Wednesday, February 4, 2015

එක්සත් මුක්කුව සහ නිදහස

පෙබරවාරි 4, අද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික දිනය.

නිල වශයෙන් අපගේ ජාතික දින උත්සවය කෝට්ටේ පාර්ලිමේන්තුව අබියස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. එසේම ශ්‍රී ලංකාව යලි අත්පත් කරගැනීමේ ප්‍රීතිය සමරමින් ඉන්දීය, බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද, නොර්වේ ආදී රටවලින් පැමිණෙන සම්භාවනීය අමුත්තන්, තානාපති සහ මහකොමසාරිස්වරුන් ඒ උත්සව සභාව සරසනු ඇත.
බ්‍රිතාන්‍ය ලංකාවේ කොඩිය
පෙබරවාරි 4 වැනි දිනය ශ්‍රී ලංකාවේ ජාතික දිනය බවට පත් වන්නේ මීට වසර හැට හතකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කළ දිනය මෙය වීම නිසාය. ඉහත දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු යටතේ පාලනය වූ සමයේ බ්‍රිතාන්‍ය සිංහලයේ (British Ceylon) ජාතික ධජය ලෙස භාවිත කෙරුණු එක්සත් මුක්කුව (Union Jack) ඇතුලත් කොඩිය වේ. බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගැනුණු සෑම රටකම පාහේ ධජ මෙවැනි දක්නට ලැබිණි, අදත් දක්නට ලැබේ. උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ෆිජි දිවයින් දැක්විය හැක. (මේ බැඳීයේ ඇත්තේ මෙවැනි ධජ කිහිපයක් පිළිබඳ ඔබේ දැනුම පරීක්‍ෂා කිරීමකි.) පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන අන්තර්ජාතික අන්‍යෝන්‍යාධාර සමිතියේ සාමාජික රටවල් බොහොමයක, විශේෂයෙන් එංගලන්ත රජු තම රාජකීයයා ලෙස ව්‍යවස්තානුකුලව හඳුනා ගන්නා කොළණි වල, මෙකී "මුක්කුව" දක්නට ලැබේ.




නිදහස ලැබීම

ලංකාවේ නිදහස 1948 දී අපට ලැබෙන්නේ සිංහලයින් විසින් දෘඪ අධිෂ්ඨානයෙන් කළ නිදහස් සටන් මාලාවක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. දුරින් පිහිටි නිසා යුද්ධයෙන් සුරක්ෂිත වූ එක්සත් ජනපද වල නිෂ්පාදන සහ මිලිටරි හැකියාවත් සහ බිඳ හෙළිය නොහැකි අධිෂ්ඨානයෙන් යුත් සෝවියට් රතු හමුදාවේ ජිවිත පරිත්‍යාගයත් හේතුවෙන් දෙවන ලෝක ව්‍යාප්ත යුද්ධය ජය ලැබුවත් බ්‍රිතාන්‍යය ඒ වන විට අභ්‍යන්තරවත් බාහිරවත් ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයක් පවත්වා ගත නොහැකි මට්ටමට පැමිණ තිබිණි. 1947 දී ඉන්දියාවට නිදහස දීමට සිදු වීම නිසා සහ ඒ වන විට ගොඩනැගෙමින් පැවති නව ලෝක තත්වයන් හමුවේ ලංකාවට නිදහස දීම වඩාත් වාසිදායක බව බ්‍රිතාන්‍යයන්ට පෙනී යාම නිසාත් බ්‍රිතාන්‍යය විසින් ලංකාවට බන්දේසියක තබා නිදහස දෙන ලදැයි යන්න ජනප්‍රිය මතයකි.

පහත, "මහාකවි" මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් ලියැවී නන්දා මාලිනිය විසින් ගැයෙන ගීය ඒ ජනප්‍රිය මතය තීව්‍ර කරයි.


බ්‍රිතාන්‍යය විසින් අපට නිදහස දෙන ලදදැයි නැවත විශ්ලේෂණය කර බැලිය යුතු බව සැබෑවකි. එහෙත් අපේ අදහස වන්නේ ලෝක ව්‍යාප්ත යුද්ධයේ දී නොවැළක්විය හැකිව තිබූ ජර්මන් ආක්‍රමණයෙන් තමා ගලවා ගැනීම වෙනුවෙන් සහ අනාගතයේ ඇති වීය හැකි සෝවියට් තර්ජනයට කල් තබා සූදානම් වීමක් ලෙස එංගලන්තය විසින් එක්සත් ජනපද වෙත ලංකාව නිදහස් කර දුන් බවයි.

1948 දක්වා ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් බව අප දැන සිටියෙමු. 1948 සිට මේ දක්වා ලංකාව ඇමරිකා එක්සත් ජනපද යටත් විජිතයක් බව අප නොදැන සිටියෙමු. එහෙත් ඇත්ත යථාව එයයි. 1948 දී සිදු වූයේ එක ආක්‍රමණිකයෙක් විසින් වඩා ප්‍රබල වෙනත් ආක්‍රමණිකයෙකුට එරෙහිව තවත් ආක්‍රමණිකයෙකු වෙත අප පවරා දී ගෞරවාන්විතව ඉවත් වීම මිස වෙනකක් නොවේ. වියට්නාමය ඇමරිකාවට බාර දී ප්‍රංශය ඉවත්ව ගියෙත් මේ පරිදිමය. වෙනස වියට්නාම ජාතිකයින් ඒ පිළිබඳව සවිඥානික වීමත් අප නැසූ කන් ඇතිව නුදුටු ඇස් ඇතිව සිටීමත් පමණි.

එසේ වුව, මෙකී ආක්‍රමණිකයාට එරෙහිව අප අවිඥානිකව ක්‍රියා කළ අවස්ථා ද පසුගිය වසර 67 තුල ඇත. එංගලන්තය ලංකාවෙන් පල්ලම් බැස අවුරුදු 8 ගත වන විට ජනතාව තුල මෝදු වෙමින් පැමිණි නිදහස් හැඟුම් 1956 දී මහා ජන බලයක් නිර්මාණය කරමින් ඊනියා නිදහස් ලංකාවේ පළමු "ජන" රජය නිර්මාණය කළේය. එය සිවුරු දරා ගත් ඉත්තෙක් භාවිතා කර යාන්තම් අවුරුදු 3 තුල අවසන් කෙරිණි. එහෙත් බ්‍රිතාන්‍ය යුධ කඳවුරු ලංකාවෙන් ඉවත් කිරීම, සිංහලය රජබස කිරීම, නොබැඳි ප්‍රතිපත්තිය හඳුන්වා දීම ආදී ජාතික ජාත්‍යන්තර වශයෙන් වැදගත් ජයග්‍රහණ ලබා ගැනීමට සිංහලය සමත් වීය. 1971 දී නියම ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කොටගෙන ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් බවට පත් වීම ඉහත 56 ජයග්‍රහණයේ ම දිගුවකි.

අනතුරුව එවැනි ප්‍රබෝධයක් ඇති කර ගැනීමට තව දශක පහක් ගත විය. 2005 දී සිංහලය නැවත අවිඥානිකව මේ මගේම ගිය අතර ලුතරියානු ක්‍රිස්තියානි නොර්වේ රාජාණ්ඩුව මැදිහත් කරගෙන ලංකාව පාලනය කරමින් සිටි ඇමරිකානු බළල් අත් බලයෙන් ඉවත් කරමින් ඊනියා නිදහස් ලංකාවේ දෙවන "ජන" රජය නිර්මාණය කෙරිණි. මේ රජය නිර්මාණය කර ගැනීමේදී සිංහලය බලාපොරොත්තු වූ ජයග්‍රහණ බොහෝය. ඉන්දිරා ගාන්ධිගේ ඉන්දීයාව විසින් උතුරට එවා ඇගේ පුත්‍රයා විසින් වඩා වර්ධනය කළ ත්‍රස්තවාදී ආක්‍රමණිකයා පරාජය කර දෙමළ ආක්‍රමණිකත්වය සියලු පෙරමුණු වල පරාජය කිරීම මින් වැදගත්ම හා ප්‍රමුඛ අරමුණ විය.

නිදහස යලි අත්පත් කර ගැනීම

එහෙත් ඒ ජයග්‍රහණය මංමුලා වීමට වැඩි කලක් ගත නොවීය. අරමුණු වලින් අපගමනය වූ සිංහලයේ ආණ්ඩුව සිංහලුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් නියමිත කාලයට දෙවසරක් ඉතිරිව තිබියදීම විනාශ වී යාමට සිවුරු දමා ගත් ඉත්තන් එකෙක් නොව කිහිප දෙනෙක් ම දායක වීම දෛවයේ සරදමකි. මේ ඉත්තන් යොදාගෙන ඇමරිකානු ආක්‍රමණිකයා නැවත ජය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව නැවත අත්-පත් කරගෙන ඇත (Regained Sri Lanka). එහෙත් ඒ ජය කොපමණ කාලයකට දැයි ඔහු දන්නේ නැත.

අප්‍රේල් මස එළඹේ යැයි කියන මහමැතිවරණය සිංහලයට ලැබෙන මීළඟ අවස්ථාවයි. සිංහලය මේ අවස්ථාව ලබා ගැනීමට සූදානම් ද ? සිංහලයා මේ අවස්ථාව භාවිතා කිරීමට සූදානම් ද ?

ඇමරිකානු ආක්‍රමණිකයා නම් මේ අවස්ථාව ලබා ගැනීමට ඕනෑවටත් වඩා සූදානම් බව පෙනේ.

Helping Sri Lanka’s New Democracy

By RYAN GOODMAN JAN. 19, 2015

Sri Lanka’s voters shocked themselves and the world this month by tossing out their president, who crushed the Tamil insurgency in 2009 and then led the country, along with his brother as defense secretary, to the brink of authoritarianism. The new president has promised to restore freedom of the press, independence of judges, and the rights of religious and ethnic minorities.

Democracy advocates, including Secretary of State John Kerry, say this is the country’s most important chance to open a new chapter in more than a decade.

But the country must make sure that members of the ousted regime do not return to power and that the new government can secure its authority. The United States — and only the United States — can do something to help make that happen.

The former president, Mahinda Rajapaksa, and his brother, Gotabaya Rajapaksa, aren’t politically dead yet. Critical parliamentary elections are scheduled for April. The new president, Maithripala Sirisena, rode to electoral victory on the back of a diverse group of parties. He must now consolidate his power so that democratic reform can go ahead.

What can the United States do to help?

වැඩිදුර කියවන්න ...
ඉහත දැක්වෙන්නේ නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතා විසින් ඒ සම්බන්ධයෙන් පල කළ ලිපියකි. ලිපිය නොතේරෙන පිංවත් බබාලාට ඒ සමග පල වන පින්තූරයවත් තෙරේ යැයි දෙතිස් කතාවේ අහිංසක බලාපොරොත්තුවයි. අප සෑම විටම කියන පරිදි වචන දහසකින් කිව නොහැකි දේ එක රූපයකින් කිව හැකියි. එසේනම් මේ හොඳමිනිහා මහතාගේ පින්තූරය සම්බන්දයෙන් ඔබේ සිතේ පහළ වන දහසක් අදහස් අප හා බෙදා ගන්නැයි දෙතිස් කතා කියවන සහෘදයන් වෙත කෙරෙන ආරාධනයයි මේ.

20 comments:

  1. ස්තූතිවන්ත වෙනවා මං පෞද්ගලිකව දරන මතයට සමාන මතයක් ඉදිරිපත් කිරීම ගැන.
    ඉහත කිව්වා වගේ අපි 71-77 අතර අපි යටත් විජිතයෙන් මිදුනා.එත් 77 දී ආයෙත් යටත් වුනා.එදා ඉදලා අද වෙනතුරුත් ඉන් ඉදිරියටත් නව යටත්විජිතවාදය විසින් අපව සූරාකනු ඇත.2005 දී වුනේ මහා ලොකු දෙයකුත් නෙමේ.හිටපු ජනාධිපතිවරයත් ඇමෙරිකන් හිතවාදීය.එහෙත් යම් යම් හේතූ නිසා ඔහු එයට විරුද්ධ විය.කෙසේ වුවත් අද ඔහු වටා වාමාංශික බලවේගවත් එකතුවී සිටීම සතුටකි.වර්ථමානයේ ළිං වල මැඩියන් දේශපාලන අනාථයින් ලෙස හදුන්වන්නේ ඔවුන්ය.යහපාලන මුවාවෙන් අධිරාජ්‍යවාදයේ ගැත්තන් බවට අපිව පත් කිරීමට වෙර දැරූ ෆේස්බුක්,බ්ලොග්.වෙබ් කරුවන්ගේ උගත් බව හොදින් වැටහේ.රටේ සිටින්නේ මහා උගත්තු බවත් බුද්ධිමතුන් යහපාලනය තුල නැති බවත් මට වැටහේ.

    ReplyDelete
    Replies
    1. මිතුර ධම්මික,

      ඔබ හා මීට පෙර සංවාදයක් වූ මතකයක් නැත. මේ ඔබේ පළමු ප්‍රතිචාරය නම් ඔබව දෙතිස් කතාවට සාදරයෙන් පිළිගනිමුව, එසේ නොවේනම් අපේ දුර්වල මතකය පිළිබඳව සමාව අයදීම් හ.

      ඔබේ පෞද්ගලික මතය අපේ මතය හා සමපාත වේ නම් එය අපේ සතුටට කරුණකි. මක් නිසාද යත් එවැන්නන් අපට මුණ ගැසෙන්නේ ඉතා කළාතුරකින් වන බැවිණි.

      Delete
  2. මම අසූ ගණන් වල මැද බාගේ පරම්පරාවේ කෙනෙක්. අපේ කාලේ සෙට් එකේ ගොඩක් අයටනම් අපිට ජාතියක් කියල එකක් තියනවද , අපිට සංස්කෘතියක් කියල එකක් තියනවද , එහෙම එකක් තියනවා කියලා ලාවට හරි හිතන එවුන්ට අපි සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනෙද , අපි බටහිර රටවල් එක්ක ඔවුන් යන අගාධයටම යනවද නැත්තම් අපේ අනන්ය තාවයක් ගොඩ නගා ගන්න ඕනෙද කියන ඒවා ගැන මෙලෝ අවබෝධයක් නැත . ඉදලා හිටලා එහෙම පදනමක් ඇති එකෙක් දැක්කත් බහුතරය තමන් යන්නේ කොහෙද කියලවත් නොතේරෙන එවුන් ටිකකි . පාසල් පොත් වල තියන ඉතිහාසය මුද්‍රණයට යන තීන්ත අපරාදේ කියා මට සිතේ. facebook එක ලොකු කරන් කට්ටිය නටන නාඩගම් දුටු විට මුන් නම් කවදාවත් ඇත්ත තේරුම් ගන්නේ නැතැයි මට සිතේ . මහින්දද අසත්පුරුෂ ආශ්‍රය නිසා සහ හරි හමන් විදියට මොලේ පාවිච්චි කර වැඩ නොකළ නිසා අපේම දියුණුවක් ලබා ගැනීමට හිමිවී තිබු රන්වන් අවස්තාවක් දැයෙන් ගිලිහි ගොස් ද්‍රෝහීන් අතටම පත්ව තිබේ. මටනම් හිතෙනිනේ කට්ටිය හිතන විදිය වෙනස් වෙනකම් මේ ප්‍රශ්නේ බේරුමක් වෙන්නේ නැති වෙයි කියලයි. කට්ටියට ඕනේ friday night fun අරගෙන, කාලා බීලා ජොලියේ ඉන්න නම් රනිලයා තමා ඒවා දෙන්න කියාපු මිනිහා. බහුතරයට අපිට ඊට වඩා වෙනසක් ඕනි, සිංහල බෞද්ධ චින්තනය පදනම් වෙච්ච, දෙලොවටම වැඩ ඇති සරල ජීවන ක්‍රමයක් ඕනේ කියන තැනට එනකම් සහ එයට නායකත්වය දිය හැකි හරි හමන් යුග පුරුෂයෙක් බිහි වෙනකම් ඉතින් රොත්ත පිටින්ම යහ පාලනය පිටුපස යෑම වැලැක්විය නොහැකි වනු ඇත. කලි යුගය නිසා අන්තිමට කිව්වා වගේ දෙයක් වෙන්න නම් හිටං ආශ්චරයක්ම විය යුතුය.

    ReplyDelete
    Replies
    1. "සිංහල බෞද්ධ චින්තනය පදනම් වෙච්ච, දෙලොවටම වැඩ ඇති සරල ජීවන ක්‍රමයක්..." මේ ඔබේ වචන.
      ඇත්ත වශයෙන් එවැනි ක්‍රමයක් සාදා ගැනීම එකිනෙකාගේ පෞද්ගලික කර්තව්‍යයක් බව සිතමි. අප සිතන අයුරින්, අපේ ව්‍යායාමය එයයි. එසේ වුව, අපට අප වෙත පටවා ඇති බටහිර ජීවන ක්‍රමයෙන් සම්පූර්ණයෙන් අත්මිදීම කළ නොහැකියි. ඒ අප ඊට අකමැති නිසා නොව සියතින් ගෙළ සිඳ ගැනීමක් වන නිසා.

      එහෙත් අපට එකිනෙකා වෙන වෙනමත්, සාමුහිකවත් එවැනි ජීවන ක්‍රමයක් ඇති කර ගැනීමත්, ප්‍රචලිත කර ගැනීමත් කළ හැකියි. මෙය ක්‍රමානුකුල සහ කල් ගත වන ක්‍රියාවලියක්. මෙය සාර්ථක වීමට නම් බාහිර ප්‍රතිරෝධයන් අවම කළ යුතුයි. එසේ කිරීමට රාජ්‍ය බලය අත්‍යාවශ්‍ය සාධකයක්.

      ඉහත, මිතුරු ධම්මික පවසා ඇති අධිරාජ්‍යවාදය අප විශ්වාස කරන අධිරාජ්‍යවාදය ම නොවුණත් ඉතා පැහැදිළිවම මෙය අධිරාජ්‍ය විරෝධී යුද්ධයක්. රාජ්‍ය බලය ලබා ගැනීම ඒ යුද්ධයේ එක පෙරමුණක සටනක් පමණයි. වඩාම වැදගත් සටන පවතින්නේ සංස්කෘතික සංරචකය තුල බව අපගේ වැටහීමයි. සිංහල බෞද්ධ චින්තනය පදනම් වෙච්ච, දෙලොවටම වැඩ ඇති සරල ජීවන ක්‍රමයක්... යනු සංස්කෘතියක්.

      Delete
  3. කාලෙකට පස්සේ WOW කියවෙන ලිපියක්. ඇත්තම ඇත්ත කියල තියෙනවා. බලන්න ඔය අන්තිම පින්තූරේ එක්ක ලිපිය ගැන සටහනක් අද ලංකා සී නිවුස් එකෙත් දාල.
    ඇමරිකානු පුරවැසි ගෝටාභයට ඇමරිකාවෙන් නඩු පවරන යෝජනාවක්
    February 5, 2015 at 9:41 am | lanka C news
    --> https://lankacnews.com/sinhala/main-news/128030

    එංගලන්තය (බ්‍රිතාන්‍යය) අපිව ඇමරිකාවට බාර දීල ගියා කියන කතාව මම ජිවිතේ පලවෙනි පාරටයි කියෙව්වේ. ඒ නිසා ඒ ගැන අලුතින් හිතන්න වෙනවා. මෙතෙක් කල් මගේ අදහස උනේ එංගලන්තය මෙහේ ඇති කරපු කළු සුද්දන්ට මේ රට පාලනය බාර දීල ගිය බව. අනගාරික ධර්මපාල තුමා කිව්වේ එහෙමයි. මේ කළු සුද්දන්ට වෙන කෙනෙක් (මතක විදියට මාටින් වික්‍රමසිංහ) බමුණු කුලේ කිව්වා. කොහොම උනත් ඇමරිකාවට බාර දීම අලුත් අදහසක්. ඒ ගැන මීට වඩා සවිස්තර විග්‍රහයක් කරන්න.

    "regaining sri lanka" කියන එක රනිල්-චන්ද්‍රිකා හවුල් රෙජීමයෙන් ගේනකොට එකට "යළි පුබුදමු ශ්‍රී ලංකා" කියල සිංහලෙන් නම දැම්මට නලින් ද සිල්වා ඒක "අත්පත් කර ගැනීම" හෝ ඊට ළඟ තේරුමක් ඇති විදියට පරිවර්ථනය කළා. ඒත් එතුමා මේ සැරේ ඒ ගැන කතා නෑ. නෑ විතරක් නෙමේ, දිවයිනේ එතුමාගේ ලිපියත් නෑ. සමහර විට සුපිරි ඇමරිකන් මාධ්‍ය නිදහස නිසා. හික් !

    ඔබේ මේ ලිපිය ගැන ලියන්න දේවල් බොහෝ ඇතත් අර හොඳමිනිහා (එළ නම !) ගේ කාටුන් එක නම් මරේ මරු. මට හිතෙන විදියට;
    1. ශ්‍රී ලංකා කොඩිය බිම හෙළා එය මත නැගීම/ පාගාගෙන සිටීම: පරාධීන ශ්‍රී ලංකාව
    2. සිංහයා පිටේ නැගීම: සිංහලයා ගොනාට ඇන්දවීම
    3. ඇමරිකන් කොඩිය ලෙල දීම: ඇමරිකානු අධිපත්‍යය
    4. අනික් මිහිහාට ඇඟිල්ල උරුක් කිරීම: විශේෂයෙන් චීනයට "බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු !" කීම.

    මට දැනෙන්නේ එහෙමයි. "රස්තියාදුකාරයින් විසින් රස්තියාදුකාරයින් වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද බොරුකාර රැවටිලිකාර 'මයිරනිල්' රෙජීමය" විස්තර කිරීමට මීට වඩා හොඳ කාටුන් එකක් තවත් ඇතැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉහත පින්තූරය පිළිබඳව අපගේ අදහසට ඉතාම ආසන්න අදහසකට පැමිණ ඇත. එහෙත් අපට තව බොහෝ අදහස් දැන ගැනීමට අවශ්‍ය නිසා අපගේ පෞද්ගලික අදහස මෙහිදී ඉදිරිපත් කිරීමට ඉක්මන් නොවෙමු.

      අපේ මිතුරු සිතුවිළි තුමා සසර කළකිරිලා වගේ නේද ? මේ සැරෙත් පෝය ලිපියක් නෑනේ.

      Delete
    2. හික් !

      සිතුවිළි බිසී ! LcN එකේ පෝය ලිපියේ එල්ලිලා සහයෝගිතා බණ දේශනා කරනවා. මට හිතෙන හැටියට එයා මාංශ විරෝධියොත් එක්ක සාම ගිවිසුමක් ගහන්න යන්නේ. මම ඒ පැත්තේ නොයා ඉන්න තීරණය කළා.

      ඒත් ඔබ තුමානම් ඒ පැත්තට වැඩම කරලා වගේ හිතුණා. කමක් නෑ.

      සයක <- යසක <- කසය, ඒ විතරක් නෙමෙයි 'කවුරුන්ද සම' කියන නමෙනුත් කොමෙන්ට් දාන්නේ එකම එක්කෙනා. ?/= කියලත් සමහර වෙලාවට දානවා. තව එක එක නම් වලින් විවිධ වෙලාවට ඇවිත් තමන්ගේම කොමෙන්ට් වලට හුරේ දානවා, එහෙම නැත්නම් තමන්ට විරුද්ධ කොමෙන්ට් දාන කෙනෙකුට බණිනවා. හැබැයි ආතල් පොර ! මම හිතන්නේ මිනිහ LcN එකේ වැඩ. එහෙම නැත්නම් තනිපංගලමේ ඉන්න පැන්ෂන් ගිය ඩයල් එකක්. වැඩිය එල්ලෙන්න යන්න එපා - පැටලුනොත් ගැලවිලි බොරු.

      (ඔබ තුමා ඒ පැත්තේ ගියේ නෑ කියනවනම් අර ටික අමතක කරලා දාන්න.)

      Delete
    3. මල කෙලියයි, මේකනම් පැහැදිලි වැරදි වැටහීමක්. මාංශ විරෝධියොත් එක්ක මගේ කිසිම සාම ගිවිසුමක් නැහැ. මම සිල් කියමින් වෘත රකින්නෙක් නෙවෙයි.

      හැබැයි මම මේ ලිපියෙදී සුමණබෝධි හාමුදුරුවෝ ලියල තියෙන කාරනා එක්ක එකඟයි. ඉතින් ඒකට අපේ පරන මිත්‍රයාගේ නිඝණ්ඨ බන එක්ක පොඩ්ඩක් සාකච්චා කලා.
      හැබැයි ජෝසප් මහත්තයා සාකච්චාවට නො එන්නේ යසක සයක කසය එක්ක පැටලෙන්න බයට හෝ කැතට කියලා දැනගත්තේ දැනුයි.
      හැබැයි මම ඒ කොහොල්ලෑ ගුලිය ඇඟේ අලවගන්නේ නැතිව දැනටනම් සාකච්චාවේ ඉන්නවා.

      තව දෙයක් ඒ පැත්තේ ඇවිල්ල අපේ කොහොල්ලෑ බබාට කන පැලෙන්න පිළිතුරක් දීලා අපහු ඇවිල්ල නිශ්ශබ්දව ඉන්නේ අපේ කණිෂ්ක මහත්තයාම තමයි. ඒ ගැන සැකයක් නැහැ.

      Delete
    4. හඃ !

      ඔය මාංශ ප්‍රශ්නය නැගල යන මාතෘකාවක්. ඇත්තටම ඒ ගැන කතා කරනවානම් කතා කරන්න දහසක් දේවල්. එකම අවුල තමයි, මිතුරනි, මේකට අවශ්‍ය වන ධර්ම කාරනා සොයා ගැනීමට අපට කල් වේලා නොමැති වීම. ඉතිං ඒ ස්වාමින් වහන්සේ කරුණු කාරණා සොයාගෙන වෙහෙස මහන්සියෙන් යුතුව ලිපියක් ලියා තිබෙන විට ඊට සම්මාදම් වීම පහසු - ඒ වගේම සුදුසු - දෙයක් කියා අපට සිතුණා.

      අනික් කාරණය: මේ දින වල අප රචනා කරන්නේ තරමක උපහාසයක් සහිතව - අඩු ගැඹුරක් ඇතිව. ඒ ශෛලිය අප සිතන පරිදි ඒ ලිපියේ ප්‍රතිචාර තීරුවේ රිද්මයට ගැලපුණා. ඒ මිස කසය සමග පැටලීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

      එසේම...

      Delete
    5. ලංකා සී නිවුස් අප විසින් දැමූ ප්‍රතිචාර දෙකක් හලා දමා තිබෙනවා.
      ඒ දෙවැන්න (2) සහ හයවැන්න (6). මේ පිළිකුල් සහගත දෙයක්.

      කෙසේ වුව, ඔබලා එය සඳහන් කළ නිසා මා හය වැනි කරුණ නැවත උපුටා දක්වන්නම්. ඒ පිළිබඳ වැඩිදුර සාකච්චාවක් වෙතොත් මෙතැන නොව එතැන එය කරමු.

      ------------------------------------------------------
      6. “හැකි සැම කෙනෙකුම වැලකිය යුත්තේ මාංශ අනුභවයෙන් නොව මාංශ මිලදී ගැනීමෙනි.”
      මෙසේ කියන්නේ මී හරකෙක් නොවේ – හයිනාවෙකි.

      ඔහු එසේ කීවත්, මේ නම් පැහැදිළිවම ආඳා මාළු ඉරට්ටෙන් කෑමකි. අනුභවයෙන් වළකින්න එපා’ය කියන ගමන් මිලදී ගැනීමෙන් වළකින්න’යි කීම හයිනා වෙස් ගෙන මී හරක් හඬ නැංවීමක් මිස වෙන කුමක්ද.

      අඩු තරමින් ඔහු මස් පිණිස සතුන් මැරීමෙන් වැළකිය යුතු බව නොකියයි (පළමු ගිහි ශික්‍ෂා පදය).
      මස් පිණිස සතුන් වෙළෙඳාමෙන් වෙන් විය යුතු බව නොකියයි (අකැප වෙළෙඳාම්).
      අනික් මී හරක් මෙන් කන්න එපා කියාවත් නොකියයි.
      කාටවත් කරදරයක් නැති මස් මිලදී ගැනීමෙන් පමණක් වළකින්න කියා කියයි.

      හරි අපූරු අදහස ! කවුරුත් තරහ වෙන්නෙත් නෑ, වැඩෙත් කෙරිලා.
      හරියට, යහපාලනය අස්සෙන් ඊළම දෙනවා වගේ.

      කන කෙනෙක් එක්කෝ වගා කර ගත යුතුය, නැතිනම් මිලදී ගත යුතුය, එසේත් නැතිනම් දානය ලැබිය යුතුය. තෙවැන්න අපට නොලැබේ – ඉඳහිට යන සාදයකට නොගියොත්. එසේනම් මේ කියන්නේ කන්න එපා කියා නොවේනම් මරාගෙන කන්න කියා මිස වෙන කුමක්ද ?

      මිලදී ගැනීම ඉහත සිද්ධි දාමයේ අහිංසක ම දේ ය. තමා මිලදී නොගෙන අනුන් ලවා මිලදී ගෙන අනුභව කිරීම ඊට වඩා පාපයක් බව අපේ අදහසයි. තමා විසින් මිලදී ගැනීමේදී ත්‍රිකෝටි පාරිශුද්ධ බව දත හැකිය. අනෙකෙක් විසින් මිලදී ගන්නා අවස්ථාවල ඒ වාසිය නැත. විශේෂයෙන් සාද-සම්භාෂණ අවස්තාවක පෙර-ඇනවුම් කර සතුන් මරවා මස් සපයා ගන්නා අවස්ථා ඇත. ඊට වඩා තමා විසින් වෙළෙඳපොළෙන් මිලදී ගැනීම පාප පක්‍ෂය සැළකීමේදී සුරක්‍ෂිතයි.

      ඒ නිසා මෙය පැහැදිළි වැරදි උපදෙසකි – මී හරකුන්ට ම ගැලපේ.

      ------------------------------------------------------

      Delete
    6. බලමුකෝ ඒකෙත් හැටි සී නිව්ස් කාරයා පස්සේ එතැනට හදිසියේ මතුවුනු .::ක::. කියල කෙනෙක් මුලින් ආව "ක" නෙවෙයි කියලා මම දාපු ප්‍රථිචාර තුනක්ම පල කලේ නැහැ. ඒ අතරෙ අපේ උත්තමයා මට එරෙහිව දාපු ප්‍රථිචාරෙත් පල කරලා නැහැ.
      ඒ කියන්නේ මටත් පොඩ්ඩක් සලකලා තියෙනවා.

      හැබැයි වැඩේ කැතයි. මෙතන උත්තර දෙන්න එපා කියලා දරුනු විදියට මාවම විවේචනය කරපු ප්‍රථිචාර කොටසක් මෙතැන පල කරලා. ඒ වගේම ඒක ලියලා තියෙන්නේ මම ප්‍රකාශ කරපු අදහසින් භාගයක් විතරක් කියවලා.
      ඇයි මටම මෙහෙම අසාධාරණ කරන්නේ.

      මීට එහාට අපි මුකුත් කියන්නේ නැහැ.

      Delete
    7. සිතුවිළි මා මිතුර,

      අප මුලින් ද කී පරිදි මේ තරමක් සංකීර්ණ මාතෘකාවක්. ඔබ ඔබේ අදහස ඇතුලත් කර ලිපියක් සකසන්න - අපත් එයම කරන්නම්. එවිට අපට එම ලිපි පෙළ තුලදී මේ පිළිබඳව ඉතා ගැඹුරින් සංවාද කළ හැකියි.

      ලංකා සී නිවුස් හි පල කර ඇති "වැළකිය යුත්තේ මාංශ අනුභවයෙන්ද? ප්‍රාණඝාතයෙන් ද?" යන ලිපිය දිවයින පුවත් පතේ බුදුමග අතිරේකයේ පල වූ එකක්.
      ---------> http://www.divaina.com/images/bud04jan/bud12.html

      එසේම ඊට ප්‍රතිවිරුද්ධ ලිපියක් එදාම බුදුමගේ පල උනා.
      ---------> http://www.divaina.com/images/bud04jan/bud8.html
      ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය නොකළ යුතු වෙළඳාම් තුළ ගැබ්ව ඇත්ද? --- ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි / සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහසභාව

      එකී ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමියන් වෙහෙස මහන්සිය නොබලා මේ පෝය දිනයේත් ලිපියක් ලියා කෝටි තුන ඔප්පු කර ගැනීමට යත්ත දරනු දිටිමි.
      ---------> http://www.divaina.com/images/bud03feb/bud6.html
      සත්ව මාංශ අනුභවය උතුම් බඹසර රැකීමට බාධකයකි --- එම

      බුද්ධගයාවේ ස්වාමින් වහන්සේගේ තනතුර අනුව මෙසේ ලිපි සැපයීම උන් වහන්සේගේ රැකියාවේ කොටසක් බව පෙනේ. උන් වහන්සේට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ සහිත දානයක් දීමට ලැබේනම් එය මහත් පිනක් කොට සිතමි.

      සිතුවිළි,

      මේ කරුණ හෙවත් මාංශ ප්‍රශ්නය පිළිබඳ උනන්දුවක් ඇති කෙනෙක් විසින් ඉහත ලිපි සහ ආශ්‍රිත පැරණි ලිපි (අර ස්වාමින් වහන්සේ ලියන්නේ ලිපි මාලාවකි) සොයාගෙන කියැවිය යුතුය. හැකියාවක් වෙතොත් අනාගතේ දිනෙක එය කරමු. ඔබ ලිපියක් ලියන්නේ නම් උන් වහන්සේ ඇසුරු කර ගන්න. එකඟ වීම නොවීම කෙසේ වෙතත් දැනුම පිණිස ඒවා කියැවීම ප්‍රයෝජනවත් ය.

      Delete
    8. ඔබ මගේ අදහස විවේචනයට පෙර මා දරන අදහස් කියැවූවා නම් මා පටන්ගෙන ඇත්තේම මේ මාතෘකාව සාකච්චාවට ගැනීම විකාරයක් ලෙස හඳුන්වා දෙමිනුයි.
      කෙසේ වෙතත් ඔබගේ යෝජනාව හොඳයි. මේ පිළිබඳව තව දුරටත් හැදෑරීමක් කොට ඒ ගැන සාකච්චාවකට එළැඹෙමු.
      දැනට මෙතැනදී මේ ඇති.

      Delete
    9. බලල බලල මටත් ඇති උනා... හික් !
      බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ !!

      සිතුවිළි, කතාව ඉක්මනින් ලියන්න.

      Delete
  4. අලුත් තරුණ පරපුර නිකන් හිතින් පොශ් වෙලා ඉන්නේ. අම්මා දෙන බත් කටයි පොල් සම්බෝලෙයි කාල ෆේස් බුක් මනෝරාජිකයෙ ඉන්නෙ. ආගමක් දහමක් ගෙදර දොර වැඩක් අධ්‍යාපනයක් අතෙ පයේ රැකියාවක් මුකුත් ගැන උනන්දුවක් නැහැ.රීලෝඩ් එක ගෙවන්නෙත් අම්මා දුක් විඳල ගන්න තුට්ටු දෙකෙන්.රටේ ඉතිහාසය කිසිවක් දන්නෙ නැහැ. ෆේස් බුක් සිහින ලෝකෙ දේවල් කරගන්න සල්ලි නැති වුනාම හිතන්නෙ, ආන්ඩුව තමයි වැරැද්ද කියලා. රජය සෑහෙන්න වැරදියි ඇතැම් දේවලින්. හැබැයි ලෝකේ ආර්ථික අර්බුධයක් හැම තැනම තියනවා. රුසියාව, ඇමෙරිකාවත් ඇනගෙන ඉන්නේ.
    ඒ වැරදි මැදත් මහින්ද හැර විකල්පයක් තිබුනේ නැහැ. රටට වැරදුනා.දුර දිග නොබලන ගොන් රැලකට චන්ද බලය හිමිවීම තමයි හේතුව.හරිම අවිනිශ්චිතයි.හැමදාම හිත නරකින් තමයි ඇහැරෙන්නේ. මොනව කරන්නද කියලා තේරෙන්නේ නැහැ,ලංකා මාතාවගෙ කාලකන්නිම දවස් මේවා.

    ReplyDelete
    Replies
    1. රට පිළිබඳ ඔබේ පසුතැවිලි සිත අපට වැටහේ. එහෙත් අවංකව සත්‍ය ප්‍රකාශ කළහොත් මීට දශකයකට පෙරාතුව එදා රනිල්-චන්ද්‍රිකා හවුල් පාලනය යටතේ අපට මීට වඩා බියක් තිබිණි. අප නින්දට ගියේ හෙට එළි වන අලුත් දිනයේ අපට ලංකාවක් තිබේද කියා නොදැන යි. අද එතරම් ම සෘජු අනතුරක් නැත.

      එහෙත් සැබෑ අනතුර තවම සම්පූර්ණයෙන් පහව ගොස් ද නැත. එපමණක් නොව එදාට වඩා අනතුර බලවත් බවත් පෙනේ. මඩ සෝදා ගත් කළ ගොවියා රජ කමට සුදුසු යැයි රොබට් නොක්ස් කීය. එය කණපිට පෙරළු මංගල සමරවීර මහතාගේ කටකතා බලකාය කප්පරක් මඩ ගසා රජා ගොවියා බවට පත් කළේය.

      මහින්ද රාජපක්‍ෂ සිය දෙවන ධුර කාලයේ අපගේ බලාපොරොත්තු සුන් කළේය. එබැවින් ඔහුට අපගේ චන්දය නොලැබිණි. එය කටකතා හේතුවෙන් නොව පෞද්ගලික හේතු මත ගත් තීරණයකි. අප චන්දය පාවිච්චි කරන්නේ අතීතයේ කළ දේට කෘතගුණ සැළකීමට නොව අනාගතයේ කර ගැනීමට ඇති දේ සළකා වේ.

      අප්‍රේල් වන තෙක් ඉවසිලිවන්තව සිටිමු. මහින්ද රාජපක්‍ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෛත්‍රීපාල නමට ලියා දී හොර තෝම්බුවකින් චන්ද්‍රිකාට පැවරීම ඓතිහාසික වැරැද්දකි. චන්ද්‍රිකා මෙය නැවත දෙන්නේ නැත. නිදහස් පක්‍ෂයෙන් තොරව මහින්දට අප්‍රේල් වලදී අගමැති වීමත් කළ නොහැක.

      එසේම මහින්ද ද පරණ වැරැද්ද (තමා 'පොර' යැයි සිතීම සහ ජනතාව තමාට චන්දය දෙන්නේ කෘතගුණ දැක්වීමට යැයි සිතා සිටීම) තවමත් අත හැර නැති බව පෙනේ. මේ තත්වය එතරම් යහපත් නොවන්නේ සිංහල චන්ද කොහොමත් තමන්ට'යි සිතාගෙන දෙමළුන්ට, උලමුන්ට හා පල්ලියට කප්පම් දීමට පෙළඹීමේ ඉඩක් ඇති නිසාය. එවැනි විටෙක අප නැවතත් පැරදුණා වේ.

      ඒ නිසා ඉවසීමෙන් කටයුතු කිරීමත්, අනාගතයේ වීය හැකි දේ ප්‍රඥාවෙන් දැකීමත් සුදුසු අවස්ථාවේදී සුදුසු ලෙස විරෝධය පෑමත් පමණි අපට කළ හැක්කේ.

      Delete
    2. ගයත්‍රී,
      ඉහත ප්‍රතිචාරය ඔබට සැනසිල්ලක් වේ නම් අපේ අභිප්‍රාය ඉටු උනා වේ. ඔබ දෙතිස් කතාවට සාදරයෙන් පිළිගන්නා අතර සුදුසු ලෙස සංවාද වලට සහභාගී වීමත් අගය කරමු.

      Delete
  5. කණිෂ්ක,
    කතා 32 තුල පලවන දේශපාලන හරයන් ඇති ලිපි සියල්ලම මා ඉතා වුවමනාවෙන් කියවමි. එසේම මෙහිදි කියැවෙන බොහෝ අළුත් අදහස් ගැන මා සැලකීමක් දක්වමි.
    සියළු ප්‍රතිචාරද කියවමි.
    ඇත්තෙන්ම මෙහි කියවා සිතීමට බොහෝ දෑ ඇත.
    එහෙත් මා ඇත්තෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳ ඉන්නේ ව්‍යාකූල මනසකිනි. එම නිසා මගේ අදහස් මේ යැයි කියා කීමට මදක් මැලිවෙමි.
    තවදුරටත් මා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීමට පමණක් තීරනය කොට ඇත්තෙමි.
    ඔබලාගේ කාර්‍යය ඉතා සාර්තකයි. මේ ලිපි දැන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන නිසාත් බොහෝ දෙනා සාකච්චාවෙහි යෙදෙන නිසාත් කියවන්නට දේ බොහෝයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කිරීමක් කල යුතුයැයි සිතේ.
      ව්‍යාකූලතාවයට හේතුව ලැම්බෝගිනි කියා නිසාන් කාර පෙන්වීම, ආරක්ශක අමාත්‍යාංශයෙහි ගිණුම් පුද්ගලික ගිණුම් ලෙස පෙන්වීම වැනි මාධ්‍ය සංදර්ශණ නම් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බූදල් උරුමයට නැවත වලව්වට පාවා දීම වැනි බොහෝ වූ විවිධ හේතුන් වෙයි.

      Delete
  6. දයාබර, ප්‍රියාදර, හිතාදර සිතුවිළි තුමෝ,
    ඔබතුමා වෙත ශෝකයෙන්, සංවේගයෙන්, හදපිරි සොවින් ලියා දන්වන වගනම්,
    "කතා කඩේ වැහෙන්නයි යන්නේ !"

    මොනවා හරි නොකළොත්,
    මුන්නාන්සේ ගොහිං,
    එහෙම (lcn) පදිංචි වෙයි.
    අපිට නිදහසේ යමක් කතා කර ගන්න තියෙන තැන නැති වෙයි.

    මොනවා හරි ඉක්මනට කරපියෝ ඕ ඕ ඕ ව් !!!

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !