණනක් 0-5 ලෙස එක වසරක් තුල පරාජයට පත් වී (whitewash) නැත.

      2017 වසර තුල එක්දින තරඟාවලි තුනක්ම 0-5 වශයෙන් පරාජයට පත් වී ඒ අනගි වාර්තාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලියන්නට පසුගියදා සාජාහිදී අපේ කොල්ලන් සමත් වූයේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ නිවැරදි මගපෙන්වීමත් ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ආශිර්වාදයත් නිසාම පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවට සේම සූදු ක්‍රීඩාවටත් උපන් හපන් කම් ඇති ලංකා ක්‍රිකට් සභාපති තුමාගේ කාලෝචිත උපදෙස් ද ඒ සඳහා බලනොපාන්නට හේතුවක් නැත.

      මේ වාර්තාව තැබීමට ලංකාවට උදව් උපකාර කළ අනෙක් රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානයයි.

එක්දින තරඟ වල දැක්වූ මේ දස්කම් ටෙස්ට් පිටියටත් ගෙන යාම පිණිසත් මේ ලෝක වාර්තා තවත් ඉදිරියට ගෙන යාම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ක්‍රිකට් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන වලටත් දෙතිස් කතාව යෝජනා කර සිටින්නේ එළැඹෙන 2018 වසරේ 70 වෙනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය යන අභිනව ටෙස්ට් කණ්ඩායම් වලට ලංකාවට ආරාධනා කර තුන්කොන් ටෙස්ට් තරඟාවලියක් පවත්වන ලෙසයි.


අවශ්‍ය නම් බහුවිධත්වය වැඩි කිරීම පිණිස සිම්බාබ්වේ කණ්ඩායමටත් ආරාධනා කිරීමේ වරදක් නැත. වඩා වැදගත් වන්නේ ඊලාම්වාදීන්ට කප්පම් දීම පිණිස බහුතර සිංහලයා නිර්වින්දනය කර නව ව්‍යවස්ථාව හොර පාරෙන් සම්මත කර ගැනීමයි.

එක්කෝ සම්මත කර ගැනීමත් අවශ්‍ය නැත. සම්මත උනා'ය කියා කතා-සාප්පු-නායක ලවා කියවා ගත හැක. ගැසට් කරන්නේ එකක්, සම්මත උනාය කියන්නේ වෙනකක් නිසා මූලික අයිතිවාසිකම් නඩු ගැනත් බයක් නැත. ජනමත විමසුම ගැන කොහෙත්ම බයක් නැත. ඡන්දයක් නැතුව අවුරුදු දෙකක් තිස්සේ වේලි වේලී ඉන්නා මැක්කා ඒ ජිල්මාට් එක කිරි ගහට ඇන්නැහේ කර දෙනු ඇත.


අනිච්චාවත සංඛාරා !

20 comments:

  1. අර්ජුනලගෙ කාලෙ ක්‍රිකට් වල අමුතු ගැම්මක් තිබුනා. ඒ කියන්නෙ රට ගැන හිතල සෙල්ලම් කරන එක. මේක පස්සෙ කාලෙ නැතිවුනා. ක්‍රීඩකයො කිව්ව අපි ප්‍රසිද්ධ වුනේ අපේ හැකියාව නිසා රටෙන් වැඩක් නෑ. කියල ඒ කියන්නෙ සල්ලි තමා ලොකු කියන එක. මේ ආකල්පත් එක්ක තරඟ ජයගැනීම දෙවෙනි තැනට වැටුන.සල්ලි අංක එක වුනා.

    කාලෙකින් පෝස්ට් එකක් දැම්ම එක ගැන සතුටුයි. ඇත්තටම බ්ලොග් එකක් කියන්නෙ මොකක් හරි මතවාදයක් තියෙන්න ඕන. සංවාදශීලී වෙන්න ඕන . ඉතින් ඒ වගෙ බ්ලොග් තියෙන්නෙ අතලොස්සයි. එහෙම එකක පෝස්ට් එකක් මෙහෙම හරි වැටෙන එක සතුටුයි.

    කොමෙන්ට් අඩුවීම ගැනනම් වදවෙන්න එපා.බලන්න සමහර බ්ලොග් වල සියගනන් දාන කොමෙන්ට් වැඩිපුර පිටකසාගැනීම්. ඔයා කොමෙන්ට් පනහක් දැම්මොත් ඒ පනහත් ඔයාගෙ එකේ කොමෙන්ට් පනහක් දානව . මොකක්ද මේකෙ තේරුම. තේරුමක් නැති කොමෙන්ට් නම් ඕනම නෑ කියලයි මට හිතෙන්නෙ. මම නම් බ්ලොග් එක ප්‍රයිවෙට් කරල. හොඳ බ්ලොග් දෙක තුනක් බලනවා. ඒ කියන්නෙ මම තවදුරටත් බ්ලොගර් කෙනෙක් නෙමෙයි. හැබැයි දෙතිස්කතා වගෙ සංවාදශීලී බ්ලොග් දෙකතුනක් කියවල කොමෙන්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි. ඇත්ත වශයෙන්ම ඔබ හොඳ දිරි ගන්වන්නෙක්.

      මධ්‍යස්ථ මතධාරියා තමන් "තවදුරටත් බ්ලොගර් කෙනෙක් නෙමෙයි" කියා කීවත්, නැවතී තිබූ යකාගේ අඩවියේ ලිපියක් දෙකක් පල වීම දෙතිස් කතාවේ මේ ලිපිය පළ වීමට උත්තේජනයක් සැපයූ බව අවංකව පවසමි. අද වන විට දෙතිස් කතාවේ පළ වූ ලිපි 150 ඉක්මවන අතර පල නොවූ ලිපි හතලිස් ගණනකි. මින් සමහරක් දැන් කල් ඉකුත් වී ඇත, තවත් සමහරක් කවදා හෝ අවසන් කර පළ කළ යුතුව තිබේ.

      ක්‍රිකට් ගැන ඔබේ අදහසට එකඟ වෙමි. මුදල් ගැන නොව කණ්ඩායම ගැන සැළකූ පරම්පරාවේ අවසන් ක්‍රීඩකයා රංගන හේරත් ය (මින් කියවෙන්නේ ඔහු මුදල් ගැන නොසළකන බව නොවේ). නුදුරු අනාගතයේ ඔහු සමු ගත් පසු රට ගැන හිතන පරම්පරාවක් ක්‍රිකට් ක්‍රීඩා කළ බවට කිසිදු සාධකයක් කණ්ඩායම තුල ඉතිරි නොවනු ඇත.

      ක්‍රීඩක අර්ජුන සැබෑ නායකයෙකි, මහත්මයෙකි. ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ සේවය දෙවෙනි වෙතොත් ඒ අභාවප්‍රාප්ත ගාමිණි දිසානායක කළ සේවයට පමණකි. ඔහු වැනි පෞර්ෂයන් නිතර පහල වන්නේ නැත. එහෙත් එපමණකින් ක්‍රිකට් ක්‍රීඩාව අද පවත්නා තත්වයට ඔහුගේ දායකත්වය මැකී යන්නේද නැත.

      නැවතත්, ඔබට ස්තූතියි.

      Delete
  2. අවදිවීම සතුටක්. ව්‍යවස්ථා උගුල පරාජය කරගන්න තුරු නිදාගන්න එපා. ජාතිකත්වයක් සහිත මතවාද දරන අයට බ්ලොග් ලෝකයේ ඉඩ අඩුයි. ඉස්සර වගේ දෙතිස් කතා ඇතුලේ අපි විමසමු. සංවාද කරමු.

    ප.ලි. ක්‍රිකට්, සයිටම්, බැඳුන්කර සියළු ප්‍රශ්න යකාට ගියාවේ. මේ අවස්ථාවේ තීරණාත්මක ප්‍රශ්නය ව්‍යවස්ථාවයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි.

      මේ අවස්ථාවේ නොව, 2015 මේ ආණ්ඩුව පත් වූ දා සිට රටේ ප්‍රධාන ප්‍රශ්නය මේ ආණ්ඩුව ලවා ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාවයි. 19 වන සංශෝධනය, ඊනියා අතුරුදන් කරවීමේ පනත සහ කාන්තා නියෝජනය වැඩි කර පළාත් සභා මැතිවරණ කල් දැමීමේ පනත ආදී තීරණාත්මක සිද්ධි එකිනෙක බැඳුනු දාමයක පුරුක්ය. අප අප විසින් මීට වසරකට පමණ පෙර ලියූ "හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට" යන ලියමන නැවත ඉහලට ගෙන ඇත්තේද එබැවිණි.

      Delete
  3. දෙතිස් කථාවේ අලුත් ලිපියක් පලව ඇති බව දුටු විට ඉතාම තුටු වුනෙමි.
    සතුට නිසාම වැඩ රාජකාරි අතරම ජංගම දුරකථනයෙන්ම මදක් කියැවීමි.
    අහෝ නීරස මාතෘකාවක් වන ක්‍රිකට ක්‍රීඩාව ගැනයි.
    පසෙකින් තැබුවෙමි.

    අද මදක් ඉඩ පහසු ඇතිව මුලුමනින් කියැවීමි. අවසානයේ කතාව යොමුවී ඇත්තේ කොතැනටදැයි ඉන් වටහා ගතිමි.

    මේ ජාතික ව්යසනය හමුවේ අපිට අවැසි වන්නේම මෙවන් වූ සාකච්චා සභාවන්මය. දෙතිස් කථාහට ඒ වෙනුවෙන් කල හැකි දෑ අති මහත්ය. දෙතිස් කථා එහි මතවාදීමය සංකල්පයන්ගෙන් බැහැර නොවී කාලීන වගකීම කරට ගැනීම මැනැවියි මමද සිතමි.
    චන්ද්‍රිකා මුලින් ලොතරැයි මණ්ඩලය තමා යටතට පත් කරගෙන එයට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රථිචාර දක්වන ආකාරය අධ්‍යයනය කර ඉන් පසු එක්වරම රාජ්‍ය මුද්‍රණාලය, ආරක්ෂක අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගනිමින් එදා එජාප රජයට පිළිතුරු නැති කලාක් මෙන්, අද ඔවුන් මුලින් කෙටුම් පතෙහි එක් දෙයකුත් පනතේ වෙනත් දෙයකුත් ඇති පනතක් සම්මත කරන්නේ එයට එරෙහිව අනෙකුන්ගේ ප්‍රථිචාරය අධ්‍යයනය කිරීම පිණිසය.

    මේ අධ්‍යයනයෙන් පසු ඔවුන් ව්‍යවස්ථාව සම්මත කිරීම පිණිස කෙසේ ක්‍රියා කල යුතුදැයි තීරණය කරනවා ඇත.

    මේ අවස්ථාවේ උඩ දමාගෙන තමා සතු සියළු තුරුම්පු ගැසීමෙන් ඒකාබද්ධයේ උදවිය නාගනීවිදැයි මා සැක මුසුව බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ක්‍රීඩාව කාලකන්ණි ක්‍රීඩාවක් බව ඔබ තුමා මීට පෙරද එක් අවස්ථාවක හඳුන්වා දී තිබුණා මතකයි.
      http://katha32.blogspot.com/2015/02/world-cup.html?showComment=1424194289069#c4783021619560553499

      පසුගිය කාලයේ කිසිවක් නොලී බව සැබෑ මුත් කියැවීමනම් අඩුවක් නැතිව කෙරිණි. කිරීමට යන ව්‍යවස්ථා වෙනස හැර වෙනත් වැදගත් කිසිවක් පසුගිය වසර තුල නොදිටිමි.

      Delete
  4. අපේ ප්‍රිය මිතුරු ජෝසප් තුමානන් හට ලිපියක් ලිවීමට තබා, කොමෙන්ටුවක් දැමීමට තරම් වත් ඉඩ පහසුවක් නොවීම නිසා දෙතිස් කථාවෙහි හිස් තැනක් ඇති ලෙස හැඟේ.

    ReplyDelete
    Replies
    1. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.
      මීට,
      කාලා නිදි J.

      Delete
  5. බ්ලොග් ලියන සියලුම දෙනා එක්සත් ජාතික පාක්ෂික සහ බෙදුම්වාදයට පක්ෂ අය වීම අහම්බයක් විය හැක. පුදුමයි නේද . ඒ කියන්නෙ 99% ක්. රටේ ජනසංයුතියත් එහෙමද .නැත්නම් හාස්කමක්ද
    එක් ජේවීපී කාරයෙක් සිටියේය. ජගත් පතිරන සිටී. අනෙක් සියල්ලෝම එකම අච්චුවකය. මොකවත් සිතෙන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. පෙනේ !
      මේ ඉලක්කම් සමග එකඟ වීම නොවීම කෙසේ වෙතත් අන්තර්ජාලයේ මත වැපිරවීම අතින් ජුන්ටාධිපතිගේ ගෝල-බාලයන් ඉදිරියෙන් සිටින බව පෙනේ.

      Delete
  6. නලීන් ද සිල්වා මහතාට උපහාර උලෙලක් තියමුද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා
      එතුමාගෙ මතවාදය හරි
      ඒත් රටේ අවාසනාවකට ඒක ජනගත කරන්න එතුමා අපොහොසත්.

      ලිවීම නවත්වන්න එතුමා ගත් තීරනය නම් වැරදි අවාසනාවන්ත තීරණයක්

      කිසිවෙක් කියවූවේ නැතත් එතුමා ලියන්න තිබුනා.
      අද නැතත් කවදාහෝ ඒ වා පිලිගැනීමට ලක් වෙන්න ඉඩ තිබුනා.

      Delete
    2. ආචාර්‍ය නලින් ද සිල්වා ලිවීම නවතා නැත. ලිවීම නැවැත්විම යනු නලින් ද සිල්වාගේ අවසානය යි.

      Delete
  7. ඇයි අළුත් පෝස්ට් එක පබ්ලිශ් කරලා ආයෙ අයින් කලේ?
    සින්ඩි වල පෙන්වනවා අළුත් පෝස්ට් එකක් තියෙන වග ඒත් බ්ලොග් එකේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ නොපිරිපුන් යැයි හැඟුණා.

      Delete
    2. "ලැජ්ජා බය නැති අගමැති" අද සවස පල වනු ඇත.

      Delete
  8. මට ධර්ම කරුඅණක් ගැන දැනගන්න තියෙනවා.
    වැඩියෙන්ම පවු සිද්ධ වෙන්නේ කුකුලෙක් මැරුවාමද හරකෙක් මැරුවාමද?

    හැබැයි බුදුහාමුදුරුවො කියලා තියෙනවා තිරිසන්නු 100කට දෙන දානයට වඩා පිනක් එක අසත් පුරුශයෙක්ට දෙන දානයක තිබෙන බව
    පවු වලටත් එහෙම දෙයක් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. පින් සහ පව් ප්‍රමාණාත්මකව නිර්ණය කිරීමේ ක්‍රමයක් අප දන්නේ නැත. එවැනි ක්‍රමයක් බුදු දහමේ උගන්වන්නේ යැයි අප සිතන්නේද නැත. තේරෙන සිංහලෙන් කියුවොත් පින් සහ පව් වල quality මිස quantity ගැන කතාවක් නැත. දන් දීම ගැන දෙන උදාහරණයේ කියැවෙන්නේ එයයි.

      අප කුඩා කළ කියැවූ පොතකි "වේලාම සූත්‍රය". එහි දන් දීම ගැන ඔවැනි උදාහරණ දී තිබුණා මතකයි. එහෙත් ඉන් කියැවෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ කුදු-මහත් බව මත දානයේ ආනිසංශ තීරණය වන බව මිස අනෙකක් නොවේ (ඉහත කුදු-මහත් බව යනු ප්‍රතිග්‍රාහකයාගේ body mass නොවේ).

      කුකුළෙක් මැරීමත් හරකෙක් මැරීමත් ඊට ලක් වන සත්ත්වයාගේ quality අතින් ගත් කල සමාන වේ. එහෙත් පින හෝ පව නිර්ණය කිරීමේ එකම සාධකය එය පමණක් නොවේ. හැරත් ක්‍රියාව දෙස බලා පින පව නිර්ණය කිරීම නිඝන්ඨ ක්‍රමයයි. බෞද්ධ ක්‍රමය සිත දෙස බැලීමයි. හරකෙක් මැරීම වඩා ආයාසයකින් සහ වෙලාවක් ගෙන කළ යුතු කර්තව්‍යයක් බැවින් ඉන් සිදු විය හැකි පව වැඩි යැයි සිතමි. එහෙත් බෝම්බයක් හෙළීම වැනි ක්‍රමයකින් සතුන් ඝාතනය කෙරේනම් මෙහි අඩු වැඩියක් කීමේ හැකියාවක් නැත.

      ජපානයට පරමාණු බෝම්බය හෙළූ පුද්ගලයා කර ගත් පව් සම්බන්ධව ඔබේ විග්‍රහයක් තිබේද ?

      Delete
    2. ජගත්ගේ ප්‍රශ්නයත් කථා කතු තුමාගේ පිළිතුරත් නිසා ආයෙත් සිතන්න පොලඹවන දෙතිස් කථා කියැවූ බව හැඟුනා.

      Delete
    3. එසේ වී නම් එය සන්තෝෂයට කාරණයකි. නමුත් රටේ දේශපාලන තත්වය අපට මෙවැනි කරුණු ගැන සිත යොමු කිරීමට ඉඩ දෙන්නේ නැත.

      "උතුරින් හැඩි දෙමළු - දකුණින් ගොළු මුහුද"යි කී කාවන්තිස්ස රජුගේ කාලය මෙනි. ගැමුණු කුමරු අපට වඩා වාසනාවන්තය. කාවන්තිස්ස රජු රට කඩා නිත්‍යානුකූලව පෙඩරල් දුන්නේ නැත. එහෙයින් ගැමුණු කුමරුට එක්සේසත් කිරීමට රටක් තිබිණි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !