හැඳින්වීම
පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.
සටහන: මෙම ලිපිය මීට පෙර පල වූ ලිපි ද්විත්වය හා බැඳේ
පළමු කොටස
දෙවන කොටස
සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - තෙවන කොටස
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය යනු කුමක්ද?
- ඉහත තරංග ආකෘතිය අනුව
- විද්යුත්, චුම්බක හා චාලක ශක්ති ක්ෂේත්‍රයන් තුල අංශුවක ගමන් කිරීම අප නිරීක්ෂණය කරයි. මෙහිදී සැලකිය යුතු කරුණු වන්නේ අප මැන ගන්නේ ගමන් කරන වස්තුවේ හෝ අංශුන්ගේ ගුණ පමණක් බවත් අප අංශුවේ ගමන කිසිවිටෙකත් නිරීක්ෂණය නොකරන බවත්ය.
- එසේ ගත්විට අප ලෝකය (පෘතුවිය) ශක්ති ක්ෂේත්ර තුනක් ලෙස ගත හැකිය.( ඔබට මෙය අරුමයක් නම්. කරුණාකර පහත පින්තුර බලා සෙවීමක් කරන්න)
- Celestial poles
- අප දන්නා උතුරු දකුණු ධ්‍රැව.
- මෙහි මැද ඇති සර්පිලාකාර ස්ථානය ලෝකයේ කේන්ද්‍රයක් ලෙස පැරැන්නන් විස්වාස කර ඇත. අනවතප්ත විල පවතින්නේ මෙහිය. ඉන්දියාවෙහි ප්‍රදාන ගංගා 4 ඇරබෙන්නේද මෙහිය. (අපගේ මතය පෘතුවිය නිර්මාණය වන සුලිය හෙවත් චාලක ශක්ති ක්ෂේත්රය මෙය වේ )
- විද්යුත් හා චුම්බක ක්ෂේත්ර හා චාලක ශක්ති ක්ෂේත්ර නිසා සුලියක ආකාරයෙන් වන චලනයක් (විද්යුත් චුම්බක තරංගයක මෙන්) අප ලෝකයට තිබිය යුතුය.මෙය ඉතා වේගයෙන් සිදුවන චලනයක් වේ. අපගේ රූපයද මෙම චලනය හා බැදී ඇති බැවින් අපට එහි සාපේක්ෂ චලනයක් නොපෙනේ.
- සියලු වස්තුන් හෙවත් සංස්කාරයන් එම සුලියක ආකාරයෙන් වන චාලක ශක්ති ක්ෂේත්රයට බැදී එහි පවතී.(separate vertices in a vortex field)
- එම වස්තුන්ද (සියලු රූප), ශක්ති ක්ෂේත්ර 3ක් බවත් ඒවා තවත් ක්ෂේත්රයකට බැදී ඒ තුල පවතින බවත් පැහැදිලි කල හැකිය.
සූර්යා වටා පෘතුවියේ චලිතය
සූර්යග්‍රහණය |
- සුර්යාද විද්යුත්, චුම්බක හා චාලක ශක්ති ක්ෂේත්ර තුනක් ලෙස ගත්විට,
- අප ලෝකය එහි චාලක ශක්ති ක්ෂේත්රයේ ගමන්කරන අංශුවක් ලෙස සැලකුවිට,
- සුර්යාගේ චාලක ශක්ති ක්ෂේත්රය (සුලිය තුල) අප ලෝකය (පෘතුවිය) තවත් ක්ෂේත්ර තුනකි.
- අප ලෝකය සුර්යාගේ චාලක ශක්ති ක්ෂේත්රයට බැඳී පවතී.
- සුර්යාද ක්ෂේත්ර තුනක් බැවින් එයද යම් චාලක ශක්ති ක්ෂේත්රයක් තුල වන අංශුමය චලිතයකි.
- මෙහි කෙළවරක් නැත!
චතුර්ථ නිගමනය
- පඨවි (තද හා සුමුදු ගතිය) = ගුරුත්ව ශක්ති ක්ෂේත්රය (බැඳී පැවතීම සහ එහි අනෙක් අන්තය විසිරීම). මෙය එක් වස්තුවක් තවත් වස්තුවක ක්ෂේත්රයකට බැදීම හෝ එතුල පැවතීම ලෙස හැදින්විය හැකිය.
- අපෝ (ඇලෙන ,වැගිරෙන ගතිය) = චාලක ශක්ති ක්ෂේත්රය
- තේජෝ (දවන තවන ගතිය) = විද්යුත් ශක්ති ක්ෂේත්රය (මෙය විද්යුතය හා තාපය යන අන්ත දෙක වේ).
- වායෝ (පුම්බන හකුලන ගතිය) = චුම්බක ශක්ති ක්ෂේත්රය (ආකර්ෂණ, විකර්ශන).
තෙවන විමසුම
- ඉහත ලෝක පැවැත්ම තිරස් ලෝක විස්තිරණයකි.
- සිරස් විස්තීරණය කුමක්ද?
- බුදු දහමේ සිරස් ලෝකයක පැවැත්මක් පිළිබඳව සදහන් බව blog අඩවියකින් ලැබූ දැනුම ඔස්සේ ගමන් කිරීම.
- අප දන්නා තල (අපාය, මනුෂ්ය, දිව්ය හා බ්රහ්ම ලෝක ) 32 සිරස් තලයක පවතී.
- එම තල 32 පවතින්නේ අප ලෝකයේ විද්යුත් ක්ෂේත්රය තුල ලෙස ගැනීම.
- එවිට බ්රහ්ම, දිව්ය, මනුෂ්ය, අපාය ලෝක එමගින් විග්රහ කල හැකිය.
- එනම් මනස යනු විද්යුත් ක්ෂේත්රයක් තුල එයට බැඳී පවතින තවත් විද්යුත් ක්ෂේත්රයකි.
- මනස තුල අනෙක් ක්ෂේත්ර (චුම්බක, චාලක, ගුරුත්ව) ඇති විය හැකිය.
- මේවා ලොබ,ද්වේශ, මෝහ, නම් එමගින් මනස නම් විද්යුත් ක්ෂේත්රය, තල 32 පවතින විද්යුත් ක්ෂේත්රයට වන බැදීම (තෘෂ්ණාව ) වෙනස් කරන (අඩු වැඩි කරන) විද්යුත් ක්ෂේත්ර එම ක්ෂේත්ර හා බැඳී ඇතිවේ.
- ක්ෂණ වාදය පැහැදිලි කල හැකිය.
- නිවණ යනු කුමක්ද යනුවෙන් පැහැදිලි කල හැකිය.
- අරුපාවචර බ්රහ්ම ලෝක පැහැදිලි කල හැකිය.
- සත්වයකු පුද්ගලයකු නැති බව පැහැදිලිය.
ආයුර්වේදය පිළිබඳව කෙටි විග්රහයක්
- ආයුර්වේදයේ මුලික රස 3ක් ඇතැයි ගැනීම.
- පැණි රසය = ලෝභ = අපෝ = චාලක (ඇලෙන ගතිය)
- ලුණු රසය = ද්වේශ = තේජෝ = විද්යුත් (දවන ගතිය)
- කිරි රසය = මෝහ = වායෝ = චුම්බක (පුම්බන ගතිය)
- තිත්ත රසය = අලෝභ = අපෝ = චාලක (වැගිරෙන ගතිය)
- ඇඹුල් රසය = අද්වේශ =තේජෝ =විද්යුත් හෝ තාපය (තවන ගතිය)
- කහට රසය = අමෝහ = වයෝ = චුම්බක (හකුලන ගතිය)
තෙවන කොටසේ 8 වැනි කරුණ වශයෙන් ඔබ
ReplyDelete"සියලු වස්තුන් හෙවත් සංස්කාරයන් එම සුලියක ආකාරයෙන් වන චාලක ශක්ති ක්ෂේත්රයට බැදී එහි පවතී.(separate vertices in a vortex field)"
ලෙස දක්වයි.
ඉහත සියලු කරුනු ගවේශනය කලාක් මෙන්, සියළු වස්තූන් හට සංස්කාරයන් යැයි කියන්නේ ඇයිදැයි විමසා බලන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.
හැකිනම් මේ එක වචනය ගැන විමසීමක් කර මෙම ලිපියට තවදුරටත් ඌන පූර්ණයක් සපයන්න
නිව්ටන් විද්වතා ඇපල් පොලවට වැටෙන්නේ ඇපල් ගෙඩියයි පොලවයි අතර ආකර්ෂණ බලයක් නිසා කියල කිව්වම හැම ගෙඩියම බලලද එහෙම කිව්වේ කියල කවද හරි ඇහුවද?
Deleteයන්නේ කොහේද ඇහුවහම මල්ලේ පොල් කිව්වාලු!
Deleteමම ඔබේ අදහස් විවේචනයක් කලේ නැහැ. මේතරම් ගැඹුරින් පුහු මත වාද ගවේශනය කල ඔබෙන් "සියළු වස්තූන්" යන සංකල්පයට සංස්කාරයන් යැයි කියන්නේ මන්දැයි විමසා බලන ලෙස හුදු සුහද ඉල්ලීමක් කලා පමණි.
මා ඉල්ලන ඌන පූර්ණය කිරීමට ඔබ අකැමැති නම් නිකම් හිටියාට මට කමක් නැත.
"සියලු වස්තුන් හෙවත් සංස්කාරයන්" කොටසේ ගැටළුවක් ඇත. මෙවැනි හැඳින්වීමක් ලැබීමට නම් සියළු වස්තු සංස්කාරයන් බව මුලින් තැනක කියැවී තිබිය යුතු නොවේද? එවැනි තැනක් අපට හමු නොවීය.
Deleteමෙහි
* සුලියක ආකාරය
* චාලක ශක්තිය
* (එම) ශක්ති ක්ෂේත්රය හා
* ඊට බැදී එහි පැවතීම
යනාදිය ගැන සිතුවිළි කිසිත් විමසා නැත.
සිතුවිලි මෙහිදී වැරදි වැටහීමක් ඇතිවුයේ ඔබගේ මුල් උපුටා ගැනීම දීර්ග වැඩි වීමයි. කණිෂ්ක පවසන පරිදි එහි තවත් බොහෝ දේ ඇත.
Deleteකෙසේ වෙතත් අප එහි සියලු වස්තුන් ලෙස යොදා ගත්තේ "අනිච්චා වත සංඛාරා" ලෙස යෙදෙන සියලුම ජීවී අජීවී වස්තුන්ගේ "රූපමය" කොටස හැදින්විමටයි. අවිද්‍යා පච්චයා සංඛාරා ලෙස පටිච්ච සමුද්පාද පාලියෙහි එය (සංඛාරා) ගැනෙන්නේ පින් පව් හොඳ නරක ක්‍රියා (නාම) ධර්ම ලෙස වේ.
ඒ ගමන තවත් අවුල් ජාලයක්!
Deleteසංස්ඛාර ධර්මයන් අනිත්‍යයයි යන්න සම්බුද්ධ දේශනාවයි. ජීවීඅජීවී වස්තූන්ගේ රූපමය කොටස ගන ඔබ කථා කරයිනම්?
"අවිජ්ජා පච්චයා සංඛාරා" කීවිට සංඛාරා යනු පින් පවු හොඳ නරක ක්‍රියා යන නාම ධර්ම බව ඔබ උපුටා ගත් මූලාස්‍රය කුමක්ද?
එයත් විකිපීඩියාවෙන්වත්ද?
ඔබ මුලින්ම දක්වා ඇති පරිදි පූජනීය රේරුකානේ නා හිමියන්ගේ පොත් පත් වලනම් මෙවන් විහිලු කථා අඩංගුව නැත.
සිතුවිළි,
Deleteඔබ මෙහි මූලික ප්‍රශ්නය යොමුකළ සන්දර්බයෙන් ඉවත් නොවී සාකච්චාව ඉදිරියට ගෙන යන්නේ නම් අගය කරමු.
ඒ ගමන තවත් අවුල් ජාලයක්!
සංස්ඛාර ධර්මයන් අනිත්‍යයයි යන්න සම්බුද්ධ දේශනාවයි. ජීවීඅජීවී වස්තූන්ගේ රූපමය කොටස ගන ඔබ කථා කරයිනම්?
අප මෙම ලිපිය තුලින් අනිත්‍ය විග්‍රහයක් කිරීමට කිසිදු උත්සාහයක් ගෙන නැත. එය මෙහි මුලික අරමුණක් නොවිය. අපගේ උත්සාහය වන්නේ "පඨවි" ගුණය හදුනා ගැනීම වන අතර එම ගුණය "ජීවීඅජීවී වස්තූන්ගේ රූපමය කොටසට" පොදු බව අපගේ වැටහීම වේ. එම පඨවි ආදී ගුණයන් නාම ධර්ම ලෙස ගැනෙන විඥ්ඥානය, චිත්ත, චයිතසික සදහාද වලංගු උවද එහිදී එය "ලෝබ", "ද්වේශ", "මෝහ" ,"තෘෂ්ණාව" ආදී ලෙස වර්ග කෙරෙන බව අපගේ හැගීම වේ.
"අවිජ්ජා පච්චයා සංඛාරා" කීවිට සංඛාරා යනු පින් පවු හොඳ නරක ක්‍රියා යන නාම ධර්ම බව ඔබ උපුටා ගත් මූලාස්‍රය කුමක්ද?
එයත් විකිපීඩියාවෙන්වත්ද?
ඔබ මුලින්ම දක්වා ඇති පරිදි පූජනීය රේරුකානේ නා හිමියන්ගේ පොත් පත් වලනම් මෙවන් විහිලු කථා අඩංගුව නැත.
මුලාශ්‍රය:
අති පූජනීය රේරුකානේ මහා නා හිමියන්ගේ "පටිච්චසමුප්පාද විවරණය" පිටුව 27.
කියවීමට
http://www.ogatharana.org/functions.php?bookname=17_Patichcha_Samuppada_Vivarana.pdf
(මිලදී ගැනීම සැමවිට අගය කරන්නෙමු.)
රේරුකානේ හිමිගේ පොත් කියවීමට ලැබී නැත. ඒත් සංස්කාර යනු පින්-පව් බව "දෙපාරක් මැරෙන" පටිච්ච සමුප්පාදයේ නම් ඇත. ඒ පටිච්ච සමුප්පාදය හැර තවත් පටිච්ච සමුප්පාදයක් ඇති බව අපට (මට) කියා දුන්නේ කණිෂ්ක තුමාය. ඔහුට පින් දෙමි.
Deleteසිතුවිළි,
දෙපාරක් මැරෙන පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පච්චයා සංකාරා යනු පෙර බවයේ නොදැනුවත් කමින් පවු රැස් කිරීමයි - නොහොත් 'කුසලාකුසල කර්ම' රැස් කිරීමයි (මේ බවයේ රැස් කරන පව් සංස්කාර නොවේ? හික්!).
අවිද්‍යා,
ඔබ නොදන්නා බව පෙනෙන අනෙක් පටිච්ච සමුප්පාද විග්‍රහය ලෝක නිර්මාණ ලිපියේ ඇත. මෙතෙක් දෙතිස් කතාවේ පල වූ වැදගත්ම ලිපිය එය වේ.
අවිද්‍යා,
Deleteමා මූලික සංදර්භය තුලම රැඳෙමින් පැනය යොමු කරන්නම්. සංඛාරා යනු ඔබ කියන ආකාරයේ පින් සහ පව් නම්? සියළු වස්තූන් හේවත් සංස්ඛාරයෝ කී විට
සියළු වස්තූන් (භෞතික යැයි මා උපකල්පනය කරමි ) = පින් පව් නම් වූ නාම ධර්ම
එවිට නාම ධර්ම = භෞතික වස්තූන්
එවිට රූප ධර්ම = නාම ධර්ම
එහෙම කිව්වොත් ඔබ කියන දෙය අනුව නිවැරදියි නේද?
රේරුකානේ හිමියන්ගේ ඔබ දක්වන උපුටනය පූර්ණව කියවන්න. ඔබ දක්වන අර්ධ උපුටනය මගින් අරුත් විකෘති වේ.
ජෝසප්,
දෙපාරක් මැරෙන පටිච්ඡ සමුප්පාදය කුමක්ද? මා ඒ ගැන දැනුවත්ව නොසිටියෙමි.
මෙහි සියලු වස්තුන් හෙවත් සංස්කාරයන් ලෙස යොදා ගැනීමට සිදුවුයේ "රූපයන්ට" පොදු "පඨවි" ගුණය විග්‍රහ කිරීමටයි. "අනිච්චා වත සංඛාර" හි සංඛාර යෙදෙන්නේ සියලු හේතුන් නිසා හටගත් ඵල හෙවත් නාම රූප සියල්ල සදහාය. අපගේ අවශ්‍යතාවය වුයේ එයින් නාම කොටස වෙන් කිරීමයි. මේ සදහා සියලු වස්තූන් පමණක් යෙදුව හොත් සත්ව රූප කොටස මගහැරෙන බැවින් දෙක එක්ව යොදා ගත්තෙමු. "සංඛාර" ලෙස තනිව හෝ වස්තුන් ලෙස තනිව අපගේ අවශ්‍යතාවයට අර්ථ නිරූපනයක් නොලැබුන නිසා එක්ව යොදා ගත්තෙමු. එම යෙදුමේ ගැටලුව පසුව නිවැරදි කලත් වචන මත්තේ ගැටීමට තරම් අප භාෂා විශාරද හැකියාවක් නැත.
Delete@Josep ඔබ සතුව රේරුකානේ හිමියන්ට පටිච්චසමුප්පාදය ඉගැන්වීමට (එම පොත් නොකියවාම සහ එහි අඩංගු අනෙක් පටිච්චසමුප්පාද විග්‍රහ නොදැන) ඇතයි කියන්නේ නම් අප නිහඩවී සවන්දෙන්නෙමු.
Deleteමිතුර අවිද්‍යා,
Deleteමා කරුනු කිහිපයක් ගැන මෙහිදී කථා කිරීමට කැමැත්තෙමි.
1, මෙම ලිපිය තුලින් ඔබ පතන පරම අරමුන සංස්ඛාරයන්ගේ යම් පැවැත්මක් අපට ගෝචර වන්නේ කෙසේදැයි සෙවීම හා එය නිරුද්ධ වීම ගැන මතයක් සොයා යාම නම්?
මෙහි ඔබ විසින්ම ලියන්නට යෙදුනු සංඛාරා යන පදය විග්‍රහ කල යුතුමය.
2, දහම අනුව සියළු වස්තූන් සංඛාරා ලෙස දැක්වීම නිවැරදියි. එහෙත් අප එය යොදාගත යුත්තේ රේරුකානේ හිමියන් එම වදන යොදාගන්නා නිසා නොව ඒ පිළිබඳව වූ පැහැදිලි අවබෝධයකිනි (ඔබ එකඟ නොවීමට ඉඩ ඇත )
3, ඔබ ජෝසප් හට නිර්දය වාග් ප්‍රහාරයක් එල්ල කරනුයේ ඔහු රේරුකානේ හිමියන්ගේ පොත කියවා නැති බැවිනි. යමෙකුට පටිච්ච සමුප්පාදය යම් දුරකට හෝ වටහාගැනීමට ඇති එකම මග රේරුකානේ හිමියන්ගේ පොතයැයි ඔබ සිතනවාද?
4, මෙම ලිපිය තුලට අනිත්‍යය යන වචනය ගෙන ආවේ මා විසින් නොව "අනිච්චාවත සංඛාරා යන බුදු වදහන සිහි කරමින් ඔබ විසින්මය
ඔබ වෙනස් මතයක් යමක් කෙරෙහි දක්වනවානම් හා ඒ පිළිබඳ අන් අය හා සාකච්චාවේ යෙදීමට කැමැති නම් අන් අය මෝඩයින් යන අධි මානයෙන් මිදී සුහදව අන් මත ගරු කිරීම යෙහෙකියැයි මා සිතමි.
සරළවම කීවොත් ඔබ සාකච්චාවකට සුදුසු බුද්ධිමතෙකු නම් ජෝසප්ගෙන් විමසිය යුතු වූයේ ඔහු පටිච්ච සමුප්පාදය ඉගෙන ගත් මූලාස්‍රය හා ඒ අනුව එහි කියැවෙන්නේ කුමක්ද යන්නයි.
මාගේ මේ අදහස් දැක්වීම ගැන ඔබ සතුටුනම් පමණක් මෙයට ප්‍රථිචාර දක්වන්න. නැතිනම් ඔබ කැමැති ආකාරයකට මා හෙලා දකින්න. ඔබ හා ගැටීමට වුවමනාවක් නොමැත.
කෙසේ වෙතත් ඔබගේ චර්‍යාව තුලින් මා දකින්නේ ඔබ තවම උසස් පෙළ විභාගය අවසන් කොට වසර පහකට වඩා අඩු කාලයක් ගෙවා දමා ඇති තරුණයෙකු ලෙසිනි. මා නිවැරදිද?
2, දහම අනුව සියළු වස්තූන් සංඛාරා ලෙස දැක්වීම නිවැරදියි. එහෙත් අප එය යොදාගත යුත්තේ රේරුකානේ හිමියන් එම වදන යොදාගන්නා නිසා නොව ඒ පිළිබඳව වූ පැහැදිලි අවබෝධයකිනි (ඔබ එකඟ නොවීමට ඉඩ ඇත )
Deleteඔබ උපුටා ගත් මූලාස්‍රය කුමක්ද?
එයත් විකිපීඩියාවෙන්වත්ද?
ඔබ මුලින්ම දක්වා ඇති පරිදි පූජනීය රේරුකානේ නා හිමියන්ගේ පොත් පත් වලනම් මෙවන් විහිලු කථා අඩංගුව නැත.
ඔබට අවශ්‍ය සනාථ කිරීමද?
ඔබ වෙනස් මතයක් යමක් කෙරෙහි දක්වනවානම් හා ඒ පිළිබඳ අන් අය හා සාකච්චාවේ යෙදීමට කැමැති නම් අන් අය මෝඩයින් යන අධි මානයෙන් මිදී සුහදව අන් මත ගරු කිරීම යෙහෙකියැයි මා සිතමි.
සරළවම කීවොත් ඔබ සාකච්චාවකට සුදුසු බුද්ධිමතෙකු නම් ජෝසප්ගෙන් විමසිය යුතු වූයේ ඔහු පටිච්ච සමුප්පාදය ඉගෙන ගත් මූලාස්‍රය හා ඒ අනුව එහි කියැවෙන්නේ කුමක්ද යන්නයි.
ඔබ ඔහු වෙනුවෙන් පෙනීසිටීම ඔහුට කරන කුමන සාදාරණයක් වේදැයි නොදන්නෙමු. නමුත්,
"""සිතුවිළි,
දෙපාරක් මැරෙන පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පච්චයා සංකාරා යනු පෙර බවයේ නොදැනුවත් කමින් පවු රැස් කිරීමයි - නොහොත් 'කුසලාකුසල කර්ම' රැස් කිරීමයි (මේ බවයේ රැස් කරන පව් සංස්කාර නොවේ? හික්!).
"""
අප එවන් කවට බස් හමුවේ නොඉවසන්නෙමු. යමෙක් දහම කවටකමෙහි ලා සලකයිනම් (සියල්ල නොදැන ) එය "විහිළුවක්" නොවේ.
අප අවිද්‍යා යන අන්වර්ථ නාමය යොදා ගත්තේ පුද්ගලිකත්වයෙන් ඔබ්බට ගොස් මාන්නය හැකිතාක් ඉවත් කොට හැසිරීමට බැවින් අපගේ වයස ඔබ කැමති අගයක් ලෙස සලකන්න.
ඔබට අවශ්‍ය කුමක් සනාථ කිරීමටද? ලෙස වෙනස් විය යුතුය
Deleteඔබ යම් දැනුමක් අන් අයගේ උදව්වෙන් ලබා ගැනීම නිවැරදි වුවත් එය කෑ දේ වැමෑරීමක් ලෙස ප්‍රකාශ කිරීම ඵල රහිත බව සනාථ කිරීමටයි.
Deleteගිරා වෘතයෙන් පාන්ඩිත්‍යය පෙන්වීමට හැකි වුවද තමා ලබන දෙයක් නැති බව පෙන්වීමටයි.
ජෝසප් ගේ බස් වහර විසුළු සහගත වුවද නැතද ඔහු කියන දෙයෙහි මිස භාශා ස්වරූපයෙහි වටිනා කමක් මා නොදකිමි. වසල වාදයෙන් කථා කල රහතුන් ගැන ඔබ අසා ඇතැයි සිතමි. උන් වහන්සේ එසේ කලේ 500ක් ආත්ම බමුණු කුලයේ ඉපදීමේ හේතුවෙනි. එසේනම් ජෝසප් විසුළු බසක් යොදා ගන්නේ ඔහු 500ක් ආත්ම කුමන කුලයක ඉපදීමේ හේතුවෙන්දැයි ඔබට සෙවිය හැක. මා හට නම් එයිනුත් ඵලක් නැතුවාමය.
අප අනවර්ථ නාම යොදා ගැනීමෙහි ඇති වැදගත්ම තැන වනුයේ පුද්ගලිකත්වයෙන්මිදීමයි එවිටාපය්ට ප්‍රථිරූප ගොඩ නැගීමෙහි අරමුණු පහව යා යුතුය. මොහු පණ්ඩිතයෙකි මොහු මෝඩයෙකි ලෙස අන් අය අපව කියැවීම නොතැකිය හැකි විය යුතුය. ප්‍රථිරූප නැති විට අනෙකාකුමක් කීවද තමාට අවශ්‍ය ප්‍රශ්නය ඇසීමටත් තමාට කැමති පිළිතුර පමණක් දීමටත් ඉඩ හසර ඇති වේ.
මූ මාව ගොනෙකුට ගත්තා වැනු කඩා වැටීම් ඇති නොවේ.
අපි මෙහෙම ඉදිරියට හරවත් සාකච්චා ගෙන යමු. අන් අයගේ භාෂා ස්වරූපය නොතකා අදහස් සමග පමණක් ගනුදෙනු කරමු කියා ඔබට මා යෝජනා කරමි.
@අවිද්‍යාව
Delete"@Josep ඔබ සතුව රේරුකානේ හිමියන්ට පටිච්චසමුප්පාදය ඉගැන්වීමට (එම පොත් නොකියවාම සහ එහි අඩංගු අනෙක් පටිච්චසමුප්පාද විග්‍රහ නොදැන) ඇතයි කියන්නේ නම් අප නිහඩවී සවන්දෙන්නෙමු."
මළ මිනී වලට උගන්වන්න අපට හැකියාවක් නැත. රේරුකානේ කියූ දෙයක් ගැන මා කතා කර නැති අතර මා කියා ඇත්තේ ඔහුගේ කතා කියවා නැති බැවින් ඒ ගැන නොදන්නේ වී නමුත් "දෙපාරක් මැරෙන" පටිච්ච සමුප්පාදයක් ඇති බවත් එහි සංස්කාර යනු පින්-පව් ලෙස ඉගැන්වෙන බවත්ය. රේරුකානේ උන්නාන්සේත් එසේ කියා කට වරද්දාගෙන ඇත්නම් අපට කිරීමට දෙයක් නැත. ඒ ගැන සොරි ය. !
(තවත් විස්තර කළොත් ඒ පටිච්ච සමුප්පාදය ගැන කතා කරන උන්නාන්සේලා කාය සංඛාර-වචී සංඛාර-මනෝ සංඛාර යයි කියනු ඇත. මේ මා අසා ඇති සැටියයි. මා මෙය අසා ඇත්තේ රේරුකානේ උන්නාන්සේගෙන් නොවේ. මෙයින් රේරුකානේ හිමිට අගරුවක් වෙතොත් මා කියූ දේ ඒ වහන්සේ හා සම්බන්ද කර ගත් පටලවා ගත් තැනැත්තන් විසින් බාර ගත යුතුය.)
ජෝසප් අවිද්‍යා ඇතුළු සියළු මිතුරන්වෙත,
Deleteමා දකින රේරුකාණේ හිමියන් යනු සූත්‍ර කියවා හිතින් මවා ගත් හිතළු රැස් කොට පොත් ලියූ උන්මත්තකයෙකු නොව. උන් වහන්සේ තම බුද්ධියෙන් දහම විමසා ඒ ඔස්සේ අන් අයගේ ධර්ම අවබෝධයට මග පිණිසම පොත් ලියූ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.
මෙහි වරද කර ඇත්තේ සාදු චේතනාවෙන් පොත් ලියූ ගරුතර රේරුකානේ හිමියන් නොව අප මිතුරු අවිද්‍යා විසින්මය. ඔහු රේරුකානේ හිමියන්ගේ පොතින් ගත් උපුටනයක් ලෙස දක්වන්නේ පොතේ එන එක් වාක්‍යයකි. එහෙත් එම වාක්‍යයෙන් පසු උන් වහන්සේ එය වැඩි දුරටත් ගැඹුරින් පහදන බව එක්කෝ අවිද්‍යා දැක නැත. නැතහොත් ඔහුට උවමනා කොටස එහි කියැවෙන නිසා ඉතිරිය හිතා මතා අත්හැර ඇත.
මේ විවාදය නිසා ගරුතර රේරුකානේ හිමියන්ගේ නාමයට අගෞරවයක් නොවේවා සේම උන් වහන්සේට ගැරහීමේ චේතනාවක් නොවූ අප මිතුරන්හට අකුසලයක් නොවේවා.!!!
ක'යන්නයි අ'යන්නයි දෙන්නම දිවවල් හපාගෙනද කොහෙද !
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!
Deleteජෝසප් මටනම් පෙනෙන්නේ දෙන්නාම සයිබීරියානු වලසුන්වගේ හිම නින්දකට වැටිලා
Delete(hibernated)
සයිබීරියානු ව්‍යාග්‍රයින් මිස සයිබීරියානු වලසුන් සිටිත් ද?
Deleteසුදු පැහැති හිම වලසුන් නම් සීත කාලයේ හයිබර්නේට් පොජ්ජක් දමාගෙන සිට හිම දිය වෙන සමයමේ සතෙක් එලා ගන්නට පිය මනිනු රූපවාහිනියේ දැක ඇත්තෙමි.
ඒත් මේ ඩබල !
අ'යන්න නම් තව පිළිතුරු ලිපියක් ලියනවා ඇති. ඒ ගැන සැකයක් නෑ. ක'යන්න නම් සියල්ල අතහැර වල් වැදී ඇති සෙයකි පෙනෙන්නේ.
අවිද්‍යා හොඳටම මහන්සි වෙලා.
ReplyDeleteකේ'ට හොම්බට දෙකක් ඇනල කතා32 අවිද්‍යාටම බාර දුන්නනම් හරි.
බොහෝ මහන්සිවිමක් අවශ්‍ය නොවේ. මෙහි ඇත්තේ සුර්ය කිරණයේ සිට සමස්ත විශ්වයම ගුණ වශයෙන් 4කට කෙටි කළහොත් ඔබට ලෝකය පෙනෙන ආකාරයයි. ඔබතුමාලා සුර්ය කිරනයේද පඨවි, අපෝ, තේජෝ, වායෝ ලක්ෂණ 4ක් හෝ ගුණ 4ක් ගැන කාලයකට ඉහත කතා කලා හෝ කියවා හෝ ඇතිබවක් මතකද?
Deleteමෙය කථා32ට අප ලබාදුන් මුල්ම ලිපියයි. එය එකල දල සටහනක් පමණක් විය. පසුව එය වෙසක් පෝයට කලින් තනි ලිපියක් ලෙස සකසා k ට ලබා දුනි. මෙය පල කරනවාද නැත්ද යන්න තීරණයක් ගැනීමට කාලයක් අවශ්‍ය වීම අප අනුමත කරන්නෙමු. බහු බූත ගොඩක් කියන ප්‍රතිචාරයක් උදක්ම බලාපොරොත්තු උනෙමු. ඔබලාගේ සංයමය අගය කල යුතුය. මෙය තනි ලිපියක් වශයෙන් දීර්ග වැඩි බවත් k ගේ අදහසකි.
අප K දකින්නේ වෙනත් ලෙසකිනි.
" අප ගරු කරන ඇතැම් පුද්ගලයින් පවා පෙරලා අපගේ අදහස් හෝ සංකල්ප කෙරෙහි දක්වන අවඤ්ඤා සහගත බවද බුක්ති විදි විටෙක K වැනි සහෘද මිතුරෙකුගේ සමාගමය උවද සහනයක් බැවින් ඉඩ ලද විටෙක දෙතිස් කතා තුලින් අදහස් බෙදා ගැනීමට සිතුයෙමු."
ලෝකය යම් කිසි දෙයකට හෝ කිහිපයකට හෝ "ඌනනය" කිරීම බටහිර විද්‍යාවේ අවශ්‍යතාවය බව ආචාර්‍ය නලින් විසින් කිහිප තැනක කියනු දැක තිබේ. ඒ ඌනනය සහ මේ ඌනනය අතර වෙනස කුමක්ද?
Delete"සුර්ය කිරනයේද පඨවි, අපෝ, තේජෝ, වායෝ ලක්ෂණ 4ක් හෝ ගුණ 4ක් ගැන කාලයකට ඉහත කතා කලා හෝ කියවා හෝ ඇතිබවක් මතකද?" යන්නෙහි ඔබතුමාලා යන්නට මා අයත් නැතැයි සිතමි. සූර්ය කිරණයේ ඔය හතර තිබීම නල දරුවාට දෙවියන් වහන්සේ විසින් ජීවන හුස්ම පිඹීම වැනි සදෘශයක් බව මගේ අදහසයි. ඒ ඉහත 'කිරණ' යන්න (කිරන නොවේ) බටහිර විද්‍යාවේ අද භාවිතා කෙරෙන පාරිභාෂික වචනයේ අරුත සැළකීමෙනි.
"සුර්ය කිරනයේද පඨවි, අපෝ, තේජෝ, වායෝ ලක්ෂණ 4ක් හෝ ගුණ 4ක් ගැන කාලයකට ඉහත කතා කලා හෝ කියවා හෝ ඇතිබවක් මතකද?" යන්නෙහි ඔබතුමාලා යන්නට මා අයත් නැතැයි සිතමි. සූර්ය කිරණයේ ඔය හතර තිබීම නල දරුවාට දෙවියන් වහන්සේ විසින් ජීවන හුස්ම පිඹීම වැනි සදෘශයක් බව මගේ අදහසයි.
Delete"ඔබතුමාලා යන්නට මා අයත් නැතැයි සිතමි".
එය නිවැරදියි.
සුර්ය කිරනයේද පඨවි, අපෝ, තේජෝ, වායෝ ලක්ෂණ 4ක් හෝ ගුණ 4ක් පමණක් පවතින බව අභිධර්මයේ සදහන් වේ.
මුලාශ්‍රය:
අති පූජනීය රේරුකානේ මහා නා හිමියන්ගේ "අභිධර්මයේ මුලික කරුණු " පිටුව 45.
කියවීමට
http://www.ogatharana.org/functions.php?bookname=15_Abhidharmaye_Mulika_Karunu.pdf
(මිලදී ගැනීම සැමවිට අගය කරන්නෙමු.)
කෙසේ එම ගුණයන් පවතින්නේදැයි විස්තර කරන ලද තැනක් හමුවී නැත.
දැන් සුර්ය කිරණයක් පිළිබඳව අපගේ වත්මන් දැනුම දෙසට යොමු වෙමු.
අප දන්නා සුර්ය කිරණයට විද්‍යුත් ශක්තියක් ඇත හෝ එවැන්නක් බවට පත්වීමට හැකියාව හෝ, එවැනි දෙයක් මතුකිරීමේ ගුණයක් ඇත (උදා : සූර්ය පැනලය ).
අප දන්නා සුර්ය කිරණයට තාප ශක්තියක් ඇත.
ආලෝක කිරණ යටතේ එය විග්‍රහ වන්නේ electro magnetic wave (radiation) වශයෙන් (EMR ). එයට චුම්බක ශක්තියද ඇත.
එය ගමන් කරන නිසා එයට ගම්‍යතාවයක් ඇත (රේඛිය සහ බ්‍රමණ ). ලිපියේද කරුණු ඇත. එනම් චාලක ශක්තියක් හෝ එවැන්නක්.
වත්මන් EMR ආක්කෘතිය සහ අපගේ ආක්කෘතිය යටතේ අප උත්සහ කලේද එම ලක්ෂණ සියල්ල පඨවි, ආපෝ, තේජෝ, වායෝ ලෙස වෙන්කර ගැනීමයි.
ලෝකය යම් කිසි දෙයකට හෝ කිහිපයකට හෝ "ඌනනය" කිරීම බටහිර විද්‍යාවේ අවශ්‍යතාවය බව ආචාර්‍ය නලින් විසින් කිහිප තැනක කියනු දැක තිබේ. ඒ ඌනනය සහ මේ ඌනනය අතර වෙනස කුමක්ද?
Deleteමෙය කදිම ගැටලුවකි. උදාහරණ කිහිපයක් මගින් විමසමු.
1) A සහ B ලෙස පුද්ගලයන් දෙදෙනෙකු (බටහිර තාලයේ පඩිවරුන්) වෙන වෙනම ස්ථාන දෙකක ඇතැයිද A අසල බමරයක් ( Top ) සහ විද්‍යුත් තරාදියක් (digital ) ඇතැයිද B අසල එම තරාදියේ දර්ශකය/තිරය (display ) ඇතයිද සිතන්න. A තරාදිය මත තබන දෙයෙහි බර පමණක් (පඨවි ලක්ෂනයක් - අත මතු පිට තැබූ විට තද ගතියක් ලෙස දැනෙන්නේද මෙයයි) B නම් පඩිවරයාට කියවිය හැකිය. දැන් A තරාදිය මත බමරය තබා තදින් කරකවා නිසල වනවාත් සමග නැවත ගන්නේ යයි සිතමු. B ට කුමක් පෙනෙන්නේද? පාටංකය වැඩි වනු පෙනෙනු ඇත. එය සටහන් කර ප්‍රස්ථාර ගතකළහොත් sin වක්‍රයේ එක් පුඩුවක් පෙනෙනු ඇත. නැවත A බමරය තරාදිය මත තබා අනෙක් පසට කරකවා නිසල වනවාත් සමග නැවත ගන්නේ යයිද, B එය සටහන් කර ප්‍රස්ථාර ගත කරන්නේ යයිද සිතමු. එවිට B ට පාටන්කයේ ක්‍රමානුකුල අඩුවීමක් වී නැවත වැඩිවීමක් පෙනෙනු ඇත. එය sin වක්‍රයේ අනෙක් පුඩුවයි. දැන් A ඉහත සිදුවීම් නොනවත්වා කළහැකි එනම් එක් පසකට කරකැවී නිසලවී අනෙක්පසට කරකැවිය හැකි යම් සැකැස්මක් සාදා තරාදිය මත තබන්නේ යයි සිතමු. B පාටාංකය (graphical display) ලෙස sin වක්‍රයක් දකිනු ඇත. B, බර = mg (m - ස්කන්ධය g - ගු.ත්.) පිළිබඳව පමණක් හැගීමක් ඇති පඩිවරයෙක් නම් ඔහු කුමක් කියනු ඇතිද?. A සතු වස්තුවේ බර - mg, sin වක්‍රයක පවතින බවයි. A කරන්නේ බමරය දෙපසට කරකැවීම පමණි. එනම් කරකැවීම නිසා බමරය මත m හෝ g වෙනස් වන්නේය. චලනය මගින් පඨවි ගුණය වෙනස් කිරීමයි. වත්මන් පඩියන් කරන්නේ m සහ g නියත අර්ථ දක්වාගෙන බර වෙනස් වීමට හේතුව ලෙස ලෙස දෙපසට කරකැවීම නිසා ඉහලට සහ පහලට ඇතිවන බලයක් හදුන්වා දීමයි. එය පරමාණු ඉලෙක්ට්‍රොන ආදී ලෙස ඔවුන් හදුන්වන දේවල් මත කෙසේ යෙදෙන්නේද? නැතිනම් එම බලයන් වස්තුව මත ඇතිවන දේවල් නොවේද?. වැඩි දුරට යමින් අංශුන් මත බලයක් හදුන්වා අනුකලනය කර එය තරාදියේ පෙනෙන අගය බවට සමීකරණයක් මගින් පෙන්විය හැකි පඩියගේ කතාවට දේවත්වයක් ලැබේ. එසේ කියන අංශුව පරමාණු හෝ ඉලෙක්ට්‍රෝන ආදිය නොවේ. ඒවා සාදාගෙන ඇත්තේ වෙනත් අත්දැකීමක් විස්තර කිරීමටයි. අප කියන්නේ නියත බරක් (පඨවි ) හෝ නියත චාලක ශක්තියක් (ආපෝ ) පවත්වා ගැනීමක් නොකරන්නේ නම් සිදුවුයේම ශක්ති හුවමාරුවක් පමණක් බවයි. චාලක ශක්තිය සහ (ආපෝ) බර (පඨවි) අතර හුවමාරුවක් සිදු වේ. එකක් වෙනස් වන විට අනෙක වෙනස් වේ. ඔබ හෝ වටහාගනු ඇතයි සිතමු.
දෙවන උදාහරනයක්ද ඇත. පසුව එයද එක් කල හැක. (අපට සියල්ල ඉතාම පහසුවෙන් කරගත හැකි දියුණු කාලයක මෙවන් දේ සදහා වෙලාව මදි වීම හෙවත් විවේකය අඩු වීම මහා ගැටලුවකි.)
තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨාංකය වක්‍රයක් බවට පත් වීම අපට නම් අපභ්‍රංශයකි. එසේ වන බව කවදා හෝ අපට උගන්වා ඇත්නම් ඉතාම කනගාටුදායක ලෙස එය මතකයෙන් ගිලිහී ඇත. එසේ වන බව ඔබට විශ්වානම් එසේ වීමට හේතුව පැහැදිළි කළ හැකිද?
Delete(කාගේ හෝ දකුණත් හෝ වමත් හෝ නියමයක් මෙතැනට අදාළද ?)
තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨාංකය වක්‍රයක් බවට පත් වීම අපට නම් අපභ්‍රංශයකි. එසේ වන බව කවදා හෝ අපට උගන්වා ඇත්නම් ඉතාම කනගාටුදායක ලෙස එය මතකයෙන් ගිලිහී ඇත.
Deleteනැත. එවැන්නක් උගන්වා නැත. Sin වක්‍රයක් සැදීම ස්වබාවික සන්සිද්දියකි. මෙය අපට උසස්පෙළ සන්දියේදීම ඇතිඋන ගැටලුවකි. වුර්තයන්ගේ පරිදිය ආදිය අපිරිමිත වීම!
(කාගේ හෝ දකුණත් හෝ වමත් හෝ නියමයක් මෙතැනට අදාළද ?) එවැනි දේ සම්බන්දව එවැන්නක් ඇතත් අප අත්දැකීම් ඇසුරින් පැහැදිලි කර ගනිමු.
එසේ වන බව ඔබට විශ්වානම් එසේ වීමට හේතුව පැහැදිළි කළ හැකිද?
බමරයක් අතට ගන්න. එහි ඔබට දැනෙන බර (තද ගතිය) ගැන යම් අවබෝදයක් ලබා ගන්න. දැන් එය එක් පසකට කරකවන්න. ඔබට තද ගතය (බර )වැඩි වනු දැනේවි. සංවේදීව නිරීක්ෂණයෙන් එය ක්‍රමයෙන් අඩුවී නැවත පෙර දැනීමම බවට පත්වේවි. නැවත අනෙක් පසට කරකවුව හොත් ඇනෙන ගතිය (බර) අඩුවෙන් දැනේවි. එයද ක්‍රමයෙන් වැඩි වේවි. මෙම ක්‍රමානුකුල බව ප්‍රස්ථාර ගත වන්නේ sin වක්‍රයක වේ.
ඔබ පුළුන් ගුලිය යම් වුර්තාකාර මතුපිටක කේන්ද්‍රයේ අලවා කරකවන්නේ නම්, එය එක් පසකට කරකවිමේදී හැකිලෙන බවත් අනෙක් පසට කරකවිමේදී විසිරෙන බවත් පෙනේව. (මේ සදහා නම් ත්වරණයෙන් තොරව කරකැවීමක් අවශ්‍ය හෝ ත්වරණ මන්දන අවස්ථාවේ ඉහත නිරීක්ෂණ අදාල වන්නේදැයි සිතිය යුතුය.)
'වුර්තයන්ගේ පරිදිය ආදිය අපිරිමිත වීම' ගැන වචනයක් කීමට කැමතියි.
Deleteවෘත්තයක පරිධිය අපරිමිත නැත. ඔබ වරදවා වටහාගෙන ඇත්තේ වෘත්තයක පරිධිය සහ එහි විෂ්කම්භය අතර අනුපාතය යැයි සිතමි (π). එසේම මීට අදාළ නිවැරදි පාරිභාෂික වචනය අපරිමේය සංඛ්‍යා වේ.
එසේම මේවා අතර සහ-සම්බන්ධයක් ද නොපෙනේ.
"ජෝතිර්වේදයේ රාහු සහ කේතු ලෙස හැදින්වෙන ධ්‍රැව දෙකක් නිසා සුර්යග්‍රහණ ඇතිවන අතර ..."
ReplyDeleteමේ කතාව බොරුවක් නේද?
හරිම කම්මලියිද? නැත්නම් විකාර හොයල මට මොකටද කියල හිතෙනවද? google මල්ලි ගෙන් ඇහුව නම් ගොඩක් විස්තර කියයි. විහිලුවට වගේ කැමතිනම් මේක බලන්න.
Deletehttp://www.gloupe.com/dots/view/15677
http://www.academia.edu/767173/Rahu_and_Ketu_in_mythological_and_astronomological_contexts
http://en.wikipedia.org/wiki/Rahu
පැහැදිලි කෙටි ප්‍රශ්න අහන එක හොඳයි. (හැකිනම් නැවත කියවා තවත් ප්‍රශ්න අහන්න)
ඒක නෙවෙයි ඔබතුමාලා කළුකුහර වල magnetic properties ගැනත් කතා කරල තිබුන නේද?
මගේ ප්‍රශ්නය:
Deleteරාහු සහ කේතු ධ්‍රැව දෙකක්ද?
(හාපෝ... කළු කුහර ගැන මගෙන් අහන්න එපා !)
අපගේ පිළිතුර ඔව්.
Deleteසැලකිය යුතුයි.
ජෝතිර්වේදය ගැන හෝ ඔවුන් රාහු, කේතු තුලින් දකින ගුණ පිලිබඳ දැනුමක් නැත. එමනිසා එම ධ්‍රැවයන් කුමන වර්ගයට අයත් දැයි කීමට අපට හැකියාවක් නැත. නුතන ජෝතිර්වේදයකු රාහු කේතු කෙසේ දකින්නේදැයි නොදන්නෙමු.
"ධ්‍රැව" යනු කවරේද?
Delete"ධ්‍රැව" යනුවෙන් යොදා ගත්තේ සංකල්ප අර්ථයෙන් පමණි. අප ලිපිය මගින් "ධ්‍රැව" 6ක් හදුන්වා දී ඇත්තෙමු. එයින් තාපය අනුරූප ""ධ්‍රැව"යක් සුර්යෙක් ලෙසද අපෝ දාතුවට අනුරූප "ධ්‍රැව"යක් ග්‍රහලොවක් ලෙසද චුම්බක "ධ්‍රැව"යක් කළු කුහරයක් ලෙසද විද්‍යුත් "ධ්‍රැව"යක් තවත් ආකාරයකින්ද වෘතකාරව අහසෙහි දැකිය හැකි විය යුතුය. ඒ අප සදහන් කරන "ධ්‍රැව" 6ක් වේ නම් පමණි. අපගේ පථයට ලම්බක පථයක ගමන් කරන වස්තුන් "වල්ගා තරුද" විය හැකිය. අප දැනට සිටින්නේ එවැන්නක (වල්ගා තරු හැඩති දෙයක) ලෙස ගත හැකි උවද එය එසේ නොවුවත් මතු බොහෝ කාලයකින් එසේ වන බවනම් දිව්රා කිව හැකිය)
Deleteමා දන්නා හැටියට, ජ්‍යෝතීර්වේදයෙහි එන රාහු සහ කේතු යනු පෘථිවිය සූර්‍යයා වටා ගමන් කරන පථය චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරනා වූ චක්‍රීය පථයෙන් ඡේදනය වන් ස්ථාන දෙකයි.
Deleteපෘථිවි තලය මත සිට සැලකීමේදී මේ රාශීන් දෙක එකක් නැගෙන හිරින්ද අනෙක බටහිරින්ද වශයෙන් වේ.
මා සිතන හැටියට චන්ද්‍රයා ඍජුවම රාහු සහ කේතු චේදනය කරනාවූ පථයක ගමන් කරනා විට අනෙකුත් පිහිටීම් හා සමපාත වීමෙන් චන්ද්‍රග්‍රහන හෝ සූර්‍යග්‍රහන ඇති විය හැකි බවයි. (මෙය මාගේ ඉතා සරළ උපකල්පනයක් පමණි )
පැරණි දැනුමෙහි සඳ රාහු ඇල්ලීම ඉර රාහු ඇල්ලීම ලෙස කියැවෙන්නේ මෙම ග්‍රහන ක්‍රියා වලිය රාහු කේතු ලක්ශයන් (මනංකල්පිත ග්‍රහ වස්තූන්) හා ඍජුවම සම්බන්දවන බැවිනි.
ධ්‍රැව යනු කෙළවර,අග්‍රය,අවසානය වැනි අරුතක් දේ. රාහු කේතු ධ්‍රැව යැයි හැඳින්වීම නිවැරදියැයි නොසිතුනු බැවිණි ඉහත පැනය නගන ලද්දේ.
Deleteඑම හැඳින්වීම ඔබේ නිර්මාණයක් බව පෙනේ.
අවිද්‍යාව,
ReplyDeleteසුර්ය කිරනයේද පඨවි, අපෝ, තේජෝ, වායෝ ලක්ෂණ 4ක් හෝ ගුණ 4ක් පමණක් පවතින බව අති පූජනීය රේරුකානේ මහා නා හිමියන්ගේ "අභිධර්මයේ මුලික කරුණු" ග්‍රන්ථයේ 45 පිටුවේ හමු නොවීය. හිරු එළිය ගැන කියැවෙන ඉතාම වැදගත් දැනුමක් ලෙස සැළකිය හැකි ඒ වාක්‍යය හෝ ඡේදය උපුටා දැක්වීම සැමට පහසුවකි.
ඒ එසේ කියැවිණි නම් ඒ දැනුම අපේ පැරණි දැනුමට අයත් වේ. අපේ පැරණි සූර්ය කිරණය සහ නවීන විද්‍යාවට ගෝචර වන සූර්ය කිරණය දෙකක් බවත් ඒ දෙක වෙන වෙනම සන්ධර්භ තුල සාකච්ඡා කළ යුතු බවත් අපේ වැටහීමයි. "පරමාණුව" මේ හා සමාන තවත් උදාහරණයකි.
ඔබ ඒ දෙක වෙන් කරගෙන පැහැදිළි කිරීම පිලිබඳ අපගේ ප්‍රණාමය වේ.
ඔබ හරි. එය එක්වරම අපට ග්‍රහණය උවද එහි අරුත සැගවී ඇත. අදාල පිටුවෙහි සදහන් වන්නේ "ගින්නත්, සුළගත්, ජලයත්, අව්වත්" ශරිරයෝමය යනුවෙනි. එය පහලට කියවීමේදී රූපය යනු විරුද්ද ප්‍රත්‍යයෙන් පහර ලබන දෙයක් ලෙසද, විරුද්ද ප්‍රත්‍ය සීත, උෂ්ණ ලෙසද දක්වා ඇත. එනම් පඨවි ආදියයි.
Deleteඅප අව්ව -සුර්ය කිරණ ලෙස සදහන් කරන්නේ අපගේ භාවිතය නිසා හැකිය (අප ලිඛිත භාෂාවන් යොදා ගැනීම ).
ඔබ හරි. පරමාණුව යනු ලෝකයකි. අප එය දෙවන කොටස යටතේ සටහන් කිරීමට සිතමින් සිටියෙමු. නමුත් ඔවුන්ගේ (බටහිර) යාන්ත්‍ර විද්‍යාවේ බර, ගුර්ණ, අනුකලන ආදිය යොදන අංශුන් නම් පරමාණු නොවේ. පරමාණු ඇසුරෙන් එවැනි බල පැහැදිලි කල හැකිද? තවද වයිද්‍ය විද්‍යාවේ DNA හරහා කෙරෙන පණිවිඩ හුවමාරුව පරමාණු ඇසුරෙන් පැහැදිලි කල හැකිද? (නියම විහිළු)
දෙපාරක් මැරෙන පටිච්චසමුප්පාදය යන මාතෘකාවට මැද්දෙන් එකතු වීම වරදක් නොවේ යැයි සිතමි. මිතුරු ජොසෙෆ් අපගේ නම සඳහන් කර ඇත.
ReplyDeleteඅපට දහම් පාසැලේදී පාඨශාලාධිපති හිමියන් විසින් ඉගැන්වූ පටිච්චසමුප්පාදයේ සත්ත්වයා දෙවරක් මැරී උපදියි. ජොසෙෆ් අසා/ කියවා තිබුණේද එයයි.
අවිජ්ජා පච්චයා සංඛාරා ලෙස ඇරඹෙන එහි 'අවිජ්ජා' යනු නොදැනුවත් කම ලෙසද (පින්-පව් නොදැනීම) සංඛාර යනු කුසලාකුසල කර්ම ලෙසද උගන්වන ලදී. ඒවා සිද්ධ වන්නේ පෙර භවයේදීය. නොදන්නා කමින් පව් සිදු කර ගන්නා අනුවණයා ඊළඟට උපදී. ඒ සංඛාර පච්චයා විඤ්ඤාණංය. මේ කියන්නේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය ගැනලු. මෙසේ,
නාම රූප පච්චයා සළායතනං - මව් කුස තුල වැඩීම.
සළායතන පච්චයා ඵස්සො - සියළු අවයව සම්පූර්ණව ඉපදීම සහ සලායතන වලින් විඳීම් සෙවීම
ඵස්ස පච්චයා වේදනා - ඒවා භුක්ති විඳීම.
වේදනා පච්චයා තණ්හා - ඒවාට ආසා කිරීම
තණ්හා පච්චයා උපාදානං - ආසාවෙන් බැඳීම, මගේ කර ගැනීම
උපාදාන පච්චයා භවො - දැන් ආයෙත් මැරිලා. ඔන්න භවයක් ඇති වෙනවා. ඒ තුන් වන භවයයි.
භව පච්චයා ජාති - ආයෙත් උපදිනවා.
ජාති පච්චයා ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති - මේ සැරේ ඉපදුනාම වෙන වැඩ සැට් එකක් !!!
අපිට ඉගැන්නූ පටිච්චසමුප්පාදය මෙයාකාරයි. මිතුරු ජොසෙෆ් "දෙපාරක් මැරෙන" යැයි නොකියා "දෙපාරක් ඉපදෙන" යැයි කීවානම් සතුටු වෙමි.
එකල අවුරුදු 15-16 කොල්ලන් වූ අපි මේ විකාරය විකාරයක් බව තේරුම් ගත් නමුත් ඒ ගැන වැඩිදුර තර්ක කිරීමට ගියේ නැත. පටිච්චසමුප්පාදය සම්පූර්ණ කිරීමට දෙපාරක් මැරී ඉපැදිය යුතුනම් කිසිවෙක් මේ කපේදී නිවන් දකින්නේ නැත.
ඉතා සරලව කළ ඉහත පැහැදිළි කිරීමේ ම තරමක බරපතල මට්ටමේ විග්‍රහයක් බුදුසරණ පුවත්පතින් කියැවිය හැක.
Delete> http://www.lakehouse.lk/budusarana/2013/11/25/tmp.asp?ID=vision01
ඉහත විග්‍රහයන් දෙක එකිනෙකට තරමක වෙනස් කමක් දරන බව අවධානයෙන් කියවන කෙනෙකුට වැටහෙනු ඇත. එසේමය. මෙවැනි නොයෙක් විග්‍රහයන් ගිණිය නොහැකි ගණනක් තිබීමට ඉඩ ඇත.
Deleteපටිච්චසමුප්පාද විවරණය යොදාගන්නේ සංසාර චක්‍රය පැහැදිලි කිරීමට බව ඔබ කියවා හෝ ඉගෙනගෙන ඇතිද? අප මහා බුදුරජාණන් වහන්සේ බෝ මැඩදී බුදුබව පසක් කරනු ලැබුවේ ඔබ ඉහත දක්වා ඇති අනුලෝම පතිත්‍යසමුප්පාද චක්‍රය ප්‍රතිලෝමය ස්මරණය කිරීමෙන් බව අසා හෝ ඉගෙන ඇතිද? පතිත්‍ය සමුප්පාද දේශනා අතර මුලික (බොහෝ ලෙස හමුවන්නේද) වන්නේ මෙයයි! මෙම චක්‍රය කොතනින් පටන් ගෙන වුවද පැහැදිලි කල හැකිය.
Deleteවිවරණ යනු ඕනෑ කෙනෙකුට කැමති අයුරින් කළ හැකි දේ වේ. එසේම එකී විවරණ ඒ ඒ කෙනාගේ රුචිය අනුව කැමති දෙයක් පැහැදිළි කිරීමට (හෝ ව්‍යාකුල කිරීමට හෝ) භාවිතා කළ හැක. එහෙත් පටිච්චසමුප්පාදය යනු බුද්ධ දේශනාවයි. බුද්ධ දේශනාව පිළිගනිමින් එක එක අයවළුන්ගේ 'විවරණ' පිළිකෙව් කිරීමේ නිදහස අපට ඇත.
Deleteඅප එදත් ඒ 'විකාරයට' එරෙහිව තර්ක කළේ නැත; අදත් කරන්නේ නැත. ප්‍රධාන හේතුව අප ඊට සුදුසුකම් සපුරා නොතිබීමයි.
එහෙත් ඊනියා සංසාර චක්‍රයක් පැහැදිළි කිරීම පිණිස වෛදික බමුණන්ගෙන් ණයට ගත් ශාස්වතවාදී සත්ත්වයෙක් දෙවරක් මරා දැමීම නම් අපරාධයකි. මේ ගැන කිව යුත්තේ සහ කිව හැක්කේ එපමණයි. තම තම නැණ පමණින් වටහා ගනිත්වා !
කණිෂ්ක,
Deleteජීවිතයට එකම දිනක් හෝ දහම් පාසැලකට ගොස් නැති මා මේ පටිඡ්ච සමුප්පාද විවරණය අසා නොතිබුනි. මෙය කියැවූ විට මා කෙතරම් වාසනා වන්තදැයි මට වැටහුනි.
මා එය උගත්තේ රේරුකානේ හිමියන්ගේ පොත් ඇතුලු බොහෝ පොත් පරිශීලනයෙන් හා ඥානවෘද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා සවන් දීමෙන්ම පමණයි.
ඔබගේ මැදිහත් වීම හරහා වටිනා දැනුවත් වීමක් ලැබුවෙමි. තෙරුවන් සරණ ගිය උපාසකයා නොමග යන තැන් දුටුවෙමි. නිවන ඔවුන්ගෙන් අත්හැරෙන සැටි දකිමි.
කණිෂ්ක,
Deleteවිවරණය ගැන ඔබේ විවරණය, විවරණය ගැන කළ හැකි ලෝකයේ හොඳම විවරණය බව මගේ විවරණයයි.
(මේ විවරණය මතක තබා ගත යුතු එකකි.)
පැහැදිලිවම මතක තබා ගත යුතු අදහසක් සේම මැදුම් පිළිවෙතෙහි රැඳීමටත් දෘශ්ඨි වාදයන්හී ගැති නොවී සිතීමටත් රූකුල් දෙන මාහැඟි අදහසකි.
Deleteඅවිද්‍යා,
Deleteපටිච්ඡ සමුප්පාදය යනු සංසාර චක්‍රය පැහැදිලි කිරීමට මෙන්ම මේ ඕනෑම මොහොතක සත්ත්වයා පවතින්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට ඇති සුදුසුම විග්‍රහයයැයි මා දකිමි.
@අවිද්‍යාව,
ReplyDeleteඔබේ පළමු ලිපියේ "අප මෙහිදී විමසීමට ලක්කළ කරුණු" යටතේ කරුණු කිහිපයක් ඇත. ඒ ගැන විමසමි.
* අපගෙන් තොරව ලෝකයක් ඇතද, නැතද?
- මේ ගැන බුද්ධ වචනය දනිමි. එහෙත් ඔබ "පවතින්නේ කුමක්ද?" යනුවෙන් නගන දෙවන ප්‍රශ්නයෙන් පැවැත්මක් තහවුරු කරයි. එසේම "අපගෙන් තොරව" යැයි කීමෙන් "අප" කියා පැවැත්මක් ද තහවුරු කරයි. එවිට ඔබ නගන මේ ප්‍රශ්න සියල්ලම අර්ථ ශුන්‍ය නොවේද?
* ශුන්‍යතා මුලධර්මය සමග එකඟ විය හැකිද?
- ශුන්‍යතා මූලධර්මය යනු කුමක්ද?
* පඨවි, අපෝ, තේජෝ,වායෝ ශක්ති ආකාරයෙන් පවතින බව බොහෝවිට අසා ඇත. පඨවි, අපෝ, තේජෝ,වායෝ අතීතයේ පැවති බවත් ,වර්ථමානයේ පවතින බවත්, අනාගතයේද පවතින බවත් බුදු රජාණන් වහන්සේ තම නුවණින් දැන, දැක දේශනා කල බව සුත්ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ හමුවේ.
- මේවා ශක්ති ආකාරයෙන් "පවතින" බවට මුලාශ්‍ර දෙන්න. අතීත-වර්තමාන-අනාගත කාලත්‍රයේ මේවායේ "පැවැත්ම" ගැන බුදුරදුන් දෙසූ බවට මුලාශ්‍ර දෙන්න.
* ක්‍ෂණ වාදය සමග එකඟ විය හැකිද?
- ක්ෂනවාදය යනු කුමක්ද?
මේවා වෙන වෙනම විමසිය යුතු ගැටළු වේ. හැකි පමණින් පිළිතුරු දෙන්න.
එසේම තෙවන විමසුම යටතේ,
ReplyDelete* නිවණ යනු කුමක්ද යනුවෙන් පැහැදිලි කල හැකිය.
* අරුපාවචර බ්රහ්ම ලෝක පැහැදිලි කල හැකිය.
යැයි ඔබ පවසයි. ඒවා පැහැදිලි කරන්න.