Sunday, June 3, 2018

ආධාර

. ආධාර .

ආධාර එකතු කිරීම ගැන කතා කරමු.

Friday, May 18, 2018

මළවුන් සැමරීම

අනුර කුමාරට විජේවීර සමරන්නට අවසර ඇත්නම් සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට අවසර නැත්තේ මන්දැයි සමහරු අසති. මේ ආණ්ඩුවෙන් ඇසිය යුතු පැනයකි. සම්පන්තන්ට පිරපාහරන් සමරන්නට ආණ්ඩුවෙන් අවසරයක් අවශ්‍ය නැත්තේ ඊට තහනමක් නැති බැවිණි. ඇසිය යුතු සැබෑ පැනය නම් පිරබාහන් සමරන්නට තහනමක් නැත්තේ මන්ද යන්නයි.



Thursday, May 10, 2018

නරියා සහ කැලෑව

ජුන්ටාධිපති වික්‍රමසිංහගේ සුවච කීකරු අනුර කුමාර දිසානායක තොත්ත බබා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව සැලයි. වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදන ඊට ඇතුල් කරන්නේනම් ඒකාබද්ධ විපක්‍ෂය යන නමින් පෙනී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම ඊට සහය දෙන බවට ප්‍රකාශයක් කළ බවත් තරමක් පරණ පුවතකි.
උම්මා !
මේ ගැන සිදු විය යුතු තරමේ කතිකාවතක් සමාජයේ ඇති වූයේ නැත. නමුත් අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර තිබේ. හෙට සිට ජනතාව කතා කරනු ඇත්තේ වැඩි කළ ඉන්ධන මිල සහ ඒ සමග ඉහල යන අනෙක් පාරිභෝගික භාණ්ඩ වල මිල ගැන මිස විධායක ජනාධිපති ධුරය ඇතුළු රටේ ව්‍යවස්ථා සංග්‍රහය ගැන නොවේ. මේ ලංකාවේ පහළ වූ අති භයානක ඒකාධිපතියා වන වික්‍රමසිංහගේ ස්වාමිවරුන් විසින් ඔහුට ලබා දුන් තවත් අවස්ථාවක් විය හැක.




Wednesday, April 4, 2018

ජනමත විචාරණයක් ඕනෑ කර තිබේ

ජනාධිපති සිරිසේන වසර තුනක් සපිරුණු තම ධුර කාලය තුල කළ සුවහසක් අමන වැඩ අතර අගය කළ යුතු කර්තව්‍යයන් දෙකක් කර තිබේ.
  • එකක් බැඳුම්කර මගඩිය ගැන සෙවීම පිණිස ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමයි.
  • දෙවැන්න තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගැනීමයි.
දැන් මේ එළඹ ඇත්තේ තුන් වැන්න කිරීමට සුදුසු කාලයයි. ඒ පමා නොකොට ජනමත විචාරණයක් කැඳවීමයි.






Monday, April 2, 2018

විශ්වාසභංගයෙන් පසු --- අලුත් කළා...

සටහන :
අවසන් වූ විශ්වාසභංගය ගැන කීමට අවශ්‍ය දේ නිල් පැහැයෙන් සටහන් කර ඇත.

විශ්වාසභංගයෙන් පසු කුමක් වේද යන්න කතා කිරීමට කල් වැඩි නැත. එහෙත් ඒ ගැන කතා කිරීම පසෙක තබා විශ්වාසභංගයේදී කුමක් සිදු වීමට ඉඩ ඇත්දැයි බලමු. පහත දැක්වෙන්නේ සිදු වීමට ඉඩ ඇතැයි අපට සිතෙන දේ ය.





Thursday, March 15, 2018

සිංහලයින් සුළුතරය වීම

උගත් සහ බුද්ධිමත් පුද්ගලයෙකු වශයෙන් අප විසින් බොහෝ ගරු කෙරෙන ඉකොනොමැට්ටා තුමා තමාගේ අඩවියේ පහත සටහන තබා තිබේ.
සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.
මේ ඇත්තද?





Friday, March 9, 2018

අපි අසරණ වෙලා වගේ ...

1815 දී සිංහලයින් සුළුතරයක් විසින් ද්‍රෝහීන් හා එක්ව සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරජුගේ නියෝජිතයා (රොබට් බ්‍රවුන්රිග්) අතට පාවා දිණි. 2015 දී සිංහලයින් සුළුතරයක් විසින් පරයින් සහ කල්ලතෝනින් හා එක්ව ශ්‍රී ලංකා රාජ්‍යය බ්‍රිතාන්‍ය මහරැජිනගේ නේවාසික නියෝජිතයා (රනිල් වික්‍රමසිංහ) අතට පාවා දිණි. සිංහලයින්ට තම වැරැද්ද තේරුම් ගැනීමට ගත වූයේ යන්තම් අවුරුදු තුනකි.

1818 දී වෙල්ලස්සෙන් ඇරඹුණු නිදහස් අරගලය නිමා වූයේ ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයින් මරු තුරුලට යවමිනි. වෙල්ලස්ස ද ඇතුළු මුළු නැගෙනහිර ප්‍රදේශයම ජන-ශූන්‍ය මුඩුබිමක් බවට පත් කෙරුණු වරිගසංහාරය ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයන් විසින් මේ අරගලය හේතුභූත කර ගන්නා ලදී. බ්‍රිතාන්‍යයන්ගේ මේ කුමන්ත්‍රණයේ පළමු බිල්ල වශයෙන් තෝරා එවන්නේ හම්බයෙකි.

1815 උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍යය තුලින්ම විරෝධය එල්ල වූයේ දෙවියන් වහන්සේගේ ආණ්ඩුව (එංගලන්ත පල්ලියේ නායකයා මහරජු වෙයි) විසින් තමන්ගේ යටත් විජිතයක මිත්‍යා දෘෂ්ඨි (බුද්ධාගම හා දේවාගම්) ආරක්‍ෂා කරන බවට ගිවිසුම් ගැසීම නුසුදුසුය යනුවෙනි. එහෙත් ගිවිසුම් ගසන්නේම ඒවා කඩන්නට බව ගිවිසුම් ගැසුවෝ (ඩොයිලි) දැන සිටියහ. වෙල්ලස්ස පසුබිම් කරගෙන පැන නැගි අරගලය අතිශය කෲර අන්දමින් මර්ධනය කළ බ්‍රිතාන්‍යයෝ ඒ වන විටත් කඩ කරමින් තිබූ ගිවිසුම විසි කර දැමූහ. ඒ එදා කතාවයි.

අද ...





Wednesday, February 14, 2018

පළාත් පාලන මැතිවරණයේ පසුවදන

අපේක්‍ෂා කළාට වඩා ඉතා හොඳින් පළාත් පාලන මැතිවරණය නිමාවට පත් විය. සිදු වෙමින් පවතින පෙරළිය ගැන එදින අපරභාග 8:30 පමණ වන විට මහින්ද රාජපක්‍ෂ ඇතුළු බොහෝ ඉහළ තැන් සමග හොඳ සම්බන්ධතා ඇති කලා ලෝකයේ පුද්ගලයෙක් හරහා අපට දැන ගන්නට ලැබිණි.

මේ තරම් බොරුවක් ...
මෙවර මැතිවරණය පැවැත්වුණු ක්‍රමවේදය අනුව ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානයේදීම ගණනය ද කළ හැකිව තිබිණි. ඒ ප්‍රතිඵලය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත එවීමෙන් අනතුරුව පරීක්‍ෂා කර පරිගණක පද්ධතියට ඇතුල් කළ යුතුව තිබිණි. පරිගණක ක්‍රමවේද සහ ඒ ආශ්‍රිත පද්ධති සම්බන්ධ හොඳම දැනුම සහ වසර ගණනාවක අත්දැකීම් ඇති කොළොඹ විශ්ව විද්‍යාලය වෙනුවට මේ භාරදූර කර්තව්‍ය කැලණියට පැවරීම හේතුවෙන් හෝ ඇමති මංගල ඇමති චම්පක ඇමති රාජිත ආදීන් අරලියගහ මන්දිරයට වී නීතිපති සහ හමුදාපති ගෙන්වාගෙන හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රාදේශීය සභා වල බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් හෝ ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කිරීම කල් ගියේය. පසුදා පහන් වන තුරුත් යන්තම් ප්‍රකාශයට පත් කර ගත්තේ ප්‍රතිපල පහක් හෝ හයකි.

රාත්‍රියේ ජනමාධ්‍ය වලට මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමට වටලා ගැනීමට සිදු වන්නේත් කොමසාරිස්ට ප්‍රමාදයට හේතු දක්වමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට සිදු වන්නේත් මේ ආණ්ඩුවට ලක්ෂණික වැඩ-බැරි භාවය හේතුවෙනි.




ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !