Thursday, December 31, 2015
2016 දින දසුන
Sunday, December 27, 2015
ජුන්ටාධිපතිගේ ව්‍යවස්ථා තැනීම
දෙතිස් කතාව පසුගිය වසර පුරා පුන පුනා ප්‍රකාශ කළ කරුණක් නම් ජනවාරි 9 දින ප්‍රකාශ කළ මැ.කො. ගේ ඡන්ද ප්‍රතිඵලයේ සැබෑ ප්‍රතිඵලය වශයෙන් සිංහලයින්ට -විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට - තමන්ගේ රටේ උරුමය අහිමි වන බවයි. උපන් ගෙයි තක්කඩියෙක් සහ බෞද්ධ විරෝධියෙක් වන රනිල් වික්‍රමසිංහ පියවරින් පියවර මේ ඉලක්කය වෙත ලඟා වන බව අප කළින්ම දුටුවෙමු; එය සටහන් කර තැබුවෙමු.
ජනවාරි 9 දා තකහනියේ හොර අගමැති කෙනෙක් පත් කරන විට අප විරුද්ධ වීමු. කැබිනට් චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කර අධිකරණය විහිළුවක් බවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැගුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහදවාලේ 'හයිජැක්' කර ඒ පක්‍ෂයේ 'දූෂිත' මන්ත්‍රීවරුන්ගේ සහයෙන් කැබිනට් එකක් සාදන විට එයටත් එරෙහි වීමු. නිදහස් පක්‍ෂය සිරිසේනට පාවා දීමේ වරද මහින්ද රාජපක්‍ෂගේ බව අප තවමත් අදහමු.
එසේම කුප්‍රකට 19 වන සංශෝධනය ගෙන එන විට හැකි සියළු වෙර යොදා එය පැරදවිය යුතු බව සටහන් කළෙමු. ගෙන ඒමට තැත් කළ 20 වන සංශෝධනයට එරෙහි වීමු. මහමැතිවරණයෙන් පසු හොරට සාදා ගත් ඊනියා ජාතික ආණ්ඩුවට එරෙහි වීමු. (මෙය තමන් විසින්ම පම්පෝරි ගසා අටවා ගත් 19 වන සංශෝධනයට පවා විරුද්ධ බව රනිල්ගේ ජුන්ටාව නොදන්නේ නොවේ.) තමාට මේ සම්මජ්ජාතියේ ලැබිය නොහැකි ජනාධිපති පුටුවට පාර පෙන්වීම වෙනුවෙන් දෙමළ බෙදුම්වාදයට දෙන කප්පම වශයෙන් විරුද්ධපක්‍ෂ නායක කම දෙන විට ප්‍රතිවිපාක පිළිබඳව ලිපි එකක් නොව තුනක් ම ලිවීමු.
දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.
මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.
Tuesday, November 24, 2015
පොඩි එකාගේ ළියුම...!
"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.
එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......
එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.
Labels:
කාලීන ප්රවණතා,
විචාර,
විනෝද සමයම,
සිතුවිලි
Tuesday, November 10, 2015
අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ
www.telegraph.co.uk |
මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයිකියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ
මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයිකියමින් එක් ඇඟිල්ලක් පෑහ.
මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.
පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.
මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.
නම් තැබීම
සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.
අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.
Saturday, October 31, 2015
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා |
යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.
Wednesday, September 23, 2015
චරිත දෙකක් ගැන කතා ගොඩක්
Parliament of World Religions, Chicago, Sept. 1893 |
සැප්තැම්බර් මස 17 දින එකට ජන්ම දිනය සමරන මුත් නිවුන් සොහොයුරන් නොවන මේ යුග පුරුෂයන් දෙදෙනා වන්නේ ක්‍රි.ව.1864 උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ ඊට දශක සතරකට පසු 1906 දී මෙලෝ එළිය දුටු ජූනියස් රිචඩ් ජයවර්ධන යන මහතුන්ය.
Monday, September 7, 2015
වි.නා.ස. වීමේ ප්‍රතිඵලය
යහපාලානේ ඇහැරුණොත් තොපිට බඩුම තමයි |
පෙර සඳහන් කළ ලෙස මේ පත් කිරීමේ ඉක්මන් සහ දැඩිම තර්ජනය ඇත්තේ පසුගියදා සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන් යෝජනා කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් නම් කිරීමේදී වේ.
Labels:
කාලීන ප්රවණතා,
දෙමළ,
දේශපාලන,
පුවත්,
විචාර
Saturday, September 5, 2015
වි.නා.ස. වීමට හේතුව
පහක් එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම |
Labels:
කාලීන ප්රවණතා,
දෙමළ,
දේශපාලන,
පුවත්,
විචාර
Friday, September 4, 2015
වි.නා.ස.: විපක්‍ෂ නායක සම්පන්තන්
ලංකාවේ විරුද්ධ පක්‍ෂය |
Labels:
කාලීන ප්රවණතා,
දෙමළ,
දේශපාලන,
පුවත්,
විචාර
සිතියම:
පාර්ලිමේන්තුව
Monday, August 31, 2015
WG Grace & IO Sirisena
W.G.ග්‍රේස්, පිත්ත අතැතිව |
Wednesday, August 12, 2015
"බහුකේන්ද්‍රීය", "සර්ව දිසාවන්ට විහිදුනු" විදේශ ප‍්‍රතිපත්තියක්?
දින 100 කින් අලුත් රටක් සෑදීමට වෙර දරණ සනත් ජයසූරිය |
දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව
"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන" රටක් බව ප්‍රතිපත්ති ප්‍රකාශනයක පිළිගත යුතු කරුණක් නොව ජනසංගණනයක නිගමනයකි. එය "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත් රටක්" බව ද ප්‍රතිපත්ති ප්‍රකාශනයක දක්වා විශේෂයෙන් පිළිගත යුතු කරුණක් නොවේ. වර්තමාන ලෝකයේ "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත්" නොවන රටක් නම් කළ හැකි ද? වතිකානු රාජ්‍යයවත් එවැනි රටක් බව කිව හැකිද?අප එසේ විවේචනය කළේ කළේ
මේ විකාර වෙනුවට "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්" බව කෙළින් නොකියන්නේ ඇයි? මෙය සැක කටයුතු තැනකි. එක්සත් ජනතා නිදහස් සංධානයට දෙමළ මුස්ලිම් වාර්ගිකයන් පමණක් නොව සිංහල කතෝලිකයින් ද රැවටිය නොහැක - ඔවුන් තම මනාපය ප්‍රකාශ කරන්නේ ඉහළින් දෙන අණ අනුවය. මේ රවටන්න තැත් කරන්නේ සිංහල බෞද්ධයා ද?
ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප්රතිපත්තියලෙස හැඳින්වෙන එ.ජ.නි.සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු පරිච්ඡේදයයි. එහි ඊළඟ පරිච්ඡේද අද විමසමු.
Wednesday, August 5, 2015
දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව
අනාගතයට සහතිකයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීම |
- ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය.
- දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය
- ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිය
- විදේශ ප‍්‍රතිපත්තිය
- නිවාස හා ඉඩම් ප‍්‍රතිපත්තිය
- අධ්‍යාපන ප‍්‍රතිපත්තිය
- සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය
- පාරිසරික සහ වනජීවී ප‍්‍රතිපත්තිය
- සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
- ක‍්‍රීඩා සහ තරුණ කටයුතු ප‍්‍රතිපත්තිය
- කාන්තා සහ ළමා ප‍්‍රතිපත්තිය
- ආයෝජන සහ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ප්රතිපත්තිය
Monday, August 3, 2015
ප්‍රතිපත්ති
"අනාගතයට සහතිකයක්" දෙස බලවත් විස්සෝපයෙන් බලා සිටින ජුන්ටාධිපති™ වික්‍රමසිංහ මහතා |
එළිපිටම එක්සත් ජාතික පක්‍ෂයේ 'ප්‍රාථමිකය' බවට පත් වී එයට ඡන්ද එකතු කර දීම සහ එජාපය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තම ජීවනෝපාය කරගෙන ඇති ජනතවි මුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සොයා නොබලන්නේ එහි ගත යුත්තක් තිබීමේ ඉඩක් ඇතත් ඒ වෙනුවෙන් වැය කරන කාලය ඊට වඩා වටිනා නිසාය. මීට අමතරව ද්‍රවිඩ ජාතික සංධානය ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙතොත් එයත්, එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නම් මූලධර්මවාදී ව්‍යාපාරයත් විසින් ඉදිරිපත් කරන ප්‍රකාශනයක් වෙතොත් එයත් විමසා බැලීම වැදගත්ය. අවාසනාවට අප සතුව ඒ සඳහා කාල වෙලාවක් හෝ පරිචයක් හෝ නැත.
Tuesday, July 28, 2015
Thursday, July 23, 2015
ඒකාධිපතියෙක් තෝරා පත් කර ගැනීමේ නිදහස
Labels:
කාලීන ප්රවණතා,
දේශපාලන,
සිතුවිලි
Saturday, July 18, 2015
"බන්ධනාගාර" බැඳුම්කර ගැන කතාවක් නොවේ
වසර තුනක් දෙතිස් කතාව ආ ගමන් මග පිලිබඳ හැරී බැලීමේදී පසුගිය වසරක පමණ කාලයේ දේශපාලනය වෙත එහි ඇති වැඩි නැඹුරුව සැඟවිය නොහැක. මෙයින් රටට වන බලපෑමක් ඇත්දැයි අපට කිසි බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් හෝ තිබුණේ නැත. පහත උපුටා දැක්වෙන්නේ "මූනත්තහඩුවේ" (facebook) ඇලවුණු දැන්වීමකි.
A ද B ද C ද, නැත්නම් ඒ තුනමද? |
Monday, July 13, 2015
සිකුරුගෙන් බ්‍රහස්පතිට අභියෝගයක් !
රෑ අහසේ දීප්තිමත් බවින් දෙවැන්නාත් තෙවැන්නත් එක්වී....
බ්‍රහස්පති සහ සිකුරු |
සුර්‍යයා බැස යාමෙන් මොහොතකින් ලංකා වාසින්හටද මේ අපූරු සිදුවීම ජූලි මාසය පුරාද දැක ගත හැකි වනු ඇත. මෙහි ආසන්න උච්චතම අවස්ථාව උදා වූයේ ජූනි මස 29 සිට ජූලි මස 1 දක්වා දින කිහිපයේදීය.
Sunday, July 5, 2015
Wednesday, June 10, 2015
විස්සට විස්වාසබංගයක්
ඉහත උපුටා දැක්වූයේ අද දිවයින පුවත්පතේ මේ පිළිබඳව පල වූ පුවතක්. අප විසින් මේ කෙරෙන විග්‍රහයට පාදක කර ගන්නේ ඒ පුවතයි. ඊට අමතරව ජනාධිපති සිරිසේන විසින් මන්ත්‍රී වරුන්ට අනියමින් තර්ජනය කිරීම උදෙසා සංවිධානය කළ රැස්වීමකදී ප්‍රකාශ කළ අදහස් කීපයක් ද මෙතැනින් කියැවිය හැක.රනිල්ගේ යෝජනාව අර්බුද තුනකට හේතුවක්
කැෆේ අධ්‍යක්‍ෂ කියයි
චමින්ද සිල්වා
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ ඡන්ද කොට්‌ඨාස 125 ක් හා මන්ත්‍රී ධුර 225 ක් ඇතිකිරීමේ යෝජනාව ප්‍රධාන අර්බුද තුනක් ඇතිවීමට හේතුවනු ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
එහිදී;එම අර්බුදයට හේතු වන බව ඒ මහතා කියා සිටී.
- කොට්‌ඨාස 125 කට සීමා නිර්ණය කිරීම සඳහා ඉතා විශාල කාලයක් අවශ්‍ය වීම,
- සුළු ජාතික නියෝජනය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් බහු ආසන ස්‌ථාපනය කළ නොහැකිවීම, සහ
- උතුරු - නැගෙනහිර පළාත්වල (වවුනියාව, සේරුවිල හා අම්පාර වැනි) සිංහල නියෝජනය සේම උතුරු නැගෙනහිරින් පිට දෙමළ මුස්‌ලිම් නියෝජනය කොට්‌ඨාස මට්‌ටමින් තහවුරු කළ නොහැකිවීම
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 225 ක් ලෙස තබාගනිමින් සහ කේවල ඡන්ද කොට්‌ඨාස 125 කට සීමාකිරීම සුළු දේශපාලන පක්‍ෂ සඳහා ඇති ඉඩකඩ අහුරා දැමීමට හේතුවනු ඇත. මුස්‌ලිම් හා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට ද, ජනතා විමුක්‌ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්‍ෂවලට ද මෙය ඉතා අහිතකර ලෙස බලපානු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
Monday, June 1, 2015
මහින්දාගමනයට ප්‍රශස්ති කීම
බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ බක් පෝ දා චූලෝදර-මහෝදර නා රජවරුන්ගේ කළහය සංසිඳවීම පිණිස වැඩම කළ උන් වහන්සේ නාගයින්ගේ පූජා පිළිගන්නා ලදී. ඒ අවස්ථාවේදී මණිඅක්ඛිත නා රජුගෙන් ලැබුණු ආරාධනය මත තෙවන වර කැළණිය ඇතුළු ස්ථාන තුදුසක් වෙත වැඩම කළ වැඩම කළ උන්වහන්සේ ශ්‍රී පාද ලාංජනය පිහිටුවා සබරගමුවේ සුමනසමන් දෙවියන් ඇතුළු දෙවියන්ගේ පූජා ලැබ ලක්දිව පූජා භූමියක් බවට පත් කළහ.
බිම්බිසාර නරපතීන් විසින් බෝසත් සිද්ධාර්ථයන්ට අංග-මගධ දෙරටේ අර්ධ රාජ්‍යය පැවරීමෙන් පසු දඹදිව වෙනත් කෙනෙකුන් විසින් උන් වහන්සේට රාජ්‍යය පවරා දී නැත. ඉහත කතා පුවත් අනුව පෙනී යන්නේ මේ ලක්දිව රාජ්‍යය තෙවාරයකදී උන් වහන්සේට පූජා කර තිබෙන බවයි. තමන් වහන්සේගේ සාෂණය පන්දහසක් කල් පවත්නේ මේ පුණ්‍ය භූමිය මත බව දත් මහසතාණෝ ලක්දිව් රාජ්‍යය පිළිගෙන වදාළහ. එසේ හෙයින් මේ ලක්දිව බුද්ධ රාජ්‍යය යැයි හැඳින්වීම අතිශයින්ම සුදුසුය.
Tuesday, May 19, 2015
කිරිබත් කෑ දින දෙකක්
1993 දී සිදු වුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමත් ගරු චන්ද්‍රිකා මැතිණියට ජනාධිපති තනතුරට පත් වීමට තිබූ බාධාව ඉවත් කිරීමත් ය. 2009 දී සිදු වූයේ බටහිර ආධාර ලැබ සිංහලය ගිල ගැනීමට කැරළි ගැසූ දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදී බලමුළු අවසන් පරාජයට ලක් කිරීමයි.
යලි එකච්ඡත්‍ර කළ ලක්දිව් සම්ප්‍රාප්ත වූ ජනපති මව්බිම සිපගත් සංවේදී මොහොත |
මේ නම් අතිශය ලැජ්ජා සහගත අවස්තාවකි. එහෙත් මේ ලැජ්ජා වෙමින් සිටීමට කාලය ද නොවේ. එබැවින් ලැජ්ජා වීම ලැජ්ජා නහරය කපා දමා සිටින අග්‍රාමාත්‍ය තුමා වෙත පවරා සිංහලයින් විසින් දෙමළ වර්ගවාදය පැරදවීමේ ව්‍යාපෘතිය වෙත නැවත අවතීර්ණ විය යුතුව තිබේ.
Thursday, May 14, 2015
දානයේ අනුසස්
පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
- දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
- දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
- පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
- දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
- සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න, සහ
- මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.
Sunday, May 3, 2015
බුද්ධ වර්ෂය හා වෙසක් පෝය
෴ නමාමි බුද්ධං ගුණසාගරන්තං ෴ |
Labels:
ක්‍රිස්තියානි,
පෝය,
බුදුසමය,
මහාවංශ,
වංශකතා
Wednesday, April 29, 2015
අප්පච්චි මලා !
දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.
Sunday, April 26, 2015
වෙසක් සතිය
Thursday, April 23, 2015
බැංකු කොල්ලය සහ පූර්ණ ශීර්ෂාවරණ තහනම
නීති විරෝධී කොල්ලකෑමේ උපකරණ ප්‍රදර්ශනය කරන පොලිස් නිලධාරීන් |
මුලින් එය අපගේ අවධානයට ලක් නොවූ මුත් නැවත සිහි කිරීමේ දී මේ සතරේම එම දැන්වීම තිබෙන්නට ඇති බව පසක් විය.
Sunday, April 19, 2015
ජාතිවාදය
වසර නවයක රාජපක්‍ෂ රජයක් යටතේ ජනාධිපති රාජපක්‍ෂට පොළෝ නූහුලන තරම් අපහාස කර තිබියදීත් ඒ හේතු කොටගෙන කිසිවෙක් අත්අඩංගුවට නොගත් පසුබිමක් යටතේ, ඒ රජය යටතේ මාධ්‍ය නිදහසක් නැතැයි කියා හොටු පෙරමින් බෑඟිරි ගාමින් සාදා ගත් චන්ද්‍රිකා-රනිල් ප්‍රමුඛ විධායකසභා™ ජුන්ටාව විසින් පාලිත, `නමට මෛත්‍රීපාලනය` විසින්, දින 100 මධුසමය නිමා වීමටත් පෙරාතුව ජනාධිපතිට අපහාස කළැයි චෝදනා කර ශ්‍රී ලංකා පුරවැසියෙක් අත්අඩංගුවට ගනී නම්, ඊනියා සාධාරණසමාජ කාරයින් ඇතුළු මෙකී වෛරී පාලනයට පාර කැපූ කස කාරයින්ට එළඹියා වූ නව වසරේ දී තම තමන්ගේ පශ්චාත් භාග අත ගා සිතීමට යමක් තිබේ.ජාතිවාදය හා ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් තහනම්!
ජාතිවාදය සහ ආගම්වාදය අවුළන දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සහ ඒවාට අනුබල දෙන පාර්ශ්ව අත්අඩංගුවට ගෙන, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය. ජාතිවාදී ප්‍රකාශ තහනම් කැරෙන නීති ගෙන ඒමට රජය දැනටමත් පියවර ගෙන ඇති අතර ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් දේශපාලන රැස්වීම් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ද එම නීති ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍ය හරහා ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ පළ කරන පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය. ‘ෆේස් බුක්’ වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපහාසාත්මක සහ සාවද්‍ය තොරතුරු පළ කළ පුද්ගලයකු දැනටමත් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති අතර, ජාතිවාදී සහ ආගම්වාදී අදහස් පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලීසිය ඒ අයුරින් ම කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා සිළුමිණට පැවසීය.
විස්තර »
මෙය සිළුමිණ විසින් පල කළ පුවතකට වඩා සිංහලයින් වෙත කළ සුපැහැදිළි තර්ජනයක් බවයි දෙතිස් කතාවේ අදහස. එසේ වන්නේ කවර හෙයින්ද ?
Tuesday, April 14, 2015
ජාතිය
සිංහයා සිංහල ජාතියේ සංකේතයයි |
- ජාති, දේවල්, වර්ග, යන තේරුම
- ජාති නම් පාලි පදය. පාලි ජාති යන්නේ අරුත උපත යන්නයි.
- Nation යන්නට යොදන පාරිභාෂික පදය
Saturday, March 28, 2015
සිංහලයින්ගේ අවුරුද්ද
සැමට සුභ නව වසරක් වේවා ! |
මේ සැරේ අපි අවුරුදු කන්නේ ඌඇම්පී ආණ්ඩුවක් යටතේකියා ලඟදී පාරාජිකා වූ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ පටන් රංජිත් මද්දුමබණ්ඩාර, ලක්‍ෂ්මන් කිරිඑල්ල, රනිල් වික්‍රමසිංහ සිට සජිත් ප්‍රේමදාස දක්වා විවිධ පුද්ගලයින් විසින් නොයෙක් වර කියනු පසුගිය දශකය පුරා අසා ඇත.
දෛවය එක දොරක් නොහැර එක දොරක් වසන්නේ නැතය යන කියමන සනාථ කරමින් ඒ අයගේ සිහිනය මෙවරනම් සැබෑ වී ඇති අයුරක් පෙනේ.
මෙතෙක් කල් තංගල්ලේ කාල්ටන් නිවසේ සිට රටටම බෙදා දුන් අවුරුදු සිරිය මෙවර පොළොන්නරුවේ සිට රටට බෙදා දීමට කටයුතු සූදානම්ය.
Monday, March 23, 2015
අපේ සිරි ලංකාවේ ජාතික ගීය
ඒ තරඟයෙන් ජයග්‍රහණය කළ ගීය ආනන්ද සමරකෝන්ගේ ගීය නොවන බවත් තේරීමේදී සිදු වූ අක්‍රමිකතාවක් හේතුවෙන්, තරඟයෙන් ජය ලැබූ ගීය ඉවත් කිරීමට සිදු වීම නිසා මේ ගීතයට තැන ලැබුණු බවත් ලංකා ඉතිහාසයට එක් වී අවසන් ය.
Wednesday, March 11, 2015
අයියෝ සිරිසේන ii - ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015
නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16 |
මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.
Thursday, March 5, 2015
ගිහි පංචසීලය හා නිර්මාංශ වෘතය
සත්ත්වයා පිරිසිදු වන්නේ ආහාරයෙන්ද |
Friday, February 13, 2015
2015 ලෝක කුසලානයට පෙරවදනක්
Wednesday, February 4, 2015
එක්සත් මුක්කුව සහ නිදහස
නිල වශයෙන් අපගේ ජාතික දින උත්සවය කෝට්ටේ පාර්ලිමේන්තුව අබියස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. එසේම ශ්‍රී ලංකාව යලි අත්පත් කරගැනීමේ ප්‍රීතිය සමරමින් ඉන්දීය, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද, නොර්වේ ආදී රටවලින් පැමිණෙන සම්භාවනීය අමුත්තන්, තානාපති සහ මහකොමසාරිස්වරුන් ඒ උත්සව සභාව සරසනු ඇත.
බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩිය |
Tuesday, January 27, 2015
ජහඃපාලනය සහ ඉන්දියානු අභිලාෂ
මම මේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා වෙමිය යන්නයි. එහෙත් 2009 න් පසු ඔහු තරමක නිර්වින්දනයකට ලක් වූ බව පෙනිණි. තමාට බලය ලබා දුන්නේ දුප්පත් බොහෝ දුරට අසරණ සිංහල ගැමි ජනතාව බව ඔහුට අමතක වීය කියා බොහෝ දෙනා කියතත් අප ඒ අදහස සමග එකඟ නොවෙමු.
කෑ පතේ පහරන්න එපා මනුස්සයෝ ! |
කෙසේ වුව නියමිත කාලයට පෙර කැඳවූ ජනාධිපතිවරණයෙන් පරාජය වී ඔහුට රජගෙට සමු දෙන්නට සිදු වීය. ඒ පරාජය ඔහුගේ සැලසුම් වල තිබුණක් නොවන බවනම් පැහැදිළිය. එසේම අනවශ්‍ය ජනාධිපතිවරණයක් කැඳවා පරාජය තමා වෙතට කැඳවා ගත්තත්, වෙනත් පක්‍ෂයකින් තරඟ කළ සිය ප්‍රතිවාදියාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පවරා නොදිය යුතුය යන්න අපේ අදහස වුවත්, මහින්ද රාජපක්‍ෂ, වෙස්සන්තර රජ තෙමේ ඇලිඇතා දන් දුන් සේ පක්‍ෂයත් නිකංම දන් දී කිසි කලබලයක් නැතිව මැදමුලනට පල්ලම් බැස්සේය.
Friday, January 16, 2015
ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?
ජෙනරල් සරත් ෆොන්සේකා |
Monday, January 12, 2015
Friday, January 9, 2015
මෛත්‍රී පාලනයක් ... හැබෑට !!!
Subscribe to:
Posts (Atom)
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.
එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !